IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනවාරි සිට වාහන වලට කාබන් බද්දක්

2018 මුල්‍ය පනත යටතේ ඩීසල් සහ පෙට්‍රල් වාහන සියල්ලටම ජනවාරි 1 පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි කාබන් බද්දක් පනවන බව මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.

විදුලි බලයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ මෙම බද්දෙන් නිදහස් කෙරෙන අතර ඩීසල් සහ පෙට්‍රල් වාහනවට බද්ද පැනවන්නේ ඉන්ධන පරිභෝජනය අනුව යැයි චන්ද්‍රසිරි මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කීය.

මෙම බද්ද නිෂ්පාදිත වර්ෂය වසර පහකට අඩු නිෂ්පාදිත වර්ෂය වසර පහත් දහයත් අතර සහ නිෂ්පාදිත වර්ෂය වසර දහයකට වැඩි යන අංශ තුන යටතේ අයකරන බවද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

පෙට්‍රල් හෝ ඩීසල් හෝ භාවිත කරන දෙමුහුන් (හයිබ්‍රිඞ්) වාහනවලට ඒවායේ එන්ජින් ධාරිතාව සහ නිෂ්පාදිත වර්ෂය පහකට අඩු නම් ඝන සෙන්ටිමීටරයකට සත 25ක් ද නිෂ්පාදිත වර්ෂය පහත් දහයත් අතර නම් ඝන සෙන්ටිමීටරයකට සත 50ක් ද නිෂ්පාදිත වර්ෂය දහයකට වැඩි නම් ඝන සෙන්ටිමීටරයකට රුපියලක් වශයෙන් ද බද්ද අයකරන බව ඔහු පැවසීය.

පෙට්‍රල් හෝ ඩීසල් හෝ භාවිත කරන සාමාන්‍ය මෝටර් රථවල නිෂ්පාදිත අවුරුද්ද පහකට අඩු නම් ඝන සෙන්ටිමීටරයකට සත 50ක් ද, නිෂ්පාදිත වර්ෂය පහත් දහයත් අතර නම් ඝන සෙන්ටිමීටරයකට රුපියලක් ද නිෂ්පාදිත වර්ෂය දහයකට වැඩි නම් ඝන සෙන්ටිමීටරයකට රුපියලයි සත 50ක් ලෙස ද බදු පනවන බව කොමසාරිස් ජෙනරාල්වරයා කීවේය.

මගී ප්‍රවාහන බස්රථවල නිෂ්පාදිත වසර අවුරුදු පහකට අඩු නම් රුපියල් 1,000ක් ද නිෂ්පාදිත වසර අවුරුදු පහත් දහයත් අතර නම් රුපියල් 2,000ක් ද එය වසර දහයකට වැඩි නම් රුපියල් 3000ක්ද වශයෙන් බදු පැනවෙන බව ද කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රසිරි මහතා පැවැසීය.

ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පළාත් කොමසාරිස්වරුන් හරහා අදාළ ගෙවීම් කළ හැකි බව ද ඔහු කීය.

කාබන් බද්ද මේ වසරේදී අනිවාර්ය නැති බවත් එය ලබන වසරේ සිට අනිවාර්ය බවත් කොමසාරිස් ජනරාල්වරයා 2020 වසර සඳහා ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා කීය. ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී 2019 වසර වෙනුවෙන්ද බද්ද අයකරන බව පැවසීය.

මේ සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇතැයි ද ජගත් චන්ද්‍රසිරි මහතා තවදුරටත් කීවේය. 

ඩේලිමිරර් ඇසුරිනි

055

 



අදහස් (30)

ජනවාරි සිට වාහන වලට කාබන් බද්දක්

sandy123 Wednesday, 09 January 2019 08:03 PM

ඡන්දය භාවිතා කරනවට බද්දක් එහෙම නැත්ද?

:       0       0

chandima Wednesday, 09 January 2019 09:58 PM

මීළඟට ඉතිරිවෙලා තියෙන්නේ ගොන් කරත්තවලට මීතේන් බද්දක් ගහන්න විතරයි.

:       0       0

gunasena Thursday, 10 January 2019 12:05 AM

වාහනය පරණ වෙනකොට බද්ද වැඩිවන්නේ කොහොමද?

