(අනීෂා මානගේ)
තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු 12 දෙනකු සහ වෙළෙදසැල් දෙකක හිමිකරුවන් අද (12) නිරෝධායනය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පවසයි.
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කරන තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි අද (12) අනාවරණය වූ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
මෙම පුද්ගලයා ඉකුත් 5 වැනිදා නිවාඩු ලබා තංගල්ල නිවෙසට පැමිණ දින කිහිපයක් තංගල්ල නගරයේ සංචාරය කර ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම පුද්ගලයාගේ නිවැසියන් 7දෙනකු, අසල නිවෙසක 5 දෙනකු සහ මොහු ගමන් කළ බවට හඳුනාගත් වෙළෙදසැල් දෙකක හිමිකරුවන් දෙදෙනකු මෙලෙස නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබිණි.
මොහු තංගල්ල ධීවර වරායට, තංගල්ල නගරයේ වෙළෙදසැල් හතරකට, සුපිරි වෙළෙද සංකීර්ණයකට සහ ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් වෙත ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා කීය.
ඒ අනුව තවදුරටත් මෙම ස්ථාන වෙත ගමන් කළ පුද්ගලයන් සොයා ඉදිරියේදී නිරෝධායනය කිරීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.
දැනට වසරක පමණ කාලයක සිට සිංහරාජය වනාන්තරය ආශ්‍රිතව ජීවත්වන අලීන් දෙදෙනාගෙන් දැනට නිරීක්ෂණය වන්නේ එක අලියකු පමණක් බව සිංහරාජ වන ජීවී කාර්යාලයේ වනජීව
2024 යල කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් තීරණ තුනක් ගෙන තිබේ.
රජයේ පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළව පාසල් පෙළපොත් සහ නිල ඇදුම් සදහා රෙදි නොලද පාසලක් වේ නම් ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙන ලෙස විදුහල්පති
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළොන් බැංගලෝර් බලා අද (19) අළුයම ගුවන්ගත කළ ගුවන්යානයක් විනාඩි 40 ක පමණ කාලයකින් පසුව නැවත ගොඩබැස්සූ බව එම ගුවන්
මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායක පුටුවට පැමිණි පසු දේශපාලන සබඳතාවලින් මිදුනේ නැතිව කටයුතු කිරීම ඔහු කරගත් විශාලතම වරද බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් වැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තංගල්ලේ 14 ක් නිරෝධායනයට
සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 July 2020 02:52 AM
කුඩු, ගංජා බොන්නන්, පුනරුත්ථාපනය කිරීමේ දී ඉන්දියාව හරහා මේ වෛරසය ඔවුන්හට පැමිණෙන්නට ඇතැයි සිතීමට පුළුවන් නේද ..? කේරළ ගංජා පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් හැටි අපට මතකයි. මේ ගංජා සමග වෛරසය පැමිණියා වෙන්නට පුළුවන් නේද... ? මේ ගැන එතරම් උනන්දුවක් නොදැක් වූ නිසා වෛරසය සමාජගත වුණා නොවේද .. ? දැන් ඉතින් නිරෝධායන නීති හරිහැටි ක්රියාවේ යොදවා ජනතාව ආරක්ෂා කරගැනීමට සියලු කටයුතු සකස් කිරීම ඉතා වැදගත් ....
[email protected]Monday, 13 July 2020 06:54 AM
ඔව් සමිත, මේ මොලේ නැති දේශපාලුවන් වැඩේ අනාගත්තා. බලයට, පෙරේතකමට සෞඛ්‍ය අංශවල නිර්දේශයන් ගණන් ගත්තේ නැහැ. ඒ වගේමයි සෞඛ්‍ය අංශත් වැරැද්දක් කරලා තියෙනවා. කෝවිඩ් මර්දනයට සහ පාලනයට පිළිපැදිය යුතු නිර්දේශ " නීතිගත කලේ " නැහැ. ඒ නිසා කිසිවෙකුට විරුද්ධව නීතිය හමුවට යන්න බැහැ...
kamal Monday, 13 July 2020 07:53 AM
නිරෝධායනය විතරක් කරලා මදි.. පී.සී.ආර්. පරීක්ෂණ කළ යුතුයි. වයිරසය ශරීරයේ තිබුණත් රෝගලක්ෂණ පෙන්නුම් නොකළහොත් එම පුද්ගලයා නැවත සමාජගත වීමේදී අවදානම් තත්වයක් ඇතිවෙනවා.