IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තබ්බෝව අභයභූමියට අයත් රක්ෂිතයක දැව ජාවාරමක්

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 
තබ්බෝව අභය භුමියට අයත් විරක්කොඩිචෝලේයි රක්ෂීත වනාන්තරය වනසමින් දැව ජාවාරමේ නිරතවි සිටි දැව ජාවාරම් කරුවන් තිදෙනෙකු සමග රුපියල් ලක්ෂ 10 කට ආසන්න දැව තොගයක් සමග උපකරණ රැසක් කරුවලගස්වැව පොලිසියේ නිළධාරින් පිරිසක් අද ( 24 )අත් අඩංගුවට ගත් බව පවසයි.
 
මෙසේ අත් අඩංගුවට ගත් සැකකරුවන් විරක්කොඩිචෝල රක්ෂීත වනාන්තරයට යාබද පිහිටි පහරිය ගම්මානයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
 
පවතින ඇදිරි නීතිය ප්‍රයෝජනයට ගනිමින් දැව ජාවාරම් කරුවන් යාන්ත්‍රික කියත් සවිකල අත් ට්‍රැක්ටර් වනාන්තරයට රහසේ රැගෙන විත් දැව සංහාරය සිදු කරන බව කියයි.
 
තබ්බෝව අභය භුමියට අයත් විරක්කොඩිචෝල රක්ෂීතය හෙක්ටයාර්  22,764 ක භුමි ප්‍රමානයකින් සමන්විත වෙයි .
 
කරුවලගස්වැව , සාලියවැව හා වනාතවිල්ලුව  පොලිස් වසම් තුනකට මැදිව  ඇති  තබ්බෝව අභය භුමියට අයත්  මෙම රක්ෂීත වනාන්තරය දිගින් දිගටම වන අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති වනාන්තරයක් බව කියයි.
 
දැව ජාවාරම් කරුවන් වනාත්තරය තුළ ඇති අවුරුදු 200 කට වඩා පැරණී දැවැන්ත පළු වෘක්ෂයන් සේම විර ඇතුළු වෙනත් වෘක්ෂයන්ද යාන්ත්‍රික කියත් උපයෝගි කරගනිමින් බිම හෙලා දැව ඉරිම සිදුකරන බව පොලිස් නිළධාරින් පවසයි

ඒ සමගම වනාන්තරය තුලට වාහන  ගමන් කිරිමට හැකිවන ලෙස වනය වනසමින් මාර් ග ද සකසා ගෙන තිබු බව පොලිසිය පවසයි.
 
මෙසේ වනාන්තරයෙන් ඉරන ලද දැව රහසිගත ලෙස පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට රැගෙන යාම සිදු කර ඇති බවද කියයි.
 
අත් අඩංගුවට ගත් සැකකරුවන් සමග යාන්ත්‍රික කියත් , අත් ට්‍රැක්ටරයක් ,ඉරන දල ලක්ෂ 10 කට ආසන්න පළු ලී තොගයක් වනාන්තරයෙන් රැගෙන විත් නිවසක් තුළ සගවා තිබියදී ගත් බව කියයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුනී.

 


 

 



අදහස් (5)

තබ්බෝව අභයභූමියට අයත් රක්ෂිතයක දැව ජාවාරමක්

රවින් Sunday, 24 May 2020 12:28 PM

ජාවාරමේ මුල හොයාගන්න. කැලේ ගස් බැඳලා ( දුටුගැමුණු සුදුසුවේ) අලුතින් ගස් වවලා අඩුම තරමින් අඩි 5'- 6 ' අතර ප්‍රමාණයකට ගස වැඩෙනකන් රැකබලා ගන්නකන් දිගේලි කරන්න අවශ්‍යයි. හැඟෙයි නම් මුළු පවුල පිටින්ම ගස් බඳින්න. වැඩේ ගොඩින්ම බේරෙයි. කොහොමත් නඩු කියන්නත් එපමණ කලක් යනවා නේද? එළියේ හිටියොත් නඩු ඉවර වෙනකනුත් කාලකන්නි ටික තව ගස් කපයි...

:       0       2

wca Sunday, 24 May 2020 12:40 PM

වැඩක් නැහැ... ඕක පිටිපස්සේ ලොකු මෝල් කාරයෙක් ඇති. එයා ඔය අයව බේරාගෙන අායෙමත් ඕකම තමයි කරන්නේ. කරන්න ඕනේ හිතාගන්න බැරි දඩ අය කිරීමයි. මම වැඩකරන ඒරියා එකේ අත්දැකීමෙන් කියන්නේ. මුදලාලි සල්ලි වියදම් කරන්නේ, ඔය දඩ මුදල ඔය මිනිස්සු අායෙමත් වනාන්තරය කපලා මුදලාලිට වෙච්චි පාඩුව ගෙවන හින්දා. ලොකු දඩ මුදලක් ගැහුවාම ඔය ගාන ගේන්න අමාරුයි...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 24 May 2020 01:54 PM

මෙම වීරක්‍රියාව සිදුකළ කරුවලගස්වැව පොලීසියේ නිලධාරීන්ට අපගේ ප්‍රණාමය...! මේ වනාන්තර පාලුවන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි. මේ අය ගහකොළ වනාන්තර හා පරිසරයේ ඇති වටිනාකමක් දන්නා අය එහෙම නොවෙයි. ගෙදරින් ගිය නැකත හරි නැහැ වගෙයි. මෙදා පොටේ නම්, හම්බවෙයි වගේ..! මොකද රක්ෂිත කැපීම බලවත් වරදක්....

:       0       42

Ferna Sunday, 24 May 2020 02:55 PM

මා දන්නා තරමින් මෙම ජාවාරමට නිලධාරීන් සහාය ලබාදෙනවා. අත්අඩංගුවට ගත් අයගේ පෙර වැරදි සොයා බැලුවා නම් නඩු මිටි ගණනක් සොයාගන්න පුළුවන්. ජාතියත් වනසා පරිසරයත් වනසන කැලෑ පාලුවන්. දවස් දෙකෙන් එළියේ. ලබන සතියේ අලුතින් බඩු ටික අරන් ආයෙත් කැලේ යනවා. නීතිය හරියට කෙරෙනවා නම් මෙහෙම වෙන්නේ නැහැ..

:       0       0

K. Ranaweera Monday, 25 May 2020 03:58 AM

තුවක්කුව අතේ අරන් ඉන්න කෙනාගේ ටීශර්ට් පාටෙන් කියන්න පුළුවන් මොන හයියටද ගස් කපන්නේ කියන එක...?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 621 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 116 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 850 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 874 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1245 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1129 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site