IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනාධිපතිවරණය නොවැම්බර් 16

(රංජන් කස්තුරි)

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිසන් සභාව අද (18) රාත්‍රීයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

එම ගැසට් නිවේදනයට අනුව ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම නොවැම්බර් මස 16 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතය.

නාමයෝජනා බාර ගැනීම ඔක්තෝම්බර් 7 වැනිදා සිදුකෙරේ.



අදහස් (46)

ජනාධිපතිවරණය නොවැම්බර් 16

චතුෂ කුමාර Wednesday, 18 September 2019 01:41 PM

අත්තනෝමතිකව බලය යොදවමින් ජන්ද අපේක්ෂකයන්ට තර්ජනය කරමින් කටයුතු කරන නිසා මෙම ඡන්දය වර්ජනය කිරීමට කටයුතු කළ යුතුයි.

:       366       10

RaveendraWednesday, 18 September 2019 04:50 PM

චතූෂ කුමාර මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. ඔබගේ එම අදහස් එතරම් සුබදායකද නැද්ද යන්න ගැටලුවකි. අප ඡන්දය වර්ජනය කළොත් "ඔය ඉන්න හැතිකරය" ඒ අයගේ ගොට්ටන් මගින් එම ඡන්ද කෙසේ හෝ පාවිච්චි කරනු ඇත. කළයුත්තේ තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කිරීමයි.. එසේත් නැත්නම් ඡන්දය අවලංගු වන ලෙස කුරුටු ගෑමයි. නොදා හිටියොත් අප ඉහත කී පරිදි ඩැහැගනු ඇත..

:       1       364

MaheeThursday, 19 September 2019 06:49 AM

කවදත් මැදිහත්ව හිතන ඔබේ අදහස හරියටම හරි. අපි ඡන්දෙ නොදා හිටියොත් මේ අයගේ ගෝලයෙක් ඒක දානවා. අපි ඡන්දෙ කුරුටු ගෑවත් ඒකෙන් කවදාවත් අපේ කෝපය රටට එලිවෙන්නේ වත් අපට වැඩක් වෙන්නේවත් නැහැ. මේ 225 ම අයත් නොවන කෙනෙකුට ඡන්දෙ දෙන්න. මම නම් දෙන්නේ නාගානන්දට, හරි යන්න හෝ වරදින්න..

:       58       1

Sanath KandyWednesday, 18 September 2019 06:12 PM

ඡන්දය වර්ජනය කරලා අපිට කවදාවත් මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න බෑ. අවුරුදු හැත්තෑ එකක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට උලා කාපු අය එළවලා රට අලුත් මාවතකට ගෙනියන්න මේ ඡන්දේදීවත් හිතට ගමු. රට ගොඩනගන සැබෑ වැඩපිළිවෙලක් ඇති ජාතික ජන බලවේගයේ අපේක්ෂක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙවර ජයග්‍රහණය කරවමු. අපේ ආදරණිය මව්බිම මේ ප්‍රපාතයෙන් ගොඩගැනීමට හැකි නිවැරදි දැක්මක්, සැබෑ වුවමනාවක්, අප්‍රතිහත ධෛර්යයක් ඇති එකම අදූෂිත නායකයා AKD පමණයි

:       1752       2358

Sugath PremalalThursday, 19 September 2019 05:57 AM

හොඳින් කල්පනා කර බලන්න. අනුර කියන්නේ රනිල්ගේ කීකරු ගෝලයෙක් පමණි. කොහොමත් අනුරට රටක් පාලනය කරන්න බැහැ. ජනතාවත් සමගම බටහිර රටකට ලංකාව විකුණා දමාවි. ඒක 1000%ක් ශුවර්...!!!

