IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජුනි අගදී ජනපති කාම්බෝජයේ සංචාරයක

(තිළිණි ද සිල්වා)
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ මාසය අවසානයේදී කාම්බෝජය බලා පිටත්ව යෑමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
 
ඒ අනුව ලබන 26 සහ 27 දෙදින ජනාධිපතිවරයා කාම්බෝජයේ සංචාරය කිරීමට නියමිතය. කාම්බෝජ රජයේ නිල ආරාධනයකට අනුව එරට සංචාරය කරන ජනාධිපතිවරයා ලබන 25 වැනිදා මෙරටින් පිටත්ව යනු ඇත.
 
සංචාරයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා රජයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පවත්වනු ඇත.
 
ජනාධිපතිවරයා ඉකුත් 13 වැනිදා ටජිකිස්ථානයේ පැවති ෂැන්හයි කෝපරේෂන් සංවිධානය විසින් කලාපයේ ගැටලූ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැවති සමුළුවකටද සහභාගී වූයේය. ජනාධිපතිවරයා සමඟ 50කට ආසන්න දූත පිරිසක්ද මෙම සංචාරයට එක් වූහ.



අදහස් (35)

ජුනි අගදී ජනපති කාම්බෝජයේ සංචාරයක

Raveendra Sunday, 16 June 2019 12:24 PM

ආ පයින්ම යන්නට හදනබව දැනගත් විටදී..// හිතුනා අපරාදේ ආවේ අසන්නට උන්දෑගෙන්..// රෙදි කඩමලු දෙකයි මල්ලියේ මම අරන්ගියේ..// ආවේ නොඑන්නට ඔක්කොම අරගෙන යන්න..//

:       0       524

tharanga Sunday, 16 June 2019 12:36 PM

අහිකුණ්ඨක පොරක්නේ, 2015 ඉඳලා ලංකාවේ හිටියට වඩා පිටරට ඉඳලා තියෙන්නේ බලන් යනකොට....

:       0       1051

mendis Sunday, 16 June 2019 01:09 PM

අනේ ජනාධිපතිතුමා මේ පාර යනකොට ගිය පාර වගේ නොවෙයි, අපිට ලැජ්ජා නොකර අඩුම ගානේ 100 දෙනෙක්වත් එක්ක යන්න.

:       0       360

sandy123 Sunday, 16 June 2019 01:16 PM

මගේ ඡන්ද දායකයිනි... ඔබට බුදු බව අත්වෙන්න ඕනේ මට කළ පිනට. තව රටවල් කීයක් ඉතිරිවෙලා තියෙනවද දන්නේ නැහැ... සවාරි යන්න. පත්තරේ බලලා තමයි එ්කත් මට දැන ගන්න වෙන්නේ...

:       0       746

ලුම්බිණි Sunday, 16 June 2019 01:16 PM

ඔබතුමා තජිකිස්තානේ ඉඳලා ආපු නිවුස් එක දැක්කම මම මෙහෙම ලිව්වා. "මීළඟ වතාවේ ඔබතුමා සංචාරයකට යන විට (මම හිතනවා ඉතාම ලඟදි නැවත පිටරට යාවි කියලා) මේ වගේ පොඩි ගණනක්, ඒ කියන්නේ 50ක් විතර ගෙනියන්න එපා. එ්ක ඔබතුමාට ලැජ්ජාවට කරුණක්. අපටත් හිතට මදි... කියලා. අනේ කරුණාකරලා 200ක් වත් මේ ගමන එක්ක යන්න. නැත්නම් අපට හිතට හරිම දුකයි.

:       0       411

mohan Sunday, 16 June 2019 01:25 PM

පොළොන්නරුවම කොන්ක්‍රීට් කරන්න ඕනේ තව එකෙක් පොළොවෙන් මතුවෙන්න කලින්...

:       1       638

Buddika Sunday, 16 June 2019 01:30 PM

අම්මාපල්ලා මරේ මරු... ඔය ගමන්ම වියට්නාම් පැත්තේ යමුකෝ.. තව ඔය අපේ රට ගැන මෙලෝදෙයක් නොදන්න අර කැරිබියන් දූපත් රටවල් ලස්සනයි. හැත්ත බුරුත්තම එක්ක යමු නේද?

