IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඥාණසාර හිමි - බුද්ධි නිලධාරීන් 45 දෙනා වෙසක් පොහොය දා නිදහස් කරන්න

(ආරියරත්න රණබාහු සහ හේමනන්ද සිල්වා)

බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ බුද්ධි අංශයේ නිලධාරීන් 45 දෙනා  වෙසක් පොහොය දිනයේදී නිදහස් කරන ලෙස බලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති  බලපිටියේ ධම්මික හිමියෝ රාජ්‍ය වෙසක් උත්සවයෙදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තෙල්වත්ත තොටගමුව පුරාණ රත්පත් රජ මහා විහාරස්ථානයේදී අද (17) පැවැති රාජ්‍ය වෙසක් උත්සවයේදී බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සිය කතාව අවසන් කර සිටියදී ඇමැතිවරයාට ලිපියක් බාර දීම සඳහා යැයි කියමින් වේදිකාවට නැග උන්වහන්සේ එම ඉල්ලීම කළහ.

එහිදී උන්වහන්සේ මෙසේද කීය.

     ‘‘තෙරුවන් සරණයි ඇමැතිතුමා,අපිට අපේ ශාසනය වෙනුවෙන් ඉන්න ප්‍රධානම ඇමතිවරයා ඔබතුමා.මේ සිද්ධිය වෙලාවේදී අපි හැමෝම හාමුදුරුවරු බුදු හාමුදුරුවරුන්ගේ ධර්මයන් එක්ක තමයි ඉන්නේ.

මම බලපිටියේ ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති හාමුදුරුවෝ.හිටපු විදුහල්පතිවරයෙක්,ප්‍රාදේශීය සභාවත් නියෝජනය කරනවා.මගේ ප්‍රදේශයේ බලපිටියේ මුස්ලිම් පවුල් 42 ක් ඉන්නවා.බොහොම සාමකාමීයි.

අද ඒ අය අපිට කියනවා 2010 වසරේදී ඥාණසාර ස්වාමීන් වහන්සේ මේ අන්තවාදය පෙන්වා දුන්න එක.ඔබ වහන්සේලා සමඟ අපට සමගියෙන් ඉන්න බැරි එක නැති කරලා තියෙන්නේ මේ අන්තවාදය නිසා.

ඒ නිසා ජනාධිපතිවරයා ඉන්න ශාලාවේදී බොහොම ගෞරවයෙන් ආදරයෙන් සිහිපත් කරනවා අපේ ඥාණසාර ස්වාමීන් වහන්සේව වෙසක් පොහොය දවසේ නිදහස ලබා දෙන්න.

ඒ වගේම රට වෙනුවෙන් කටයුතු කළ බුද්ධි අංශයේ නිලධාරීන් 45 දෙනාටත් නිදහස දෙන්න.මේ රට වෙනුවෙන් සංහිඳියාව වෙනුවෙන් ඒ ඇත්තන් කටයුතු කළේ.

ආරංචියේ හැටියට රැඳවියන් 673 දෙනෙකු නිදහස් කරනවා.එකේ මේ ඇත්තෝ නැහැ කියන කතාව තියෙනවා.

ෆයිල් එකක් මා ගාව තියෙනවා.ගරුතර සංඝරත්නය අත්සන් කරපු එකක් .ඒක මම ජනාධිපතිතුමාටයි ඇමැතිතුමාටයි දෙනවා.

බොහොම පිං සිද්ධ වෙයි.සංහිදියාවට කටයුතු කළ අපේ ස්වාමීන්වහන්සේට නිදහස දෙන්න.ඒ ගැන ප්‍රකාශයක් කරන ලෙසත් අපි මේ වෙලාවේ කියවා.

ඇමතිතුමනි ඔබතුමා අපේ ඇමැතිවරයා මේ රට සිංහල බෞද්ධ රටක් ද නැද්ද කියන එක අපට ප්‍රකාශයට පත් කරන්න.බොහොම ගෞරවයෙන් ඔබතුමාට ඒක සිහිපත් කරනවා.

මේ වෙලාවේ මංගල සමරවීර ඇමැතිවරයා ආවනම් මේ මහා සංඝරත්නය පිටව යන්නයි හිටියේ.

මහා සංඝරත්නය අත්සන් කරපු මේ ලේඛනය මම ජනාධිපතිවරයාට දෙනවා . අපේ ඥාණසාර ස්වාමීන් වහන්සේ සහ බුද්ධි අංශ නිලධාරීන් වෙසක් පොහොය දවසේ නිදහස් කරන්න කියලා.

බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා

ඔබවහන්සේ විහාරස්ථානයේ දහම් පාසල දියුණු කරන්න කියලා දුන්න ලිපියක් ෆයිල් එකේ තියෙන්නේ.මා ඒ ගැන කටයුතු කරන්නම්.ඊට එහා අපි කවුරුත් අපේ යුතුකම් කරනවා යැයි පවසමින් ඇමැතිවරයා වේදිකාවෙන් බැස ගියේය.

ඡායාරූප - ලහිරු හර්ෂණ



අදහස් (31)

ඥාණසාර හිමි - බුද්ධි නිලධාරීන් 45 දෙනා වෙසක් පොහොය දා නිදහස් කරන්න

PA - RA Friday, 17 May 2019 03:33 PM

ඔවුන් නිර්දෝශීබව කවුරුත් දනියි. නිදහස් කරන තුරු අප බලා සිටිමු. නිදහස් කර එම හාමුදුරුවන් ඇතුළුව බුද්ධි අංශය ආරක්ෂා කරගන්න රටට වැදගත් ආරක්ෂාවයි.

:       27074       19101

Chanak los angelesSaturday, 18 May 2019 03:54 AM

එතකොට ඔවුන් අතින් අතුරුදන් වුණු ඝාතනය වුණු අයට අබසරණ පිහිටද ආයුබෝවන්?

:       1406       1446

rphan pereraSaturday, 18 May 2019 04:20 AM

යුද්දේ කළාට කාවවත් හිරේ දාලා නැහැ. අවනීති වැඩ කරපු කට්ටිය හිරේ ඉන්නේ. එහෙම නිදහස් කරලා හරියන්නේ නැහැ.

:       464       490

BamunuarachchiSaturday, 18 May 2019 05:05 AM

නිදහස් නොකළොත් තිත්තයාගේ වාරය එනතුරු සිටිමු.

:       664       86

Chanak los angelesSaturday, 18 May 2019 03:55 PM

තිත්තයන්ට අයිමත් වාර ලැබෙන්නේ නැහැ උන් ඔක්කොම හාන්සියි .

:       0       0

Athula Friday, 17 May 2019 03:44 PM

නැහැ කිසිසේත් යුද්ධයට මුවාවෙලා දේශපාලකයින්ගේ පුද්ගලික අපරාධකාරයන් රණවිරුවන් නොවේ. ඔවුන් රණවිරු නාමය විනාශකළවුන්..

:       4838       5557

BamunuarachchiSaturday, 18 May 2019 05:08 AM

මේ මුහුදට ආවඩන්නේ ගඟෙන් වතුර බීපු එවුන්ය. අපි මොවුන්ගෙන් ත්‍රස්තයාගෙන් පරිස්සම් වෙනවාට වඩා පරිස්සම් විය යුතුයි.

:       1455       361

Chanak los angelesSaturday, 18 May 2019 03:48 PM

සාටකයන්ගෙන් තමයි පරෙස්සම් වෙන්න ඕනේ ..

:       0       0

ravi Friday, 17 May 2019 04:37 PM

මෙතනත් සිද්ද වෙන්නේ.. නීතියට බලපෑම් කිරීමක් නේද..?

:       0       0

Nana Friday, 17 May 2019 04:47 PM

ඥාණසාර හිමි සහ අනෙක් පිරිස අන්තවාදීන් ගැන හෙළි කිරීම ඉතා හොඳයි. නමුත් ජනතාව ප්‍රකෝප ගන්වා සම්බන්ධයක් නැති සුළු ජාතීන්ට කරදර කිරීම ඉතා වැරදියි. එය බුදුසිරිත නොවේ. මෙතරම් දරුණු අන්තවාදීන් නිර්මාණය වීමට එවැනි කලකෝලාහලද පාදක විය හැක.

:       431       943

GihanSaturday, 18 May 2019 04:41 AM

සිරියාවේ, ඇෆ්ගන්, පාකිස්තාන්, ලෙබනන්, ඉරාක ත්‍රස්තයන් හැදුවෙත් ඥාණසාර හාමුදුරුවෝද? ළිං මැඩියෙක් වගේ හිතන්නේ නැතුව ලෝකේ වෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. හඳ පෙන්නුවම ඇඟිල්ලට බනින්න එපා. සාමෙන් ඔය කතාව කියපු සෝම හමුදුරුවන්ව මරගත්තෙත් ඔහොම කියල තමයි.

