IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනාධිපති - පාකිස්ථානු කොමසාරිස් අතර හමුවක්

(නාලක සංජීව දහනායක)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ පාකිස්ථානයේ මෙරට සිටින මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) මුහම්මද් සාද් කත්තක් මහත්වරුන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පැවැත්විණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී සඳහන් කර සිටියේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණියගේ පාලන සමයේ සිටම පාකිස්ථානය මෙරට දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙන බවය. එමගින් රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ දරුවන්ට ඉන් විශාල ප‍්‍රතිලාභ අත්ව තිබෙන බවද කීය.

එමෙන්ම ප්‍රශ්නකාරී පුද්ගලයන්ගේ ගමනාගමනය පාලනය කිරීමට වඩා යහපත් ආකාරයට ආගමන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධවද  ජනාධිපතිවරයා හා මහ කොමසාරිස්වරයා සාකච්ඡා කළහ.

පෞරාණික අධ්‍යාපනික ඉගෙනුම් මධ්‍යස්ථානයක් වන තක්‍ෂිලාව ප‍්‍රවර්ධනය කිරීමේදී පාකිස්ථානය ඉටුකරන කාර්යභාරය අගය කළ ජනාධිපතිවරයා ඒ සඳහා මෙරට සහයෝගය ලබාදෙන බවද පැවැසීය.

පාකිස්ථානු මහ කොමසාරිස්වරයා එහිදී සඳහන් කර සිටියේ ආරක්‍ෂක, වෙළඳ සහ අන්තවාදයට එරෙහිව සටන් කිරීම මෙන්ම ආගමික සහජීවනය ප‍්‍රවර්ධනය කිරීම ඇතුළු  ඕනෑම ක්‍ෂේත‍්‍රයකදී මෙරටට උපරිම සහය ලබාදෙන බවය.

දෙරට අතර දැනටමත් යහපත් ආරක්‍ෂක සහයෝගීතාවක් පවතින බැවින් ලංකාව හා පාකිස්ථානය අතර වෙළඳාම ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි තම රටේ අවදානය යොමුව තිබෙන බවද මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයාට පැවැසීය.

ඒ අනුව දෙරටේම ව්‍යාපාරික ප‍්‍රජාව සහභාගි කරවා ගනිමින් අපේ‍්‍රල් මාසයේදී සම්මන්ත‍්‍රණයක් සංවිධානය කිරීමට පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය උත්සාහ ගන්නා බව ද කීය.

එමෙන්ම වෛද්‍ය, ඉංජිනේරු සහ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රවල උසස් අධ්‍යාපන අවස්ථාවන් ලබාගැනීම සඳහා පාකිස්ථානය මෙරටට ශිෂ්‍යත්ව දහසක් ප‍්‍රධානය කරනු ලබන අතර ඒ සඳහා අයඳුම්කරුවන් සම්මුඛ පරීක්‍ෂණයකට ලක්කිරීම සඳහා පාකිස්ථානු බලධාරීන් ඉතාම ඉක්මනින් මෙරටට පැමිණෙනු ඇතැයිද මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (4)

ජනාධිපති - පාකිස්ථානු කොමසාරිස් අතර හමුවක්

upali Monday, 24 February 2020 03:25 PM

ඒ ප්‍රවෘත්ති වලට කියුනා මෙරට සිටින පාකිස්තානුවන් පිරිසක් ළූණු වෙළඳපොළ හසුරවන හැටි...

:       1       1

Aris Monday, 24 February 2020 04:19 PM

පාකිස්තානයට ඉගැනුම සදහා ළමයි අරින්න පෙර දෙවරක් සිතා බැලිය යුතුයි.

:       0       2

Sujeewa Monday, 24 February 2020 06:30 PM

උපාලි මහත්මයෝ, අප රටේ තිබු කුරිරු යුද්ධයේ නිමාව කරා ගිය ගමනේදී, පාකිස්තානය කළ උපකාර දන්නේ නැත්නම්, ආරක්ෂක අංශ වලින් ගොස් දැන ගන්න. 1996 ලෝක ක්‍රිකට් කුසලානය වෙනුවෙන් ආරම්බක වාරයේ ඔස්ට්‍රේලියාව සහ බටහිර කොදෙව් කණ්ඩායම් ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරග වලට, රටේ තිබු ආරක්ෂක හේතුව උලුප්පා ඔවුන් පැමිණියේ නැත. ඊට පිළිතුරක් ලෙස පාකිස්තාන ඉන්දීය සම කණ්ඩායමක් ලෙස (වසීම් රාජා - අසහරුදින්) එක්ව දිවයින ට පැමිණ ප්‍රදර්ශනාත්මක තරගයක් කරා. ඉන් ඔවුන් ICC වට ඒත්තු ගැන්වුයේ ශ්‍රී ලංකාවේ තරග කිරීමට නොහැකි ආරක්ෂක තත්වයක් නොමැති බවයි. ඒ තුලින් ICC ය, නොපැත්වූ තරග 2 වෙනුවෙන් ලංකාවට ප්‍රසාද ලකුණු 8 ක් දීම හේතුවෙන් අපට අවසාන තරගය සදහා මාර්ගය පැදුනා. එදා ඔස්ට්‍රේලියාවට විරුද්ධව අවසාන තරගයේ, ලාහෝර් පිටියේ - ශ්‍රී ලංකාව දිරිමත් කළේ පාකිස්තානු ප්‍රේක්ෂකයින් බව ඔබේ රූපවාහිනියෙන් දැක්කේ නැත්ද? මෑතකදී, ජිනීවා මර උගුලට විරුද්දව ලංකාවට පක්ෂපාතිව පකිස්තානය සහ අනිකුත් ඉස්ලාම් රටවල් කල උදව්වවත් ඔබට මතක නැත්ද? ඔබට මතකයේ ඇත්තේ ළූණු ගෙඩිය පමණයි. උදව් කල මිතුරෙක් අමතක කරන්න එපා. ජාතිවාදය ඉවත දමා ශ්‍රී ලාංකික ජාතිකත්වය වැළද ගන්න.

:       0       0

Nuwan Tuesday, 25 February 2020 07:31 AM

මේ රටෙන් අබ ඇටයක දෙයක් ගෙන්න එපා. ඔක්කොම හොර බදු තියෙන්නේ. පාකිස්තානේ නිෂ්පාදිත ඖෂධ බොහොමයක් හොර ඒවා. ඒක සනාථ කරන වාර්තාමය වැඩසටහනක් මම නරඹලා තියෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 71 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 40 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 130 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1778 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 516 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 622 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site