IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජේආර්ගේ මුණුබුරා ශ්‍රීලනිපයෙන් පුංචි ඡන්දයට

නිමල කොඩිතුවක්කු 
 
ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ කොළඹ නගර සභාවට තරඟ කරන බව හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතා පැවසීය.
 
කොළඹදී අද(19) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
 
ප්‍රදීප් ජයවර්ධන මහතා මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන්ද කටයුතු කරනු ලබයි.
 
එහිදී මාධ්‍යවේදියකු කළ විමසීමකදී ඒ මහතා සදහන් කළේ  තමන්ට පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට බැසිල් රාජපක්ෂ මහතාගෙන් ආරාධනාවක් ද ලැබී ඇති බවයි.  තමන් ඒ සම්බන්ධයෙන් සිතා බැලීමෙන් අනතුරුව තීන්දුවක් ලබා දෙන බව   ප්‍රකාශ කළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (17)

ජේආර්ගේ මුණුබුරා ශ්‍රීලනිපයෙන් පුංචි ඡන්දයට

jr Thursday, 19 October 2017 03:27 PM

ප්‍රදීප් ජයවර්ධන මහතාණෙනි ජය ලැබේවි.

:       270       353

Perera Thursday, 19 October 2017 06:04 PM

යන්න හදන්නේ කාත් එක්කද කියල බැලුවම නම් උඩින්ම දිනාවි.

:       29       211

wasanjaya Thursday, 19 October 2017 07:16 PM

ඔබේ සීයට කරන අගෞරවයක්

:       471       20

naradha Thursday, 19 October 2017 08:35 PM

මේ අය ඔක්කොම එකයි. අන්තිමට මේ අය දිනුම්, ඡන්දෙ දුන්නු අපි පරාදයි.

:       24       34

wasantha Friday, 20 October 2017 01:08 AM

පොහොට්ටුවෙන් ඉල්ලුවොත් ඔබට සීයා සාප කරාවි.........

:       226       22

rahulFriday, 20 October 2017 07:11 AM

අලියා ඇරෙන්න මොකෙන් ඉල්ලුවත් සීයට තමයි අපහාසය. රනිල් මහතා මොකද කියන්නේ එයාගේ ගමනට විරුද්ධව ඡන්දෙ ඉල්ලීම ගැන.

:       245       2

ravin Friday, 20 October 2017 01:23 AM

තමන්ගේ පුද්ගලික අදහස් හා නිදහස ව්‍යවස්ථාවෙන් ලැබිල තියනවා. පහුගිය කාලේ සේනානායකගේ ලේ නෑයොත් පක්ෂ මාරුකර කර හිටියේ. ලංකාවේ දේශපාලනය කියන්නේ " කිසිම ප්‍රතිපත්තියක් හා චාරයක් නැති වාසි අතට හෝයියා " ලෙස වැඩ කිරීමයි. පක්ෂ මාරුකිරීම ඇදුම් මාරු කරනවාට වඩා ලෙහෙසි දෙයක්. ඇදුම් මරුකිරිමේදී ස්ථානයට සුදුසු ද , ඇදුම පිරිසිදුද , ආදී දේවල් සැලකිල්ලට ගතයුතුවේ.

:       1       46

sahan Friday, 20 October 2017 02:17 AM

පොහොට්ටුව පරවේවි, ප්‍රදීපය නිවී යාවි , ජය වර්දන පරාද වර්දන වේවි ,

:       240       22

Kandepola Friday, 20 October 2017 02:50 AM

ජේ ආර් මහත්තයගේ මුණුබුරා නිදහස් පක්ෂෙන් ඉල්ලන්නේ ඇයි..? යු එන් පී එකෙන් ඉඩක් නොදෙන හින්දද..? කොහොමත් මින් ඉදිරියට යු එන් පී එකෙන් ඉල්ලලා ජීවිතේට දිනන්න බැරි බව ඒ මහත්තයටත් තේරිලා වගෙයි.

:       12       480

MOHOMAD FAZIL Friday, 20 October 2017 04:44 AM

කැලේ ගහක් විනාශ කරන්න, කැලේ ගහක්ම උදව්වෙනවා කියල සිංහල කියමනක් තියෙනවා කියල මම අහල තියෙනවා.

:       52       17

mahee Friday, 20 October 2017 06:12 AM

දේශපාලනයට එනකොටම ඔබ ලංකාවේ ජනප්‍රියම දේශපාලන ක්‍රීඩාවටත් සුදානම් වෙලා නේ ඉන්නේ. ඒ කිව්වේ පැති මාරුව හෙවත් පිනුම් ගැසීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එන අතරේ බැසිල් රාජපක්ෂගේ ආරාධනයත් සලකා බලමිනුයි ඔබ ඉන්නේ, නේද?

:       194       1

de silva Friday, 20 October 2017 06:29 AM

ජයවර්ධන ජනාධිපති තුමාට නිසි දේශපාලන දැක්මක් තිබුන කෙලින් තීන්දු ගන්න එතුමා පැකිලුනේ නැහැ නමුත් මොහුට නිසි දේශපාලන දැක්මක් නැති බව පෙනෙනවා , එහෙම එකක් තිබුන නම් ඉල්ලන්නේ ශ්‍රී ල නි පෙ ඳ ? මල් පොහොට්ටුවෙන්ද කියල තීරණය කරන්න මෙච්චර පැකිලෙන්නේ නැහැ ,

:       0       5

Shan Friday, 20 October 2017 06:30 AM

මට නම් ෂුවර් නෑ මෙයාට JR ගේ සම්බන්දයක් තියෙනවා කියලා.

:       107       14

Kumara Friday, 20 October 2017 08:46 AM

ප්‍රදීප් ජයවර්ධන මහතා ජර්මනියේ කොන්සොල් වෙලා සිටි කාලයේත් කල දෙයක් නැහැ.. තමන්ගේ සොලර් පවර් ගැන බැලුවා මිසක් මේ රටින් අපේ රටට ආයෝජකයන් ගැනවත් ලංකාවෙන් යම්කිසි දෙයක් මේ රටට ගෙනවිත් විදේශීය ආදායමක් ලබන්නවත් කල දෙයක් නැත. කාර්යාලයේ සිට කිලෝමීටර් 40ක් දුර විශාල නිවසක පදිංචි වී රජයේ මුදල් නාස්තිකලා.

:       0       7

ravendra Friday, 20 October 2017 09:04 AM

පොහොට්ටුවෙන් නම් පුතේ ජේ.ආර්.ගේ නමත් කාලා ගමත් කාලා, රටත් කාලා කුජීත වෙලා අබසරණ තමයි.

:       0       7

jayampathi Friday, 20 October 2017 10:31 AM

අවුලක් නැ පුතේ , සීයාගේ ව්‍යවස්ථාව රටට සාපයක් කියා කියා කැගහපු කට්ටිය දැන් එල්ලිලා ඉන්නේ ඒකෙ තමයි. අලුත් එකක් එපෝ කියනවා , ඉතින් මොන පක්ෂේ හිටියත් සීයාගේ ක්‍රමේටම යන්න පුළුවන් .

:       0       4

minipe Friday, 20 October 2017 03:43 PM

ඉතාම නිහතමානී පුද්ගලයෙක්. කාලයාගේ ඇවෑමෙන් තමන් දරන අදහස් වෙනස් කලාට, වරදක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 220 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 590 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1507 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1747 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 546 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 255 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site