(රොමේෂ් මධුෂංඛ)
තෛපොංගල් දිනය නිමිත්තෙන් 14 වැනි සඳුදා දිනයේදී උතුරේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යලය අද (11) නිවේදනයක් නිකුත් කර තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා උතුරු පලාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරීන් සමඟ සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
දෙමළ ජනතාවගේ වසරේ ප්‍රධානම සැමරුමක් වන තෛපොංගල් දිනය සැමරීමට සූදානම් වීම වෙනුවෙන් උතුරේ පාසල් සඳහා තෛපොංගල් දිනට පෙර දිනය නිවාඩු දිනයක් ලෙසට නම් කොට ඇති අතර නිවාඩු දෙන සඳුදා දිනය වෙනුවට සතියේ වෙනත් නිවාඩු දිනයක උතුරේ සියලුම පාසල් කටයුතු පැවත්වීමට දිනයක් දැනුම් දෙනු ලබන බවටද උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පලාත් අධ්‍යාපන කාර්යාල හා කලාප අධ්‍යාපන කාර්යාල වෙත දැනුම් දී ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තෛපොංගල් වෙනුවෙන් සඳුදා උතුරේ සියලුම පාසල් වසා දැමේ
Bamunuarachchi Saturday, 12 January 2019 12:56 AM
ඉස්කෝල හැමදාම වහලා දාන්නකෝ... අපිට මොකද කියලා බලන්න... දකුණේ ඉස්කෝල වහන්න එපා අනවශ්‍ය හේතුන් උඩ...
sandy123 Saturday, 12 January 2019 04:54 AM
බමුණු මහත්තයෝ. තමන්ගේ ප්‍රධානතම උත්සවයක් බැවින් උතුරේ පාසල් වැසීම මම දකින හැටියට වැරැද්දක් නැහැ. පාසල් පැවොත්තුවොත් වෙන්නේ ඉගෙන ගන්න පාසල් ළමයින් වැඩි ප්‍රතිශතයක් පාසල් නොපැමිණීමයි. එයින් ගුරුවරු සහ පාසල් ළමයින් අමාරුවේ වැටීමයි. ඒ එක්කම මෙතරම් කුහක බව මම දැන ගත්තේ අදයි.
BamunuarachchiSaturday, 12 January 2019 07:54 AM
sandy123 ඇත්ත ඇත්ත ඔබ කියන දේ හරි නමුත් උතුර කීව් ගමන් හිතට එන කේන්තිය කොහේ යවන්නද?
BamunuarachchiSaturday, 12 January 2019 01:00 PM
තමන්ගේ අදහස් කෙලින්ම කියන එක කුහකකම නොවෙයි. කිවයුතු දේ සඟවාගෙන වෙන දෙයක් කීම කුහකකමයි. මොවුනට බොරු ආදරයක් පෙන්වීම තමයි කුහකකම. දැන් කියන්න කව්ද කුහක ඔබද මමද.
sandy123Sunday, 13 January 2019 04:29 AM
මහත්තයෝ බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. තමන්ගේ අදහස කෙලින්ම කියන තරම් දෙයක් තවත් නැත. හිතේ යම් දෙයක් තබා ගෙන තවත් දෙයක් පැවසීම හෝ ලිවීම මම කොහෙත්ම අනුමත කරන්නේ නැත. ඔබට එයට මගේ ප්‍රණාමය. නමුත් පාසල් අධ්‍යාපනය යනු සියලුම දුවා දරුන්වන්ගේ පරම අයිතියක්. එය කව්රු කොහොම කිව්වත් තර්ක කලත් වෙනස් කල නොහැකි සත්‍යයක්. ඒ නිසා උතුර කිවූ පමණින් තමන්ගේ කේන්තිය මෙවන් ආකාරයට පිට කිරීම අනුමැත කල නොහැක. මේක හරියට තමන්ගේ කාර්යාලයේ ප්‍රශ්නයකට තමන්ගේ ගෙදර උන්දැට බැණ වදිනවා හා සමාන දෙයක්. එය කුහක කමක්, වංක කමක් නොවේද? එය යහපත් පුද්ගලයකුට ඔබිනද? පිළිගැනීමේ හෝ නොපිළිගැනීමේ තීරණය ඔබ සතුයි.
NuwanSunday, 13 January 2019 02:39 PM
ඔබ
BamunuarachchiSunday, 13 January 2019 06:05 PM
නුවන් මම ඇසුවේ ඔබද මමද කියා නුවන්ගේ පිලතුර වුයේ "ඔබ" ඒ කියන්නේ මම නොවෙයි නේද? හොඳයි හොඳයි
සමන්ත Saturday, 12 January 2019 09:45 AM
මම දන්න විදිහට තෛපොංගල් දිනය රජයේ නිවාඩු දිනයක් ඉතින් ඇයි අලුතින් පාසල් වහන්නේ...