IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජයබහලු - නැගෙනහිර පර්යන්ත ගැන හොයන්න ජනපතිගෙන් කමිටුවක්

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර යන පර්යන්තවල සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබ ඇත.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇත.

කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ, මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් ආර්.එම්. දයා රත්නායක යන මහත්ම මහත්මීහු එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

ජයබහලු පර්යන්තයට අදාළ ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය හා ඒ ආශ්‍රිත ගැටලු අධ්‍යයනය, ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයබහලු පර්යන්තයේ ගැඹුරු නැංගුරම් ධාරිතාව වැඩි කිරීම හා නවීකරණය පිළිබඳ කැබිනට් තීරණ සහ 2017 ජූලි 26 දින ගනු ලැබූ කැබිනට් තීරණ පිළිබඳව මුදල් අමාත්‍යවරයා කළ නිරීක්ෂණවල අනුව සිදුවනවාද ?, යන්ත්‍රෝපකරණ ගෙන්වීමට පෙර ජයබහලු පර්යන්තය වැඩිදියුණු නොකළේ ඇයි, ශ්‍රී ලංකා රජය සහ සෙසු රාජ්‍ය සමඟ කොළඹ වරාය විශේෂයෙන් නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් එළැඹ ඇති ගිවිසුම් පිළිබඳ අධ්‍යයනය සහ වෙළෙඳ, නාවික සහ දේශීය,විදේශීය ආයෝජන තුළින් උපරිම ප්‍රයෝජනයක් ගත හැකිවන ආකාරයෙන් ඉහත සඳහන් පර්යන්ත 2ක සංවර්ධනයට යෝජනා ඉදිරිපත් කිරීම යනාදී කාර්ය මෙම කමිටුවට පැවැරී ඇත.

ඒ අනුව කමිටුව පත් කළ අද (3) සිට දින 45ක් ඇතුළත අදාළ රේඛීය අමාත්‍යාංශ සහ පාර්ශවකරුවන් සම්බන්ධ කරගනිමින් කමිටුව අදාළ වාර්තාව සකස් කළ යුතුය .

055



අදහස් (1)

ජයබහලු - නැගෙනහිර පර්යන්ත ගැන හොයන්න ජනපතිගෙන් කමිටුවක්

Hafeel Friday, 03 July 2020 03:39 PM

එතකොට කමිටු වාර්තාව එනතුරු දින 45කට දිනකට ලක්ෂ 90 බැගින් මුදල් නාස්තියද වෙන්නේ? මේ කමිටු පත්කිරීම තමයි මේ රටේ විනාශයට ප්‍රධාන කාරණාව.. මේ කමිටු හරහා ඉතිහාසයේ වෙච්චදේ තමා, කල්මැරීම, වැරදිකරුවන්ව පිරිසුදු කිරීම...

:       1       244

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 71 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 193 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 502 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 770 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 297 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 154 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 300 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1531 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site