IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තරුණයාට පහර දුන් ඒඑස්පී මාරු කෙරේ

(ඉන්දිකා රාමනායක)

හම්බන්තොට විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගත්  තරුණයකුට ප‍්‍රසිද්ධියේ  පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාතර කොට්ඨාසයට මාරුකර ඇත.

පොලිස් කොමිසමේ නියෝගයක් මත මෙම මාරුවීම දී ඇතැයි වාර්තා වේ.

හම්බන්තොට  වරාය සහ මත්තල ගුවන් තොටුපොළ දීර්ඝ කාලීන බදු පදනම යටතේ  ඉන්දියාවට  පැවරීමට  එරෙහිව හම්බන්තොට දී ඉකුත් 6 වැනි දා මෙම විරෝධතාව පැවැත්විණි

මේ සිද්ධිය සම්බන්ධයෙන්  පොලිස්පතිවරයාගේ නියමයෙන් ගාල්ල නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ  පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම පරික්ෂණය  සිදුකරන අතරතුර මෙම ස්ථාන මාරුවීම ලබා දී ඇති බව පොලිසිය කියයි

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට ප‍්‍රකාශ කිහිපයක් ම සටහන් කරගෙන ඇති අතර  සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතාගෙන් ද ප‍්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව   එම පරීක්ෂණ වාර්තාව පොලිස්පතිවරයා වෙත  ලබාදීමට නියමිතව ඇත.



අදහස් (17)

තරුණයාට පහර දුන් ඒඑස්පී මාරු කෙරේ

saman Thursday, 12 October 2017 11:58 AM

ස්ථාන මාරුවක් කියන්නේ දඩුවමක් නෙවේ. මොහුට විමර්ශනයෙක් පසු වරදකරුවෙක් වුනොත් අමතක නොවන දැඩි දඩුවමක් ලබා දිය යුතුය

:       109       463

අරියපාල හේවගේ Thursday, 12 October 2017 01:09 PM

පුද්ගලයෙකු අත්අඩංගුවට තැනීමේ දී පිළිපැදිය යුතු අපරාධ නීතියේ මුලීකාංග අමු අමූවේම උල්ලංඝනය කර ඇත. පොලිස් නිළධාරියා නීතිමය වරදක් කර ඇති බවට ප්‍රත්‍යක්ෂ සාක්ෂිද තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්ට ඉදිරිපත් කල යුතුය. නීතිය , නීති පොත් වලට පමණක් සීමා කල යුතු නැත.

:       6       206

PA-RA Thursday, 12 October 2017 01:12 PM

මාරු කලාම හරිද ඒකද මානව හිමිකම් කියල කෑ ගහන්නේ

:       0       272

naradha Thursday, 12 October 2017 01:20 PM

ඒ වගේම, අධිකරණයෙන් නිකුත් කල වාරණය නොතකා, කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින්ටත්, තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කල යුතුයි.

:       375       149

Kumudini Thursday, 12 October 2017 02:02 PM

ඔහුව මාරු කරන්න තිබුනේ උතුරට.

:       2       79

Boralugoda Thursday, 12 October 2017 04:40 PM

පොලිසි නිලධාරී තුමා හොඳ මහතෙකි. දැන් මෙතන උද්ගෝෂණය කරපු අය හරිද? පොලිසිය එක්ක ගැටෙද්දී මෙවැනි දේවල් සාමාන්‍ය දෙයකි. අනික උපාසක මහතෙකුට ගැහුවේ නැහැනේ.

:       275       15

පිටිගල මිලානෝ Thursday, 12 October 2017 05:51 PM

රාලහාමිලාට බැටන් පොලු දීලා තියෙන්නේ පොල් ලෙලි තලන්නද? මිනිස්සු නීතියට පිටින් ගොස් කලහාකාරී ලෙස හැසිරෙනකොට හොඳින් කියනකොටත් අහන්නේ නැත්නම් බැටන් පොල්ලට ඉඩ දෙන්න ඕනේ. මෙතන මේ රාලහාමි තමාගේ රාජකාරියයි කලේ.

