IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තෙඹුවන පොලිස් සැරයන් විශේෂ විමර්ශන ඒකකයට කැඳවයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තමා විසින් අත්අඩංගුවට ගත් වැලි ලොරියක් ස්ථානාධිපතිවරයා නිදහස් කර යැවීම සම්බන්ධයෙන් උරණව තෙඹුවන නගර මධ්‍යයට ටී පනස් හයේ ගිනි අවියක් රැගෙන පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු තෙඹුවන පොලිසියේ සැරයන් සහන් ගුණවර්ධන මහතා අද (11) පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඉකුත් 29වැනි දින මෙම සැරයන්වරයා හා තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සිදුකළ විශේෂ මෙහෙයුමකදී වැලි ලොරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස් භූමියේ ගාල් කර තිබියදී ස්ථානාධිපතිවරයා සැරයන්වරයාට බැණ වැදී වැලි ලොරිය ඊට දින හතරකට පමණ පසු මුදා හැර තිබිණි.

එදින ඒ බව දැනගත් සැරයන්වරයා අත්අඩංගුවට ගත් වැලි ලොරිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පවසමින් ටී පනස් හයේ ගිනි අවියක් පොලිසියෙන් ම රැගෙනවිත් තෙඹුවන නගරයේදී පැය දෙකකට අධික කාලයක් නොසන්සුන් හා කෘර ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉකුත් 09වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබූ අතර එදින ඇප මත මුදා හැරිණි.



අදහස් (2)

තෙඹුවන පොලිස් සැරයන් විශේෂ විමර්ශන ඒකකයට කැඳවයි

KANDEPOLA Friday, 12 October 2018 04:36 AM

වැලි ලොරි නිදහස් කිරීම් වගේ මෙහෙම සිද්ධි මේ රටේ පොලිසිවල අනන්තවත් සිද්ධ වෙනවා. ස්ථානාධිපතිවරු හිත ඉන්නේ එයාල සර්වබලධාරී කියලා. මේ නිලධාරියාගේ නිර්භීත කම නිසා එය රටම දැන ගත්තා.

:       0       363

HafeelFriday, 12 October 2018 08:10 AM

පොලීස් ස්ථානාධිපති පමණක් නොවේ. ඉහළ නිලධාරීනුත්, දේශපාලකයනුත් මේකට හවුල් වෙලා ඇති. ජේවීපී එකේ ලාල් කාන්තා සහෝදරයා කියා තිබුණා ඕනෙම වංචාවට අඩුමතරමින් එක් රජයේ නිලධාරියක්, එක් දේශපාලකයක්, එක් ව්‍යාපාරාකයෙක් හවුල් වෙන බව. මහ බැංකු වංචාවත්ඓහෙමයි. එදා එතැන්ට ආපු පොලීස් ලොක්කන් ක්ෂණික මේ සැරයන්වරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් ඉදිරිපත් කරලත් ඉවරයි. හරි නං එදාම ස්ථානාධිපතිගෙන් ප්‍රශ්න කරන්න තිබුණා. නමුත් එසේ කලේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 126 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 265 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1140 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 150 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 350 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 321 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site