IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


තෙල් මිල සමඟ වෙනත් භාණ්ඩ හා සේවා මිල වැඩිවීම වැළැක්වීමට රජයෙන් පියවර

ඩයනා උදයංගනී 
 
තෙල් මිල වැඩිවන විට වෙනත් භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඊටත් වඩා ඉහළ නැංවීම වැළැක්වීමේ වගකීම මුදල් අමාත්‍යාංශය විසින් භාරගෙන ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
 
ජාතික ආර්ථික සභාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව කී අමාත්‍යවරයා එය නතර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ වගකීම මුදල් අමාත්‍යාංශය   මෙසේ භාරගෙන ඇතැයි සඳහන් කළේය.
 
ජාතික පාරිභෝගික අධිකාරිය වඩාත් ශක්තිමත් කර අවශ්‍ය නම් අලූත් නීති රීති ද සම්පාදනය කරමින් පසුවිපරමක් සමඟ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ජාතික ආර්ථික සභාව මගින්ද තීරණයක් ගෙන ඇති බව ඇමතිවරයා කීවේය.
 
මිල සූත‍්‍රය ක‍්‍රියාත්මක වෙන්නේ කැබිනට් අනුමැතිය වගකිව යුතු නිලධාරී මණ්ඩලයක් මගින් බව කී මහින්ද සමරසිංහ මහතා එහිදී ජාත්‍යන්තර තෙල් මිල අනුව මිල තීරණය කෙරෙන බව ද ප‍්‍රකාශ කළේය.
 
එයින් ජනතා සේවාවලට ගැටලූ ඇතිවෙනවා නම් ඒ ගැන සොයා බැලීමට ද රජය බැඳී සිටින බව කී අමාත්‍යවරයා ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙන බවද කීවේය.
 
දැනට තෙල් මිල ඉහළ මට්ටමක පැවතියත් ඉදිරියේදී එම තත්ත්වය වෙනස් වනු ඇතැයි ද ඇමති මහින්ද සමරසිංහ මහතා කියා සිටියේය.              

මිල සූත‍්‍රය අනුව තෙල් මිල වෙනස් වන විට අයුතු ප‍්‍රයෝජන නොගන්නා ලෙස  ව්‍යාපාරිකයින්ගෙනුත් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා පැවසීය. 



අදහස් (6)

තෙල් මිල සමඟ වෙනත් භාණ්ඩ හා සේවා මිල වැඩිවීම වැළැක්වීමට රජයෙන් පියවර

Bamunuarachchi Tuesday, 11 September 2018 04:08 PM

මොනවද මේ කතා. තෙල් මිල නගිනකොට ප්‍රවාහන ගාස්තු වැඩිවන්නේ නැද්ද? ප්‍රවාහන ගාස්තු වැඩි වන විට ප්‍රවාහනය වූ බඩු වල මිල වැඩි වන්නේ නැද්ද? මොනවද මේ නොකෙරෙන කතා. බන්දුල ගුණවර්ධන මහතා හරි රට මහා ආර්ථික අර්බුදයක. පළමුව කලයුත්තේ රට 1977 කාලයේ තිබුනා වගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමැතියන්ගේ වැටුප් විශ්‍රාම දීමනා නවතා දමා එතනින් පටන්ගැනීමයි.

:       250       158

chathuri Tuesday, 11 September 2018 04:34 PM

ඔය කියන විදියේ දේවල් කවදද නතර කෙරුවේ බොරුවට කියනවා. අපි සාකච්චා කරගෙන යන්නේ ජනතාව සුරගෙන කන්න ඉඩ තියන්නේ නැහැ කියලා නමුත් උදේට නැගිටලා එලියට බහින කොට සේරම සාකච්චා අසාර්ථකයි. වෙළෙන්දන්ට ඕන විදියට බඩු මිල වැඩි කරගන්න ඉඩ දෙනවා. නමුත් ඡන්දයක් අත ලග එනවනම් කොහෙන් හරි කුණු කරෝල ගෙනත් දමලා මිල අඩු කෙරුවා කියනවා. ජනතාව වෙනුවෙන් නැගී සිටින්නේ කවුද.

:       0       83

lalithsjm Tuesday, 11 September 2018 04:55 PM

රටේ බඩු මිල වැඩි කරන්න රජයක් ඕන නැ කියලා අපි දැන ගත්තේ යහ පාලනයෙන්

:       0       41

Raveendra Wednesday, 12 September 2018 01:42 AM

දැන් බැලුවාම " උගත් මෝඩ ගවයනුත් " මේලෝකේ ඉන්නවා කියල මේවත් හොද උදාහරණ.

:       0       0

TIKIRI Wednesday, 12 September 2018 04:47 AM

ඔය බොරු කයිවාරු නවත්වලා වැඩකට ඇති දෙයක් කළා නම් නරකද ? අපි ගොවියාගෙන් වී මිලට ගන්න මිල වෙනස් වීමේදී පාරිභෝගිකයා ට සහල් වලට ගෙවන මිල වෙනස්වීමේ මිල සුත්‍රයක් හැදුවොත් මුළු ලංකාවේම බත් කන අයට ලොකු සෙතක් වෙයි .

:       3       0

OMG Wednesday, 12 September 2018 05:23 AM

බයිලා අහලා ඇති වෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 255 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 214 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 147 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 132 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 233 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 425 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1618 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site