IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අභියෝගය බාරගන්නවා

(ශිරාන් රණසිංහ )


ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට  තමන්ට බාර දිමට එක්සත් ජාතික පක්ෂයත්, විපක්ෂ නායකත්වයත් තීරණය කළහොත්  එම අභියෝගය බාර ගන්නා බවට හිටපු හමුදාපති  ෆීල්ඩ් මාර්ෂල් ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවසීය.


 එය පක්ෂය විසින් ගත යුතු තීරණයක්  බවත්  තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේරා ගත් තමා ඉදිරියටත් රට සහ රටේ  ජනතාව වෙනුවෙන් අවංකව කැප වෙන  බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.


තම පක්ෂය ගන්නා තීරණයකට තමාද එකඟවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (36)

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අභියෝගය බාරගන්නවා

sanath Sunday, 19 August 2018 04:58 PM

මෙතුමා විහිලු කරන්නත් පටන්ගත්තද? වයසේ වැරැද්ද..

:       261       174

sirimal Sunday, 19 August 2018 05:56 PM

ඇත්තටම කියනවා නම් අපි දන්නා ආකාරයට පෙර එක්තරා මැතිවරණයක් දවසේ මධ්‍යම රාත්‍රිය වෙනතුරු ලැබී තිබුණු ප්‍රතිඵල අනුව ඉදිරියෙන් හිටියේ මෙතුමායි. නමුත් ඉන් ඉක්බිතිව පැයක් වැනි සුළු කාලයක් ඇතුළතදී ඒ සියල්ල යටිකුරු වුනා. ඉන්පසු සිදුවූ දේවල් දැන් ඉතිහාසයට එකතුවෙලයි තියෙන්නේ...

:       837       1009

Thilina Monday, 20 August 2018 10:22 AM

හිරිකිත නැතුව මෙහෙමත් කඩේ යනහැටි.. ඔබ වගේ මෝඩයින් තවත් ඉන්නවා කියලා හිතන්න අමාරුයි.. එතකොට 2015 මහින්ද පැරදුනේ හිටියා ඇති කියලා හිතලද? ඇයි එහෙනම් අදටත් මේ ආණ්ඩුවෙන් පරීක්ෂණ කරන්නේ නැත්තේ?

:       1013       841

sirimalMonday, 20 August 2018 11:07 AM

ඔබ ගැන මම අනුකම්පා කරනවා තිළිණ. වෙන කරන්න දෙයක් නැහැ. මම මේ කතාව ඇහුවේ මැතිවරණය දවසේ හිල්ටන් හෝටලයේ විශාල ශාලාවක් වෙන්කරගෙන සාදයක් සූදානම් කරගෙන හිටිය මහින්දගේ හිත මිත්‍රයින් පිරිසක් අතරේ හිටිය කෙනෙකුගෙනුයි. එම සාදය සූදානම් කලේ මහින්ද වෙනුවෙන් හැම මාසයකම 1 වෙනිදාට තිරුපති කෝවිලේ පූජාව සංවිධානය කරන ඉතාම ඉක්මනින් සුපිරි ධනවතෙක් වූ කෙනෙක්. බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. දැන් එයා මේ ආණ්ඩුවේ උදව්වෙනුත් දැවැන්ත ව්‍යාපාර කරගෙන යනවා. එයා එක්ක සමහර දවස්වල තිරුපති යන මගේ යාලුවා තමයි මට මේ කතාව කිව්වේ. මගේ යාලුවත් එයාගේ සමහර ව්‍යාපාරවල කොටස්කරුවෙක්. දැන් එයා කොළඹ ඉදිවෙන වරාය නගරයේ වැඩ වලට කළු ගල් සපයන ව්‍යාපාරයක් ඉතා සාර්ථකව කරගෙන යනවා. මට කාටවත් කඩේ යන්න අවශ්‍ය නැහැ. නමුත් මා කිව්වේ එදා එතැන සිටි අයෙක් මට කියූ කතාවයි. මහින්ද රාජපක්ෂ කාලයේ වූ දේවල් බොහොමයක් කිසිකෙනෙක් දන්නේ නැහැ. ඒවා ගැන කතාකළාම සමහරුන්ට ඒවා හිරිකිත දේවල් කියලා පෙනෙන්නේ ඒ නිසයි. දේශපාලන අන්ධ භාවයට බෙහෙත් නැහැ.

