IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනාධිපතිවරණය ගැන ඉන්දියාව විමසිල්ලෙන්

තවත් දින පහකින් පැවැත්වෙන ජනාධිපතිවරණය දෙස ඉන්දියාව විමසිල්ලෙන් බලා සිටී. චීනය සමඟ වැඩි හිතවත්කම් පවත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාත් වත්මන් පාලක පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාත් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෝ 35 දෙනකේ අතුරින් ඉදිරියට පැමිණ සිටිති.

කෙසේ නමුත් ලබන සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ඉන්දියානු සාගරයේ දකුණුදිග කලාපයේ ඉන්දියාවේ පැවැත්වීම කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවැනි වරට ජනාධිපති ධුරය දරන්නකු, අගමැති ධුරය හොබවන්නකු හෝ විපක්ෂ නායකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන ජනාධිපතිවරණය මෙවර ජනාධිපතිවරණයයි.

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනකු නාම යෝජනා ලබා දුන්න ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අතර ප්‍රධාන තරගය නිර්මාණය වී තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා යනු චීනය සමඟ වැඩි හිතවත්කම් පෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරාය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයගැනීමේ වැඩි සම්භාවිතාවක් තිබෙන අපේක්ෂකයකු වුවත් මැතිවරණය සමබර අතර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර දැඩි තරගයක් පවතී.

ගෝඨාභය රාජපක්ෂ මහතා තරම් ජනප්‍රියත්වයක් නොලද සජිත් ප්‍රේමදාස මහතා කළු අශ්වයකු මෙන් නැගී සිටීමේ වැඩි ඉඩකඩක් පවතී. සජිත් ප්‍රේමදාස මහතා ආමන්ත්‍රණය කරන්නේ ජනගහනයෙන් හතරෙන් එකකට හිමිකම් කියන සුළු ජාතික ප්‍රජාවට සහ ග්‍රාමීය ප්‍රජාවටය.

අමාත්‍ය ධුරය හෙබවූ වසර පහක කාලයේදී තරමක නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ සජිත් ප්‍රේමදාස මහතා මතභේදවලට පැටළුණේ නැති තරම්ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමත් සමඟ ඇතිවූ දේශපාලන වියවුලේදීද රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත් කර තත්ත්වය ස්ථාවර කිරීම දක්වා ක්‍රියාවලියේදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පළමු වරට ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වූ අවස්ථාවේදී, ගුවන් තොටුපොළේදී ඔහු පිළිගැනීමට පැමිණියේද සජිත් ප්‍රේමදාස මහතාය.

1993 දී ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකාවේ තෙවැනි ජනාධිපතිවරයා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ප්‍රභූ පැළැන්තියෙන් තරමක් ඈත්ව සිටින අතර තමන් මහජනතාවගේ මිනිසා යැයි ප්‍රකාශ කරයි.

නිරීක්ෂකයන්ට අනුව කුලය සජිත් ප්‍රේමදාස මහතාට අමතර ඡන්ද කිහිපයක් ගෙනෙනු ඇතැයි පැවසේ.
තමාගේ පාලනයක් යටතේ හිටපු හමුදාපති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක අමාත්‍ය ධුරය හොබවන බව ද සජිත් ප්‍රේමදාස මහතා එක් අවස්ථාවකදී පැවැසීය. රාජපක්ෂ පාලන සමයේදී දූෂණ චෝදනා මත සරත් ෆොන්සේකා මහත සිරභාරයට ද පත්විය.

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් තිස් වසරක සිවිල් යුද්ධය සමයේදී සිදුවුණා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සමඟ ඇති කරගත් ගිවිසුම පිළිනොගන්නා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් දිනෙක පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

ජනාධිපතිවරණය සඳහා මිලියන 16කට ආසන්න ජනතාවක් සුදුසුකම් ලබා සිටින අතර නොවැම්බර් 16 වැනිදා ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය සියයට 80 ඉක්මවා යනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

වසර 2015 සිට ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල වර්ධනයක් දක්නට ලැබිණි. එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ද විවිධ අංශවලින් වැඩි විය.

ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ ආයෝජන සහ සංවර්ධන ව්‍යාපෘති රැසක්ම ක්‍රියාත්මක කළ අතර විශේෂයෙන්ම වරාය, ගුවන් සේවා, දුම්රිය යනාදී අංශවලට ඉන්දියාව දුන් දායකත්වය කැපී පෙනුණි. ඒ අතරවාරයේදී සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව ශ්‍රී ලංකාව තුළ චීනයේ පැවැත්ම ද සමබරව පවත්වාගෙන යෑමට දැඩිව උත්සුක විය.   

(ද ඉකොනොමික්ස් ටයිම්ස් ඇසුරිනි)

055

(ඡායාරූප -  ඒ.එෆ්.පී. සහ රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 



අදහස් (9)

ජනාධිපතිවරණය ගැන ඉන්දියාව විමසිල්ලෙන්

saranga Monday, 11 November 2019 06:17 PM

ඕනවට වැඩිය නිවට වුණාම එළුවාත් රැවුල පානවලු...

:       0       0

soma Monday, 11 November 2019 06:19 PM

වාසි තියෙන්නේ කාටද දැකලා... ඉන්දියාව අප්සෙට් වෙලා වගේ...