:       2361       1341

BamunuarachchiSaturday, 18 May 2019 09:05 AM

දැන් සුලුජාතින් කරපුහරිය හොඳද? නොදන්නා මගුල් කතානොකර ඉන්න හලෝ... වෙන්න ඕන හරියෙන් සුළු කොටසයි වුනේ..

:       0       0

sirimal Friday, 17 May 2019 05:11 PM

බුද්ධි නිලධාරීන් දහස් ගණනක් ඉන්න එකේ දේශපාලඥයින්ගේ නියෝග පිලිපදිමින් බරපතල වරදක් කළ බවට චෝදනා ලබා සිටින දහ දොළොස් දෙනෙක් ගැන කරන මේ කතා බහෙන් මහ ජනයා අතරට ගිහින් තියෙන්නේ රටේ ඉන්න සේරම බුද්ධි නිලධාරීන් අත් අඩංගුවට අරගෙන ඉන්නවා වැනි කතාවකි...

:       4335       5006

BamunuarachchiSaturday, 18 May 2019 05:27 AM

වරද බරපතල කර තිබෙන්නේත් මෑතක සිදුවුණු බරපතල් කාරණය සුළුකොට අරන් හිරේ දැමිය යුතු නායකයින් එළියේ තබාගෙන සිටින්නේත් මේ සුළු ජාතීන්ට කත් අදින නායකයින්ය. මිලේනියම් සිටි බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් හෙළිකළේ කව්ද? එළිකලායින් පසු ඔවුන් එක්කෙනේව ඉතුරු වුණාද? අපේ අය ත්‍රස්තයා ත්‍රස්තයෙකු හැටියට සලකන්නේ බෝම්බ බැඳන් ආවොත් පමණකි. නැතිනම් ත්‍රස්තයා පාසල් සිසුවෙක් හැටියට ආවොත් ගෙදර එක්කරගෙන ගොස් නිදියන්න ඇඳකුත් හදලා දේවි.

:       1828       608

සමන්ත Saturday, 18 May 2019 01:14 PM

මෙයා පට්ට හොරුන්ට කඩේ යන කෙනෙක් මිසක් රටට ආදරේ මිනිහෙක් නෙමෙයි. ඔයා මොනවද දන්නේ මිලේනියම් සිටි කේස් එක ගැන ගැන? එදා ඒ වැඩේ වුනෙත් මිනී මරන්න පටන්ගෙන තිබුණු නිසා. හැමදේටම නොදැන කට දාලා අනාගන්න එපා...

:       0       0

සමන්ත Friday, 17 May 2019 06:43 PM

මේක මහා පුදුම කතාවක්නේ. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක නිදහස තියෙනවා වගේම, නීතියේ ආධිපත්‍යත් තියෙනවා. රටක් නිතිය ආගම හෝ වෙනත් හමුදා මානසිකත්වය හෝ යම්කිසි කාරණයක් නිසා නැමෙනවා නම්, එම රාජ්‍යයේ යුක්තිය බල්ලට යනවා. රජයෙන් වැටුප් අරන්, රාජ්‍යය සහ එහි ජනයා ආරක්ෂා කරනු වෙනුවට , බලු දේශපාලකයන්ගේ පුද්ගලික වුවමනා එපාකම් වලට මිනීමරපු ඝාතකයන් රකින්න වගකිවයුතු රාජ්‍යයකට බැහැ. රාජ්‍යය යනු ජනතාවයි. එහි හිමිකරුවන් අටපාස් මැරයන් නෙමෙයි. සිවුරු දමාගත් මැර කල්ලිද නෙමෙයි. රට රැකීමට නම්, ලේ විලක් වීම නැවැත්වීමට නම්, නීතිය රජයන, යුක්තිය රජයන රටක් නිර්මාණය කළ යුතුයි. එක් එක් අයට අවශ්‍ය පරිදි, අධිකරණයට අපහාස කළ, වැන්දඹු කාන්තාවන්ට, සුළු ජාතීන්ට මැර තර්ජන කළවුන් නිදහස් කිරීම නොකළ යුතුයි. රටේ තරුණ ප්‍රජාව අවි අතට ගෙන නැවත අරගල කිරීම වැළැක්වීමට නම් නීතිය සහ යුක්තිය ඔසවා තැබිය යුතුයි.

