IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි

හර්ෂණ තුෂාර සිල්වා
 
පවතින දේශපාලන අර්බුදය නිසා නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වෙමින් තිබේ. 

 
ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ සාපේක්ෂව විකුණුම් අගය 157.14ක් වූ අතර ගැනුම් අගය 153.36ක් ලෙස දැක්විණි. 
 
මහ බැංකුව පෙරේදා (19) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 156.97ක් ලෙස දැක්විණි. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී දෙවැනි සතිය ද ගත වෙමින් තිබුණත් ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතරේ ඇති වී තිබෙන දේශපාලනමය අර්බුදකාරී තත්ත්වය නිසා ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අස්ථාවර තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. 
 
මේ හේතුව කොටස් වෙළෙඳපොළ මිල ගණන් අවස්ථා කිහිපයකදීම පහත වැටුණු අතර ආයෝජකයන්ගේ විශ්වාසය පළුදු වී තිබේ. 
 
දේශපාලන අවිනිශ්චිතතාව හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමකට පත්ව තිබෙන රොයිටර් පුවත් සේවය අවස්ථා කිහිපයකදීම වාර්තා කර තිබිණි.  එමෙන්ම මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 1.3කින් රුපියල පහත වැටී ඇතැයි තොම්සන් රොයිටර්ස් දත්ත වාර්තා පෙන්වා දෙයි. 
 
රජයේ ණය නැවත ගෙවීම් නිසා මේ වසරේදී රුපියල ඉහළ ද්‍රවශීලතාවක් ගනු ඇතැයි ද සියයට 2ත් 3ත් අතර අගයකින් පහත වැටෙනු ඇතැයි ද අපේක්ෂා කෙරිණි. පසුගිය වසරේදී රුපියල සියයට 2.5ක අගයකින් පහත වැටුණු අතර 2016 වසරේදී සියයට 3.9කින් පහත වැටිණි. 
  
වර්තාමනයේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවර සහ අර්බුදකාරී තත්ත්වය කඩිනමින් අවසන් කළ යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය සතියේදී අවධාරණය කළේය.
  
එපමණක් නොව වත්මන් අර්බුදය කඩිනමින් අවසන් නොකළහොත් ආර්ථිකය තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට ගමන් කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් බොහෝමයක් මේ වනවිට අනතුරු අඟවා තිබේ. 



අදහස් (12)

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි

jeewa Tuesday, 20 February 2018 05:12 PM

රට ගැන හිතන්නේ නැතුව තව තව පුටු රත් කරන්න බල ලෝබයෙන් රණ්ඩු කරන්න

:       0       39

Chanak los angeles Tuesday, 20 February 2018 06:00 PM

මේකට වගකියන්න ඕනේ පසුගිය රෙජීමය ආණ්ඩුව අස්ථාවර කිරීමයි.

:       171       1

ගුණවර්ධන Wednesday, 21 February 2018 01:57 PM

ඕස්ට්‍රේලියාවේ ඉන්න මිනිස්සු දන්නේ කොහොමද මේ රටේ වෙන දේවල්..පිට රටට වෙලා යහපාලනේට ආවඩන්නේ නැතුව ලංකාවට ඇවිත් ඇත්ත තත්වය මොකක්ද කියලා හොයලා බලන්න හැමදේටම මහින්ද මහින්ද ගාන්නෙ නැතුව...

:       0       160

CHANDA Tuesday, 20 February 2018 09:34 PM

බහුතර ජනයා එදා ඉල්ලපු වෙනසේ රටට ලැබුණු අපමණ අගයක් එක.