:       245       19

රාජුන්Friday, 13 October 2017 02:27 AM

අනේ පිටිගල අයියෙ, යටත්වෙලා අත් අඩංගුවට පත්වුන අයට තඩිබාන්න නෙවෙයිනෙ බැටන් පොලු දීල තියෙන්නෙ. නැද්ද මං අහන්නෙ?

:       0       47

ධම්මFriday, 13 October 2017 03:09 AM

කම්මුල් පාරෙයි බැටන් පොල්ලෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද මිලානෝ.

:       0       40

පිටිගල මිලානෝ Friday, 13 October 2017 05:15 AM

කම්මුල් පාර බැටන් පොලු සංග්‍රහයට වඩා සොඳුරු නිසයි එහෙම කරන්න ඇත්තේ. ඔයාට ඕනේ බැටන් පොල්ලෙන් ඔලුවට ගහගෙන ගහගෙන යන්නද අනේ?

:       1       0

sathyapala Friday, 13 October 2017 08:37 AM

ගිය ආණ්ඩුව කාලේ "පිටිගල මිලානෝ, රුපවති, ලුම්බිණි, නීල් රණා, තිලක්-ඩුබායි, පිටබැද්දර ජයා, නාමල් - නිව්යෝර්ක් " කියන අය රතුපස්වල වෙඩි තියනකොට , කටුනායක කලාපේ අයට ගිය ආණ්ඩුවෙන් ගහනකොට හොටු පෙරාගෙන ඇඬුවා. මානව හිමිකම් ඔස්තාර්ලා වගේ පෙනී හිටියා. දැන් ඒ වගේම දේවල් වෙනකොට ඒවා හරි කියනවා. අන්තිම ලැජ්ජයි. ඒ කාලෙත් ඒවා වැරදියි කියල අපි කෑ ගැහුවා. එතකොට ඒ ආණ්ඩුවට කඩේ ගිය අය දැන් පිටිගල මිලානොලා වගේ අපිට බැන්න. මිනිසුන්ට ප්‍රතිපත්තියක් නෑ. ඕකම තමයි රටට හෙනේ.

:       0       9

siri Thursday, 12 October 2017 08:10 PM

ස්ථාන මාරුව තනිකරම ප්‍රෝඩාවක්

:       6       70

Chandra Friday, 13 October 2017 02:00 AM

මෙහෙම ගියොත් රටේ තිබෙන නීති විරෝධි ක්‍රියාවන් නතර කරන්න පොලිස් නිලදාරින්ට නොහැකි වෙනවා. විරෝධතා මෙහයවන අය මිනිසුන්ට පොවන්නේ නීතිවිරෝධි එතනෝල්. ඒවා බිවැයින් පස්සේ පොලීසියට ඒ අයව පාලනය කරන්න බැහැ. ඉතින් මොකද කරන්නේ ? සහකාර පොලිස් අධිකාරී තුමාට මගේ ප්‍රණාමය.

:       83       2

Deleepa Friday, 13 October 2017 02:37 AM

සාක්කි තියෙද්දී පරීක්ෂණයක් පවත්වා සේවයෙන් ඉවත් කරන්න ඕනේ ඔයවගේ අය. නැත්නම් මුළු පොලිස් දෙපර්තමේන්තුවම බල්ලට යනවා.

:       0       118

Shanaka Friday, 13 October 2017 05:15 AM

පිටිගල, මිලානෝවල එහෙමද වෙන්නේ?

:       0       1

wedage Friday, 13 October 2017 08:52 AM

මෙතන සාධාරණ වන්නේ දළුවත්තගේත් කන පලා මාරුවීමක් දුන්න නම් තමයි.

:       0       0

පුශ්පා Friday, 13 October 2017 08:52 AM

සාමාන්‍ය මිනිහෙක් තව කෙනෙක්ගේ කනට ගැහුවොත් මොකද කරන්නේ? අල්ලල රිමාන්ඩ් කරනවා. ඕනෑම පොලිස් කාරයෙක් ඒක දන්නවා. ඉතින් මෙයාටත් ඇයි එහෙම කරන්න බැරි?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 24 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 94 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 490 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 26 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 186 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 172 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site