:       5400       6659

rasikaFriday, 17 May 2019 10:14 PM

බුදු හාමුදුරුවන්ට අපහස කළ අය එළියේ, මුස්ලිම් අන්තවාදය ගැන රටට හෙලිකළ අය ඇතුලේ. ඔය කියන වැන්දඹු කාන්තාවගේ සැමියා මොනවද මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් කලේ..? කොටින් එක්ක සම්බන්ධ වෙලා තවත් බෝම්බ පුපුරුවන්න නේද හැදුවේ.. එතකොට.., ඔය බෝම්බ පුපුරන ඒවා වළක්වා ගන්න නිර්භීතව තම රාජකාරිය කළ අය තම ඔය ඇතුලේ ඉන්නේ.. එහෙම නොකළ නිසා තමයි දැන් ඔය පාරෙවත් බැහැලා යන්න බැරිව, ළමයෙක් පාසල් යවන්න බැරුව ඉන්නේ.. ඔවුන්ගේ සේවය නිසා තමයි කොටි බෝම්බ වලින් බේරුනේ.. ඔවුන් වෙඩි තිබ්බේ ත්‍රස්තවාදීන්ට, එහෙමනම් නම් රටේ බෝම්බ පුපුරවන්න හදන අයට.. එහෙම නැතිව පල්ලිවලට ගහන්න බෝම්බ හදපු කම්මලේ වැඩකරපු අය නෙමේ.. බෝම්බ හදලා අහු වුණාම අප ලැබෙනවා.. උසාවියේදී තර්ජනය කළ කියලා අවුරුදු 6ක් ඇතුලේ...

:       0       0

CiscoFriday, 17 May 2019 11:28 PM

සමන්ත මහත්තයෝ, දැන් ත්‍රස්තවාදී කටයුතුවලට උල්පන්දම් දීපු දේශපාලකයින්ටයි මෙපමණ හානියක් වෙන බව කලින්ම දැනගත් දේශපාලකයන්ටයි නීතිය හරියටම ක්‍රියාත්මක වෙලාද? මෙම බුද්ධි නිලධාරීන්ට තම රාජකාරිය කරද්දී යම් අතපසුවීමක් සිදුවුණානම් ඒක කළේ තමන්ගේ පවුල රකින්න ගිහිල්ලාද? රට ගැන හිතලා වැඩ කරන්න ගිහිල්ලද? ඔය නීතිය සැමට එකලෙස ක්‍රියා කළ යුතුයි කියන අය යම් අනීතික දෙයක් සිදුවූවා නම් බලධාරීන් හොයන්නේ නැද්ද නීතියෙන් ගැලවෙන්න..?

:       0       0

ධනුෂ්කFriday, 17 May 2019 11:36 PM

ඔබගේ අදහස 100%ක් නිවැරදියි. උදේට තණකොළ වෙනුවට බත් කලා කතිරේ ගහන අයට මේක වැරදි විදියට පෙනෙන්න පුලුවන්. හැබැයි අැත්ත මේකයි...

:       0       0

FzSaturday, 18 May 2019 04:00 AM

සමන්ත ඔබ හරි නීතියට පිටින් වැරදි කරපු වැරදිකාරයින්ව නිදහස් කිරීමෙන් නීතියේ ආධිපත්‍යය දේශපාලනයට යටවීමක් නොවේද වන්නේ?

:       85       339

BamunuarachchiSaturday, 18 May 2019 08:54 AM

නීතිය හැමතැනම හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත. එමනිසා මෙතැනදී පමණක් නීතිය හරියට ක්‍රියාත්මක වියයුතුද නැත. හරියට ක්‍රියාත්මක වෙනවා නම් අර මුසල්මානු දේශපාලකයන් 4 දෙනා සිපිරිගෙයි සිටිය යුතුය. ත්‍රස්තයින්ට උදව් කළවුන් ස්වර්ගයේ කන්‍යාවන් සමග සිටිය යුතුය. ඥාණිස්සර හාමුදුරුවෝ අනික් අය සමග නිදහස්ව පැමිණ සුපුරුදු කාරය පටන්ගත යුතුය. සිංහල බෞද්ධ අපි ඔබලා එනතුරු මග බලා සිටිමු. අපි කැලේ කපා සුද්ද කිරීමට කැමතිය.

