IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ටිල්වින්ට මිලියන 10ක වන්දියක් ගෙවන්න විමල්ට නියෝග

(නිමන්ති රණසිංහ)


පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියෙන්  ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝණය වී ඇතැයි තීන්දු කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන  ලේකම් ටිල්වින් සිල්වා  මහතාට රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙස   විමල් වීරවංශ මහතාට නියෝග කළේය.
 
එම කෘතිය ප්‍රසිද්ධියට පත් කිරිම ද  තහනම් කරන ලදී.
 
මෙම කෘතිය ප්‍රකාශයට පත්කිරිම මගින් ජනතා විමුක්ති පෙරමුණේ  බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝණය වී ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රධාන ලේකම් ට්‍රිල්වින් සිල්වා මහතා   මෙම නඩුව   පවරා තිබිණි.
 
දිර්ඝ නඩු විභාගයට පසු තීන්දුව ලබා දෙමින් මහාධිකරණ විනිසුරුවරයා එලෙස නියෝග කළේය.
 
 

 



අදහස් (43)

ටිල්වින්ට මිලියන 10ක වන්දියක් ගෙවන්න විමල්ට නියෝග

Hafeel Friday, 11 January 2019 08:26 AM

කොට්ටෝරුවා හැම ගහක්ම කොටනවා. දැන් කෙසෙල් ගහටත් කොටනවා.

:       1081       1234

tdFriday, 11 January 2019 02:47 PM

ශ්‍රී ලාංකිකයන් විසින් උත්තරීතර පාර්ලිමේන්තුවට පත්කර යවා තිබෙන මොවුන් රට වෙනුවෙන් හෝ පත් කරන ලද ජනතාව වෙනුවෙන් කර අැත්තේ කුමක්ද? දූෂණය, හොරකම සහ නැති ජාතිවාදයක් ඇති කරලීම හැර වෙනත් දෙයක් කර තිබේද?

:       503       704

SanathSaturday, 12 January 2019 08:48 AM

ජවිපෙ අධ්‍යාපන අංශය තුලින් විශ්වවිද්‍යාලයකින් ලබාගත නොහැකි තරම් දැනුමක් ලබාගත හැකි බව බොහෝ දෙනෙක් නොදනී. දේශපාලනය පමණක් නොව ආර්ථික විද්‍යාව, දර්ශනය, සාහිත්‍යය, කලාව ආදී සෑම අංශයකින්ම තම ක්‍රියාකාරී සාමාජිකයන් නිරන්තරයෙන් දැනුවත් කිරීමට ජවිපෙ ක්‍රියා කරයි. 88 89 අඳුරු කාල පරිච්චේදය තුල විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට නොහැකි වූ දහස් ගණනක් අතර විමල් විරවන්ශද ජවිපෙ අධ්‍යාපන අංශය තුලින් දේශපාලන අවබෝධය ලැබුවෙකි. නමුත් අන් අය මෙන් නොව විමල් හැසිරෙන්නේ සියල්ල තමා විසින් අවබෝධ කරගෙන තමන්ගේ හැකියාවෙන් පමණක් ඉදිරියට ආ පුද්ගලයෙක් මෙන් උඩගුවෙනි.

:       64       328

lankaputha Friday, 11 January 2019 08:29 AM

දැන් රුපියල් 100 ගානේ හිඟාකයි

:       650       731

Jagath LeanageFriday, 11 January 2019 05:02 PM

නිවාස අමාත්‍යංශයේ වැඩ කරන කාලයේ අමාරුවෙන් හරි හම්බුකරපු සල්ලි ඇතිනේ... එවයින් ගෙවන්න බැරියැ නේද?

:       512       690

BANDA Friday, 11 January 2019 08:34 AM

පහුගිය කාලේ හොරා කාපු සල්ලි කෝටි ගණන් තියෙනවා.

