(ඩයනා උදයංගනී)
තමන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට ඉකුත් 28 වැනි දා ගිය අවස්ථාවේ ඇතිවූ සිද්ධියට වගකිව යුතු කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
එදින ඇතිවූ සිද්ධියේදී තමා හෝ තමන්ගේ ආරක්ෂකයින් ගැටුමක් ඇතිකර නොගත් බවත්, ගැටුමක් ඇතිකලේ නාගරික මන්ත්‍රීවරයෙක් ඇතුළු තෙල් සංස්ථා භූමියට පිටතින් පැමිණි පිරිසක් බවත් සිද්ධිය දැක්වෙන සී.සී.ටී.වී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී හොඳින් පැහැදිලි වන බව ද හිටපු ඇමැතිවරයා සදහන් කළේය.
තමන් අද ජීවත්ව සිටින්නේ තමන්ගේ ආරක්ෂක නිලධාරියා නිසා බව කී ඇමතිවරයා තමා නිදහසේ සිටියදී ඔහු සිරගතව සිටීම ගැන මෙන්ම සිද්ධියට වගකිව යුතු කිසිවෙක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම ගැන කණගාටු වන බව ද කීවේය.
මෙම සී.සී.ටී.වී කැමරා දර්ශන මාධ්‍ය වෙත මුදාහැරීමට තමන් තීරණය කළේ ඉන්පසු හෝ තමාට සාධාරණයක් වනු ඇතැයි යන අපේක්ෂාවෙන් බව ද හිටපු ඇමතිවරයා පැවසුවේ කොළඹ දී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වීඩියෝ දසුන් නැරඹීමට පිවිසෙන්න
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තෙල් සංස්ථාවේ සිද්ධියට වගකිවයුතු කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ
Hafeel Thursday, 08 November 2018 11:32 AM
එක තමයි කියන්නේ ඔබතුමාගේ ලොක්ක අවුරුදු 4 ක්ම ආරක්ෂා කළාට, මේගොල්ල එහම නැහෙ. දැන් තේරනවද වෙනස?
chaminada Thursday, 08 November 2018 12:43 PM
බලපෙරලිය කලේ එවැනිදේ කරන්න කියලයි අපිට හිතෙන්නෙ
Saththaya Thursday, 08 November 2018 12:53 PM
අපි ඔබ සමගයි . ආරක්ෂක නිලධාරියකු දෙන්නේ තුවක්කුවක් සමග ඔබගේ ජීවිතය ආරක්ෂා කිරීමටයි , නැතිනම් කාගෙන්වත් මැරුම් කන්න නෙවයි .
shan saudi Thursday, 08 November 2018 01:30 PM
පොඩ්ඩක් රෙස්ට් කරන්න... 14 වෙනිදාට පස්සේ අපි සේරම ගම්මු... ඔය ඉන්නේ .. ඒ අය මැරුණේ නැහැනේ. කොකාගේ වාරේ 14න් ඉවරයි.
ගල්කටස් Thursday, 08 November 2018 01:35 PM
ගන්න ඕනෑ කෙනා ගත්තා එක්ස්ප්‍රස් අැප අරන් තවත් ගන්න අහන්නේ.. එ්කත් සේවකයින්ගේ පිටින් යවන්නද...? කොහොමත් පොලිසිය නම් ෂුවර් නැහැ.. මෙයා යූ.එන්.පී., අරයා පොහොට්ටුවේ... හැබැයි අගමැතිතුමනි, නීතිය නමන්න එපා. පසුගිය වැරදි, නිවැරදි කරාවි කියන විශ්වාසය මිනිසුන් තුළ තියෙනවා. මෙයා ඉන්න ඕනේ එළියේ නෙමෙයි... දුමින්ද සිල්වාගේ ක්‍රියාවට වඩා බරපතලයි මේක...
adiri Thursday, 08 November 2018 03:11 PM
කවුද නාගරික ඇමති?
Nandalal DE SILVA - France Thursday, 08 November 2018 05:51 PM
තමන්ට හෙල්ප් කිරීමට පැමිණි හෙන්චයියලා අත්අඩංගුවට ගන්නේ මොළයක් නැති ගොබ්බයින් බව ඔබ තවම නොදන්නේද?
Kumar Friday, 09 November 2018 02:47 AM
මහත්මයා තව ටික දිනක් ඉවසා ගෙන ඉන්න.
Sunil Friday, 09 November 2018 02:59 AM
එක්කෙනෙක්ව අරන් තියෙනවා.