IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඥාණසාර හිමිට මාස 6ක සිරදඬුවම්

(මනෝප්‍රිය ගුණසේකර)


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කළැයි වරදකරුවු බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දුන් හෝමාගම මහේස්‍ත්‍රාත්  උදේශ් රණතුංග මහතා එය මාස හයක කාලයකදී ගෙවී යන  පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළේය.

ඊට අමතරව රුපියල් 3000 ක දඩයක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා  සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් 50,000 ක වන්දියක් ගෙවීමටද  නියම කළේය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ )



අදහස් (57)

ඥාණසාර හිමිට මාස 6ක සිරදඬුවම්

manoj Thursday, 14 June 2018 07:38 AM

නීතිය සෑම දෙනාටම එක ලෙස ක්‍රියාත්මක වන්නේනම් තීන්දුව සාධාරණීකරණය කිරීමේ හැකියාවක් පැවතුණත් මහ බැංකුව හොරා කාපු අය තවමත් නිදැල්ලේ සිටිද්දී මෙවැනි චෝදනාවකට පමණක් බුද්ධ පුත්‍රයකුට අවවාද කොට නිදහස් නොකර, බරපතල වැඩ සහිත දඬුවම් නියම කිරීම බෞද්ධ රටේ ඉපදුනු බෞද්ධයෙක් විදියට ඉතාම සංවේගයෙන් යුතුව තරයේ හෙළ දකිමි.

:       15537       36030

SapumalThursday, 14 June 2018 08:45 AM

මේ හාමුදුරුවන් පත් වූ තත්වය ගැන අපටත් දුකයි. නමුත් නීතියට අනුව එහෙම වෙනවා . ඔබට අමතක වූ දෙයක්ද එකතු කිරීමට කැමතියි. මහා බැංකු හොරකමේ මුදල් හා දේපල තහනම් කොට හෝ තියෙනවා. ඒවා අදිකරණයේ අවසරයෙන් රාජසන්තක වේවි. ඒත් කලින් රටම හොරා කාපු මහා පරිමාණ හොරුන් ගැන අමතක වීමත් වරදක්. මොනවා උනත්, තමන් වහන්සේට දඬුවම් නොකරන ලෙස ඉල්ලා අදිකරණය ඉදිරියේ නිවටයෙකු සේ පිහිට ඉල්ලීමට උන්වහන්සේ ක්‍රියා කලේ නැහැ. ඒ අතින් උන්වහන්සේ සමහර නිවට බියගුල්ලන්ට වඩා බලවත් එඩිතර භික්ෂුවක්.

:       0       1

රාවණාThursday, 14 June 2018 09:20 AM

මනෝජ් නීතිය සැමට පොදුනම් අද හිරගෙවල්වල පිරිල තියෙන්න ඕනෑ දේශපාලකයන්ගෙන්. මොකද මෛත්‍රීපාල සිරිසේන ජනපති වෙන්න කලින් කිව්වේ ගුවන්තොටුපළ වහලා මිනීමරුවන්ට, හොරුන්ට, දූෂකයින්ට දඬුවම් කරනවා කියලනේ.. එහෙත් කිසිම දෙයක් මේ වෙනකම් සිදුවෙලා නැහැ. හැබැයි මහබැංකු වංචාවට දෙදෙනෙක් මේ වෙද්දිත් අත්අඩංගුවේ... ඒ වගේම සධාරණ පරික්ෂණ සිදුවෙමින් පවතී. ඔබ කියන්නෙ පූජ්‍ය පක්ෂයට රටේ නීතිය වලංගු නැතිද?

:       0       1

Neel perera Thursday, 14 June 2018 10:30 AM

බුද්ධ පූත්‍රයන් ගිහියන්ට අවවාද දියයුතුව තිබියදී දැන් ගිහියන් බුදුපුතුන්ට අවවාද දෙන කාලෙද?

