IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


තමන්ට වැඩකරන්න දෙන්නේ නැතැයි රාජ්‍ය ඇමතිගෙන් අගමැතිට පැමිණිල්ලක්

(විනීතා එම්. ගමගේ)
 
කම්කරු අමාත්‍යංශයේ ඉහළ නිලධාරින් තමන්ට වැඩ කරගෙන යන්නට දෙන්නේ නැතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (24) පැමිණිලි කර ඇත.
 
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දී විදේශ රැකියා නියෝජිතයින් සමග ප්‍රියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබී ඇති අතර එය ආරම්භ වූ මොහොතේ කම්කරු අමාත්‍යංශයෙන් එම රැස්වීම වාර්තා කිරීමට නිලධාරියෙකු එහි එවා තිබූ බවත්, ඔහු කවර උවමනාවක් සඳහා පැමිණියේදැයි සෙවීමේ දී අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු තමන් එවන ලද බවත් රැස්වීම පටිගත කරගෙන එන ලෙස නියෝග ලද බවත් අදාළ නිලධාරියා පවසා ඇත.
 
ඒ අනුව තවදුරටත් සොයා බැලීමේ දී අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙකුගේ අවශ්‍යතාවය මත මෙම නිලධාරියා එවා ඇති බව පැහැදිලි වීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරයා දුරකතනයෙන් අමතා දොස් කියා ඇතැයි කාර්යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ලේකම්වරයාට දොස් කී ජයරත්න මහතා අනතුරුව තමන්ට නිදහසේ අමාත්‍යංශයේ කටයුතු කරගෙන යන්නට කම්කරු අමාත්‍යංශයේ නිලධාරින් ඉඩ නොදෙන බවට අග්‍රාමාත්‍යවරයාට දුරකතනය ඔස්සේ පැමිණිලි කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
 
අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා මෙම නිලධාරියා කාර්යංශය වෙත එවා ඇත්තේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙන බැවින් එය පටිගත කරගෙන එන ලෙස දන්වමින් බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (21)

තමන්ට වැඩකරන්න දෙන්නේ නැතැයි රාජ්‍ය ඇමතිගෙන් අගමැතිට පැමිණිල්ලක්

Nandalal DE SILVA - France Thursday, 24 September 2020 03:57 PM

මෙවැනි චූටි ප්‍රශ්න පාසලේ පහළ පන්තිවලත් තිබෙන නිසා, අපි මේ ගැන කලබල විය යුතු නැහැ. ඒ වුණත් ඇමැතියෙක් කියාගන්න කෙනෙක් නාහෙන් අඬමින් අප්පච්චිට පැමිණිලි කිරීම නම් කිසිසේත්ම පිළිගත නොහැක.. රටට අබ සරණයි....!!! 

:       7       65

මුණසිංහFriday, 25 September 2020 02:01 AM

ඒක ඇත්ත. අපිට චාන්ස් එකක් දෙන්න අපි කරවලා පෙන්නන්නම් ඔය තැන්වලට ගිහිල්ලා.

:       0       5

Sanath KandyFriday, 25 September 2020 09:00 AM

20 සම්මත වුණාම ඔය කාටවත් වැඩක් වෙන්නේ නැහැ. රාජපක්ෂලාට වැඳගෙන තමයි ඉන්න වෙන්නේ...

:       1       6

ferna Thursday, 24 September 2020 05:44 PM

මොහු කවදත් වැඩක් කළ කෙනෙක් නොවේ

:       0       4

beau Thursday, 24 September 2020 05:59 PM

අම්මේ අම්මේ... අරයා මට ගහනවා.

:       0       3

Prabha Thursday, 24 September 2020 08:32 PM

පව් පොඩි බබා...

:       0       4

විජේ Thursday, 24 September 2020 11:14 PM

මොන්ටිසෝරි ළමයි වගේ...

:       0       3

Asanga Friday, 25 September 2020 12:43 AM

අැමැතිකෙනෙක් වුණාම නිලධාරීන් සමග සුහදව කටයුතු කිරීම තමයි මූලික කරුණ. නැතිව බබාලා වගේ පැමිණිලිකිරීමද යුතුකම...

:       0       7

චමින්ද Friday, 25 September 2020 01:03 AM

වැඩ කරන්න දෙන්නේ නැහැ නොකියා මට වැඩකරන්න තේරෙන්නේ නැහැ කියල ඉල්ලා අස්වුණා නම් නරකද?

