IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජාතික සමගි බලවේගයට ‘හංසයා’ ලකුණින් එන්න බැරි වෙයි

(දසුන් රාජපක්ෂ)

එළැඹෙන මහ මැතිවරණයේ දී ජාතික සමගි බලවේගයට හංසයා ලකුණින් තරග කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් අද දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්  අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

සන්ධාන සලකුණ සම්බන්ධයෙන්   නීති කෘත්‍යයක් පැන නැගීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ ජාතික සමගි බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් අද (19) රාජගිරියේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේ දී පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වූ බව ද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එම සාකච්ඡාව පවත්වා මැතිවරණ කොමිසමෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ  ප්‍රශ්නයකට  පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එමෙන්ම ජාතික සමගි බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාද පැවසුවේ හංසයා ලකුණ මහමැතිවරණය සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් නීතිමය බාධාවක් පවතින බවයි .

තවදුරටත් ජාතික සමගි බලවේගයට අයත් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර සන්ධානය සඳහා යොදාගන්නා ලකුණ සම්බන්ධයෙන් තීරණයක් ගෙන මැතිවරණ කොමිසම දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවද මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

එහි දී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මහ මැතිවරණය  සඳහා අලියා ලකුණින් තරග කිරීමට සන්ධානයේ බහුතරය කැමති බව කීය.

මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවැති සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සමගි බලවේගය ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂ  මන්ත්‍රී රවී කරුණානායක යන  මහත්වරු සහභාගී වී සිටියහ.

ඡායාරූප - චතුර එස් කොඩිකාර

 



අදහස් (17)

ජාතික සමගි බලවේගයට ‘හංසයා’ ලකුණින් එන්න බැරි වෙයි

රුක්මාල් Wednesday, 19 February 2020 10:20 AM

එ.ජා.ප නායකයා රනිල්..... කෝමද ටිකිරි මොලේ.

:       21       204

ලැවොයිසියර් Wednesday, 19 February 2020 10:23 AM

පුදන කොටම කාපි යකා කිව්වලු…..අලියත් නැති වුණොත් තමා වැඩේ තියෙන්නේ.

:       1       154

saradiyel Wednesday, 19 February 2020 10:45 AM

දැන් ලකුණු නැතුව ඡන්ද ප්‍රතිඵල දෙන්න වෙන්නේ හඩ පරීක්ෂණයකින්ද ?

:       1       139

kamal Wednesday, 19 February 2020 10:47 AM

ඇයි මේ හැමෝගෙම සිහිනය "සුපිරි වාහනය" ලකුණින් තරග කරන්න බැරි?

:       1       135

RR Wednesday, 19 February 2020 11:03 AM

මොකෙන් ආවත් බඩුම තමයි.

:       3       336

hira Wednesday, 19 February 2020 11:05 AM

මේවට තමයි කියන්නේ රනිල් මහත්මයාගේ දේශපාලන පරිණත භාවය කෙතරම්ද කියන එක. සජිත්ගේ නොපැසුණු ඔලුවට රනිල් එක්ක හැරෙන්නවත් බැහැ. අපේ එජාපයට සහ අලියට ජයවේවා ! කඩාගෙන ගිය කට්ටියට සොරි ඩොට් කොම් තමයි.

:       69       813

CheckmateWednesday, 19 February 2020 01:45 PM

සජිත් දාන් අදින කොට රනිල් චෙස් සෙල්ලන් කරනවා

:       5       202

පිටිගල. මිලානෝ Wednesday, 19 February 2020 11:27 AM

ජාතික සමගි බලවේගය? අපොයි සමගිය දෝරේ ගලනවා....

:       1       269

siri Wednesday, 19 February 2020 12:10 PM

මොකෙන් ආවත් දිනන්න දෙන්නේ නැති එකේ ඉල්ලන්නේ නැතුවම ඉන්න එක තමයි වඩාත්ම නුවණක්කාර වැඩේ.

:       57       234

හිරාන Wednesday, 19 February 2020 12:30 PM

කුණු බක්කිය ලකුණ වඩා උචිතයි.

:       1264       1805

Gobbaya Wednesday, 19 February 2020 01:29 PM

සර් ලා ඔක්කොටොම හරියන්නේ සමනලයා ලකුණ! හුහ් හුහ් හූ සමනලයෙක් වගේ පියබලා

:       2       29

කපුරුහාමි Wednesday, 19 February 2020 01:36 PM

දාගන්ඩ හිතාගෙන හිටිය නම නම් ඉස්තරම්. ඒ උනාට ..පක්ෂයේ ඉන්න අය එකාට එකා බලයට ,නායකත්වයට කුලල්කා ගන්න එකමනේ කරන්නෙ ?

:       0       24

raheem Wednesday, 19 February 2020 04:07 PM

මේ සංධානවලට සත්තුන්ගේ නම් නැතුව වෙන ලකුණු ඇත්තෙම නැද්ද. පුදුමයි ඉබ්බා ලකුණ කාටවත් මතක් වුණේ නැති එක

:       0       24

Aris Wednesday, 19 February 2020 04:25 PM

දැන් ඉතින් දිනුවොත් රනිල් තමයි අගමැති.

:       0       35

Bandara Thursday, 20 February 2020 01:14 AM

කලවැද්දා ලකුණ ගැළපෙනවා.

:       0       0

kamal Friday, 21 February 2020 06:19 PM

මෙයා තමයි පක්ෂේ කෑවේ.

:       0       0

janith Friday, 21 February 2020 06:21 PM

පාක්ෂිකයින්ට පක්ෂෙ එපාකලේ මේ අය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 121 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 327 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 808 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1099 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 384 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 183 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site