:       1       0

BamunuarachchiSaturday, 16 June 2018 02:35 PM

ඔව් බුද්ධපුත්‍රයින් ගිහියන්ට අවවාද දුන්නේ, දරුවනි සිංහල ජාතියේ අවසානය ලංවෙලා... වහාම හමුදාවට බැඳී රට ජාතිය බේරගනිල්ලා කියලයි. දැන් ගිහියා දෙන අවවාදය තමයි සිංහලයාට ආගමට හෙනගැසුවත් කමක් නැහැ.. හාමුදුරුවෝ පංසලට වෙලා ඉන්න පාංශුකූලේට විතරක් වඩින්න...

:       0       0

raviThursday, 14 June 2018 12:12 PM

" කොහෙද යන්නේ ඇහැව්වහම, මල්ලේ පොල් කිව්වලු නේද" මෙතන මේ සිරස්තලයට පමණක් අදාල දෙය ගැන ලිව්වනම් ඉතාමත් හොඳයි කියල මට හිතුනා

:       2       1

කසුන්Thursday, 14 June 2018 12:24 PM

මනෝජ් මහතාණෙනි, ඔබත් සමග මම 200% එකඟ වෙමි !!!

:       49       0

susanthaThursday, 14 June 2018 07:34 PM

බුදු වදන දාර්ශනික බුද්ධියෙන් රකින්නේනම් අපේ මහා සඟරුවනට මෙරට වඩා උසස් තැනකට ඔසවා තබන්නට හැකිය

:       0       0

pd goonawardena Thursday, 14 June 2018 07:54 AM

ආදීනව දැන ගෙන වැඩ කරන්න...

:       1       19

DD Thursday, 14 June 2018 07:56 AM

මම ඔයත් එකඟයි මනෝජ්.

:       27       0

Adam Thursday, 14 June 2018 07:56 AM

අපුරු නඩු තීන්දුවක් නේ මේක ලංකාවේම සල්ලි හොර කාපු කෙණා සිංගපුරුවේ නිදැල්ලේ අනික් අය ලංකාව පාර්ලිමේන්තුවේ අපේ හාමුදුරුවෝ හිරේ .

:       102       6

කරුණාපාල Thursday, 14 June 2018 08:03 AM

ඉතාම සාධාරණ තීන්දුවක්. ගරු අධිකරණයට අපගේ ගෞරවනීය ප්‍රණාමය!!

:       15       20

saliya Thursday, 14 June 2018 08:03 AM

මනෝජ් කියන අයුරින්, මහා බැංකුව හොරා කාපු අයටද , ලසන්ත , තාජුදීන් , රතුපස්වල ඝාතකයන්ටද , හෙජින් හා ග්‍රීක් බොන්ඩ් ඩීල් කර බැංකුව හොරා කාපු අයටද , මිග් ඩීල් කරපු අයටද දඬුවම් දෙන මෙන් මමද ඉල්ලා සිටින අතර මෙවැනි තේරුමක් නැති තීන්දු දීම ද රටකට නීතියක් තිබිය යුතු බව සිතන පුරවැසියෙක් ලෙස හෙලා දකිමි. .

:       26       7

jim kuru Thursday, 14 June 2018 08:11 AM

සිවුරට මුවාවෙන් කරන වැරදී දේවල් හරිද නීතිය කාටකාටත් එකයි.

:       0       73

lalithsjm Thursday, 14 June 2018 08:14 AM

මොනාද මේකට කියන්නේ ?? බෞද්ධයන් වෙනුවෙන් රටේ වෙන අසාධාරණයන් හමුවේ හඩ නැගු එක් බෞද්ධ පුත්‍රයෙක් ගේ කට තාවකාලිකව වැසු බවනම් තේරෙනවා. බලමු සිංහලයන් ලංකාවේ ඉන්නවද කියල මේ තීරණයට විරුද්දව.

:       52       9

sanath Thursday, 14 June 2018 08:17 AM

ඊට වඩා හිරේ යන්න ඕන අය එළියේ, නමුත් හාමුදුරුවන්ව ,හිරේ දැම්මේ, සුළු ඡන්ද වලට.

:       20       5

සතයපාල Thursday, 14 June 2018 08:30 AM

ඉතා හොද නඩු තීන්දුවක්. චූදිතයගේ තරාතිම නොබලා දඩුවම් නියම කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ හාමුදුරුවන් ඉදිරියේදිවත් රටේ නීතියට අවනත නීතිගරුක පුරවැසියෙක් වෙනු ඇතැයි කියා.