:       557       658

SLMonday, 20 August 2018 04:12 PM

මට නම් අනුකම්පා හිතෙන්නේ සිරිමල් ගැන. එයාගේ කතා මෙයාගේ කතා අහා අහා ඉන්නවා.

:       507       344

Aruna Sunday, 19 August 2018 06:06 PM

අම්මෝ පාතාලයන්ට ගිය රටක් වෙයි!

:       310       229

විජිත් Sunday, 19 August 2018 06:31 PM

කොටි ත්‍රස්තවාදීන් සමග කල සටනේදී මෙතුමා ඇත්තටම දක්ෂයෙක්. ඒ ගැන විවාදයක් නැහැ ඇත්තටම. දේශපාලනය කියන්නේ හමුදාව පාලනය කරනවා වගේ මිනිසුන් පාගාගෙන, අනුන්ගේ අදහස් නොඉවසන, තනි තීරණ ගන්නා දෙයක් නොවනබව තවමත් මෙතුමා ඉගෙනගෙන නැහැ වගෙයි මට නම් හිතෙන්නේ. හමුදාවෙන් ගෞරවාන්විත ලෙස සමුගෙන විශ්‍රාම ගත්තනම් මෙතුමාගේ වටිනාකම කියා නිම කරන්න බැහැ.

:       221       439

Kumar (Gulf) Sunday, 19 August 2018 06:42 PM

මේ දේශපාලු සාපයෙන් රට බේරාගැනීමට හැකියාව හා කැපවීම හා අවංකභාවය ඇත්තේ ඔබට බව විශ්වාසයි. ජයශ්‍රී.

:       711       1008

suddaThursday, 23 August 2018 06:18 AM

එහෙම සුදුසු නම් මොකද ගියපාර ඡන්දෙන් ඡන්ද 4000ක්ද කොහෙද අරගෙන පැරදුනේ. මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ඡන්දෙ දිනලා නෙවෙයි.

:       0       0

Sarath Sunday, 19 August 2018 07:40 PM

හමුදා පාලනයක් අවශ්‍ය නෑ.

:       206       132

tikiri Monday, 20 August 2018 12:49 AM

රෑ වැටුණු වලේ දවාලෙත් වැටෙන්න වගේ !

:       1556       1445

BamunuarachchiMonday, 20 August 2018 01:51 AM

ඉන්නෙත් වලේ නේ තව කොහේ වටෙන්නද.

:       1310       1082

Bamunuarachchi Monday, 20 August 2018 12:56 AM

මේ පක්ෂය තුළවත් තමන්ගේ ස්ථානය තේරුම් ගන්න බැරි මෙයාද ජනාදිපති වෙන්න හිතන් ඉන්නේ. මොනවා කොරන්නද 62 ඉන්නවානේ.

:       805       374

kamal Monday, 20 August 2018 02:22 AM

ඡන්ද 5000 අරගෙන කොහොම රටේ නායකයා වෙන්නද?

:       506       377

Chandima Fonseka Monday, 20 August 2018 03:03 AM

අපිට නම් අනේ අපොයි කියලා හිතෙන්නේ නැද්ද මේ ඔබ කරගන්න හදන වින්නැහි අහලා?

:       104       5

Chandima Fonseka Monday, 20 August 2018 03:06 AM

අපිට නම් අනේ අපොයි කියල හිතෙන්නේ නැද්ද? මේ ඔබ කරගන්න හදන වින්නැහි අහලා... අනේ නිකම් අපරාදේ මිනිස්සුන්ගේ උපහාසයට ලක් වෙන්නේ මොන කරුමෙටද මන්ද? මොකද ඔබට දේශපාලනය කරන්න ගියාම තියෙන්න ඕනෑ ඉවසීම කියන දේ හරියට නැති අඩුව නිසා අතර මගදී ඔක්කොම අය හතුරෝ වෙලා සියල්ල අවුල් වෙනවා.

