IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තම පාක්ෂිකයෙකුට පහර දුන්නා යැයි කියමින් නියෝජ්‍ය ඇමති විරෝධතාවයක

[මතුගම බන්දු තඹවිට]
 
තම ආධාර කරුවෙකුට පහර දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ලැයිස්තු අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා තම පුතණුවන්ද සමඟ අද (09) බුලත්සිංහල පොලිසිය හන්දියේදී උද්ඝෝෂණයක් ආරම්භ කළහ.
 
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට මෙවර එක්සත් ජනතා සන්ධානයේ ලැයිස්තුවෙන්  ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු තම ආධාර කරුවෙකු වන එක්සත් ජාතික පාක්ෂිකයෙකුට පහර දී ඇති බවත් බුලත්සිංහල පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයා මේ වනතුරුත් අත් අඩංගුවට නොගැනීමට විරෝධය දක්වා තම ආධාර කරුවන් සමඟ මෙම විරෝධතාවය ආරම්භ කර ඇත.
 
පාලිත තෙවරප්පෙරුම මහතා කිසියම් ඉන්ධන ද්‍රව්‍යයක් ද තබාගෙන සිටිමින් පොලිසිය මෙම සිද්දියට අදාල පුද්ගලයාව අත්අඩංගුවට නොගත හොත් තමා ගිනි තබා ගන්නා බවද ප්‍රකාශ කරමින් සිටී.
 
බුලත්සිංහල පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම සිදුවීම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය වරයා තම ආධාර කරුවා සමඟ පැමිණ පොලිසියට පැමිණිල්ලක් කළ බවත්  පහරදුන් බවට පවසන පුද්ගලයාව අත් අඩංගුවට ගැනීමට පොලිසිය කණ්ඩායමක් යොදවා ඇති බවත් ,ඒ අතර නියෝජ්‍ය අමාත්‍ය වරයා මෙසේ විරෝධතාවයක් ආරම්භ කර ඇති බවත්ය.



අදහස් (17)

තම පාක්ෂිකයෙකුට පහර දුන්නා යැයි කියමින් නියෝජ්‍ය ඇමති විරෝධතාවයක

daham Friday, 09 February 2018 03:22 PM

දේසපාලන මැරයන් ඉදිරියේ පොලිසියේ නීතිය නැවෙන හැටි.

:       255       305

Mahendran Friday, 09 February 2018 03:43 PM

මේ වගේ අය ගිනි තියාගෙන මැරෙන ඒක රටට සෙතක්...

:       1632       1046

sahanSaturday, 10 February 2018 02:25 AM

ඔබගේ නමම තිබෙන දේශපාලකයෙක් ලංකාවේ ඉන්නවා නේද? ඔහු යනවානම් මේ රටට ලොකු සෙතක් සිදුවෙන්නේ...

:       0       0

sahanSaturday, 10 February 2018 02:25 AM

ඔබගේ නමම තිබෙන දේශපාලකයෙක් ලංකාවේ ඉන්නවා නේද? ඔහොම කරනවා නම් මේ රටට ලොකු සෙතක් සිදුවෙන්නේ...

:       0       0

Ranjith Silva Friday, 09 February 2018 04:13 PM

මේ වගේ ජාන මගින් තවත් අමනයින් ලැබෙන්න කලින් ඔය වැඩේ කරගන්න දෙන්න. එය සමාජයට කරන සේවයක් වනු ඇත.

:       0       0

සතයපාල Friday, 09 February 2018 04:19 PM

රනිල් මහත්තයා දැන්වත් වහාම මෙයාව මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයකට ඇතුලත් කරන්න.

:       0       0

Ranjan Saturday, 10 February 2018 12:55 AM

මෙයාව අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි?

:       0       0

nishantha Saturday, 10 February 2018 02:11 AM

මහජන නියෝජිතයකු යනු කවරෙක්ද යන්න පෙන්වාදීමට රටේ ඉන්න හොඳම උදාහරණය. මිනිස්සුත් එක්ක ඉන්න කොන්දක් තියෙන ජන නායකයා. ඉන්දියානු නමකින් අදහස් දමා ඇති අදහස අනුව මිනිස්සු වෙනුවෙන් ඉන්න ඇත්ත නියෝජිතයෝ ගිනිතියාගෙන පොල් ගොන්නු ටික ඉතුරු වුනාම ලංකාව ගොඩයයි...

:       0       0

dias Saturday, 10 February 2018 02:32 AM

තෙවරප්පෙරුම කියන්නේ තම සගයින් පාවා නොදෙන සටන්කාමී සගයින් මෙන්ම නායකයෙක්. ජයවේවා !!!.

:       0       0

rocky Saturday, 10 February 2018 02:35 AM

පාලිත තෙවරප්පෙරුම කියන්නේ ජනතාව අතර ගැවසෙන ජනතාවගේ නියෝජිතයෙක්. ඔහු කලබල කරනවා නම් එ්කත් එකටම අසාධාරණයක් ඔතන සිදුවෙලා ඇති සමහරු ඔහුගේ ක්‍රියා කලාපය විවේචනය විදිහෙන් පෙනෙන්නේ ඔහු ගැන නොදන්නා බවයි.

:       0       0

siri Saturday, 10 February 2018 03:01 AM

මෙයා හොඳ චණ්ඩියෙක්නේ. ඇයි බොරුවට පොලිසිය අපහසුතාවයට පත් කරන්නේ? මේවා විහිළු නේද?

:       0       0

Bamunuarachchi Saturday, 10 February 2018 04:24 AM

මෙයා වරප්‍රසාද සහිත කෙනෙක්, රඟපාන්නේ ගැලරිය සතුටු කරන්න. මේ මැරයින්ව පුම්බන්නේ මාධ්‍ය සංදර්ශන තියලා තමයි...

:       0       0

Bamunuarachchi Saturday, 10 February 2018 04:44 AM

අර වාහනය මොන වර්ගයේ එකක්ද? වහලය කිලෝ 400 ක පමණ බර දරන්න. විශේෂයෙන් ගැලරි ෂෝ එකකදී....

:       0       0

Bamunuarachchi Saturday, 10 February 2018 04:45 AM

මේ වගේ අය ගිනි තියාගෙන මැරෙන එක එක අතකින් රටට සෙතක්...

:       0       0

Bamunuarachchi Saturday, 10 February 2018 06:02 AM

අහන්න දෙයක් නැහැ... රජයේ නිල වාහනය වෙන්න ඇති. තමන්ගේ වාහනයට ඔහොම නගින ඈයොත් මම මීට පෙර දැක නැත.

:       0       0

Sampath Saturday, 10 February 2018 11:01 AM

මෙතුමා නියම විදියට ආවත්, මැතිවරණ ප්‍රචාරක කටයුතු කරලා දැන් මේ මධ්‍යස්ථානවල ආධාරකරුවෝ හුරේ දාලා ඡන්දෙ දාන්න ඇති.... කොහොමද මීටරේ? මැතිවරණ කොමසාරිස්තුමන්ගේ අවධානය පිණිසයි.

:       0       0

Bamunuarachchi Sunday, 11 February 2018 05:56 AM

හලෝ ඔහෙලාට වෙන්න ඕන දේ උනානේ දැන් හෙමින් බැහැලා යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 89 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 241 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 623 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 896 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 330 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 161 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site