:       9       3

tarzan Thursday, 14 June 2018 08:30 AM

මහා බැංකු කොල්ලකරුවන් මොන අධිකරන්යෙන්ද වැරදි කරු කරලා තියෙන්නේ ?

:       2       7

Raveendra Thursday, 14 June 2018 08:32 AM

නිතිය සැමට සම යන්නට නැත වරද..... නීති දෙවගනගේ නෙත් අරුනා ද...... බර කිරුමත් පැත්තට බර උනා ද.... බැංකු හොරුන්ටත් මෙය සිදු වේ ද........

:       0       4

රජින්ද Thursday, 14 June 2018 08:39 AM

එකම රටක නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වීම එම රටේ අන්ත දුශිතභාවයට හොඳම නිදසුනකි. සංඝ අධිකරණයක් නොමැති වීම මෙය ශෝචනීය තත්වයකි.!

:       19       1

sirimal Thursday, 14 June 2018 08:40 AM

මහ බැංකුවේ සිදුවූ හොරකම සම්බන්ධයෙන් දැන් නිතිය ක්‍රියාත්මකවී දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව උසාවියේ නඩුවක් විභාගවෙමින් පවතිද්දී "බැංකුව හොරා කාපු අය තවමත් නිදැල්ලේ සිටිද්දී" වැනි ප්‍රකාශ එම සිද්ධිය පිළිබඳව අපේ රටේ මාධ්‍ය විසින් නිර්මාණය කර පතුරුවා ඇති වැරදි ආකල්ප කොතරම් දුරට මිනිසුන්ගේ සිත් තුලට කාවැදී ඇත්දැයි පෙන්නුම් කරන හොඳම උදා හරණයකි. අද රටේ සාමාන්‍ය ජනතාවගෙන් " බැඳුම්කර" කියන්නේ මොනවාදැයි ඇසුවහොත් සියයට අනු නවයක්ම කියන්නේ "මහ බැංකු හොරකම" කියයි.

:       35       75

Jayantha Thursday, 14 June 2018 08:43 AM

බුද්ධ පුත්‍රයකු බරපතල වැඩ සහිත දඬුවම් නියම කිරීම බෞද්ධ රටේ ඉපදුනු බෞද්ධයෙක් විදියට අපි අගය කරමි. නීතිය සෑම දෙනාටම එක ලෙස ක්‍රියාත්මක වන්නේනම් තවත් චන්ඩි මෙල්ල කරන්න පුළුවන්.

:       0       56

ලක්සිරි Thursday, 14 June 2018 08:49 AM

මාංචු දමලා නැද්ද?

:       0       0

Bamunuarachchi! Saturday, 16 June 2018 12:00 PM

මේ ස්වාමින් වහන්සේට මාංචු වැටෙන්න ඕනේ කියලා හිතන මිනිසුන්ට මේ යන විදිහට අනාගතයේ පාංශු කූලයවත් දීගන්න කෙනෙක් අනාගතයේ ඉතිරිවේවිද කියා හිතන්න අමාරුයි. ඒත් හින්දු ආගමික කටයුතු සඳහා මුස්ලිම් ඇමතියෙක් පත්කළ නිසා පාංශුකූලේට මුස්ලිම් පල්ලියෙන් ගෙන්වාගන්න පුළුවන් වේවි. හාමුදුරු කෙනෙකුට ඉතිහාසයේ මාංචු වැටුණු පළමු වතාව මෙය නොවේ. මෙම ස්වාමින් වහන්සේට මාංචු පතන්නන්ගේ ආත්මයටම මාංචු වැටෙනු ඇත.

:       0       1

බෞද්ධයා Thursday, 14 June 2018 08:51 AM

ඥාණසාර හිමියන් සටන් කරන්නේ ශ්‍රී ලංකාව, සිංහල ජාතිය, බුදු දහම වෙනුවෙන්, නැතුව කඩේ යන රට, ජාතිය, ආගම පාවාදෙන NGO කාරයින්ගෙන් යැපෙන අය වගේ නෙමෙයි.