:       2       522

Amith Sunday, 16 June 2019 01:31 PM

ගෙදර යන්නත් ළඟයිනේ... කොහොමහරි පුළුවන් තරම් විදෙස් සවාරි යනවා. ⁣බරපැන මහ ජනතාව දරනවනේ...

:       0       462

Muhan Sunday, 16 June 2019 01:35 PM

යන මගුලක පලයන් තව ටික දවසනේ...

:       0       610

Jaya Sunday, 16 June 2019 02:16 PM

මා ඉතින් යන්න යනවා. මට යන්න අවසරයි. මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි...

:       0       457

Hafeel Sunday, 16 June 2019 02:58 PM

කාම්බෝජය සංචාරයෙන් පසු වෙන රටවල් නැතුව ඇති සංචාරය කරන්න. හැම රටවලටම සංචාරය කරලා අවසන් වගේ... ඒ නිසා දැන් යන්න තියන්නේ දූපත්වලට. එ්කත් ඉතුරු කරන්න එපා. ධුර කාලය නිමවෙන්න කලින්, එ්කත් කරන්න.

:       0       290

නිසල Sunday, 16 June 2019 03:42 PM

ටජිකිස්තානෙට පස්සෙ බලුකිස්තානේ... ඊට පස්සේ කිරිබාති සහ සැමෝවා. ඒවත් බලන්න යන්න හොඳ රටවල්..

:       0       220

sirimal Sunday, 16 June 2019 04:07 PM

එනවා.. යනවා. තව ඉතින් කොයි කාලයක්ද ඉතුරු වෙලා තියෙන්නේ...?

:       0       88

Amila Sunday, 16 June 2019 04:40 PM

මෙයාගේ රට සාවරි නිසා රුපියල බාල්දු වෙනවා. අනේ මෙහෙම ආසවක් අනේ මෙහෙම තන්හාවක් !

:       0       104

Upul Sunday, 16 June 2019 06:01 PM

ජනාධිපති වෙලා තියෙන්නේ රට රටවල සවාරි යන්නද කොහෙද.

:       0       104

Nasrudin Sunday, 16 June 2019 06:17 PM

2019/06/16 දක්වා රටවල් 30 ක තමයි සංචාරය කරලා තියෙන්නේ. ප්‍රතිශතයක් වසයෙන් 15%. අපෝ! තව එ. ජා. පිළිගත් රටවල් 163 ක් විතර තියනවනේ.

:       0       53

Chandima Sunday, 16 June 2019 08:06 PM

අත්‍යවශ්‍යයෙන්ම අපේ රටේ අභිමානය රකින්න කුඩා මාලදිවයිනෙන් ආපු කණ්ඩායමට වැඩිපිරිසක් එක්කලා සංචාරය කල යුතුමයි.

:       0       1

Mahee Sunday, 16 June 2019 08:34 PM

මගේ ඉල්ලේම පිළිගෙන ධුර කාලය ඉවර වීමට කලින් ලෝක සිතියම පෙරලා ගත්තාට ඔබ තුමාට ස්තුතියි. හැබැයි අනික් ඉල්ලීමත් අනේ අමතක කරන්න නම් එපා.. අඩු ගානේ 100 ක් වත් එක්ක යන්න.

:       0       0

ranjith Sunday, 16 June 2019 10:13 PM

අනේ පව් ආසාවනේ

:       0       3

Sisira Monday, 17 June 2019 01:01 AM

ගෙදර යන්න ඉස්සරවෙලා මහා ජනතාවගේ මුදල් කාබාසිනියා කරලා හැම රටකටම වන්දනාවේ යන්න වගේ. අපේ ලංකාවේ ජීවිතේට පය ගහපු නැති එදා වේල කන්න නැතුව අඳින්න නැතුව හූල්ල හූල්ල ඉන්න අසරණයෝ ජීවත් වෙන පළාත් කොපමනක්නම් ඇත්ද? කලකිරෙනවා ජනාධිපති තුමෝ

:       0       232

Sapumal. Monday, 17 June 2019 01:56 AM

කලින් සංචාරයට පිරිවර පමණක් පනහක් බව සදහන්වී තිබුනා. අනේ දෙයි හාමුදුරුවනේ ! මේ රටේ අසරණ මිනිසුන්ගේ මුදල් නේද මේ විනාශ කරන්නේ. පසුගිය දිනෙක මවක් සහ දරුවන් දෙදෙනෙකු කෝච්චියට පැන්නේ කන්න බොන්න විදිහක් නැහැ කියලා. ඒවා මේ අයට ඇසිලාවත් නැහැ. ඒ මදිවාට තවත් රට සවාරියක් දාගෙන. දෙයියන්ටම පෙනීයන් මේවා.