:       441       191

ධනුෂ්කThursday, 19 September 2019 03:33 PM

සුගත් පේමලාල් ඔයා ටිකක්හරි කල්පනා කලාද අනුර රනිල්ගේ කීකරු ගෝලයෙක්නම් ජනධිපතිවරනයට ඉදිරිපත් වෙයිද? එහෙම ඉදිරිපත් වුන එකෙන් එ.ජා.ප ට මයි පාඩු. ජ.වි.පෙ ඡන්ද කොහොමත් පොහොට්ටු විරෝධියි. මොකද ජ.වි.පෙට තියෙන්නේ තරුණ ඡන්ද .සමාජ වෙනසක් ගැන හිතන උගත් බුද්ධිමත් ඡන්ද. ඔවුන් කවදාවත් පොහොට්ටුවේ බත් කන හරකුන්ට ඡන්දේ දෙන්නේ නෑ. දෙන්නේ පොහොට්ටු විරෝධීව.ජ.වි.පෙ ඉදිරිපත් වුන එකෙන් එ.ජා.පයට වැටෙන ඡන්ද අඩු වෙන එක විතරයි වෙන්නේ

:       0       0

rim Wednesday, 18 September 2019 01:49 PM

සන්තොසයි එජාපය. දැන් ඉතින් අනිවාර්යයෙන්ම ඉදිරිපත්වෙන කෙනාව එළියට දාන්න තවත් කල්මරන්නේ නැතුව...

:       61       308

sudath Wednesday, 18 September 2019 02:10 PM

කෝ දැන් යූ.එන්.පී ජනාධිපති අපේක්ෂක?

:       131       233

saaliWednesday, 18 September 2019 04:20 PM

ශ්‍රීලනිපය කොයි පැත්තටද? ඇමෙරිකානුවා පුරවැසි භාවය අයින් කරගෙන ඉවරද? තවත් ප්‍රශ්න බොහෝ ඇත.

:       10       1

Cisco Wednesday, 18 September 2019 02:32 PM

ඇල්පිටිය කාලා දාන වැඩක් වගෙයි පෙනෙන්නේ...

:       1       58

නොකවුට් Wednesday, 18 September 2019 02:40 PM

නොවැම්බර් 17 ජනාධිපති ගෝඨාභයයි...

:       12104       9688

saaliWednesday, 18 September 2019 04:39 PM

මිනිස්සු කැප කිරීම් රැසකින් ලබා ගත් සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් එදාට පස්සේ "නොකවුට්".

:       77       123

kamaniThursday, 19 September 2019 04:24 PM

එයා ඊට කලින් එයාගේ මිනීමෝරු නඩුවෙන් වැරදි කරුවෙලා අවුරුදු 500කට කූඩුවට යනවා. දන්නවනේ චෝදනා... ලැජ්ජයි හලෝ... බය - ගෝඨා සමගම ගල් පල්ලි යන්න සුදානම් වෙන්නකෝ..

:       0       0

Chanak los angelesSaturday, 21 September 2019 01:58 AM

ජනපති මෛත්‍රී විසින් නෙලුම් කුලුනේ ගැහිල්ල ගැන කළ එම ප්‍රකාශය සැබවින්ම සිදු කළේ පොහොට්ටු පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීලග ජනාධිපතිවරණයට ඒකාබද්ධවීමේ සාකච්ඡා සිදුවෙමින් පවතින අතරතුරදීය.. දැනට එම සාකච්ඡා අසාර්ථක වී ඇත්තේ පොහොට්ටු ලාංඡනය පිළිබඳ ගැටලුව නිසාය. එම නිසා ජනාධිපතිවරයා පොහොට්ටු ලාංඡනය කුඩුපට්ටම් කර දැම්මා පමණක් නොව මහින්ද රාජපක්ෂලා යනු කවුරුන්දැයි යයි රටටම පෙන්වා දුන්නේය... දැන් ජනතාව පොහොට්ටුවන් දෙස බලන්නේ හොරුන් හැටියටය. සිරිසේන කළ යුත්ත නියමෙටම කර ඇත. ඝෝටා ජනපති වෙනවා කියන වුන්ට අපි කියනවා පොහොට්ටුව පරාජය වෙන්න මේ කල චෝදනාවම ප්‍රමාණවත් කියා... ඔබට ස්තුතියි ජනපති තුමනි.

