IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජුනි 25 රහස් පොලිසියට යන්න ගෝඨා එකඟයිලු

(මනෝප්‍රිය ගුණසේකර, තිලිණි ද සිල්වා සහ රන්ජන් කටුගම්පොළ)
 
ලබන 25 වැනිදා රහස් පොලීසිය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබා දීමට ද  අධිකරණයෙන් සිතාසි ලද විගස අධිකරණය හමුවේ පෙනී සිටීමට ද  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මහතා සහ නීතිපතිවරයා අතර එකඟතාවයක් ඇති වී ඇති බව  නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්  විරාජ්  දයාරත්න මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
 
මැදමුලන ඩී ඒ රාජපක්ෂ පිළිරුව ඉදිකිරීමේදී මුල්‍යම  වංචාවක් සිදු කිරීමේ සිද්ධියට අදාලව රාජපක්ෂ මහතා රහස් පොලිසිය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබා දීමට නියමිතය.
 
මෙම සිද්ධියට අදාලව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා  ඉදිරිපත් කර ඇති පෙත්සම කැඳවනු ලැබු සොලිස්ටර් ජනරාල්වරයා මේ බව දැනුම් දුන්නේය. අභියාචනාධීකරණ සභාපති විනිසුරු  ප්‍රීති පද්මන් සුරසේන සහ  අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳැවිණි.



අදහස් (5)

ජුනි 25 රහස් පොලිසියට යන්න ගෝඨා එකඟයිලු

sirimal Thursday, 14 June 2018 09:55 AM

මෙකද්ද මේ එක අධිකරණය විසින් එක්කෙනෙකුට විතරක් විශේෂිත සැලකීමක්? මෙතුමා ඉදිරියේදී දේශපාලනයට එන්න විශාල සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතිබව කවුරුත් දන්නා රහසක්. ඒ සඳහා දැනටමත් එතුමා චීන රතු හමුදාවේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දේශපාලනය සහ ආර්ථික කළමනා කරණය පිලිබඳ විශේෂ පුහුණුවක් ලබා තිබෙනවා. ඉන්පසු අලුත් වැඩියා කෙරුණු එතුමන්ගේ කතා විලාශය සහ හැසිරීම පමණක් අධ්‍යයනය කළද චීන පුහුණුවේ තරම තේරුම් ගත හැකියි. එදා බීබීසී සාකච්ඡාවේ දී හැසිරුණු ආකාරයට වඩා වෙනස් හික්මීමක් ඇති ගෝඨාභය කෙනෙකු දැන් මාධ්‍යය ඉදිරියේ පෙනී සිටී. චීන හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු ද එතුමාගේ උදව්වට කොළඹට පැමිණි බවද වාර්තා වෙයි. ජනාධිපති අපේක්ෂකයා පිලිබඳ යහපාලන ආණ්ඩුවට වඩා අර්බුදයක සිටින්නේ රාජපක්ෂ කෙනෙකුගෙන් තොර ජනාධිපති ඡන්දයක් ජය ගැනීමක් ගැන සිතාගැනීමටවත් නොහැකි එකාබද්ධ විපක්ෂය බව පැහැදිලිව පෙනෙන මේ කාලයේ ගෝඨාභය මහතා හොර ගල් ඇහිඳීම නවත්වා කෙලින්ම තම අරමුණ ප්‍රකාශ කලොත් ඔය නඩු වලට කිසිම විනිසුරුවෙක් ඉදිරිපත් නොවෙන වාතාවරනයක් ඇතිවීමටද බැරි නැත. එතකොට ඔය නීතිපති වරු අවශ්‍ය වන්නේ නැත. මේක ඉතින් ලෝකෙන්ම උතුම් ලංකාවනේ.

:       0       93

chathuri Thursday, 14 June 2018 11:09 AM

වැරදි වැඩ කරලා ඒ ගැන අහන්නත් එකඟ කර ගන්න ඕනද? වෙනම අධිකරණයක් විතරයි මෙයාලට හදාගන්න බැරි වුණේ.....

:       0       0

Hafeel Thursday, 14 June 2018 11:24 AM

ඔන්න බලන්න යහපාලනය කාට හොඳයි කියලා පහසුවෙන් තක්සේරු කරන්න පුළුවන්...? මෙහෙමද අනිත් අයටත් සලකන්නේ? මේක මාර එකඟතාවයක්නේ?

:       0       0

sas Thursday, 14 June 2018 12:45 PM

ගෝටා වැරැද්දක් කරලා නැත්නම් උසාවිය ඉදිරියට යන්න ඔච්චර බය ඇයි ?

:       0       0

Sanath Thursday, 14 June 2018 07:36 PM

එදාටත් උසාවියෙන් වාරණ නියෝගයක් ගනීද දන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 374 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 793 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 477 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1317 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 71 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2498 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1542 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site