:       776       1339

Sapumal. Friday, 11 January 2019 08:34 AM

උගත්කම නැතුව එහෙත් එය තියෙන බව රටට පේන්න නැති උගත්කමක් ඔලුවට ආරුඩ කරගෙන සිටින සමහර දෙනාට මෙය හොඳ ආදර්ශයක්...බුද්ධිමය දේපල පනතවත් නොදැනයි මොවුන් ලේඛන කලාවට බැහැලා තියෙන්නේ. නීතිය ගැන අල්ප මාත්‍රයක් හෝ නොදන්නා මෙවැන්නන් ගැන හැබෑ තතු හෙලිකිරීම ගැන ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය... අතීතයේ මෙහෙම අය තමයි අගවිනිසුරුවරුන් ගැන තීන්දු තීරණ ගත්තේ. දෙවියන්ට පින් සිදුවෙන්නට මොවුන්ගේ රෙදි දැන් දැන් ගැලවෙන හැටි හරිම පුදුමයි නේද?

:       1480       1755

ජමාල්Friday, 11 January 2019 09:12 AM

සපුමලේ, පොතේ තියෙන්නේ ඇත්ත නිසානේ බුද්ධිමය දේපළක් වෙන්නේ...

:       313       1032

වජිරFriday, 11 January 2019 10:04 AM

මෙම තීන්දුව දී ඇත්තේ වාණිජ අධිකරණයකින්. කැට හොල්ලලා ජනතාවගෙන් ලැබෙන මුදලින් යැපෙන පක්ෂයක කාරණා බුද්ධිමය දේපලක් වන්නේ කෙසේද? ඒවා ජනතාව දැනගත්තාම උල්ලංඝනය වන්නේ කාගේ අයිතියක්ද?

:       621       609

Sapumal.Friday, 11 January 2019 11:02 AM

වජිර මහතා, ජවිපෙ සමහර දේට අපද තදින් පහර ගසා තිබෙනවා. ඒක වෙනම දෙයක්... ඒත් මෙහිදී වාණිජ අධිකරණය සිදුකොට තියෙන්නේ එයට අදාල දේය. වාණිජ කියා කීවාට ඒවායේ විනිසුරුතුමන්ලා මුදලාලිලා හෝ මේ පොතේ කතුවරයා වගේ නොවෙයි. ඔය පොතේ ඇත්තේ සත්‍යද අසත්‍යයද කියන ඒක නොවෙයි ප්‍රශ්නය... තමන් රටේ, ලෝකයේ පවතින නීතියට අනුකුලව පොත ලිවීම නොකිරීමයි. ඒක තමයි පොත් ලියන්න හැමෝටම බැරි. ඒකට උගත්කම, නීතිය වගේ බොහෝ දේ අවශ්‍යයි. මෙතන වරද ඔබගේවත්, මගේවත්, ජවිපෙවත් නොවෙයි. කතුවරයා හරිහැටි නොදැන තමන් නොදන්නා දේ කරන්නට ගිය නිසයි මේ දේ වුනේ. මේක ආදර්ශයට ගෙන වරද හදාගෙන හරිහැටි කටයුතු කළොත් එතුමාට හොඳ ලේඛකයෙකු විය හැකියි. අඩුපාඩු තිබුණත් එතුමා දක්ෂයෙකු බව අපද දන්නවා. අප සිටින්නේ ඒ මතයේ...

:       790       202

Sapumal.Friday, 11 January 2019 10:32 AM

පොතේ ඇත්තක් තියෙනවා නම් උසාවිය දඩගසාවිද? මෝඩයින්ට පොත් ලියන්න පුළුවන්ද?

:       785       754

ගාමිනීFriday, 11 January 2019 12:41 PM

ඔබතුමාත් ඔය ප්‍රතිචාර දක්වන්නේ ඒ වගේ තමයි...

