IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි

 

 

විනීතා එම් ගමගේ

තැපැල් සේවකයන් ගෙන යන වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ දෛනික පාඩුව අවම වන බව එම දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

එම දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 6578 ක් වන බව එහි වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව දිනක එම දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 18.02  කි.

එහි වාර්ෂික වියදම රුපියල් මිලියන 12,284 ක් වන අතර එය දිනක වියදම ලෙස බැලූව හොත් දිනකට රුපියල් මිලියන 33.65 ක් වේ.

මේ අනුව තැපැල් සේවකයින් වර්ජනයේ යෙදුණු දින අටක කාලය තුළ දෙපාර්තමේන්තුවට අහිමි වී ගිය ආදායම රුපියල් මිලියන 144.16 ක් වන නමුත් එකී දින අටට දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 269.2 ක් ඉතිරි වී තිබේ.

එබැවින් වර්ජනය පැවැති ඉකුත් දින අටට දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 125.04 ක් ඉතිරි වී ඇති  බව පෙනී යයි.

තැපැල් දෙපාර්තමේන්තුව 2016 වසරේ රුපියල් මිලියන 5706 ක පාඩුවක් ලබා ඇති අතර එම පාඩුව 2015 වසරේ රුපියල් 5045 ක් ද, 2014 වසරේ 2984 ක් ද වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ 2016 වාර්ෂික කාර්යසාධන වාර්තාව පෙන්වා දෙයි.

 

 

2012 වර්ෂය

(රු.මිලියන)

2013 වර්ෂය

(රු.මිලියන)

2014 වර්ෂය

(රු.මිලියන)

2015 වර්ෂය

(රු.මිලියන)

2016 වර්ෂය

(රු.මිලියන)

ආදායම 4952 5907 6557 6711 6578
වියදම 8258 8766 9541 11756 12284
ඌණතාවය (3305) (2859) (2984) (5045) (5706)

 



අදහස් (21)

තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි

කමල් Tuesday, 19 June 2018 02:37 PM

එහෙනම් ඉතින් වහලම දාමු...

:       175       256

RaveendraWednesday, 20 June 2018 04:00 AM

ඇත්තෙන්ම වහල දාමු. ඒවගේම දියවන්න ඔයේ මඩවලත් ඒ වගේම වහල දාමු අති විශාල මහජන මුදලක් ස්ථිර වශයෙන්ම අපට ඉතුරු කරගන්න පුළුවන්.

:       161       148

Indhika Tuesday, 19 June 2018 03:31 PM

ඉතින් ඕක වහල දැම්ම නම් සෑහෙන්න ලාබයි නේ.

:       0       175

Thirupathi Tuesday, 19 June 2018 04:05 PM

කැකිල්ලේ නිගමන නිසා අහිංසක මිනිස්සු කී දෙනෙක් නම් දුක් විදිනවද..

:       127       179

Chamara Tuesday, 19 June 2018 04:40 PM

ඔව් ඒකනම් ඇත්ත, වැඩ කරන දවස් වල තැපැල් කට්ටිය හොරෙන් පැනලා ඇදුම් මහන, කෑම උයන පාඨමාලා වලට යනවා.

:       132       104

Bamunuarachchi Tuesday, 19 June 2018 06:00 PM

තැපැල් සේවය මහජන සේවය මිස අදායම් උපයන මාර්ගයක් නොවෙයි. ඊමේල් භාවිතය අදායම් අඩුවීමට එක හේතුවක් ඒකට සේවකයෝ වගකිවයුතු නැත

:       256       27

MaheeWednesday, 20 June 2018 12:50 AM

ඊ මේල් නිසා අඩුවෙන්නේ මුද්දර ආදායම. ඒක තනිකරම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායමක්. තැපෑල කරන්නේ කොමිස් එකකට මුද්දර විකිණීම. නමුත් සිද්දවෙන නාස්තිය හින්දයි තැපෑල පාඩු ලබන්නේ. මධ්‍යම තැපැල් හුවමාරුව පැත්තේ ගියොත් දකින්න පුළුවන් කට්ටියගේ අතිකාල සේවයේ තරම. කොතනත් එහෙමයි.

:       0       312

BamunuarachchiWednesday, 20 June 2018 08:10 AM

ඉතින් නාස්තිය මගහරවා ගැනීම පරිපාලන කටයුත්තක්. තැපැල් සේවය මහජන සේවය මිස අදායම් උපයන මාර්ගයක් නොවෙයි. එම නිසා පරිපාලනය හරිගස්ස ගන්නවා මිස තැපැල් දෙපාර්තමේන්තුව වහල හරියනවාද.?