:       43       4

singapuli Thursday, 14 June 2018 09:09 AM

දේශපාලුවන් කටවහගෙන සිටින විට කොටි හිතවාදී අන්තවාදීන් ඕනෑම වැඩක් කරනවා. හාමුදුරුවන්ගේ කුමන අඩුපාඩුවක් තිබුනත් එන්.ජී. ඕ. වලින් යැපෙන දේශ ද්‍රෝහී පිරිස්වලට කරන වරදවලට දඬුවම් නැත.

:       18       0

sumith Thursday, 14 June 2018 09:11 AM

මම අදිකරණ තීන්දුව ට ගරු කරනවා, නමුත් හාමුදුරුවෝ හිරේ ගිය එක ගැන දුක හිතෙනවා. කොච්චර උනත් උන්වහන්සේ තම ජාතිය ගැන කතා කරනවා.

:       32       0

Thilina Thursday, 14 June 2018 09:12 AM

ගොඩක් අයට අද නින්ද යයි සනීපෙට.. මතක තියාගන්න මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කතා කරපු හැම මිනිහම අන්තිමට මැරුණෙ මේ රටේ ආපහු ඉපදෙන්නවත් එපා කියලා.. ධර්මපාලතුමා මැරුණෙත් එහෙම.. හාමුදුරුවන්ට ප්‍රසිද්ධියේ බෝම්බ ගහනවා කියපු අයට අඩුම ගානේ නඩුවත් නැහැ ..වෙනම රටක් අදටත් ඕනේ කියලා තස්ත්‍රවාදීන් සමරපු ශිවාජිලිංගම්ලාට කෝ මේ නීති...?

:       0       0

මංජුල Thursday, 14 June 2018 09:35 AM

බන්ධනාගාරය තුළ විනය පවත්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුයි. එසේ නොකළොත් බන්ධනාගාරයත් විනාශ වෙයි.

:       0       0

ලුම්බිණි Thursday, 14 June 2018 09:39 AM

මම හිතනවා තමන් නීතියට ඉහලින් ඉන්නවා කියලා හිතාගෙන ඉන්න හැමෝටම මේක පාඩමක් කියලා.

:       4       1

Makola Mangala Thero Thursday, 14 June 2018 10:05 AM

අපේ හමුදාව රසායනික අවි භාවිත කළා කියුව එක්නැලිගොඩ මහත්මියට ඥානසාර හිමියන් තර්ජනය කළ එක ඇත්ත. එහෙත් මරණ තර්ජන කළා කීම වැරදිය. තීන්දුව පිළිබඳව අතිශයෙන්ම කනගාටු වෙමි.

:       0       0

jayasekara Thursday, 14 June 2018 10:09 AM

7000 ගණනකගේ අප්‍රසාදය... කකුලක් ලංකාවේ අනික් කකුල් රෝමයේ වතිකානුවේ සහ අරාබියේ...

:       0       0

piyal Thursday, 14 June 2018 10:22 AM

තර්ජනයෙන් සිදුවූ හානිය කුමක්ද? එම සුපින්වත් මැතිණියට ඒ නඩුව ඉල්ලා අස් කරගන්න තිබුණු නියම බෞද්ධ කාන්තාවක් නම් අඩුගණනේ සිව්රටවත් ගෞරව කරලා.

:       0       0

Thilak Thursday, 14 June 2018 10:31 AM

මනෝජ් මහබැංකුව හොරාකාපු අය නිදැල්ලේ නෑ. අලාභය කරපු කොම්පැනියේ අයිතිකාරයයි, සීඊඕ යි රිමාන්ඩ් කරලයි ඉන්නේ. හිටපු මහබැංකු අධිපතිට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරල තියෙන්නේ. පරීක්ෂණ තවම ක්‍රියාත්මකයි. ඔබට නීතිය ක්‍රියාත්මක නොවීමේ උදාහරණයකට මහබැංකු සිද්ධිය විතරක් මතක් වුනේ ඇයි...?

:       0       0

BamunuarachchiSaturday, 16 June 2018 11:38 AM

එ්ක තමයි ළඟම තිබෙන උදාහරණය... ඒක පෙන්වීමේ මොකක්ද වැරැද්ද?

