(රොමේෂ් මධුෂංඛ)
ටෙලෝ සංවිධානයෙන් තමා ඉවත් කළහොත් ඉන් සති දෙකක් ගතවීමට පෙර නව ප්‍රගතිශීලී දෙමළ සංවිධානයක් ගොඩනගන බව ටෙලෝ සංවිධානයේ ලේකම් එස්.ශ්‍රීකාන්තා මහතා යාපනයේදී පැවසීය.
යාපනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවෙමින් ඔහු මේ බව කියා සිටියේය. එහිදී ශ්‍රීකාන්තා මහතා මෙසේ ද කීය.
‘ජනාධිපතිවරණයේදී ශිවාජිලිංගම් මහතාට සහය දැක්වීමේ චෝදනාව මත තමන්ටත් තවත් දෙදෙනෙකුටත් ටෙලෝ නායකයා විසින් විනය පරීක්ෂණයක් පැවැත්වීමට යන බව දැනුම් දී තියෙනවා. ටෙලෝ සංවිධානයේ ලේකම් වශයෙන් තමන්ටත් යාපනයේ ලේකම්වරයා වන සිල්වෙස්ටර් විමල් රාජ් නැමැත්තාටත් එහි උප ලේකම් එස්.ජෙගනාර් නැමැත්තාටත් එරෙහිව එම විනය පරීක්ෂණය පැවැත්වෙන බව දැනුම් දී තියෙනවා වගේම ඔවුන් ඕනෑම විනය පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම්.
ජනාධිපතිවරණයේදී ශිවාජිලිංගම් මහතා ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් පෙනී සිටි නිසා ඔහුට සහය දැක්වීමේ කිසිම වරදක් නැහැ. ඒ වගේම අනෙක් දෙදෙනාට එරෙහිවත් විනය පරීක්ෂණයක් පවත්වා සංවිධානයෙන් ඉවත් කළහොත් ඉන් සති දෙකක් ඉකුත් වීමට පෙර යාපනයේදී ප්‍රගතිශීලී දෙමළ සංවිධානයක් පිහිටුවා දේශපාලන කටයුතු කරගෙන යනවා' යැයි ශ්‍රී කාන්තා මහතා වැඩි දුරටත් පැවසීය.
පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.
හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින
මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො
සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ටෙලෝ ලේකම්ගෙන් අනතුරු ඇගවීමක්
රවින් Tuesday, 03 December 2019 08:12 AM
නියමයි. එතකොට බලාගත හැකිවේවි බොරදියේ මාලු බාන කට්ටිය වගේම දිය යටින් ගින්දර ගෙනියන කට්ටියත්. දකුණේනම් දැන් ඔය වැඩේ වෙනවා.
Rathna Tuesday, 03 December 2019 08:16 AM
කව්ද මේ ?
sharm warnTuesday, 03 December 2019 09:12 AM
හොද ප්‍රශ්නයක් ...
sharm warn Tuesday, 03 December 2019 09:15 AM
එහෙත් එහෙමද? නහින දෙහින අයද උඩ දාගෙන නටන්නේ?
Bamunuarachchi Tuesday, 03 December 2019 11:22 AM
සිංහලයන්ට විරුද්ධව වැඩ කරන අයට දෙවියෝ දඬුවම් දෙනවා. ඒක මෙතෙක් කල් සෑම විටකම ඔප්පු වෙලා තියෙනවා. සිංහලයාට විරුද්ධ යූඇන්පීය ටෙලෝ වගේ සුළුතර සුළු පක්ෂ බෙදිලා විනාශ වෙන්නේ ඒ නිසයි. ඔවුන් මොන කුමන්ත්‍රණ කළත් අපේ පක්ෂය නොබෙදී කවරදාවකවත් නැති අන්දමට ශක්තිමත්ව නැගී සිටියේ ඒ නිසයි. ඉතින් ඔය සුළුතර ජාතිවාදියෝන්ට කියන්නේ දෙවියෝ කෝප කරගන්නේ නැතිව අපේ ආණ්ඩුවට සහය දෙන්න කියලයි. නැතිනම් විනාශ වෙලා යාවි.
Bamunuarachchi (Ori) Wednesday, 04 December 2019 11:55 PM
ඕගොල්ලෝ ඕනෑතරම් සංවිධාන හදාගෙන බෙදෙන්න අපේ කිසිම බාදාවක් නැත.