IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනාධිපතිවරණය ජයගැනීමේ උපක්‍රමයක් සැකසෙයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සතු ජනාධිපතිවරණය ජයගැනීමේ උපක්‍රමය සැකසීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි මහත්වරුන් වෙත පවරනු ලැබිණි.

ඉහත කණ්ඩායම විසින් ජනාධිපතිවරණය ජය ගැනීමට ඉදිරිපත් කරන උපක්‍රම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කතානායක කරු ජයසුරිය මහත්වරුන්ගේ අදහස් ලබාගැනීම සඳහා මෙම සති අන්තයේදීම යොමු කිරීමට නියමිතය. මෙම උපක්‍රමය මේ සති අන්තයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ උපක්‍රමය සකස් කිරීමට තීරණය කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාප නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර අරලියගහ මන්දිරයේ දී ඉකුත් දා පැවැත්වූ සාකච්ජාවලින් පසුවය.



අදහස් (8)

ජනාධිපතිවරණය ජයගැනීමේ උපක්‍රමයක් සැකසෙයි

Raveendra Thursday, 12 September 2019 07:30 AM

මේ ඔක්කොම බලන්නේ මහබූරුවා තෝරන තරඟයේ දිනන්න විතරයි. රට ගොඩගන්න හැටි එකෙක් කතා කරනවද?

:       0       0

Perera Thursday, 12 September 2019 07:38 AM

බැරිද මේ ගොල්ලන් ටික එකතු වෙලා රට ජය ගන්න උපක්‍රමයක් සැකසුවොත්...? මොකද හැමදාම වෙන්නේ පක්ෂයක් ජයගත්තට රට පරාජය වෙන එකනේ...

:       0       0

Bandara Thursday, 12 September 2019 07:55 AM

උපක්‍රමය තමයි ඩීල් එක කියන්නේ.. එජාපය ඩීල්වලට හරි දක්ෂයි..

:       0       0

sirimal Thursday, 12 September 2019 08:39 AM

පසුගියදා පැවති රනිල්-සජිත් හමුවෙන් පසු එළැඹුණු එකඟතාවයක් අනුව ඊයේ (11) දහවල් රාජිත සේනාරත්නගේ නිවසේදී මලික්, මංගල සහ රාජිත අතර තවත් කතාබහක් ඇතිවුණු බව කියනවා. එහිදී ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සජිත් කණ්ඩායම විසින් රට පුරා පැවැත්වූ බවට කියූ සමීක්ෂණයක වාර්තා මලික් සමරවික්‍රම විසින් රාජිත සේනාරත්නට ලබාදී තියෙනවාලු. ඉන්පසු මංගල සමරවීර "2018 දී මමත් කිව්වේ රනිල් ඉදිරිපත් වියයුතුයි කියලයි. එ්ත් දැන් රටේ තියෙන දේශපාලන වාතාවරණයට අනුව නම් "ගම්මට්ටමේ, බිම්මට්ටමේ ජනතාව ඉල්ලන්නේ කවුද කියලා අපට වැටහීගොස් තියෙන නිසා ඒ මතය මම වෙනස් කරගෙනයි ඉන්නේ... ඒකයි අපි සජිත්ට වැඩ කරන්නේ... මෙදා පාර අපි පැරදුණොත් එන්නේ ටර්මිනේටර් කෙනෙක්. ඒක නිසා ගහන තුරුම්පුව හරියටම ගහන්න වෙනවා." කියා කිව්වලු. ඒ කතාවට රාජිත සේනාරත්න පිළිතුරු දී ඇත්තේ "සජිත් තනියම එනවා නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි, ඒත් එක එක්කෙනා සජිත්ව ඒ ඒ අයට අවශ්‍ය විදියට පාවිච්චි කරනවා. ඔයාලට තේරෙනවානේ මම කියන එක. සජිත්ගේ හිත හොඳකම නිසා එයා එක එක්කෙනාට අහුවෙනවා. එහෙම කොහොමද නායකයෙක් වෙන්නේ. අපට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකයි" කියාලු. මේ කතාබහ තවම කෙලවර වී නැති බවත් කීවාලු.

:       0       0

ආන්ජලෝ නුගාරා Thursday, 12 September 2019 09:08 AM

සජිත්ගේ වත්මන් ක්‍රියාකලාපයයි, මේ අදහසයි මට නම් තේරෙන්නේ නැහැ... මේ ආණ්ඩුවේ ක්‍රියාවට ජනතාව මොංගල් වෙනවා.

:       0       23

විනිවිද Thursday, 12 September 2019 10:13 AM

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සතු ජනාධිපතිවරණය ජයගැනීමේ උපක්‍රම තිබෙන්නේ දෙකකි. අලුත් මුහුණක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීම සහ ලංකාවේ වැඩකරන සෑමදෙනා සඳහාම ජාතික විශ්‍රාම වැටුපක් පිහිටුවීම මෙම කරුණු දෙක ඉදිරිපත් කරන්නේ නම් 100%ක් ජය නියතයි.

:       0       0

ramendra Thursday, 12 September 2019 11:21 AM

වැඩකරන පන්තියට මොනවද මේ කට්ටිය කරලා තියෙන්නේ? අද මුළු රටේම තරුණයන් මෑන්පවර් කියලා ශ්‍රම සූරාකන ක්‍රමයට මේ දෙගොල්ලම අරගෙන ගිහින් තියෙන්නේ, අපිට අද අවශ්‍ය වැඩකරන පන්තිය නියෝජනයක්... නැත්නම් කම්කරු ප්‍රඥප්තිය සම්මත කරන නායකයෙක්...

:       0       1

Mahee Thursday, 12 September 2019 12:36 PM

මං කියන්නද නොවරදින උපක්‍රමයක්. ඔබතුමාගේ ප්‍රධානම පොරොන්දුව වුනේ 'හොරු ඇල්ලීම සහ වංචා කළවුන්ගෙන් ඒ මුදල් ආපසු රජයට ලබා ගැනීම' නේ. හරි, කෝ හොරු ඇල්ලුවද කියන එකට පිළිතුරු වශයෙන් මහේන්ද්‍රන්ව ගෙන්වලා දෙන්න. ඔය බරපතල නඩු කීපයක් ඉක්මන් කරවලා දෙතුන් දෙනෙකුව හිරේ යන තැනට කටයුතු කරන්න. කොහොම හරි මහා භාණ්ඩාගාරයට සල්ලි ටිකක් (ණය නොවේ) හොයලා දාන්න. ඒ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන බවට පොරොන්දුවක් දී ඡන්දෙට එන්න. දිනනවා ෂුවර්...

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 136 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 294 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1256 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 176 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 379 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 344 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site