:       0       0

bandula Thursday, 14 June 2018 10:31 AM

නොමග ගිය සිරකරුවන් යහමගට ගැනීමට ධර්ම දේශනා කිරීමට ගරු ස්වාමීන් වහන්සේට අවස්ථාවක් ලැබීම ගැන සතුටු වෙනවා.

:       0       0

kule Thursday, 14 June 2018 10:42 AM

මම නීතිය නොදන්නා නිසයි අහන්නේ. තර්ජනයක් උසාවියක ඔප්පු කරන්නේ කෙසේද? තර්ජනයකදී දියහැකි දඬුවම් වෙනස් වන්නේ කෙසේද? ක්ෂණික කෝපයකින් බැනීම තර්ජනක් ද ?උදාහරණයක් විදියට කෙනෙකුට බැන්නොත් ඒ කෙනා මට මරණ තර්ජන කළා කියල පැමිණිලි කලොත් එය ඔප්පු කරන්නේ කෙසේද? නීතිය දන්නා මහතෙක් ගෙන් පිළිතුරු පතමි.

:       0       0

Roshan Thursday, 14 June 2018 10:47 AM

මේ රටේ සිහලයෙක් වෙලා ඉපදුන එක ලැජ්ජාවක්.

:       0       0

indra Thursday, 14 June 2018 11:21 AM

නීතිය වැල් වැදුණු මෙහෙම රටක තව දුරටත් මේ නිහැඬියාව අපව සුරකියිද? වාග් ප්‍රහාරයකට මෙහෙම දඩුවන් දෙනවා නම් මුළු මහජන සේසතම සුරාකපු අයට කෝ අද දඬුවම්?

:       0       0

duminda Thursday, 14 June 2018 11:33 AM

ලලිත්, අනුෂ පැල්පිට වගේ අයව එළියේ තියල හමුදුවන්ව ඇතුලට දාපු එක වැරදියි. නඩු දවසට නයි ගහන අය, නඩු අහන්න බය හිතෙන අය, මහා බැංකු හොරුන්ගෙන් එළිපිට මුදල් ගත්තු අය, මැණික් මලු වලින් සල්ලි හම්බවුණු අය... මේ කට්ටියට මොකද වෙන්නේ?

:       0       0

Cyril Thursday, 14 June 2018 11:50 AM

අසාධාරන නඩු තීන්දුවක්.

:       0       0

athula gunasena Thursday, 14 June 2018 12:21 PM

ඇයි මේකට කව්රුවත් අදහස් දාන්නේ නැත්තේ?

:       0       0

kalani Thursday, 14 June 2018 12:24 PM

ගරු අධිකරණය දුන් තීන්දුව පිළිගන්න.

:       0       0

irantha Thursday, 14 June 2018 02:21 PM

පූජකතුමාන්ලා, දේශපාලකයෝ, කවුරුත් මිනිස්සු එමනිසා නීතිය කාටත් පොදු විය යුතුයි ...!!!

:       0       18

RNG Thursday, 14 June 2018 02:31 PM

මීට වඩා හිර ගෙවල්වල ඉන්න ඕන අය කොච්චර ඉන්නවද..?

:       0       8

Sanath Thursday, 14 June 2018 07:49 PM

රටක නීතිය හෑල්ලුවට ලක් කිරීම ඉතාම භයානක ප්‍රතිඵල ගෙනදෙන්නක් නිසා මේ තීන්දුව සාධාරණ වුනත් භික්ෂූන්වහන්සේ නමක් නිසා මේ දඬුවම අත්හිටවූ හිර දඬුවමක් කලානම් හොඳයි. කොහොම නමුත් මේ තීරණයට එරෙහිව අභියාචනයක් කරන්න ඕන. ඒකත් අසාර්ථක වුනොත් ජනාධිපති තුමාට පුළුවන් උන්වහන්සේ නිදහස් කරන්න.

:       2       1

Bamunuarachchi Friday, 15 June 2018 05:54 AM

අපේ හාමුදුරුවනේ සිංගල බෞද්ධයා ඔබ සමගයි ඔබ රට ජාතිය ආගම වෙනුවෙන් කරන ඕනෑම දෙකට අපි ඔබ සමගයි.