:       1       1

SunilWednesday, 20 June 2018 03:52 AM

මේ බමුණා දන්නා දෙයකුත් නැත, නොදන්නා බව පිළිගන්නේත් නැත.

:       0       49

BamunuarachchiWednesday, 20 June 2018 06:18 PM

ඔබලා වාචාල කම පෙන්වනවා හැරෙන්නට තර්කයක් ඉදිරිපත් කරන්නේ නැත......

:       0       0

sanath Tuesday, 19 June 2018 06:16 PM

අපේ ටෙලිෆෝන් බිල් එන්නෙත් නැහැ. ඊ බේ පාර්සල් ලැබෙන්නෙත් නැහැ.

:       0       45

hewawitharana Tuesday, 19 June 2018 07:29 PM

පොඩි උන්ට සීනි බෝල දෙනවා වගේ ඔලමොට්ටල කතාවක්

:       19       3

ලුම්බිණි Wednesday, 20 June 2018 12:36 AM

වර්ජන කරන කාලය තුල කිසිවෙකුට වැටුප් නොගෙවිය යුතුයි.

:       1       120

AnuKumar Wednesday, 20 June 2018 02:32 AM

ලංකාවේ දුම්රිය එන්ජින් ක්‍රියා කරුවෙකුගේ වැටුප ලක්ෂ දෙකකට වැඩිය. නමුත් එම ශ්‍රමයේ කිසිදු ඵලදායිතාවයක් නැත. ලංකාවේ වෛද්‍යවරයෙකු වැඩි වැටුපක් ලබා ගනී. නමුත් ඔහු අතිරික්ත වටිනාකමක් නිපදවන්නේ නැත. තවද විශ්ව විද්‍යාල ආචාර්යවරු යනු කිසිදු වටිනාකමක් නිෂ්පාදනය නොකර නිකම් ඉදිමින් වැඩි වැටුපක් ලබා ගන්නා පිරිසකි.

:       327       425

මුදිත කරුණාමුනි Wednesday, 20 June 2018 02:39 AM

බොරු, පට්ටපල් බොරු හා සංඛ්‍යා ලේඛන යනුවෙන් ප්‍රකට කියමනක් ඇත. තමන් බලන කණ්නාඩිය අනුව සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කිරීමකි මෙය. තනිකරම අසත්‍යයන් මත පිහිටා සත්‍යය විකෘති කිරීමකි. එසේම තොරතුරු විකෘති කිරීම තුළින් ද හරි නිගමනයකට එළඹිය නොහැක.

:       8       12

sas Wednesday, 20 June 2018 03:30 AM

ලෝකය පුරාම බොහෝ රටවල තැපැල් සේවය ඉටු කරන්නේ පුද්ගලික අංශයයි. තැපැල් දෙපාර්තමේන්තුව තුල වෙනසක් කිරීම අවශ්‍යයි.

:       0       70

nishantha Wednesday, 20 June 2018 03:46 AM

Anukumar ට පිළිතුරක්.... දුම්රිය රියදුරෙකු වැඩි වැටුපක් ගන්නේ ජීවිත දහස් ගණනක වගකීමක් ඔහු සතු බැවිනි. වෛද්‍ය වරයකු වැඩි පටුපක් ගන්නේ විශාල කැපකිරීමක් කර වසර ගණනාවක ඉහල අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබා ජීවිත සුවපත් කිරීමේ වගකීම ඔවුන් ලබන බැවිනි. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් යනු භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියේ නියුතු අය නොවන අතර, ඔවුන් රටට අවශ්‍ය බුද්ධිමතුන් බිහි කිරීමේ කාර්යයේ නියුතු අයයි. Anukumar, මොවුන් නිකන් සිටින අය ලෙස දක්වන්නේ ඔහු තුල ඇති නුගත් බව හෝ වෛර චේතනාවකිනි. එසේම සෑම වෘතියකම හරි හැටි වැඩ නොකරන සුළු කොටසක් අනිවාර්යයෙන්ම ඇති අතර ඔවුන් නිසා සමස්ථයටම චෝදනා නොකළ යුතුය. ඉහත වෘතිකයන් ලබාගන්නා වැටුපට වඩා විශාල වැටුපක් අද පෞද්ගලික ආයතන වල උගත් කමක් නොමැති පරිපාලකයින් පවා ලබාගන්නා බවත් අමතක නොකරන්න. එසේම නුගත් බහුතරයක් දේශපාලකයින් මීට වඩා විශාල රජයේ මුදල් සහ වරප්‍රසාද ලබා ගන්නා බවත් අප සියලු දෙනා දන්නා කරුණක්.