:       0       0

C.K.Lankaputhra Saturday, 18 May 2019 12:30 AM

මිනීමරුවෙක්, රණවිරුවෙක් වගේම රණවිරුවෙක් මිනීමරුවෙක් වෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ... අනික වරදක් කලොත් එයට නියමිත දඬුවම ලැබෙන්නට මෙන්ම විඳින්නත් වෙනවා. ඒක වෙනස් කරන්න බලපෑම් කිරීමද වරදක්.. රටකට නිවහල් නීතියක් අවශ්‍යයි. නීතියට උඩින් කිසිවකු සිටින්නට බැහැ. නමුත් අවාසනාවකට එහෙම අය මේ රටේ ඉන්නවා. නීතිය නවන්න පුලුවන් අය ඉන්නවා. එවැනි අය අගේට ඒ දේ කරනවා. ඥානසාර හිමියන් රටට සේවයක් කළාද කියන එක වෙනම කාරණයක්... නමුත් නීතියෙන් දඬුවම් ලැබිය යුතු වැරදි කීපයක්ම කළා.. අදාල සමහර නඩු අධිකරණයේ තවමත් විභාග වෙමින් පවතිනවා. දැන උගත් සංඝයා වහන්සේ නමක් වශයෙන් මේ කරුණු අපට වඩා ඔබවහන්සේට හොඳින්ම තේරුම් යා යුතුයි...

:       0       0

Kamal Saturday, 18 May 2019 01:03 AM

මිනීමැරුම් චෝදනා ඇති සියලු දෙනා නිදහස් කරනු.

:       0       0

Demuni de silva Saturday, 18 May 2019 01:13 AM

කිසිවෙක් නීතියට ඉහළින් නොසිටිය යුතුයි...

:       0       0

sadis Saturday, 18 May 2019 01:38 AM

බුදුන් බුදුන්වහන් සේ කියපු "සබ්බ දුක්ක නිස්සරනාය නිබ්බාන සච්ච කිරියාය "කියල කරපු දෙයක් නම් පෙනෙන්න නැහැ!

:       0       0

Dayan Saturday, 18 May 2019 05:17 AM

මේක දේශපාලන දේශනාවක්. මේවගේ දේශනා අපි පිළිගන්නේ නැහැ. ඥානසාර හාමුදුරුවන්ට භාවනා කරන්න පුළුවන් ඉන්න දිහාවේදී. දක්ෂනම් අරහත් වෙන්න වුනත් පුළුවන්.

:       238       795

BamunuarachchiSunday, 19 May 2019 01:22 AM

ඔහෙලා මේවා පිළිගත්තත් එකයි නොපිලි ගත්තත් එකයි. නොපිළිගැනීම නිසා වෙච්චදේ දැක්කානම් ඒ ඇති. මිනිසුන්ට හරියට දේවල් දනින්න මස් ඇස්ම තිබිලා මදිය මනසත් තිබිය. අපි මේ අනතුර දැක්කේ බොහෝ කලක සිට බව හැමෝම දන්නවා ඇත. එකල මොවුන් අපිට කීවේ ජාතිවාදීන් කියලාය. දැන් සනීපද?

:       3       0

සමන්තSunday, 19 May 2019 04:12 PM

ඔව්, තමන් තනිකරම මුලු මහත් මානව වර්ගයාටම නිගා දෙන ජාතිවාදී වර්ගවාදියෙක්... මේ දේට වග කියන්න ඕනේ ඔයාලා. අන්තවාදීන්ට උඩගෙඩි දුන්නේ තමුන්ලා වගේ සෙට් එකක්...

:       0       0

ravi Saturday, 18 May 2019 02:49 PM

දැන්.. මෙතන හාමුදුරු ත්‍රස්තයෝ බිහිවෙන්නයි යන්නේ.. ඉක්මණින් මෙයාලටත් උත්තරයක් දුන්නා නම් තමයි හොඳ... තර්ජන, ගර්ජන එන්න එන්නම වැඩිවෙනවා.

:       0       0

rocky Saturday, 18 May 2019 03:07 PM

අම්මප, මේ නිකං වාචාල කමට දොඩවන බමුණු ගොයියාව අවුරුදු දෙතුන්සීයකට වත් හිරේ දාන්න පිළිවෙලක් නැද්ද?

:       0       0

Sriyal Saturday, 18 May 2019 03:18 PM

මුං ඕක කරන්නේ නැහැ. බයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 360 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 930 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 543 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 115 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 456 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 299 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1512 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site