:       0       0

රජින්ද Wednesday, 18 September 2019 02:45 PM

මේ බහුබූත කැඳහැලිය ඉක්මණින්ම ඉවර වෙනවා දකින්නයි ඕනෑ. මේ රටේ සාමාන්‍ය ජනතාව මේ ගත කරන්නේ අර 2004 සුනාමියක් ඇවිල්ලා උතුර, දකුණ මාරු වෙලා කරන්නේ මොනවද, යන්නේ කොහෙද කියලා හිතාගන්නවත් බැරි විදිහට අසරණ වෙච්ච කාලපරිච්ඡේදයකයි අපේ රටට නිවැරදි මාර්ගය ලැබේවා..!!!

:       564       863

බණ්ඩාර Wednesday, 18 September 2019 02:55 PM

මැකෝට සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ශක්තිය ලැබේවා...!!! රටට නිර්භීත නායකයෙක් බිහිවේවා...!!! හොරුන්, ප්‍රේතයින් තොලොංචි වේවා..!!!

:       2       605

RaveendraWednesday, 18 September 2019 04:44 PM

අපත් ඔබගේ අදහස් සමගින් හදවතින්ම එය ප්‍රාර්ථනා කරන්නෙමු. අපගේ ලංකා මාතාවට යහපතක් මෙන්ම හොඳක්ම වේවා!!! අපගේ මාතෘභූමිය විනාශ කළ සහ විනාශ කරන 225 ම මේ පින්බිමෙන්" සදහටම" යැවේවා!!!

:       0       235

sandy123 Wednesday, 18 September 2019 03:27 PM

අයියෝ සිරිසේන.... තව දවස් කීයද?

:       460       480

Amila Wednesday, 18 September 2019 03:46 PM

ඇමෙරිකන් අපේක්ෂකයා සහ සැබෑ දේශප්‍රේමී අපේක්ෂකයා අතර සටන..!

:       1008       1382

Thilina Wednesday, 18 September 2019 06:07 PM

පක්ෂවල වහලුන් වුණාම ඇත්ත පිළිගන්න අමාරුයි. ඔය ඇමරිකන් දේශප්‍රේමීයා තමයි එදා ත්‍රිවිධ හමුදාවම සම්බන්ධීකරණය කරලා යුද්ධය මෙහෙයවන්න දායකත්වය දුන්නේ.. එදා ඔය දේශප්‍රේමී ප්‍රේමදාස එක්ක හිටපු කට්ටිය තමයි යුද්ධය වෙලාවේ කකුලෙන් ඇද්දේ.. රටට අහිතකර ගිවිසුම් ගහනකොට දේපළ විකුණද්දී හාමුදුරුවන් හිරේ දාද්දී බුද්ධි අංශ නිලධාරීන් හිරේ දාද්දී කොහෙද ඔය කාඩ්බෝඩ් දේශප්‍රේමීයා හිටියේ..?

:       857       863

Chanak los angelesSaturday, 21 September 2019 04:53 AM

යුද්ධය මෙහෙයවුයේ සරත් ෆොන්සේකයි. ඔය කියන ඇමරිකන් දේශප්‍රේමියා ඒකාබද්ධ කරලා කලේ වංචා දුෂණ ඝාතනයි. හාමුදුරුවෝ හිරේට ගියේ උසාවියට බලෙන් ඇතුළුවෙලා විනිසුරුට තර්ජනය කළ නිසයි. ඒ හිටියෙත් හිරේ නොවෙයි භික්ෂු වාට්ටුවේ...

:       0       0

JayaThursday, 19 September 2019 12:58 AM

ඇමෙරිකන් අපේක්ෂකයෙක් නම් ඉන්නවා. හැබැයි සැබෑ දේශප්‍රේමී අපේක්ෂකයෙක් නම් පේන තෙක් මානයක නැහැ.

:       86       26

MalkathaThursday, 19 September 2019 05:22 AM

තිළිණ, අම්මපා, මසුරන් කතාව..!

