ජාතිවාදී සිදුවීම් ඇතිකරමින් කලකෝලහල ඇතිකර රට නැතතත් ආපස්සට හැරවීමට කටයුතු නොකරන ලෙස කතානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කතානායක කරු ජයසුරිය මහතා නිකුත් කළ නිවේදනය පහත පරිදි වේ.
මීට තෙවසරකට පෙර, සියලුම ආගම්වලට සහ ජාතීන්ට අයත් ශ්‍රී ලාංකික ජනයා, මෙරටින් ජාතිවාදය සහ වර්ගවාදය තුරන් කර, විවිධ අදහස් අගයන,සාමකාමී, සදාචාරාත්මක රටක් නිර්මාණය කිරීම සඳහා සඳහා, එකාවන්ව සිය ඡන්දය භාවිතා කළෝ ය.
තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධයේ කැළල් මකා ගනිමින්, ජාතීන් අතර සහජීවනය යළි ඇති කරලීමට ක්‍රියා කරන රටක් ලෙස, අප දේශය ජාත්‍යන්තර තලයේ ඔසවා තැබෙද්දී, ලොව වටා සිටින අප සහෝදර දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ ඉමහත් ආඩම්බරයට පත් වූහ.
2015 ජනවාරි 8 වනදා විප්ලවයට පාදක වූ මෙම සංකල්පයන් ශ්‍රී ලාංකිකයන්ට අලුත් දෙයක් නොවීය.අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සියලුම පුරවැසියෝ භේදයකින් තොරව නිදහස, සමානාත්මතාව සහ මූලික මිනිස් අයිතිවාසිකම් භුක්ති විඳිති.
අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව, මෙම අයිතීන් පුරවැසියන්ගේ හිමිකම් පමණක් නොව සියලුම ශ්‍රී ලාංකිකයන් මෙන්ම සියලුම ලෝක වාසීන්ගේ අභිමානය සහ සමෘද්ධිය උදෙසා වන අස්පර්ශණීය උරුමයන් වෙති. විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආදී ඕනෑම බලතලයකට අදාල තනතුරකට පත් වන නිලදරුවකු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින්නෝ ය.
මහනුවර සහ අනෙකුත් ප්‍රදේශවල මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන මෑතකදී ඇති වූ ප්රචණ්ඩ ක්‍රියාවන් බිම් මට්ටමේ ජනවර්ග අතර ගැටුමක ප්‍රතිඵලයක් නොවන්නේ ය. අප නීතිය අනුව සමාන අයිතීන්ට උරුමකම් කියන මෙම ජනයා එකිනෙකා හා සහජීවනයෙන් යුතුව සියවස් ගණනක් ජීවත්ව ඇත්තා හ.
එහෙයින්, පැහැදිලිවම මෙම ක්‍රියාවන් අප රටේ ජනතාව බෙදා වෙන්කිරීම සහ ඔවුන් වෙත ප්රචණ්ඩත්වය මුදා හැරීම තම දේශපාලන ක්‍රමවේදය බවට පත් කරගත් පිරිසකගේ ක්‍රියාවකි. මෙවැනිම ප්රචණ්ඩත්වයක් අපි 2014 දී ද දුටිමු.
වර්ගවාදී ලෙස ශ්‍රී ලාංකික ජනතාව බෙදන්නට තනන්නන්ට එරෙහිව සිය හඬ අවදි කරන ලෙස ද, බිය වැද්දීම්,
- 044
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජාතිවාදය එපා - බියවැද්දීම් එපා යයි කතානායකගෙන් නිවේදනයක්
Manjula Thursday, 08 March 2018 07:25 AM
ඕකනේ මෙච්චර කල් අවුල් තිබ්බේ ...දැන් ඔක්කොම සාම කාමී වෙයි
MAJ Thursday, 08 March 2018 09:44 AM
ඇයි කථානායක තුමෝ, ඔබතුමන්ලගේ ආණ්ඩුවනේ මේ හදිසි නීතියක්ද, මොකක්ද එකක් දාගෙන - සමාජ මාධ්‍ය ජාලා, රටේ සන්නිවේදන ජාලයත් අවහිර කරලා රටේ ජනතාව බිය වද්දන්නේ...