(නිමල් ජයරත්න)
වැලිකන්දේ පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන සියලුම රෝගීන් වෙනුවෙන් රජය දරන සියලුම වියදම් තමා අද සිට දැරීමේ වගකිම භාර ගන්නා බව අරලිය සමුහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.
කොරෝනා වයිරසය බවට තහවුරු වී පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය රුපියල් ලක්ෂ 55 ක වියදමකින් යුත් භාණ්ඩ හා උපකරණ පොළොන්නරුව මහ රෝහල වෙත අද (26) භාර දීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
පොළොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙත අදාල උපකරණ භාර දීමෙන් අනතුරුව ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
පොළොන්නරුව වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණ ප්‍රතිකාර ගෙන සුවය ලබා නිවෙස්කරා යන අවසන් රෝගියා දක්වාම යන සියලු වියදම් තමන් දරනා බවත් ඒ මහතා පැවසීය.
මෙහිදි පොළොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කළේ රටත් රටේ ජනතාවත් පත්ව ඇති ජාතික උවදුරකදි ඔවුන් වෙනුවෙන් සහන ලබා දීමට සහ අවශ්‍ය උපකාර ඩඩ්ලි සිරිසේන මහතා සිදුකළ මෙම පරිත්‍යාගය ව්‍යාපාරිකයන්ට පුර්වාදර්ශයක් බවයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඩඩ්ලි සිරිසේන පොළොන්නරුව රෝහලට ලක්ෂ 55 ක උපකරණ පරිත්‍යාග කරයි
මොඩ් ගොවියා Thursday, 26 March 2020 12:35 PM
සහල් මාෆියාවෙන් මොනතරම් ගසා කෑවද? කොහොම දෙන්න බැරිද?.
අභීත එදිරිසිංහ Thursday, 26 March 2020 12:41 PM
මෙතුමා නම් උතුම් බෝධිසත්වයන් කෙනෙක්. තෙරුවන් සරණයි ඔබතුමාට.
BamunuarachchiThursday, 26 March 2020 01:26 PM
ඇලඩින්ගේ පුදුම පහනින් ලැබුනා නොවෙයිනේ. රටේ ජනතාවගේ අනුග්‍රහය ලැබුනා නේද? එහෙමනම් ඩඩ්ලි සිරිසේන ජනතාවගේ අනුග්‍රහය ඇතිව පොළොන්නරුව රෝහලට ලක්ෂ 55 ක උපකරණ පරිත්‍යාග කරයි කියලා කියන්න. මාධ්‍යයේ කොහොම ලියවුනත් දෙවියන්ගේ පොතේ නියම විදිහට ලියවිලා ඇති. අනික් ලක්ෂ 55 කියන්නේ මහා ගණනක්ද?
චමින්දFriday, 27 March 2020 02:01 AM
බමුණු ආරච්චි මහත්මයා හරියටම හරි.
MalliThursday, 26 March 2020 01:42 PM
ලැජ්ජයි හලෝ දුප්පත් මිනිසුන්ගේ බඩට ගහලා ලක්ෂ 55 දුන්නට තමුන්ගේ පව් හෙදෙන්නේ නැහැ... මේ යෝධයා හරියට කෝටි ගානක් දෙනවා වගේනේ ඉන්නේ...
Hassanda Thursday, 26 March 2020 12:57 PM
හාල් මාෆියා ගාපු කප්පන් එලියට දැම්මා....
Nandalal DE SILVA - France Thursday, 26 March 2020 01:40 PM
ඕක මොකද්ද? එයාට නම් ඕක සිල්ලර කාසි ටිකක් වගේ ඇති ! අඬබෙර ගහල, කැමරා ඉස්සර ඉඳගෙන දානපතියෙක් වගේ දෙන දේවල් පිටුපස තිබෙන්නේ අසරණ ජනතාවගේ දාඩිය මහන්සියෙන් උපයා ගෙන ගෝනි ගණන් පුරවපු රුපියල් නොවේද කියා එයාට තේරෙන දිනයකුත් එනවා ඇත !
BamunuarachchiThursday, 26 March 2020 03:55 PM
එයාට තේරෙන්න?...! මරණ මන්චකයෙදීවත් මතක් වෙන එකක් නැහැ.
jayath Thursday, 26 March 2020 03:00 PM
මෙයත් අර අනිත් කෙනා වගේම තමයි බයිලා ඔස්තාඩ් . මරු ඩබල . හැබැයි ඔය කරපු දේවල් මේකෙන් අරින්න බැහැ
විජේ Thursday, 26 March 2020 03:53 PM
ඉතාමත් වටින වැඩක් මහත්තයො, පිං. ඒත් ඉතින් මේකෙ තියන කමෙන්ට් බැලුවහමනං ඔබතුමාලට පිං චුට්ටක් ගන්න තව සෑහෙන්න වියදම් කරන්න වෙනවා. පුදුම හම්බකිරිල්ලක් කියනවනෙ පහුගිය ටිකේ හම්බකරල තියෙන්නෙ. අනේ මන්ද ඉතිං, ඔබතුමාගෙ ගෙදර ලයිට් බිලටම යනව ඇති ලක්ශ 55ට වඩා මගෙ හිතේ. ඔන්න ඔහෙ මිනිස්සු කොරවෙලා යන්ඩත් එක්ක දෙන්ඩකො ලොක්ක ටිකක් දැනෙන ගානක්.
assanga Friday, 27 March 2020 02:02 AM
මෙය අනෙකුත් කට්ටියටත් හොඳ ආදර්ශයක්.
Prasanna jayasekara Friday, 27 March 2020 04:30 AM
සර්, ඔබගේ පරිත්‍යාගයන් ඉතා අගය කරනවා...