:       27       102

ජෝතිෂ විශේෂඥය ගිරිඋල්ලේ විපුල පෙරේරා Wednesday, 18 September 2019 04:43 PM

ඉන්දියන් ජ්‍යෝතිෂය අනුව නැකත් නැති දවසක්... යන්තර, මන්තර ආධාර කරගෙන දිනන්න බලාගෙන ඉන්න හොරුන්ට වැඩ වරදීවි. කිසිදාක නොවූ විරු අත්දැකීමක් වේවි. රටට ඉතාම හොඳ කලක් උදාකරන, දේශපාලන මඩ ගොහොරුවේ නොසිටි, දේශපාලනයේ නෑකම් නැති, නව නායකයෙක් බිහිවේවි. මේ මාසය තුළදී ජනතාව දැඩි ලෙස නොසන්සුන්වේ. දැනට සිටින සහ සිටි දේශපාලකයින් කළ සියලුම හොරකම්, මැරකම්,මිනීමැරුම්, අයථා ගනුදෙනු, රට පාවාදීම, වැනි ජනතාවට හිතකර නොවූ සියලුම දේ ජනතාව වටහාගනී. ඡන්දයෙන් පසු දැනට සිටින දේශපාලකයින් ඉතාමත්ම ප්‍රවේශම් විය යුතු කාලයක් උදාවේවි. සියලුම යට ගැසූ දූෂණ, වංචා, මිනීමැරුම්වල සත්‍ය තත්වය මතුපිටට පැමිණීම සහ දඬුවම් පැමිණවීම නව නායකත්වය යටතේ වැළැක්විය නොහැකිය. වසර 50 කින් පසු ශ්‍රී ලංකාවට ඉතාමත්ම වාසනාවන්ත කාලයක් උදාවේවි...!!!

:       63       301

HMThursday, 19 September 2019 03:28 AM

ඔබතුමාගේ අදහසට ගරුකරමි. අපේ කවුරුවත් බලාපොරොත්තු වන්නේ එවැනි නායකයෙක්. නමුත් ඒ සියල්ල කළ හැක්කේ පිටසක්වල ජීවියෙක්ට පමණයි.

:       0       33

sunil Wednesday, 18 September 2019 04:44 PM

නාගානන්ද මහතමයාට ජය වේවා...!!!

:       1429       674

Nanda Wednesday, 18 September 2019 06:19 PM

19 යටතේ ඡන්දයකි. තිබ්බත් නොතිබ්බා වගේ කරන්න මැකෝ බලා ගන්නවා නම් ජනතාවට කරදරයක් නැත​. අපේක්‍ෂකයන් ඒ ගොල්ලන්ගේ වැඩවලට මුදල් හොයන විදිය කියන්න​. රට දුවන්ඩ හදන්නේ ණය වෙලාද​? ටීම් එක ඉදිරි රජයක කවුද​? දුප්පතුන් ගැන බලනවද​? ට්‍රිකල් ඩවුන් එකනොමික්ස්ද​?

:       0       23

යාපා Wednesday, 18 September 2019 06:39 PM

ගෝඨාභය ජනාධිපතිතුමනි, ජයවේවා..!!! 

:       4       38

samiraThursday, 19 September 2019 03:06 PM

යාපා ඔබ වැනි වහල්ලුන් තවමත් 21 වෙනි සියවසේත් ජීවත්වන නිසා තමයි අපේ රටේ කොල්ලකාරයින්ට බිලිවුණේ. හිඟන්නෙක්ට පාර අයිනේ නිදාගන්න නොදී ඔළුවට ගල් අත හැර මිනී මැරූ යුගය අයෙත් ඔබට ඕනෑවී ඇත. නමුත් මෙවර නියම මිනිසුන් ඔය කොළ, නිල් ඔක්කෝටම කොකා පෙන්වනවා. නියතයි.

:       60       71

JCN Wednesday, 18 September 2019 07:05 PM

ඔක්තෝබර් 7ට කලින් පුරවැසි හුටපටේ බේරුමක් කරගන්න පුලුවන් වෙයිද අරුන්නැහේට...?

