IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජිනිවා සමුළුවට මහාචාර්ය චන්න ජයසුමනත් යයි

(දයාරත්න ඇඹෝගම)

ජිනිවාහිදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා  13 වැනි දින ජිනීවා බලා පිටත්ව යාමට  නියමිතය.

මහාචාර්ය වරයා සමඟ විශ්‍රාමික  මේජර් ජනරාල්  සරත් වීරසේකර  මහතා ද මෙම සමුළුවට එක්වනු ඇත.

මෙම සමුළුව ජිනීවා නුවරදී 14 වන දින ආරම්භ වන අතර එය 23 දින දක්වා පැවැත්වේ.විදේශ රවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරාධනාවක් මත මානව හිම්කම් සමුළුවට මොවුන් සහභාගී වන අතර එහිදී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන්  ප්‍රධාන සමුළුවට හා අතුරු කමිටුවලට කරුණු ඉදිරිපත් කරන බව ද මහාචාර්ය වරයා අද (10) පැවසීය.

ත්‍රස්තවාදීන් සිදුකළ යුද අපරාධ පිලිබඳව කරුණු දැක්වීමෙදි ත්‍රස්තවාදීන් සිදුකළ අමානුෂික අපරාධ පිළිබඳ සාක්ෂි සහිතව කරුණු ඉදරිපත් කරන අතර ශ්‍රී ලංකා හමුදාව මානුෂීය මෙහෙයුමේදී ද්‍රවිඩ වැසියන්  බේරාගත්  ආකාරය පිලිබඳව ද සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරන බවද මහාචාර්යවරයා මෙහිදි වැඩි දුරටත් පැවසීය.

එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සිදුකරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් ඡයාරූප ප්‍රදර්ශනයක්ද පැවැත්වේ.



අදහස් (12)

ජිනිවා සමුළුවට මහාචාර්ය චන්න ජයසුමනත් යයි

විජිත් Monday, 10 September 2018 06:51 PM

ආඩම්බරයි මහත්වරුනේ. රටට ආදරේ සැබෑ රටවැසියෙක් ලෙස මේ පෙරමුණ ගැනීමට මගේ ආචාරය. නමුත් රටේ පාලකයින් මේ ඇතිවෙලා තිබෙන " ධන ප්‍රවණතාවට " වචනයකින් හෝ කිසිම සහයෝගයක් ලබා නොදීම ගැනනම් හිතේ තියෙන්නේ පසුතැවිල්ලක්.

:       137       875

sugath Monday, 10 September 2018 09:25 PM

යහ පාලකයන්ව බෙදුම්වාදී ඩයසපොරාව මුදලට අරන් තියන බැවින් ඔවුන් මේ හැමදේටම නිහඩයි. රට වෙනුවෙන් ඉදිරිපත්වන මහත්වරුන්ට ජාතියේ ප්‍රණාමය

:       10       130

සේනක රාජපක්‍ෂ Monday, 10 September 2018 09:31 PM

මෙම රැස්වීම් සැප්තැම්බර් 10 දින සිට 27 වැනිදා දක්වා පැවැත්වේ. 25-26 දින දෙක ජායාරූප ප්‍රදර්ශනය පැවැත්වේ. ගෝලීය ශ්‍රී ලංකා සංසදය විසින් මෙය පවත්වනු ලබයි. මෙයට අමතරව ලෝකයේ විවිධ රටවල සිටින සාමාජිකයන් සහභාගි වන සමාන්තර රැස්‌වීම් මාලාවක් පැවැත්වීමට නියමිතය.

:       1       54

Bamunuarachchi Tuesday, 11 September 2018 12:09 AM

රට ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන සෑම කෙනෙක් සමග භික්ෂුවක් ඉන්නබව හාමුදුරුවරුන්ට බනින ගොබ්බයින්ට පෙනෙනවාද?

:       4       182

Perera Tuesday, 11 September 2018 01:15 AM

දැන් ආයේ කතා දෙකක් නැහැ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කන් දෙකේ පුළුන් ගහගෙන ඉඳීවි.

:       279       305

සමන් හීන්කෙන්ද Tuesday, 11 September 2018 02:39 AM

මුළු හදින් සුබ පතනවා. ඔහු යාපනයේ ඉතිහාසය පිලිබඳ කර ඇති අධ්‍යයනය මගින් නිජභූමි මිත්‍යාව ලොව හමුවේ හෙළි කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

:       3       149

sarath Tuesday, 11 September 2018 03:21 AM

දැන් ආණ්ඩුවෙන් යවන්නේ කවුද?

:       0       45

BamunuarachchiTuesday, 11 September 2018 10:30 AM

එහෙම යවන්න කෙනෙක් ඉන්නවාද? ගිහින් රට වෙනුවෙන් මොනවා කියන්නද?

:       0       24

ලුම්බිණි Tuesday, 11 September 2018 04:24 AM

ත්‍රස්තවාදීන් සිදුකළ යුද අපරාධ පිලිබඳව පුදුම විය යුතු නැහැ. ඒක නේ අපි ඒගොල්ලන්ට කියන්නේ ත්‍රස්තවාදීන් කියල.

:       0       50

kap Tuesday, 11 September 2018 04:46 AM

ඔක්කොම හොදයි. මේවගේ දේවල්වලට මුලු රටේම සහය ඕනෙනම් දේශපාලන අරමුණකින් තොරව එන්න ඕනෙ.

:       120       57

BamunuarachchiTuesday, 11 September 2018 06:59 AM

මහත්තයෝ රට ගැන කතා කරනකොට එන්නේ දේසපාලනය. දේසපාලනය කියන එකේ තේරුම බලන්නකෝ

:       0       25

kapTuesday, 11 September 2018 07:32 AM

මේ ප්‍රශ්නෙදි රටෙයි, දේශපාලනයෙයි සම්බන්දය කියනවද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 157 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 379 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1120 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2575 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1712 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1009 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site