:       206       110

ranga Monday, 20 August 2018 03:29 AM

මහ මැතිවරණයකදීත් ඡන්ද 5000ක් තියෙන්නේ... ජනාධිපති වෙන්න හිතන් ඉන්නේ.

:       168       118

Raveendra Monday, 20 August 2018 03:38 AM

මිනිසුන් හැටියට අප වැඩි දෙනෙකු තමන්ට පුළුවන් මොනවද තමන්ට බැරි මොනවාද යන්න හඳුනාගෙන නොමැති බවට මෙය කදිම උදාහාරණයකි. අප අතරින් " තමන් කිසිදෙයක් නොදන්නා බවට දන්නේ කීයෙන් කී දෙනෙකුද?

:       356       297

G.seka Monday, 20 August 2018 03:40 AM

ඉස්සෙල්ලාම පලා බබෙක් වෙලා බලමුද ඡන්ද කීයක් ගන්න පුලුවන්ද කියලා...

:       306       160

Bandula. Monday, 20 August 2018 03:59 AM

හිනා යනවා මේ වගේ විහිළු දැක්කම, අනේ මන්දා?

:       254       120

KANDEPOLA Monday, 20 August 2018 05:25 AM

ආයේ 2020න් පස්සේ තව අවුරුදු 25 කටවත් යූ එන් පී ආණ්ඩුවක් එන්නේ නෑ. ඇමති වෙච්ච හැටියේ කෝටි ගාණක ජනතා මුදලින් වාහන ඉල්ලපු මෙයා ජනාධිපති වුනොත් මොනවා කරයිද..?

:       242       146

ruwan Monday, 20 August 2018 05:56 AM

දේශපාලනය ඔබතුමාට හරි යන්නේ නැහැ කියලා තාම තේරුම් ගන්න බැරි වුනානේ.

:       112       206

සමන් Monday, 20 August 2018 06:56 AM

එහෙනම් ප්‍රශ්නයක් නෑ.

:       2       6

කිං ඩේවිඩ් Monday, 20 August 2018 07:59 AM

ජනාධිපතිගෙ පඩි අඩුයි . දැං ඔබට ලක්ෂ තුනාමාරක් හම්බවෙනකොට තනිකඩය වගේ යංතම් කාල බීල ඉන්නකොට ජනාධිපති වෙලා ලක්ෂයක් විතර තමයි ඒකෙ පඩි.

:       79       11

සොල්දාදු උන්නැහේ Monday, 20 August 2018 10:08 PM

ඒ වුනාට " සම්තින් " වලින් තව ලක්ෂ 15 ක් විතර අඩුම ගානේ හොයා ගන්න පුළුවනි. හමුදාවට කෑම සපයන කොන්ත්‍රාත් එකෙනුත් කෝටි 5 ක් විතර අවුරුද්දකට, ජාත්‍යන්තර ආර්ථික ගිවිසුම් අත්සන් කලාම " කෑල්ලක් " ලැබෙනවනේ. තමන්ට කැමති තැනකින් හොඳ ඉඩමක් සහ නවීන පන්නයේ ගෙයක් අනිවාර්යෙන්ම " දේපොළ වෙළඳම් කාරයන්ගෙන් ලැබෙනවාමයි. ඉතින් මදැයි..නිකම්ම නිකම් ජෙනරාල්ට මේ මදැයි...හැබැයි ගිය සැරේ වගේ වැඩේ ගැස්සුනොත් ...බෙලෙක් පිගානේ තමයි කන්න වෙන්න. නැෂනල් එක ගලවලා ජම්පර් තමයි ආයෙත් ආණ්ඩුවක් එනකම්...මොකද කියන්නේ කැමතිද ...?

:       112       168

Nishantha Monday, 20 August 2018 08:01 AM

අපේ රටේ මිනිස්සු ඒ ගොල්ලන්ගේ පෞද්ගලික වැඩ වලදි සුදුසුම පුද්ගලයා තොරනවා. ඒත් රටේ පාලකය තෝරනකොට මන්ද බුද්ධික වෙනවා

:       0       85

dhanushka Monday, 20 August 2018 08:26 AM

ඔය හීන වලින් ඇහැරිලා ඉස්සල්ල මහත්තයෝ ඔය හරියට දීල තියන ඇමතිකම හරියට කරන්නකෝ . අනිත් ඒවා පස්සේ බලාගන්න බැරි යැයි.