:       6       0

Ajith Nissanka Friday, 15 June 2018 01:09 PM

සිංගල බෞද්ධයා ඔබ සමගයි කිව්වට අර දෙමළ මුස්ලිම් හැර සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!! කියන ගෝත්‍රවාදී අය තමා ඔබවහන්සේ සමග ඉන්නේ!

:       6       0

BamunuarachchiFriday, 15 June 2018 02:59 PM

සත්තකින්ම ඔව්... මෙරට සිංහලයාට පමණයි. මොකද සිංහලයාට වෙන යන්න රටක් නැත. දෙමල්ලු සහ අරගොල්ලනට ලෝකයට වින කරමින් ලෝකය පුරාම විසිර ඇත.

:       0       0

BamunuarachchiSaturday, 16 June 2018 11:40 AM

අරගොල්ලෝ කියන්නේ... හම්බයින් ලෙස කීවොත් සමහරවිට පල නොවන නිසායි.

:       0       0

BamunuarachchiFriday, 15 June 2018 03:03 PM

ඔබලා මේ සිංහලයින්ට කරන සාපය වදින්නේ 1915 සිද්ධියේ දෙවැනි අදියරේ ජීවත් වෙන නුඹලාගේ මුනුපුරන්ගේත් මුනුපුරන්ටය. එදාට ඔවුන් නුඹලාට ශාප කරනු ඇත. යුරෝපා රටවලට වෙලා තිබෙන දේ ඇස් ඇර බලන්න. පිස්සු කරන්නේ නැතිව

:       0       0

rocky Friday, 15 June 2018 02:17 PM

කාලෙකට ඉස්සෙල්ලා එල්ලුම් ගහට නියම වුණු සෝමාරාම, ජම්පර් ගහගන හිරේ ඉඳලා පරලොව ගිය එහෙමත් බුද්ධ පුත්‍රයෝද කියල සමහර ඊනියා සිංහල බෞද්ධයින්ගෙන් අහන්න මම කැමතියි. සිවුර පෙරෝපු හැමෝම භික්ෂූන් හැටියටත් කාකි සූට් ගහපු හැමෝම රණවිරුවන් හැටියටත් පිලිගන්න පුදුම සමාජයක්නේ දැන් තියෙන්නේ. ඒ කට්ටිය රටේ නීතියට යටත් නැද්ද?

:       0       60

BamunuarachchiFriday, 15 June 2018 05:01 PM

සිවුර නොවෙයි මිනිස් හම් පොරවගන හෝ කමක් නැහැ සිංහල ජාතිය ආගම වෙනුවෙන් ඉදිරිපත් වෙනවානම්, සිංහල නමක්වත් නැතිකෙනෙකුට කොයින්ද සිංහලරට ජාතිය ආගම ගැන කැක්කුමක්. මේගොල්ලෝ රටට හෝ තමන්ටවත් වැඩක් නැති නිවට මිනිස්සු.

:       0       0

BamunuarachchiSaturday, 16 June 2018 11:35 AM

සෝමාරාමගෙයි මේ ක්‍රියාවලියෙයි වෙනස හඳුනා ගන්න බැරි මුග්ධයා කව්රුද?

:       0       0

kamil Friday, 15 June 2018 03:32 PM

ශාසනෙත් කාලා.. රටත් කාලා.. චිවරෙත් කාලා.. සිංහල කමයි, බුද්ධාගමයි රැකගන්න සිංහල බෞද්ධයිනේ අවදි වෙන්න.

:       0       0

BamunuarachchiSunday, 17 June 2018 10:13 AM

සිංහල බෞද්ධයින් අවදි කරන්න දේශපාලකයන්ට බැරිය. කලහැකි එකම තැනැත්තා හාමුදුරුවන්ය. ඒත් හැම හාමුදුරුවටම එය කලනොහැකිය. ඒ බව තේරුම් ගැනීමටත් හැම කෙනාටම බැරිය.

:       0       0

FRANK Saturday, 16 June 2018 07:21 PM

හාමුදුරුවෝ හිරේ අරින්න කටයුතු කල උන්ගේ පාන්සකුලේ ඉක්මන් වේවා කියල පතමි. මොකද එකට යන හාමුදුරුවෝ කවුද කියල බලාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 330 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 959 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2504 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2733 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 808 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 319 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site