IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලී අනුපාත අඩුකළත් බදු නිදහස වෙනස් කර නැහැ

(ඩයනා උදයංගනී)

වාණිජ බැංකු මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් සඳහා ගෙවනු ලබන පොලී අනුපාත අඩු කර ඇතත් ඔවුන්ට ලබාදී ඇති ආදායම් බදු නිදහස වෙනස් කර නැතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එබැවින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදුන් බදුසහන ඉවත්කළ බවට පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් සාවද්‍ය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට පෙර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වාර්ෂිකව ස්ථාවර තැන්පතුවලින් පොලිය මත උපදවන ආදායමෙන් ලක්‍ෂ 15ක් පොලී ආදායම් බද්දෙන් නිදහස් කර තිබූ බව කී බන්දුල ගුණවර්ධන මහතා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ බදුසහන පැකේජය යටතේ පොලී ආදායමෙන් ලක්‍ෂ 30ක් බද්දෙන් නිදහස් කර තිබෙන බව ද කීවේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය ආර්ථික කළමනාකරණයේදී විචක්‍ෂණශීලී ක්‍රමවේද යොදාගැනීමට සිදුව ඇතැයි කී ඇමතිවරයා විශේෂඥ මණ්ඩල සමඟ සාකච්ඡා කර ඉදිරි වර්ෂවලදී ණය පොලී අනුපාතය තනි ඉලක්කමේ සංඛ්‍යාවක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇතැයි ද කීවේය.



අදහස් (11)

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලී අනුපාත අඩුකළත් බදු නිදහස වෙනස් කර නැහැ

nishantha kure Monday, 06 July 2020 12:22 PM

උදේ කියන එක හවස වෙනස් කරන මේක ආණ්ඩුවක්ද? කෝලම් මඩුවක්ද? 

:       0       0

චමින්ද Monday, 06 July 2020 12:35 PM

පොලිය අඩුකළත් බදු නිදහස වෙනස්කර නැහැ කියලා ඇදුරුතුමා කියනවා. එයින් වාසියක් වෙන්නේ කෝටි ගණන් ස්ථාවර තැන්පතු ඇත්තන්ට පමණයි. ලක්ෂ 5ක්, 6ක් තැන්පත් කර එම පොලියෙන් ජීවත්වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙම ක්‍රියාව හෙනපහරක් වගේ කියන්න පුළුවන්. යහපාලන කාලයේ ජ්‍යෙෂ්ඨ පුරුවැසියන් ගැන සලකා රවී ඇමතිතුමා ජ්‍යෙෂ්ඨ පුරුවැසියන්ට දුන් මෙම සහනය අඩුකරන බව මැතිවරණයට පෙර ප්‍රකාශකිරීම ගැන අනේක වාරයක් ගරු බන්දුල ඇමතිතුමාට ස්තූතියි..!!!

:       0       0

කල්පනා Monday, 06 July 2020 12:48 PM

අප පිළිගත යුත්තේ ඔබ කියන දෙයද, නැත්නම් ගරු අගමැතිතුමා කියන දෙයදැයි පැහැදිලි නැහැ. හතර දෙනෙකුගේ පවුලකට රුපියල් 2500න් මාසයක් ජීවත්විය හැකියි කියපු ඔබම මෙම යෝජනාව ගෙනෙන්නට ඇතැයි සිතෙනවා.

:       0       0

sena Monday, 06 July 2020 02:26 PM

බන්දුල මහත්තයෝ හැම දේටම කොරෝනාවලට බැනලා වැඩක් නැහැ. වැරැද්ද තියෙන්නේ ඔබතුමාලාට මොකුත් කරගන්න බැරිකම... වැඩිහිටි ගිණුම්වල තියෙන්නේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි නෙවෙයි මුලු ජීවිත කාලයක් පෞද්ගලික අංශයේ වැඩකරලා ඊපීඑෆ් එකෙන් ගත්ත මුදල් ඉතින් ඒ මිනිස්සුන්ගේ බඩට ගහන තමුන්නාන්සේලාට යන්න වෙනම අපායක් හදන්න වෙනවා.

:       0       0

pradeepa Monday, 06 July 2020 02:47 PM

බන්දුල ඇමැතිතුමනි, ඔබ කෙසේ කිව්වත් වැඩිහිටි අයට මාසෙට ලැබෙන මුදල් ප්‍රමාණය අඩුවෙලා තියෙනවානේ... ඒකතමයි වැදගත් ඒ වගේම ඔබ කියන බදු නිදහස් වාසිය ගන්නේ මිලියන 10 හෝ 20 හෝ ස්ථාවර තැන්පතු දාපු අයටනේ.. අද බහුතරය දමන්නේ ලක්ෂ 5-15 ක අයගේ ඉන්කම් එක ඔබතුමාලා අඩුකරලා නැහැ.

:       0       0

Nimal Monday, 06 July 2020 04:22 PM

යන එන මගක් නැති අසරණයාගේ මුළු ජීවිත කාලෙම උපයාගත් සොච්චමටත් වැඩේ දුන්නා නේද ඇමැතිතුමා..? මගේ ඡන්දෙ නම් ශුවර්..

:       0       0

Bamunuarachchi Tuesday, 07 July 2020 01:54 AM

මේක මහා බම්බු කතාවක්නේ... පොලිය අඩු වුණාම බදු නිදහස දුරුකරන්න දෙයක් නැහැ. ඉබේම ලැබෙනවා. අඩුකරනවා ගෙදර ඉඳන් වැටුප් ගන්න සේවකයින්ගේ වැටුප්. මොකද ඔවුන් විතරද ජීවත් වෙන්න ඕනේ..?

:       0       0

Mama Tuesday, 07 July 2020 04:00 AM

බොරු කියන්න එපා. ෆික්ස් ඩිපෝසිට් වලින් ජීවත් වෙන කෙනෙක්... මෙයාටවත්, මේ ආණ්ඩුවටවත් ඡන්දෙ දෙන්න එපා. දුප්පත් අපේ බඩ හැකිලෙන්නම ගැහුවා.

:       0       0

Prasad Tuesday, 07 July 2020 04:24 AM

ආච්චියේ, සීයේ දැන් සැපද? සනීපද?

:       0       0

Nimesh Tuesday, 07 July 2020 04:45 AM

හරිම හිරිකිතයි, විශ්‍රාමිකයන් හුඟ දෙනෙක් යැපෙන්නේ ඔය හම්බවෙන පොලියෙන්... එ්ක ඇර ඒ මිනිසුන්ට වෙන අාදායමක් නැහැ. එ්කත් භාගයකින් කපලා කිසිම හිතක් පපුවක් නැතිව.., මේ මිනිස්සු ඉදිරියේදී මොනවා නොකරයිද?

:       0       0

amila Wednesday, 08 July 2020 08:41 AM

ඡන්දේ ඉවර වුන ගමන්.?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 357 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 309 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


වීරසේන දිවුරුම් දෙයි
2024 අප්‍රේල් මස 24 182 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු


යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 113 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 482 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1469 1

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site