නෙත් එෆ්එම් ගුවන් විදුලි නාලිකාවේ බැලුම්ගල වැඩසටහනට තොරතුරු සැපයූවන් සොයා කොල්ලුපිටිය පොලිසිය ආරම්භ කළ විමර්ශනයට එරෙහිව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ පොලිස්පතිට පැමිණිල්ලි කර තිබේ.
ජනමාධ්‍යවේදීන්ට හෝ ජනමාධ්‍ය ආයතනවලට තොරතුරු ලැබුණු මූලාශ්‍ර ගැන සොයා බැලීමට පොලිසිය කටයුතු කිරීමෙන් මාධ්‍යවේදීන්ට තම රාජකාරි ඉටු කර ගැනීමේ දුෂ්කරතා මතුවන බවත්, එමගින් දූෂණ වංචා පිළිබඳ තොරතුරු ලබාදීමෙන් ජනතාව වැළකී සිටිනු ඇති බවත් එම සංගමය යොමු කළ පැමිණිලිවල දැක්වේ.
මෙය ප්‍රජාතන්ද්‍රවාදී සමාජයකට විශාල බලපෑමක් එල්ල කරන බව සඳහන් කර ඇති ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ නෙත් එෆ්එම් ගුවන්විදුලි නාලිකාවට තොරතුරු සැපයූවන් සම්බන්ධයෙන් සොයා බලන කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන ලෙසයි.
උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස පොලිස්පතිවරයා කොළඹ දකුණ කොට්ඨාස භාර පොලිස් අධිකාරීට යොමු කර ඇති බවයි.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තොරතුරු සැපයූවන් පොලිසියට කැඳවූ නිලධාරීන්ට ක්‍රියාමාර්ග ගන්නැයි පැමිණිල්ලක්
surath Thursday, 12 July 2018 01:06 PM
ඔය තියෙන්නේ මාධ්‍ය නිදහසට එල්ලවූ තර්ජන
sam Friday, 13 July 2018 07:52 AM
අපේ රටට මාධ්‍ය නිදහස හරියාකාරව ලබා ගන්න තව වසර ගණනාවක් යාවි. තමන් අකමැති පුවත් පලකල මාධ්‍ය වේදීන් බැටළුවන් මරණ ස්ටන් බෝල්ට් වලින් මරාපු, තව සමහරෙක් මරලා මිනියවත් හොයාගන්න බැරි උන, මාධ්‍ය ආයතන ගිනිතියාපු , මාධ්‍යවේදීන්ගේ අතපය කැඩූ යුගයක හිටපු අපේ රට , වර්තමානයේ නිවැරදි දිශාවට හිමින් හිමින් ගමන් කරනවා .