:       0       62

සුසිල් Tuesday, 20 February 2018 10:53 PM

හෙට අනිද්දට කියයි අපනයන ආදායම ඉහල ගියා කියලා

:       0       54

Sathyayaa Tuesday, 20 February 2018 11:21 PM

රුපියල රැකගන්න බැරි මිනිස්සු රටක් ජනතාවක් රකින්නේ කොහොමද? රුපියල බාල්දු වුනා කියා මැති ඇමතිවරුන්ගේ පාරිභෝජනය පාර්ලිමේන්තුව පත්වූ දා සිට මේ වනතුරු බාල්දු වී නැත. ලෝකය ඉදිරියේ ශ්‍රී ලාංකිකයින්ට තිබු පිළිගැනීම බාල්දු වී ඇත. සාර ධර්ම අන්තයටම බාල්දු වී ඇත. දේශපාලුවන්ට කියා රට බාල්දු කර ගන්න ජනතාවගේ මුදල් මේ තරමට වැය කළ යුතුමද?

:       0       176

lalithsjm Wednesday, 21 February 2018 01:50 AM

අන්ත පරාජයක් ලද ජනපති බලේ රැකගෙන තමන්ගේ ජාමේ බෙර ගත්ත එජාපය ගෙදර යවන්න හදනවා. ජනතා කැමත්තට ඉඩ දුන්නනම් ප්‍රශ්න බොහෝ දුරට නැතිවෙනවා

:       38       121

daham Wednesday, 21 February 2018 03:43 AM

මේ ආර්ථික ඔස්තාර්ලාගේ යහපාලන ආණ්ඩුව එන විට ඩොලර් එක රුපියල් 135. දැන් 157. කොහොමද වෙනස, සැපද?

:       2       446

රජින්ද Wednesday, 21 February 2018 05:25 AM

මම දකින්නේ ලංකාවේ දැනට උද්ගතව ඇති දේශපාලන අස්ථාවරත්වය සමනය කිරීමට රටේ විධායකය හෝ ව්‍යවස්ථාදායකය උනන්දු නොවීමක් ලෙසයි. ඔවුන් ජනතා කුපිතකිරීමක් සිදු වී රට අරාජික කිරීමට උත්සාහ දරන බවක් පෙනෙන්නට තිබේ. ප්‍රධාන කරුණු 3කින් එය සාධනය කල හැක. 1. රටේ පැවති මුල්‍ය විනය බරපතල ලෙස දුෂණය කිරීම. 2. මැතිවරණ ප්‍රමාද කරවීම තුලින් ජන මතය ගැන යහපාලනය තැකීමක් නොකිරීම. 3. ජනමතය ප්‍රකාශ වී සති දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් ජනපතිවරයා ජාතිය අමතා රජයේ සැලසුම් ජනතාවට නොපැවසීම. මේ යන විදිහට අපේ රට ආර්ථික හා දේශපාලනික යන දෙයන්ශයෙන්ම කඩා වැටෙනු ඇත.

:       1       400

banada Wednesday, 21 February 2018 07:47 AM

රනිල් පන්නන සටනට මුළු රටම එකතුවෙමු ...

:       209       400

Mahendran Wednesday, 21 February 2018 11:18 AM

මේවා ආර්ථික මොල නොවෙයි. ආණ්ඩුව අච්චාරු හැළියක්...

:       0       37

සයිමන් Thursday, 22 February 2018 03:49 PM

ඇමෙරිකානු ඩොලරයේ අගය අඩුවන්නේ ලාංකිකයන් නිෂ්පාදනය නොකර සෑම දෙයක්ම පිටරටින් එනකල් බලාසිටිම නිසාය. ලෝකයේ හොඳම රබර් ලංකාවේ තියෙද්දී මකන කෑලිත් චීනයෙන් . ලෝකයේ හොඳම මිනිරන් ශ්‍රී ලංකාවේ තියෙද්දී පැන්සල් ඉන්දියාවෙන් .ලෝකයේ හොඳම තේ ලංකාවේ තියෙද්දී කසල තේ නිර්යාත කෙරෙනවා අපට හදාගන්න වෙලාවක් නැහැ .හැබැයි කන්සා රජ්ජුරුවන් බලන්න රුපෙට්ටිය ගාවා වෙලාව තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 143 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 852 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2261 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1573 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 908 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2150 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1439 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site