:       394       375

kalani Wednesday, 20 June 2018 03:54 AM

තැපැල් වෘත්තීය සමිති ක්‍රියා මාර්ග නිසා ආර්ථිකයට වාසියි යන හාස්‍යජනක පුවත ඉඟි කරන්නේ කුමක්ද? වාර්ෂිකව වැඩිවෙන පාඩුව අවම කරගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් සහ අමාත්‍යංශ උපදේශකයින්ගේ අසමත්කම නොවේද? ඈත දුෂ්කර ගම්මානයක සිට මෑත මහනගර දක්වා පැතිරී ඇති උප තැපැල්, තැපැල් සහ විශේෂ ශ්‍රේණියේ තැපැල් කාර්යාල ජාලය දෛනික ගනුදෙනු පිලිබඳ මුදල් ගිණුම් පතක් අදාළ පළාත් දිසා ගිණුම් කාර්යාලයට ඉදිරිපත් කරයි. අධිවේගී තැපෑල, විදේශ සහ මෙරට පාර්සල් තැපෑල ගිණුම් වාර්තා දෛනිකව ලබාදෙයි. සන්නිවේදන තාක්ෂණික දියුණුවත් සමග සාමාන්‍ය ලිපි තැපැල් කිරීම අඩුව ඇත. විදුලි පණිවුඩ සේවය වැසි ගියේය. ඉතිරි කිරීමේ බැංකු කටයුතු ජාතික ඉතිරි කිරීමේ බැංකුව පවරා ගත්තේය. රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සේවය නිසා මුදල් ඇණවුම් සේවය ජනතාවට අමතකවෙමින් තිබේ දේශීය සහ විදේශීය පාර්සල් තැපෑල පෞද්ගලික අංශය විසින් ගිල ගනිමින් තිබේ. ලංගම බස් රථ මගින් කෙරෙන ග්‍රාමීය තැපැල් ප්‍රවාහනය අතිශයින් ම දුර්වල නිසා තැපෑල පිලිබඳ විශ්වාසය ග්‍රාමීය ජනතාව අතරින් වියකෙමින් ඇත. මේ කිසිවක් ගැන තැපැල් බලධාරීන් යාවත්කාලින වැඩ පිලිවෙලක් සකසා ඇත්ද? .

:       0       4

arkun Wednesday, 20 June 2018 05:43 AM

ලබාදී ඇති දත්ත අනුව 2012 ඇති පාඩුව 2013 සහ 2014 වසරවල අඩුවෙලා මිලියන් 3000 අඩුවෙන් තිබෙන්නේ. නමුත් 2105 වසරේදී පාඩුව එක්වරම මිලියන් 5045ත නැගල. ඒ මදිවට 2016දි මිලියන් 5700 පන්නල. 2014න් 2105 වෙනකොට පාඩුව එක්වරම මිලියන් 2000 වැඩිවුණේ අයි කියලා මේ දත්ත ලබාගන්න දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්වත් ආණ්ඩුවවත් හෙව්වාද.

:       0       45

jayasekara Thursday, 21 June 2018 12:23 PM

10000/= කින් පඩි වැඩිකරනකොට එකපාරටම අදායම වැඩිකර ගන්න පුලුවන්ද ? කොමිස් මුදල් අයනොකර කොතරම් සමාජ සේවා මුදල් ගෙවනවද ? විනීතා ඇම් ගමගේ , ඔබ තැපැල් කාර්යාල වලින් කරන වැඩ මොනවා දැනගෙනද වහලා තියන කොට ලාබය කියල කියන්න. මහජනයට සේවය කරන දෙපාර්තමේන්තු කීයක් ලාබ ලබනවද කියල පුලුවන්ද කියන්න?නොදැන ලියනවට වඩා හොඳා නොලිය ඉන්න එක.

:       51       0

[email protected] Sunday, 24 June 2018 12:11 PM

ඇත්තටම වැඩ නොකරන මිනිස්සුන්ට විරුද්දව විනය ක්‍රියා මාර්ගයක් ගන්න යුනියන් ඉඩ දෙන්නේ නැහැ. රට පිරිහෙනවා කියා දෙස් මුර දෙන ජවිපෙ යුනියන් මේ අතරින් ප්‍රදානය්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 53 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 145 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 395 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 657 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 272 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 145 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site