:       1       9

Raveendra Friday, 25 September 2020 04:16 AM

නිවැරදි මෙන්ම නීත්‍යානුකූලව රටට වැඩදායී කුමක් හෝ කිරීමේදී කිසිවෙකුට ඒවා නතර කිරීමට හෝ බාධා කළ හැකිද යන්න ගැටලුවකි. එලෙස තමන්ගේ අභිමතය පරිදි නීතිරීතිවලට පරිභාහිරව වැඩ කිරීමට යාමේදී නිලධාරීන් එවන් ක්‍රියාවන්වලට විරුද්ධ වෙනු ඇත. මක්නිසාදයත් අවුරුදු කීපයකට පසු දේශපාලුවන් මාරුවෙනු ඇත. නමුත් නිලධාරින් සේවය කළයුතුයි. එමෙන්ම කුමක් හෝ නීතිවිරෝධී ක්‍රියාවකට අවසානයේ එම නිලධාරින් වගකිවයුතු අතර වැරදිවලට දඬුවම්ද ලැබෙන්නේ එම නිලධාරීන්ටමයි. "දේශපාලුවන් තොත්ත බබා න්‍යාය භාවිතා කරමින් ගල් ආඳන් ලෙස ඇඟ බේරාගෙන මාරුවෙනු ඇත. එවන් අවස්ථාවලට මෑත අතීතයේ ඕනෑතරම් උදාහරණ ඇත. අනිත් වැදගත් කරුණ වන්නේ මේ ඇමතිගේ අඳෝනාව විතරයි. මෙම පුවතේ සඳහන් වී තිබෙන්නේ එම නිලධාරින්ගේ අදහස් ද විමසීම නීතිගරුක නොවේද, සාධාරණ නොවේද? තමන් කරන්නේ නිවැරදි දෙයක් සත්භාවයෙන් නම් තමන් කිසිවිට බියවිය යුතු නැත. එමෙන්ම එය සක්කරයාටද වැළැක්විය නොහැක. බාධාකිරීමටද නොහැකි බවත් "මෙම ඇමතියාට" දැන්වීමට කැමැත්තෙමු. එබැවින් මෙවන් ගැටළු තේරුම් ගැනුමට දිව්‍යලෝක ඥාණය අවශ්‍යද නැත.

:       0       12

rana Friday, 25 September 2020 04:44 AM

ඒක සැබැයි සැබැයි ප්‍රංශයේ එහෙම නූණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ.. හ හා

:       2       4

Dj Friday, 25 September 2020 06:48 AM

කවුදෝ ඇමති කෙනෙක් මුණුපුරාගේ උපන්දිනේට බෙන්ස් කාර් එකක් තෑගි දුන්නා වගේ මතකයි ඒ කාලේ.

:       0       10

BamunuarachchiSaturday, 26 September 2020 03:14 AM

ඒකාලේ හිටපු මුදල් ඇමැති කෙනෙක් දුවගේ උපන්දිනයට වරායේ ගුදමක් තෑගි දුන්නු බවත් කියැවෙනවා.

:       1       0

BamunuarachchiMonday, 28 September 2020 12:46 PM

ඩිස්ලයික් දාලා තියෙන්නේ ටොයිලට් පේපර් කටයුත්ත කරන්න විය යුතුයි.

:       0       0

Kamal Friday, 25 September 2020 08:29 AM

මේ වගේ තොත්ත බබාලට ඇමතිකම් දෙන්නෙ ඇයි? විදේශ රැකියා නියෝජිතයන් කැඳවූයේ කප්පම් ලබාගැනීමට විය හැකිය.

:       0       3

Hafeel Friday, 25 September 2020 10:35 AM

දියණියට පත්වීම දෙන්න බැරි වුනාද.? ගුවන් සේවා ඇමති කාලේ කලා වගේද.?

:       1       5

Bamunuarachchi Saturday, 26 September 2020 03:16 AM

පළාත් සභා එපා එපා එපාමයි... ජනමත විචාරණයක් තියලා බලන්න...

:       1       0

Bamunuarachchi Saturday, 26 September 2020 03:21 AM

ජනාධිපතිතුමනි, ඔබ නිලනිවසක් ප්‍රතික්ෂේප කර වියදම් අඩුකිරීම සම්බන්ධව පෙන්වූ ආදර්ශයට වඩා පළාත් සභා නැතිකිරීමෙන් මුදල් ඉතුරු කර රටට පෙන්වන ආදර්ශය වටිනවා. එමනිසා පළාත් සභා නැතිකර දාන්න.

:       1       0

Bamunuarachchi Sunday, 27 September 2020 03:50 AM

ඔබට කම්කරු නීති පිළිබඳව අවබෝදයක් තිබෙනවද.?

:       0       0

Bamunuarachchi Sunday, 27 September 2020 03:53 AM

1950 ගණන්වල ඇමතිවරු පාලනය කරපු රටේ දැන් ඇමතිවරු 50-60 දාගෙන පරිපාලනය සම්පුර්නයෙනම අනනවා.

:       0       0

BamunuarachchiMonday, 28 September 2020 12:57 PM

1950 ගන්නවාට ඇමැතිවරු 20ටත් අඩුවෙන් සිටියේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 6 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 41 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 110 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 1218 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 515 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 655 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1492 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site