IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තායි දරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් තෙවැනි දිනයටත්

මායි සායිහිදීය (ඒ.එෆ්.පී) 

 

උතුරු තායිලන්තයේ චින්ග් රායි ප්‍රාන්තයේ තාම් ලුවාං නන් නොං ගල් ගුහා සංකීර්ණයේ සිරවී සිටින ඉතිරි දරුවන් සිව්දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම් තෙවැනි දිනයට අද (10) ආරම්භ වී තිබේ.

 

කෙසේ නමුත් අධික වර්ෂාව හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම්වලට තර්ජනයක් එල්ල වී ඇතැයි මෙහෙයුම් ප්‍රධානී නාරෝන්ග්සාක් ඔසොට්ටානාකෝන් පැවැසීය. 

 

ඉතිරි වී සිටින දරුවන් සිව්දෙනා සහ පුහුණුකරු ගල් ගුහාවේ සිරවී ගත කරන 18 වැනි දිනය අද (10) වන අතර ඊයේ (9) වනවිට දරුවන් 8 දෙනකු මුදා ගැනීමට තායි නාවික හමුදාවේ ‘නේවි සීල්ස්’ භටයෝ සහ අතිදක්ෂ විදේශීය කිමිදුම්කරුවෝ සමත්වූහ.

 

මෙම මෙහෙයුමට විදෙස් කිමිදුම්කරුවන් 50ක් ඇතුළුව කිමිදුම්කරුවෝ 90ක් එක්ව සිටිති. 

 

ගල් ගුහාව තුළ සිර වූ දරුවෝ ‘වයිල්ඩ් බෝර්ස්’ පාපන්දු කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයෝ වෙති. ජලය පිරුණු ඉතා පටු උමං ඔස්සේ දරුවන් බේරාගැනීම සඳහා ඉරිදා (8) සහ සඳුඳා (9) යන දිනවලදී දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කෙරුණි.

 

එහි ප්‍රතිඵලයක් ලෙස සඳුඳා, එනම් ඊයේ (9) රාත්‍රීය වනවිට දරුවන් 8 දෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්විය. 

 

ගුහාව තුළ සිරවූ තරුණ පාපන්දු ක්‍රීඩකයන් පිරිස වයස අවුරුදු 11ත් 16ත් අතර වයස්වල පසුවෙන්නෝ වෙති. ඔවුන්ගේ පුහුණුකරු 25 වියේ පසුවෙයි. පාපන්දු පුහුණුවීම්වලින් පසුව ඔවුන් ජූනි 23 වැනිදා ගල් ගුහා පරිශ්‍රයට ගොස් තිබෙන අතර වර්ෂාව ඇද හැළීමත් ඒ සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ ඔවුහු ගල් ගුහාව තුළ සිරවූහ. 

 

මෙම ගල්ගුහා පිහිටා තිබෙන උතුරු තායිලන්තයේ කඳුකර ප්‍රදේශයට නැවතත් වර්ෂාව ඇදහැලීම ආරම්භ වී තිබෙන බැවින් අද (10) දිනයේ මුදා ගැනීමේ මෙහෙයුම් තරමක් දුෂ්කර වී ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් අද (10) සවස් වරුව වනවිට ඉතිරි දරුවන් සිව්දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීමට කටයුතු කරන බව මුදාගැනීමේ මෙහෙයුම් වලට එක්ව සිටින පිරිස් පවසති.  

 

“අද ඔවුන් සියලු දෙනා පිටතට රැගෙන එනවා. අද මෙහෙයුම් කටයුතු පෙර දිනවලට වඩා වේගවත්” යැයි මුදාගැනීමේ මෙහෙයුමේ ප්‍රධානී නාරෝන්ග්සාක් ඔසොට්ටානාකෝන් වාර්තාකරුවන් හමුවේ පැවැසීය. 

 

බේරාගත් දරුවන් සියලු දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ද යහපත් තත්ත්වයක පවතින බව තායිලන්තයේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිත්‍ය ලේකම් ජෙඩ්සාඩා චොක්දම්රොන්ග්සක් පැවැසීය.

 

කෙසේ නමුත් මෙම දරුවන්ට ගල් ගුහා තුළදී කිසිදු වෛරසයක් ආසාදනය වී නැති බව තහවුරු කරගන්නා තුරු ඔවුන් නිරෝධායනය කරන බව වෛද්‍යවරුන් පවසා තිබේ. 

 

බේරාගත් දරුවන් සියලු දෙනා ‘එක්ස් රේ’ සහ රුධිර පරීක්ෂණ සඳහා යොමු කර තිබෙන අතර දරුවන් දෙදෙනකු හැරෙන්නට අන් සියලු දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ජෙඞ්සාදා කීය. දරුවන් දෙදෙනකු නිව්මෝනියා තත්ත්වයෙන් පෙළුණු බවට ලක්ෂණ පෙන්නුම් කරන බව ජෙඩ්සාදා කීවේය. 

 

055



අදහස් (0)

තායි දරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් තෙවැනි දිනයටත්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 45 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 351 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1794 5

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 195 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 664 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 1008 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 311 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site