:       0       139

yasapala mahanama Monday, 17 June 2019 02:26 AM

යන්න තියන තැනකට ඉක්මනින් ගිහින් එන්න .අවුලක් නැහැ .අභ්‍යවකාශයට වූනත් කමක් නැහැ .

:       0       101

රවින් Monday, 17 June 2019 02:51 AM

බැරිද කාටහරි කාම්බෝජයේ ඉන්න කෙනෙකුට කියලා මෙයාව එහෙම තියාගන්න කියලා කියන්න, සකලවාසි සියලුදෙනාගේම සිත සුව පිණිස. එහෙ ඉඳන් මොන අප්‍රබන්සේ කියෙව්වත් කවුරුත් ගණන් ගන්නෙත් නැහැ , කතා කරන භාෂාව කාටවත් තේරෙන්නේ නැහැනේ. මුල්ලකටවෙලා හිටං.

:       0       115

indika Monday, 17 June 2019 03:55 AM

තව ගිය නැති රටවල් එහෙම තියෙනවද දන්නේ නෑ !!!

:       0       63

shan Monday, 17 June 2019 04:10 AM

රටට හෙන ගැහුවත් ලෝකෙවටේ රවුම් ගහනවා රටේ බිහිවූන නරකම නායකයා විදිහට පත්වෙනවලා ඉවරයි

:       0       122

දිලුම් Monday, 17 June 2019 04:15 AM

මේ හැම ආණුඩුවේ අයම ආපු දා ඉදලා හැත්ත බුරුත්ත ඔක්කොම අරගෙන අඹූ දරුවන්ටත් ලංකාවේ මහජන මුදලින් කන්න දී දි ලෝක සවාරි ගැහීමෙන් මෙතෙක් මේ රටට අත්වී ඇති වාසි හා අවාසි පිලිබඳ පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක් කරන්න පත්තරේ ලියන අය අතරවත් කෙනෙක් නැද්ද අප්පා.

:       0       224

dayan Monday, 17 June 2019 04:30 AM

ආවේ නම් කොහොමද. මේවගේ නිකම්ම ඉඳලා රට කාපු වෙන ජනාධිපති කෙනෙක් නම් නැහැ.

:       0       208

Indhika Monday, 17 June 2019 04:35 AM

කොන්ද පණ ඇතිව තීරණ ගන්න හැටි එහෙන්වත් ඉගෙන ගෙන එන්න.

:       0       124

Bandula. Monday, 17 June 2019 04:59 AM

මුලදී කිව්වේ කොහේ වත් යන්නේ නැහැ කියලා දැන් හැමතැනම යන්නේ ඊලග පාර එන්නේ නැති නිසාද මන්දා?

:       0       59

Saman Monday, 17 June 2019 05:56 AM

ආවෝ - ගියෝ

:       0       31

Appuhami Monday, 17 June 2019 06:01 AM

බලපුවම මහින්ද රාජපක්ෂ මෙයාට වැඩිය ගොඩක් හොදයිනේ.

:       82       82

p.d goonawardena Monday, 17 June 2019 07:14 AM

ලොකු මහත්තයා ළඟ නවනවා නේද ??

:       0       0

sirimal Monday, 17 June 2019 08:00 AM

මේ ආවා මේ ගියා. තව ඉතින් මාස කීයද ඉතුරුවෙලා තියෙන්නේ? ඒ ටිකට ඉතුරු රටවල් සේරම බලාගන්න නම් බැරිවෙන පාටයි.

:       0       45

de silva Monday, 17 June 2019 08:52 AM

මම යන්න යනවා නෝනා සංගීත සයුරේ පිහිනා // ඔය ගිටාර් බැන්ජෝ වීනා // හරි මිහිරි හඬක් ගේනා //

:       0       20

de silva Tuesday, 18 June 2019 06:30 AM

ඔව් රටේ ආර්ථිකය පහල වැටිලා මිනිස්සු දුක් විඳින වෙලාවේ , අපේ බදු මුදල් නස්තිකරලා කම්බෝජෙටත් ගිහින් අපිව තව ටිකක්ක කන්න .

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 108 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 243 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1044 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 133 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 327 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 307 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site