:       30       26

Chanak los angelesSaturday, 21 September 2019 02:42 AM

ගෝඨලා.. එදාම පාස්පෝට් එකක් හදා ගත්තා වගේ ඇමරිකාවේ පුරවැසිකමක් එහෙම ආවට ගියාට ගන්න ලැබෙන්නේ නැහැ.. ඇමරිකානු පුරවැසිකම අත හැරියාද නැද්ද පිලිබඳ කිසිම විස්තරයක් මෙරට විසින් අදාළ පුද්ගලයාට හැර 3න් වැනි පාර්ශවයන්ට ලබාදෙන්නේ නැහැ. ඔහු ඒ වාසිය දඩමීමා කරගනිමින් කියනවා පුරවැසිකම අහෝසියි කියා... අදාළ අවස්ථාව ආ විටදී මොහුට විරුද්ධව පෙත්සමක් ගොනුකලොත් මොහුට වෙනවා ලැබුණා කියූ සහතිකය අධිකරණයට ඉදිරිපත් කරන්න. එවිට nvc එකෙන් එම සහතිකය සත්‍ය එකක්ද? කියලා බැලීමට රටේ අධිකරණයට පමණක් බලය හිමිවෙනවා. ඔන්න එතකොට තමයි තරු පෙනෙන්නේ? එතකන් ජනතාව අන්දගෙන ගියාදෙන්..

:       0       1

lankasri Wednesday, 18 September 2019 07:31 PM

2020 නාගා, අපි නාගා සමගයි... ශ්‍රී ලංකාවට සෞභාග්‍යය උදා වේවා...!!! 

:       32       218

nirmalaThursday, 19 September 2019 03:08 PM

අපි, අපේ ගමේ ඔක්කොමත් නාගානන්ද මහත්මයාටයි..

:       25       97

තුසිත Thursday, 19 September 2019 04:33 PM

අපේ ගම මිගමුව.මිගමුවෙත් තරුණ තරුණියෝ ඔක්කොම නගානන්ද මහත්මයටයි.ඒ ඇරත් බැංකුවල ,ඉන්ජින්ර්රු ආයතනවල ,රෝහල්වල ...ඇතුළු හැම ආයතනයකම 50% විතරම නගානන්දට.මේපාර නියම සෙල්ලමක් බලන්න පුළුවනි.නගානන්ද බලයට ආවොත් මේ දියවන්නාවේ ඉන්න නරි ඔක්කොටම පෙන්ෂන් නැතිව හිඟා කන්න තමයි වෙන්නේ.

:       0       0

asoka Wednesday, 18 September 2019 07:48 PM

කොමසාරිස්තුමනි ගියසැරේ , අර මොකටද කකුලට තියන්නේ ඔලුවටම තියෙනවා ඇරෙන්න. මේ සැරේ කියන්න ඕනේ ඊට වඩා සැර එකක් .

:       0       4

lion Thursday, 19 September 2019 01:12 AM

මෙය මෙරට පවත්වන අවසාන ජනාධිපතිවරණය වේවා...!!!

:       32       36

jayath Thursday, 19 September 2019 03:51 AM

ඕනෑම කෙනෙකුට තමන් ආස කරන හීනෙක ගැලී ඉන්න තියන අයිතියට අපි ගරු කරනවා. ඒක ජෝතිෂ්‍ය කරුවන්ටත්, අනෙක් අයටත් පොදුයි..!

:       0       14

peiris Thursday, 19 September 2019 04:30 AM

විදේශීය පුරවැසියන් හොර සහතික වුණත් ඉදිරිපත් කරලා ජනාධිපතිවෙන්න දතකනවා.. කොහොම වුනත් ලංකාවට අබසරණයි..

:       72       110

rama Thursday, 19 September 2019 04:59 AM

අපේ ජනපති නාගානන්ද, ජය වේවා..!!!

:       152       216

NIRUPAThursday, 19 September 2019 06:05 AM

අපිත් කැමතියි මෙයා එනවා නම්.. ඒ වුණාට එයාට පක්ෂයක් නැහැනේ.. එයාට ඡන්දෙ ඉල්ලන්න බැරිවෙයි. ඒ වුණාට එයා සල්ලි නම් එකතු කරනවා.

:       2       51

jivaniThursday, 19 September 2019 03:11 PM

නැහැ නැහැ.. මෙයාගේ පක්ෂය හෙට, අනිද්දා එළිදක්වනවා. ඔබගේ වටිනා ඡන්දය මෙතුමා දිනවීම සඳහා පාවිච්චි කලොත් එය රට වෙනුවෙන් කළ ලොකුම ආයෝජනයක් වේවි. ස්තුතියි...!!!