:       155       696

Sapumal.Friday, 11 January 2019 02:55 PM

ගාමිණී මහතා, මෙය ඔබතුමාගේත්, මගේත් රට... මා මීට පෙර මොහු වෙනුවෙන් අදහස් දක්වා නැහැ. ඔබතුමාලා නොදන්නා බොහෝ දේ ඔහු ගැන මා දන්නවා. ඒත් අපහාස වන නිසා ඒවා අවශ්‍ය නැහැ. මේ වගේ අය කොයි කව්රුත් ඔබේත්, මගේත් රට රැවටෙනවාට අප ඉවසන්නේ කෙසේද? මා කී දේ සත්‍ය බව මතු යම් දිනෙක ඔබතුමාට වැටහේවි... අපේ දහම් දිවයින කිලිටි කොට වනසන කොයි දේශපාලකයන් සමගත් අප එකඟ නැහැ. අපට අවශ්‍ය මතු අපේ රටේ බොරුවෙන් නොරැවටෙන වංචා, දූෂණයෙන් තොර හොඳ මිනිසුන් බිහිවීමටයි. අපෙන් පසුව එන අයට බුද්ධියට යමක් දිය යුතුයි. මේ සියල්ල ලිව්වේ රටටත්, ජනතාවටත් සද්භාවයෙන්. බුද්ධිය ඇත්තෝ නොරැවටෙත්වා..! බුද්ධිමත්ව සොයා බලා පමණක් කරුණු අවබෝධ කරත්වා..!

:       541       604

වජිර Friday, 11 January 2019 08:42 AM

මෙයින් ඔප්පු වී ඇත්තේ පොතේ ලියපු දේවල් ඇත්ත කියන එකයි. කෝටියක් ගෙවලා හරි ජවිපෙ හෙළුව පෙන්නුවට අපේ උත්තමාචාරය! ජවිපෙ කියන්නේ ජනතා ව්‍යාපාරයක් නොව වෙළඳ ව්‍යාපාරයක් බව මින් පැහැදිලි වේ...

:       2452       2698

DhanushkaFriday, 11 January 2019 09:18 AM

විමල් වීරවංශ මන්ත්‍රීවරයා 2007 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපීමෙන් අනතුරුව ඔහු විසින් කරුණු විකෘති කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට අයත් ලිපි ලේඛන භාවිතා කරමින් මෙම “නැත්ත වෙනුවට ඇත්ත” කෘතිය මුද්‍රණය කරන ලදී...

:       717       428

BishanFriday, 11 January 2019 09:25 AM

21වෙනි සියවසේ නූතන වහල්ලු දැකලා නැත්තම් බලාගන්න...

:       1089       601

වජිර Friday, 11 January 2019 10:08 AM

වහල් බව වන්නේ ජනතා ව්‍යාපාරයක ජනතා විරෝධී තොරතුරු හෙළි වීමෙන් හෙළි කල එකාට ගල් ගැසීමද, නොඑසේනම් එයාව අගය කිරීමද?

:       613       896

සක්කරයා Friday, 11 January 2019 11:07 AM

බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝණය වෙන්නේ වෙන කෙනෙකුට අයිති දෙයක්... එම පුද්ගලයින්ගේ අනුදැනුමින් තොරව එලෙසම උපුටා ගැනීම මගිනි. ඒ පිළිබඳ දැනුමක් නැතුව බොරුවට කමෙන්ට්ස් දැමීම ඵලක් නැත.

:       649       207

MOHAN Friday, 11 January 2019 08:48 AM

අමාරුවෙන් රැස් කළ මුදල් මෙලෙස දුන්නම මොකද වෙන්නේ? තම දරුවන්ට කන්න දෙන්නවත් මුදල් නැති වෙනවා. එතකොට මෙතුමාගේ දරුවන් නැවතත් මානසිකව වැටෙනවා. ඒ නිසා මෙතුමාව නිදොස් කොට නිදහස් කරනවා.

:       570       320

Nandalal DE SILVA - France Friday, 11 January 2019 08:48 AM

තුන්මුල්ලේ විමලේ සහෝදරයාට ඔය රුපියල් මිලියන 10 ක වන්දිය සොච්චමක්නේ ! ඇමති පට්ටමෙන් හම්බ කරගත් "චූටි" කොටසක් තමන්ගේ පැරණි සගයෙකුට දුන්නා කියල එයාගේ ධන උල්පත හිඳෙන්නේ නැහැනේ. ඕක ගෙවලා දාල කතාව ටිකක් වෙනස් කරලා වෙන පොතක් එලි දක්වන්නකෝ..!

