IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තවත් ටී56 දෙකක් සොයාගනී

(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම පිටිපන ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් සිව්මහල් ගොඩනැගිල්ලක තිබී ඉකුත් 29 වෙනිදා සොයාගත් අවි ගබඩාවට අයත්, තවත්  ටී-56 ගිනි අවි දෙකක් උතුර පිටිපන ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවසක තිබී අද (11) සොයාගත් බව පොලිසිය පවසයි.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක සඟවා තිබියදී පසුගිය 29 දා, ටී 56 ගිනි අවි 11ක් , ටී 81 වර්ගයේ ගිනි අවි 11ක් සහ ටී 81 වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි .

හෝමාගම පිටිපන සිල්වන්හර්ට්ස් වත්තේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයාගේ අනියම් බිරිඳගේ බව පැවසෙන නිවසක රහස් කුටියක සඟවා තිබියදී තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි .

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් තොරතුරු වලට අනුව අතුරුගිරිය හබරකඩ මුල්ලේගම ප්‍රදේශයේ නිවසක තිබී ටී 56 ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

එසේ අත්අඩංගුවට ගත් සැකකරු කෝටිපති ව්‍යාපාරිකයාගේ මිතුරෙකු වන අතර පොලිස් භාරයට ගත් ගිනි අවිය පිටිපන අවි ගබඩාවට අයත් එකක් බවට කරුණු අනාවරණය කර ගෙන තිබුණි.

ඒ අනුව දිගින් දිගටම සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් තොරතුරු වලට අනුව  හෝමාගම උතුර පිටිපන ප්‍රදේශයේ නිවසකින් අද (11) මෙම ගිනි අවිය සොයා ගෙන තිබුණි.

එහි දී ගිනි අවියත් සමඟ අත්අඩංගුවට ගත් නිවසේ හිමිකරු පොලිස් කොස්තාපල්, රියදුරෙකු වන අතර ඔහුව අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන තිබේ



අදහස් (6)

තවත් ටී56 දෙකක් සොයාගනී

Shantha Saturday, 11 July 2020 01:29 PM

පාතාලයට සම්බන්ධ එකෙක්වත් ඉතුරු කරන්න එපා. ඕකුන් අහිංසක මිනිස්සුන්ව මරනවා වගේ ඔය පාතාල කාලකන්නි හැත්තවත් බල්ලන්, බලලුන් වගේම මරලා දාන්න. ඔය කාලකන්නි මැරුවා කියලා රටට සෙතක් මිසක් පාඩුවක් නම් වෙන්නේ නැහැ...

:       55       330

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 11 July 2020 03:30 PM

පාතාලය හා කුඩු ව්‍යාපාර, මිනීමැරුම් මංකොල්ලකෑම් හා කේරළ ගංජා ආදි දේ සමග සම්බන්ධකම් පවත්වන පොලිස් හා බන්ධනගාර නිලධාරින් අත්අඩංගුවට ගෙන මේ වසංගතයෙන් රටත්, ජනතාවත් බේරාගන්න.

:       72       409

sampath Saturday, 11 July 2020 05:00 PM

ආවේගශීලීව කිව්වට මැරෙන කෙනා ඇත්තටම පාතාලෙද, නැතිනම් අහිංසකයෙක්ද කියලා දන්නේ කොහොමද? ඒ සඳහා බලය සහිත ගරු අධිකරණයකින් හැර වෙනත් කාටවත් දඬුවම් දෙන්න බෑ. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදයේ උතුම් ලක්ෂණය.

:       0       0

Gunasingha Saturday, 11 July 2020 06:30 PM

පිටිපන ගබඩාවක් නෙවේ... නිවාඩුවට ගෙදර එන සමහර සොල්දාදුවෝ කියන්න කණගාටුයි. ගිනිඅවිය හොරෙන් අරන් ඇවිත් විකුණනවා. මට බනින්න එපා. මේ ගැන වහාම සොයා බලන්න. මෙය සමස්ත හමුදාවට කැළැලක් වෙන්න කළින්...

:       0       0

binkunndaa Saturday, 11 July 2020 07:14 PM

මේවා මෙහෙයවන දේශපාලුවෝ අල්ලා ගනිල්ලා, ඔය මිනිසුන්ගෙන් වැඩක් නැත.

:       0       0

Kumar (Galf) Saturday, 11 July 2020 10:09 PM

ශාන්ත සමිත දාලා තියෙන අදහස් වලට අකමැති කට්ටිය රෑට රෑට සිරිකොතට පස්සේ දොරෙන් රිංගල ඉඳුල් කන බත්බැලයො හරි එහෙමත් නැත්තන් 88/89 කාලෙදි ගෙවල් වලට පැනලා බත් මුට්ටි උස්සන් දිව්ව ජෙප්පන්ගෙන් පැවත එන 3% අලියගේ නැට්ටේ එල්ලිච්ච සීනු කාරයො හරි වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 23 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2451 9

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 155 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 229 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 285 1

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 196 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site