IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ට්‍රම්ප් වෛද්‍ය උපදෙස් නොතකයි

වෛද්‍යවරුන්ගේ අනතුරු ඇඟවීම් නොතකමින් ‘කොවිඩ්-19’ ආසාදනය වීම වළක්වා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැලේරියා නාශක ඖෂධයක් වන ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ භාවිතයට ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ඒ බව වාර්තා කර තිබිණි. තමන් වයිරසය ආසාදනය වීමෙන් වැළැකීම සඳහා දිනකට මැලේරියා පෙත්තක් ගන්නා බව ඇමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේදී පැවැසීය.

ලොක්ඩවුන් තහංචි ලිහිල් කරමින් ඇමෙරිකාව යළි විවෘත කරන ආකාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ අවන්හල් හිමිකරුවන් හමුවී සාකච්ඡා කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව කීවේය. එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට ද අවස්ථාව දී තිබිණි.

‘වයිරසයෙන් බේරෙන්න මම සති එකහමාරක් තිස්සේ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් පෙත්තක් දිනපතා බොනවා. මම විතරක් නොවෙයි, වයිරසය එක්ක සටන් වදින සෞඛ්‍ය බලධාරීන් වෛද්‍යවරුන් ඇතුළු බොහෝ දෙනකු හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් පෙත්තක් දිනපතා බොනවා. ඒ වයිරසය ආසාදනය වීම වළක්වා ගන්න. අතුරු ආබාධ කිසිවක් නැහැ. හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් බීවා කියලා හොඳක් මිසක් නරකක් නැහැ. ඒක වසර 40 ක් තිස්සේ මැලේරියාවටත් ලූපස් රෝගයටත් ප්‍රතිකාරයක් ලෙස ලබා දෙන බෙහෙතක් එහි ගුණ ඔබ පුදුම කරවාවි’ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා එම අවස්ථාවේදී කීය.

හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් නමැති මෙම ඖෂධය අතුරු ආබාධවලින් පිරුණු එකක් බවත් වෛද්‍ය අධීකෂණය යටතේ මෙය භාවිතයට නොගත යුතු බවත් ඇමෙරිකා එක්සත් ජනපද වෛද්‍ය සභාව අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළේය. ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය පවා හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් භාවිතයට ගැනීමෙන් වළකින්නැයි ඇමෙරිකානු ජනතාවට උපදෙස් දී ඇත.

‘‘මම ධවල මන්දිරයේ වෛද්‍යවරයාගෙන් මේ ගැන ඇහුවා, ඔබ කැමැති බිව්වාට කමක් නැතැයි’’ ඔහු කීවා යැයි ද ජනාධිපතිවරයා කීවේය. ධවල මන්දිරයේ වෛද්‍යවරයා වන වෛද්‍ය ෂෝන් කොන්ලේ සම්බන්ධ කරගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද පුවත් සේවා උත්සාහ කර තිබිණි. වෛද්‍ය ෂෝන් කොන්ලේ ෆොක්ස් රූපවාහිනි සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු එම බෙහෙත අනුමත නොකළ බවක් පැවැසුවේ යැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

ධවල මන්දිරය මේ අතරවාරයේදී වෛද්‍ය ෂෝන් කොන්ලේගේ උපදෙස් සහිත ලියවිල්ලක් ද ප්‍රසිද්ධියට පත් කර තිබිණි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔහු සෑම දිනකදීම ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කරන බවත් පවසා තිබිණි.

‘‘ජනාධිපතිවරයා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා. ඔහු සෑම දිනකදීම ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කළා. ඔහු වයිරස රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. ඔහුට වයිරසය ආසාදනය වී නැති බව පරීක්ෂණවලින් දිගින් දිගටම අනාවරණය වී තිබෙනවා. ජනාධිපතිවරයාත් සමඟ මා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කළා. ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ තියෙන අවදානමට වඩා ප්‍රතිඵල වැඩි යි අපි දෙදෙනාම නිගමනයකට ආවා’’ යැයි ධවල මන්දිරය ප්‍රසිද්ධියට පත් කළ ලියවිල්ලේ සඳහන්ව තිබිණි.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයට තවමත් කිසිදු එන්නතක් හෝ බෙහෙතක් හෝ සොයාගෙන නොමැති බැවින්, මරණාසන්න රෝගීන්ට හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් ලබා දීම පළමුවෙන් කළේ ප්‍රංශ වෛද්‍යවරුන්ය.

එය සාර්ථක වූ අතර හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් සුදුසු බව මුලින්ම ලොවට නිර්දේශ කළේ ප්‍රංශ වෛද්‍ය සභාවය. ඒ අනුව, ජෝර්දානය පමණක් නොව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද ඉන්දියාවෙන් හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් ඖෂධ තොගයක් ඇණවුම් කළේය.

හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් ගැන වාර්තා වීමත් සමඟ ජනපති ට්‍රම්ප් පසුගිය කාලයේ දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ පැවැසුවේය. ඇමෙරිකන් වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානියා මෙන්ම ජනපති ට්‍රම්ප්ගේ කොරෝනා වයිරස කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ද වන වෛද්‍ය ඇන්තනි ෆවුචි පවා හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් ඖෂධය අනුමත කර නොමැත. ඔහු ද නිරන්තරයෙන් පෙන්වා සදී ඇත්තේ එය අතුරු ආබාධ බහුල අනතුරුදායක ඖෂධයක් කියාය.