:       650       762

Buddika Friday, 11 January 2019 08:51 AM

නීතිය නීතියක් ලෙස ඉටුවීම විශිෂ්ඨයි. විමල් කියන්නේ සියලුම දෙනාට අපහාස කරන කනෙක්. කවදා හෝ මෙවන් දඬුවම් ඔහුට ලැබිය යුතුමයි.

:       647       718

Chamara Friday, 11 January 2019 09:06 AM

පොතේ ඇති දේ ඇත්ත කියලා නේද මේ කියන්නේ...? දෙයියෝ සාක්කි!

:       329       734

නිමල් Friday, 11 January 2019 09:08 AM

මෙයා අනාගන්න එක ඇනගන්න, නාගන්න එක ඉවරයක් නැහැනේ...

:       529       250

[email protected] Friday, 11 January 2019 09:10 AM

ගිහින් හඳහන බලාගන්න..

:       1       29

Amila Friday, 11 January 2019 09:13 AM

දැන් කියයි මේක බටහිර බලවේග වල කුමන්ත්‍රණයක් කියලා. නම් වෙනස් කරන් හොර උප්පැන්න හදලා හොර පාස්පොර්ට් හදලා මදිවට හොරට පොතුත් ගහලා. බලන් ගියාම හිරේ ඉන්න ඕන කෙනෙක් තාම එළියේ...

:       84       307

රවින් Friday, 11 January 2019 09:15 AM

කූඩල්ලා කෝට්ටේ උඩ තියන්න බැරුවා සේ හොරාට පුරුදු හොරකමමයි.

:       130       186

anu Friday, 11 January 2019 09:25 AM

කෝටි පනහට වෙන්දෙසිවෙන අපේ මැති ඇමැතිලට මේවා සිල්ලර...

:       66       122

Sathya Friday, 11 January 2019 09:32 AM

බොහොම හොඳයි. එ්ක නෙවෙයි, අර මහබැංකුව හොරා කාපු එකට මොකද වුනේ? ඒවාටත් නඩු තීන්දුවක් ගන්න බැලුවොත් මොකද?

:       217       199

Kumara Friday, 11 January 2019 09:45 AM

ඉපදුණු දා සිට බොරුව අපහාස විඳි මිනිස්සුන්ට කරන්නේ තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් දැන් ඒවට ගෙවන්න තමයි තියෙන්නේ..

:       185       310

sam Friday, 11 January 2019 09:45 AM

නන්දලාල්, හෙට අනිද්දාට " හොර පාස්පෝට්" කේස් එකත් ඔප්පු වෙලා, ප්‍රජා අයිතියත් අහිමි වුණාම ඔය කියන තරම් ලේසියෙන් ගොඩ යන්න බැරි වේවි...!!!

:       197       222

smn Friday, 11 January 2019 09:51 AM

ඉදිරි මැතිවරණ වියහියදම් වෙනුවෙන් රුපියල් කෝටියක්ම ප්‍රදානය කර සහයෝගය දැක්වීම ගැන ජවිපෙ විමලේට ස්තුති කළ යුතුයි.

:       142       165

ravi Friday, 11 January 2019 10:40 AM

මේ විදිහට හරි ඒ කාලේ අසාධාරණයෙන් යටිමඩි ගහපු මේ මුදල් කාබාසිනියා වීම ගැන අපි ඉතාමත් සන්තෝෂ වෙනවා.