:       10       68

Kodda Thursday, 19 September 2019 05:01 AM

ඡන්දයක් එන එක හොඳයි. කෙසේවෙතත් හොරුන්ට ඡන්දෙ දෙන්න නම් එපා කීයටවත්. රටට කිසිදෙයක් වෙන්නේ නැ. එ් නිසා කල්පනාකාරීව බුද්ධිමත් සහ දූෂිත නැති අපේක්ෂකයෙකුට අපේ වටිනා ඡන්දෙ දෙමු. ජයවේවා අපේ මව්බිමට...!!!

:       0       149

ලුම්බිණි Thursday, 19 September 2019 05:37 AM

දැනට ඉදිරිපත්වී සිටින සියලුම අපේක්ෂකයන් තමන් ගැන, තම පවුල ගැන, තම පක්ෂය ගැන හිතලා ඉදිරිපත් වූ අය විනා රට ගැන හිතලා ආපු අය නොවෙයි. රට ගැන විතරක් හිතන කෙනෙක් ඒවිද කියලා හිතන්නත් අමාරුයි. කළයුතු දෙය නම් අඩුවෙන්ම හොරකම් කරාවි හෝ අඩුවෙන්ම වැරදි කරාවි කියලා හිතෙන කෙනෙකුට ඡන්දය දීමයි. ඡන්දය නොදීම විසඳුමක් නොවෙයි.

:       0       11

ranil Thursday, 19 September 2019 06:23 AM

UNP අපේක්ෂක කරු ජයසූරිය මැතිතුමාට ජයවේවා! අපි දකුණේ පෝස්ටර් ගහන්නේ "කරු අයියාට ජයවේවා! කියලා.

:       23       2

thilakasiri Friday, 20 September 2019 09:00 AM

ආත්මාර්ථකාමී බලකාමයෙන් ජනපතිවරණ පවත්වන අය ජනතාවට සුර සැප දෙන බව කියමින් ලැබ බලයට එන්න මැරවර වැඩ කරමින් ඇනකොටා මරා ගැනීමට තම පාක්ෂිකයින් මෙහෙයවා දිනන කෙනා ලෝක නායකයින්ගේ සුභ පැතුම් ලබමින් ආරාධනා ලැබ පවුල් පිටින් හිතවතුන් පිරිවරා රට රටවල සවාරි ගහමින් සුඛෝපභෝගී වාහන ගෙන්වා ගනිමින් සියලු සුඛවිහරණ ලබමින් හමුදා ආචාර ඇතුළු සියලු ගරු බුහුමන් ලබමින් ඥාතීන්ට හා හිතවතුන්ට රජයේ පදවි නාන්තර දෙමින් දුප්පතුන්ට කලයි කියන්න කරනවා වගේ ඒ හිතවත් හා ඥති දානපතීන්ගේ ද උදව්වෙන් ගැති අය හදාගනිමින් තමන් වැජබෙමින් බලවතා වී කල්ගෙවන හැටි දන්නෝ හොදින් දනිති. මේ ඒකාධිපති ජනපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව බලවත් කර එහි විවිධ මතධාරී ජනතා නියෝජිතයින්ගේ මතගැටුමින් සම්පාදනය වන වන නීති මගින් ස්වාධින වූ අධිකරණයක් හරහා උසාවි පොලීසි හමුදා හා රාජ්‍ය ආයතනවලින් සැදුම් ලත් ස්වාධින රාජ්‍ යාන්ත්‍රණයක් මගින් ස්වයංක්‍රීයව ඒ සියලු ආයතන මගින් පාලනය වන පුද්ගලයෙක් බලවත් නොවන ප්‍රජාතන්ත්‍රවාදී පාලනය බිහිකිරීමට හැකිනම් සියලු ජනතාවට සහන සලසාගත හැකි වේ.

:       0       0

ඉඳුනිල් ප්‍රියන්ත Friday, 20 September 2019 11:35 AM

සියලුම දේශීය හා විදේශිය දූෂිත අපේක්ෂකයන් අතර අදූෂිත එකම අපේ පන්තියේ අපේක්ෂාවෙ අපේක්ෂකය අනුර කුමර්‍ර දිසානායක සහෝදරයා පමණයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 736 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 139 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 951 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 982 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1301 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1167 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site