:       1       0

chandima Monday, 11 November 2019 06:37 PM

එක අලුත් දෙයක් නොවෙයි. ඒගොල්ලෝ අපේ රටේ හැම දෙයක් ගැනම විමසිල්ලෙන් තමයි ඉන්නේ. අපි නිදහස ගත්තු දවසේ ඉඳලම උන්නේ කොහොමද අංචියක් අදින්නේ කියලා.

:       0       0

ආන්ජලෝ නුගාරා Monday, 11 November 2019 06:46 PM

කළු අශ්වයෙක්ව නම් පේන්නේ නැහැ. මඩ අශ්වයෙක්ව නම් නැගිට්ටවන්න බලනවා...

:       1       0

රජින්ද Monday, 11 November 2019 08:14 PM

ඉන්දියාවේ රූකඩයක් වීම හෝ චීනයේ රූකඩයක් වීම තීරණය වන්නේ අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති සහ ඔවුන්ගේ දැක්ම තුළින් ගම්‍ය වන ප්‍රායෝගික ක්‍රියා කලාපයන් මතයි. දෙස්විදෙස් බුද්ධිමතුන්, උගතුන් ගෝඨා වටා ඒකරාශී වූයේ ඔහු තුළ වූ ඒ ශික්ෂණයත් ආකල්ප යථාර්තයක් කර පෙන්වූ දක්ෂතා නිසාත්ය. බොහෝදුරට ඉන්දියාවේ ප්‍රධානයන් වශයෙන් ලැබෙන මුදල් තමන්ගේ පුද්ගලික මුදල් මෙන් වියදම් කරමින් එක් පවුලකට සුවපහසු නවීන පන්නයට ගැලපෙන අවම වසර 20ක් වත් වාසය කළ හැකි නිවාස තනනවා වෙනුවට අවම පිරිවැයක් දරා, එක පවුලකට නිවසක් හදන වියදමෙන් පවුල්3 කට කුඩා නිවාස තනා දී ඇත. මෙවැනි අත්දැකීම තුලින්ම ඔහු වැන්නෙක් නවීන තාක්ෂණික යුගය ගැන අවබෝධයක් නැත්තෙකු සේ පෙනී යයි. ඒ නිසා කොන්දේසි සහිත ඉන්දියානු ප්‍රදානයන්ට වඩා රටට සේවයක්.., කොන්දේසි විරහිත චීන ණය වලින් ලැබෙනු ඇත. මේ රටට ඔළුව ඔසවන්න කෙටි කාලයක් යන නිසා චීන ණය වලින් හෝ තාක්‍ෂණික විද්‍යාල, කෘෂිකාර්මික යන්ත්‍ර සපයා ගැනීම කළ යුතුව ඇත. ඒ එම ණය මේ රටේ දීර්ඝ කාලීන ආයෝජනයන්ගේ හා තිරසාර ආර්ථිකයක පුරෝකථනය වන බැවිනි.

:       1       0

Raveendra Tuesday, 12 November 2019 02:03 AM

ඔව් ඉතින් අපේ අල්ලපු වැටේ ඉන්න අයියනේ. අපි වත්ත පහළ වැසිකිලියට බාල්දිය අරගෙන වැඩිපුර යනකොට වැට ළඟට දුවගෙන ඇවිත් ඇයි මල්ලියේ බඩේ අවුලක්ද කියලා අපේ දුක සැප සොයන හාදයනේ...

:       0       0

Amila Tuesday, 12 November 2019 02:30 AM

ප්‍රේමදාස නියත ජනපතියා.. ගෝඨාභය තරගයෙන් විසිවී අවසන්ය... මොකද ඔහු තවමත් ඇමරිකන් කාරයෙක් බව මාධ්‍යට පෙන්වූ ලිපිවලින් ඔප්පු වෙලා අවසන්ය. ඔහුගේ නීතීවේදියා පවා වැඩේ අනාගෙන ඇත. එක්කෝ ඔහුද වැඩකරන්නේ ගෝඨාට විරුද්ධවයි. එහෙම නැත්තම් නූගත්කමය. රාජපක්ෂ වෙනුවෙන් මහන්සි වූ අයගේ කාලය සහ මුදල් නිරපරාදේ නාස්ති කරපු පුද්ගලයෙක්.. නමුත් ගෝඨාභයගේ විසිවීමත් සමග අනුරට, මහේෂ්ට වගේම වෙනත් කුඩා අපේක්ෂකයින්ටද සැලකිය යුතු ඡන්ද ප්‍රමාණය ලබාගන්න හොඳ අවස්ථාවක් ලැබී තිබේ.

:       0       4

Dr. Vajira Fernando Tuesday, 12 November 2019 05:17 AM

ඉන්දියාව වැඩියෙන්ම බය සජිත් හෝ ගෝටා දෙන්නට නෙවෙයි. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා බලයට පත් වනවාටයි. 87 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ජවිපෙ ගෙනගිය අරගලය ඔවුන්ට තවම අමතක නැහැ. ඒ නිසා තමා ඔවුන්ගේ රහස් ඔත්තු සේවා මැදිහත් වී ජවිපෙ දෙවරක්ම බෙදීමට ලක් කළේ.

:       0       0

Rasika Tuesday, 12 November 2019 06:43 AM

ඉන්දියාවට ඕන විදියට ලංකාවේ ඡන්දය

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 154 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 102 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 657 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 48 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2051 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 385 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site