IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි

 

 

(ඩයනා උදයංගනී)  

         

මාස දෙකකට වරක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ ඉන්ධන මිල සූත‍්‍රය මසකට වරක් ක‍්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ අනුව සෑම මසකම 10 වැනිදා දිනයේ දී ලෝක වෙළඳපල මිල ගණන් අනුව ඉන්ධන මිල සංශෝධනය වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවර සිදුවූ සංශෝධනයේ දී ලෝක වෙළඳපල මිල ගණන් අනුව මිල වැඩි කළේ නම් පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 14 කින් පමණ ඉහළ නැංවීමට සිදුවන බව කී අමාත්‍යවරයා රුපියල් 8කින් මිල වැඩිකළේ ඉතිරි පාඩුව රජය දරා ගනිමින් බව ද කීවේය.

මේ අයුරින් ඉදිරියේදීත් සම්පූර්ණ බර ජනතාව මත නොපටවා කටයුතු කරන බව කී අමාත්‍යවරයා මිල අඩුවන අවස්ථාවල ජනතාවට සම්පූර්ණ සහනය ලබාදෙන බව ද ප‍්‍රකාශ කළේය.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මීට පෙර 2002 - 2004 එක්සත් ජාතික පක්‍ෂ රජය පැවති සමයේදීත් මෙම ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක වූ බව ද ඇමැතිවරයා කීවේය.

 



අදහස් (9)

තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි

lalithsjm Wednesday, 11 July 2018 12:28 PM

රටේ ජනාධිපති, අගමැති, විෂය භාර ඇමතිවරුන් හිටියට රට පාලනය කරන්නේ මේයා. අනේ මෙහෙම ආණ්ඩුවක්.

:       0       25

senarath Wednesday, 11 July 2018 01:26 PM

මෙයාලා කොහොමද 2025 දී කිව්වේ ? තෙල් මිල රුපියල් 65 කින් අඩුකරන්න පුළුවන් කිව්වා. එදා තෙල් බැරලය ඩොලර් 75 ට තිබුනේ. පසුගිය අවුරුදු 3 ටම දැන් තමා තෙල් මිල නැවත ඩොලර් 78 ට වුනේ. මේ අවුරුදු 3 වැඩි කාලයක් තෙල් මිල ඩොලර් 40 ට අඩුවෙන් තිබුනේ. ඒ සියලුම ලාභය ජනතාවට නොදී, මේ මාස 2 ට දෙපාරක් තෙල්මිල වැඩිකලා. දැන් හදන්නේ මාසෙන් මාසෙට නැවත මිල වැඩිකරන්න. ජනතාවට අබ සරණයි.

:       0       106

Nuwan Wednesday, 11 July 2018 01:37 PM

ඔන්න දැන් හැමෝම මතකතියාගන්න මම පහසු කළා සුත්‍රය , සංශෝධනය = වැඩි වීම

:       0       20

sam Wednesday, 11 July 2018 02:16 PM

මෙය ඉතාම ඉහලින් අගය කල යුතු පියවරක් හරියට ක්‍රියාත්මක කලොත්. ඇමරිකාව වගේ රට වල දිනපත්ම තෙල් ගණන් වෙනස් වෙනවා, ඒ නිසා එහෙ මිනිස්සුන්ට ගණන් අඩුවෙද්දී අඩු වියදමක් යන්නේ තෙල් ගහන්න. ලංකාවේ මම ප්‍රශ්නයක් විදියට දකින්නේ තෙල් මිල අඩු/වැඩි වෙන ගානට බස් ගාස්තු ඇතුළු සියලුම ගණන් වෙනස් වෙන්න ගත්තොත් මිනිස්සුන්ට මේ ක්‍රමය එපා වෙයි

:       42       6

pissaWednesday, 11 July 2018 02:56 PM

බය වෙන්න එපා. වැඩි විතරමයි අඩු නැහැ. නුවන් කිව්වා වගේ සුත්‍රය ඉතා පහසුයි. සංශෝධනය = වැඩි වීම

:       0       7

rasika Wednesday, 11 July 2018 06:15 PM

දැන් ලෝක වෙලදපොලේ මිල වැඩිවෙනකොට මෙයාලගේ මිල සූත්‍රය වැඩ.. අඩු වෙනකොට කියයි මේක ජනතාවට බරක් එක නිසා රජය සහනයක් දෙනවා මිල පාලනය කරනවා කියලා. බදු ගහනවා සාමාන්‍ය ජනතාවට. මේගොල්ලන්ට නෑ.. කොච්චර තෙල් වැඩි කලත් මෙයාලට මොකද මෙයාලට ඔක්කොම සහන මිලට නිකන් ලැබෙනවනේ. අපි හොයන්න ඕනේ.. දේශපාලකයන්ට තියෙන බලතල අඩු කරන ක්‍රමයක්. ඔක්කොම ඇමති වරුන්ගේ බලතල අඩු කරලා ඒවා පරිපාලන ව්‍යුහයට එකතු කරන්න ඕනේ.. ඒ එක්කම රාජ්‍ය පරිපාලනය සම්පූර්ණයෙන් දේශපාලනයෙන් අයින් කරන්න ඕනේ..

:       0       48

ranga Thursday, 12 July 2018 04:37 AM

මොකක්ද මේ රටේ නම

:       0       0

Rohana Thursday, 12 July 2018 05:23 AM

මේ ක්‍රමය ලංකාවට ගැලපෙන්නේ නැති බව තේරෙන්නේ නැද්ද ?

:       0       0

sathya Thursday, 12 July 2018 05:54 AM

මේ තෙල් මිල ඉහල යෑම බලපාන්නේ රටේ අහිංසක ජනතාවට විනා දේශපාලන බලපුළුවන්කාර උදවියට නොවෙයි. අපේ රටේ දේශපාලකයින් සඳහා ලබා දෙන සහන අඩු කල යුතුයි, යන්න මගේ හැඟීමයි. මේ රටට අවශ්‍ය වන්නේ ඉගෙන ගත්ත, රට ගැන හිතන, වාසියට පැති මාරු නොකරන, මානුෂීය හැඟීම් තියෙන දේශපලකයින්ය. වර්තමානයේ ලංකාවේ දේශපාලකයින්ට දෙන දීමනා කප්පාදු කල යුතු වේ. වසර 5 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටියොත් විශ්‍රාම පඩියක් ලබා දෙන්නේ කුමකට ද? සැබවින්ම එය කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැත. මන්ද අපේ රටේ දේශපාලකයින් එකිනෙකාට බනිමින් ඇනකොට ගන්නවා වින රටට සේවයක් නොකිරීම හේතුවෙනි.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 491 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 170 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 239 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 274 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 398 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 919 5

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site