මේ අතර ප්‍රංශ වෛද්‍ය සභාව දැන් පවසා ඇත්තේ ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ මැලේරියා නාශක ඔසුව, කොවිඩ්-19 ආසාදිතයන්ට ලබා දීම වහා නැවැත්විය යුතු බවය. ඒ, ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ භාවිතයට ගත් බොහෝ දෙනකු මේ වනවිට හෘද රෝගීන් බව තහවුරු වී ඇති නිසාය.

තමන් සති එකහමාරක් තිස්සේ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් බෙහෙත් පෙත්තක් දිනපතා බොනවා යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයක් නිර්මාණය කළේය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන ප්‍රකාශ පිළිනොගන්නා ලෙසත් ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ ඖෂධයක් ලෙස භාවිත නොකරන ලෙසත් ඇමෙරිකා එක්සත් ජනපද වෛද්‍යවරු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසු එරට ජනතාවගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියහ.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය වගකීම විරහිත ක්‍රියාවක් බව මේ සම්බන්ධයෙන් සී.එන්.එන්. රූපවාහිනියට අදහස් දක්වමින් ඩිමොක්‍රටික් පක්ෂයේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක නැන්සි පෙලොසි කීවාය.

‘‘ඔහු අපේ ජනාධිපති, විද්‍යාඥයන් අනුමත නොකරපු බෙහෙතක් ජනාධිපතිවරයා භාවිතයට ගන්න එක මං පිළිගන්නේ නැහැ. විශේෂයෙන්ම ඔහුගේ වයසේ කෙනෙක්’’ යැයි ඇය තවදුරටත් කීවාය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පැළැඳිය යුතු යැයි නිර්දේශ කර තිබෙන මුඛ ආවරණ පැළැඳීම ද ප්‍රතික්ෂේප කරයි.

රොයිටර්ස්

055



අදහස් (8)

ට්‍රම්ප් වෛද්‍ය උපදෙස් නොතකයි

Dhammika Tuesday, 19 May 2020 02:52 PM

මේ මොහොතේ 2020 එළබෙන ජනපතිවරණය ඉලක්ක කර ඇමරිකාවේ ට්‍රම්ප්ට විරුද්ධව සියලු ඇමරිකානු ඔත්තු සේවා වල සහාය ලබන සහ රාජ්‍ය සහ සිවිල් සංවිධාන ගණනාවක මාෆියාවක් මෙහෙයවන හිලරිගේ රිපබ්ලිකන් පක්ෂය විසින් ලොකු සීතල යුද්ධයක් කරනවා. මේ එහි එක ජවනිකාවක්... හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් (ඩොලර් 40) පැහැදිලිවම මේ රෝග තත්වයට වඩාත්ම සුදුසු ඉතා මිලෙන් අඩු ඖෂධයක්... නමුත් හිලරිගේ සහාය ලබන ඇමරිකානු ඖෂධ මාෆියාව විසින් remdesivir නමින් ඉතා මිලෙන් අධික ඖෂධයක් ලඟදී නිපදවූවා. එය ඩොලර් 4460 ක් වෙනවා. දැන් ඔබට හිතාගන්න පුළුවන්ද කවුද ඇත්තටම ජනතාවගේ පැත්තේ ඉන්නේ... කවුද ඖෂධ මාෆියාවේ පැත්තේ ඉන්නේ කියල.. ජාත්‍යන්තර ප්‍රවෘත්ති බලන්න..

:       118       5

Asanga Tuesday, 19 May 2020 04:15 PM

බලයෙන් මත්වෙච්ච මෝඩයෙක්. බලමු කොච්චර කල් ඔය විදියට ඉදීද කියලා.

:       51       274

අසේල Tuesday, 19 May 2020 04:19 PM

මිනිසුන්ගේ ජීවිතත් සමග සෙල්ලම් කරන්නවා විතරක් නෙවෙයි පිස්සු කෙළිනවා.

:       10       137

Prabha Tuesday, 19 May 2020 04:22 PM

මතකද අපේ රටෙත් රාජකීය වෛද්‍යවරයෙක් හිටියා.

:       17       152

සඳුන් Tuesday, 19 May 2020 04:25 PM

අපේ සිරිසේන මහතානම් මුව ආවරණය පැළඳ රණවිරු උත්සවයේ ඉදිරි පෙළේම හිටියා.

:       23       28

mdd Tuesday, 19 May 2020 05:27 PM

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය බලධාරීන් සාමාන්‍ය හා හදිසි අවස්ථා අතර වෙනස තේරුම් ගන්න ඕනේ. සාමාන්‍ය අවස්ථාවල ක්‍රම අසාමාන්‍ය අවස්ථාවලදී වෙනස් කරන්න ඕනේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉගෙන ගන්න.

:       0       35

සේන Wednesday, 20 May 2020 05:55 AM

අරයට ඇහුණොත් මූන ගාම්භීර කරගෙන ඇවිත් අපේ රටටත් කියයි මේක බීපල්ලා කියලා. අනිත් එක්කෙනා ආර්ථික උපදෙස් දුන්නා වගේ...

:       8       275

විමලසිරි ගමලත් Wednesday, 20 May 2020 09:39 AM

අපේ රටෙත් සමහර දේශපාලුවෝ ඉන්නවා ඔය වගේම... නොදන්න දෙයක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 680 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 129 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 901 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 936 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1271 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1150 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site