:       92       14

Sameera Monday, 20 August 2018 08:45 AM

මෙයලාට බලය ලැබෙන කොට මොලේ නැතිව යනවා. උද්දච්චකම ඔළුවට ගහනවා මේ වගේ මිනිස්සු රටේ නායකයන් උනත් රට වැනසෙයි.

:       0       16

sisira Monday, 20 August 2018 09:00 AM

මොනවත් නොකියන්න

:       0       1

sirimal Monday, 20 August 2018 09:10 AM

මා පෞද්ගලිකවම දන්නා කරුණක් තමා එදා මැතිවරණය පැවති දවසේ මධ්‍යම රාත්‍රිය වෙනතුරු ලැබුන ප්‍රතිපල අනුව ෆොන්සේකා ඉදිරියෙන් සිටි බව.

:       410       448

ලුම්බිණි Monday, 20 August 2018 10:13 AM

මහින්ද රාජපක්ෂ වගේ නොවී තමන්ගේ තත්වය රැකගෙන ඉන්න බැරි මොකද? වරක් ඉල්ලුවා නේද?

:       53       36

Adam Monday, 20 August 2018 10:25 AM

මෙතුමාට අපි හැමෝම ආදරය කළා. එ්ත් අද වෙනකොට මෙතුමාව මුළු රටටම එපා වෙලා තියෙන්නේ මහ බැංකුවේ සල්ලි ඒ වගේම පාතාලය මෙතුමාගේ ළගම මිතුරෝ ඇත්තම කියනවා නම් මෙතුමාට ආයේ ප්‍රාදේශීය සභාවටවත් එන්න ඡන්දය ලැබෙන්නේ නැහැ. තරුවක් දෙකකුත් ගලවලා දාන්න තියෙන්නේ...

:       205       146

jerami Monday, 20 August 2018 10:32 AM

එදා මැතවරණ ප්‍රතිඵල අනුව මෙය අවසන් මොහොත වනතුරු ඉදිරියෙන් හිටි බව අපි දැක්කා. නමුත් අවසන් පැයේදී වුණු දේ ගැන දන්නේ එදා හිටිය මැතිවරණ කොමසාරිස්. අද එයා ආගිය අතක් නැහැ. කාටවත් ඒවා ගැන හොයන්න වුවමනාවකුත් නැහැ. ඇත්ත කවදා හෝ එළිවෙයි. කල් ගියත් කොම්පියුටර් කරපු ජිල්මාටුත් අපිට තේරුණා. කරපු මිනිස්සු දන්නවා මොකද්ද වුනේ කියලා...

:       311       182

laksman Monday, 20 August 2018 01:13 PM

ඔබතුමා 2009 මැයි මාසයේ මේ රට භාරගත්තා නම් මේ රට හදන්න තිබුණා. දැන්නම් මේ රට ගොඩගන්න සමතෙක් පේන්නවත් නැහැ.

:       12       227

සමන්ත Monday, 20 August 2018 01:54 PM

ඒ කතාව මම අනුමත කරනවා. කවුරු කිව්වත් බොරුවක් නම් බොරුවක්. එ්ත් ඇත්ත නම් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නෑ. ඒ කතාව සත්‍යයක්. එ්ත් සරත් ෆොන්සේකා මහත්මයා දැන් ජනාධිපති වරණයකට ඉදිරිපත්වීම ගැන සිතීමවත්, ජනාධිපති වීමට උත්සාහ දරන එකවත් නිවැරදි නැහැ. එ්කට ඉඩ දෙන්නත් බෑ. ඒ නිසා එය නිකම්ම කතාවක් පමණයි.

:       0       9

Dasa Thursday, 23 August 2018 12:32 AM

ජෙනෙරල් කෙනෙක්ට නිකන්ම නිකන් ජෙනෙරල් කියන්න ඔයානම් සොල්දාදු උන්නැහේ කෙනෙක් වෙන්න බෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 17 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 694 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2091 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1509 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 854 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2073 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 232 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site