:       160       218

ashan Friday, 11 January 2019 10:45 AM

වහලුන් ගොඩ දෙනෙක් දකින්නේ පොතේ තිබෙන දේ ගැන. මේ නඩුව දැම්මේ ඒ පොත ලියන්න ජවිපෙ ලිපිගොනු හොරෙන් අරන් ඒවා භාවිතා කළා කියන වරදට... අනුන්ගේ දෙයක් හරි වුණත්, වැරදි වුණත් අවසරයකින් තොරව භාවිතා කළ නොහැකියි. නඩු තීන්දුව ඒ ගැනයි මේකෙ සමහරුන්ගෙ අදහස් දැක්කම මේ වගෙ අය පාර්ලිමේන්තු ගිය එක ගැන පුදුමයක් නෑ..

:       198       271

gunapala Friday, 11 January 2019 11:29 AM

බුද්ධිමය දේපලක් වන්න එය ලියාපදිංචි විය යුතුය..

:       0       64

Nandalal DE SILVA - France Friday, 11 January 2019 11:37 AM

ඒක නේ ඔච්චර පොරක් දමලා මරා-සිරා යුගල හදපු හඳපානේ යුග දිවියේ ප්‍රධාන චරිතයක් ලබා ගත්තා මදිවාට ඉදිරිපෙළේ අසුනකුත් ලබාගෙන උසස් බලාපොරොත්තු රැසක් තබාගත්තේ මේ තුන්මුල්ලේ වීරයා...!

:       114       150

Buddika Friday, 11 January 2019 12:54 PM

පහුගිය කාලෙ පුරාවටම හම්බ කළානේ.. දැන් ගෙවන්න.

:       88       45

sajith Friday, 11 January 2019 01:01 PM

මිලියන 10 ගෙව්වොත්, එ්කට සල්ලි හොයාගත්ත විදිහත් හෙව්වා නම් තමයි හොඳ...

:       71       50

rocky Friday, 11 January 2019 01:36 PM

කාලෙකට පස්සේ ලැබුණු ඉස්තරම් ප්‍රවෘත්තියක්...! බොහොම සන්තෝසයි..!

:       298       350

Rohana Saturday, 12 January 2019 02:24 AM

විමල්ගේ තියෙන්නේ කටේ සද්දේ විතරයි. වැඩ බින්දුවයි.

:       1       56

Jehaan Saturday, 12 January 2019 04:06 AM

පාස්පෝට් නඩුව හරි හැටි විභාග කළානම් මේ දඩ මුදල ගෙවන්න වෙන්නේ හිරේ ඉඳන්... රටේ සිවිල් නීතියවත් දන්නේ නැතිව බඩගෝස්තරය සොයාගන්න දේශපාලනයට එනකොට මෙහෙම දේවල් වෙනවා...

:       0       25

මායිමේ banda Saturday, 12 January 2019 06:04 AM

මට සමාවෙන්න.. මේ කුලේ වැරැද්දක්ද මං දන්නෑ. පාස්පෝට් එක අද හොරට ගෑනිට පාස්පෝට් අයිඩින්ටි කාඩ් ඔක්කොම හොරට හැදුවා.. කෝටි ගණන් ගෙවල් යාන වාහන ගත්තු පට්ට ගේම් ටිකක්... ලැජ්ජා නැද්ද නැත්නම් බයියන්ට ලැජ්ජා නැද්ද?

:       0       67

ruwan Saturday, 12 January 2019 04:29 PM

පොතේ තියෙන කරුණු ඇත්ත වුනත් බොරු වුනත් අනුන් සතු ලියකියවිලි සොරකම් කර පොත් පළකිරීම වරදක් බව නොදන්නා පිරිසක් තමයි විමල් වෙනුවෙන් මේකෙත් පෙනී ඉන්නේ

:       0       7

Menaka Saturday, 12 January 2019 08:03 PM

ආ දැන් ඊළඟට කියාවි පියාට අතේ තිබුන මුදල් නැතිවී යාම නිසා දරුවන් මානසිකව වැටිලා. එම නිසා නිදොස් කොට නිදහස් කරන්න කියලා. ලැජ්ජයි ! අඩු ගානේ තමන්ගේ දරුවන්ව වත් මේ ජරා දේශපාලන මඩ වලේ නොදමා ඉන්නවා නම් ලොකු දෙයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 81 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 47 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 133 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1798 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 519 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 623 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site