:       0       0

රජින්ද Thursday, 10 January 2019 12:19 AM

මේ ගමන්ම ඇඟ බද්දකුත් ගැහුවොත් හොදයි. ප්‍රතිපත්තියක් හෝ සැලසුමක් නැති අවාසනාවන්ත රටක් දැන් මේක. එක එකාට හිතුහිතු දේ මේ රටට කරනවා. බදුවලින් මේ රටේ මිනිස්සුන්ව නොමරා මරනවා... අලුත් වාහනවල මිල වැඩිකරලා, පරණ වාහනවලට බදු ගහනවා.

:       0       0

de silva Thursday, 10 January 2019 01:14 AM

මෙම අලුත් බදු වලින් ලබාගන්න මුදල් වියදම් කරන්නේ කුමක් සදහාද ?

:       0       131

janaka Thursday, 10 January 2019 02:00 AM

රටක සංවර්ධනයට බදු පැනවීම සාධාරණ උවත්, මේ දේශපාලකයන්ගේ අදුරදර්ශී පාලනයට ණය ගෙවීමට හා උන්ගේ සැප විහරණයට මෙවැනි බදු පැනවීම කණගාටු දායකයි.

:       0       132

Amila Thursday, 10 January 2019 02:06 AM

ආර්ථිකය ගැන මෙලෝ දෙයක් නොදන්න මංගල ආන්ඩුව ගෙදරම යවයි ඊලග ඡන්දයෙන්. පුලුවන් තරම් නොදැනෙන්න වක්‍ර බදු තමයි ගන්න ඕන මේ බදු වලින් වෙන්නේ ආන්ඩුව තව තවත් අප්‍රසාදයට පත්වීම.

:       32       61

නයනජිත් කොස්වත්ත Thursday, 10 January 2019 02:27 AM

පෞද්ගලික වාහනවලට ඕනතරම් බදු ගහන්න. හැබැයි පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයත් ඒ හා සමානව දියුණු කරන්න. මිනිස්සු පෞද්ගලික වාහන මිලදී ගන්නේ පොදු ප්‍රවාහනය ගැන විශ්වාසයක් හා එහි පහසුකම් නැති නිසා.

:       0       160

theshan Thursday, 10 January 2019 02:36 AM

තව ටික දවසකින්, ඉස්තෝප්පු බද්ද, පොල් බද්ද, ඇඟ බද්ද, වගේ සුද්දගේ කාලේ වගේ බදු ගහයිද දන්නේ නැහැ. වාහන ගන්නකොට බදු ගෙවන්න ඕන, ඒ වගේම වාහනේ නඩත්තුවට වෙන බදු ගහනවා.

:       36       144

Samantha Thursday, 10 January 2019 02:59 AM

බදු ගහනවා ඇරෙන්න කරන්න දෙයක් ඇත්තේම නැද්ද.?

:       14       125

hemantha Thursday, 10 January 2019 03:05 AM

කාර්බන් බදු මුදල් වලින් මොනවද කරන්න බලා පොරොත්තු වෙන්නේ.

:       0       118

ajith Thursday, 10 January 2019 03:06 AM

මෙහෙම වාහන බදු ගහන්න ගියොත් බස් ගාස්තු , පාසල් වැන් ගාස්තු මේවත් වැඩි වෙනවනේද? අනික බොහොම අමාරුවෙන් ෆිනෑන්ස් කරලා වාහනයක් ගත්තු මිනිස්සුන්ට, දුම් බද්දයි, ආදායම් බලපත්‍රයයි, රක්ෂණයයි ගන්නත් ඕනේ. දැන් තවත් එකක්. කාබන් බද්ද නොවෙයිද දුම් පරීක්ෂා කරලා කරන්නෙත්. අඩුපාඩුවකට තියෙන්නේ, වාහනයක් ගෙදර තියෙනවට බිම් බද්දකුත් නියම කරලා නැති එක විතරයි. එකත් ළඟදීම එවී.

:       6       155

vipula Thursday, 10 January 2019 03:16 AM

එකෝ ටෙස්ට් කියලා එකක් ගෙනල්ලා එකටත් ගානක් දෙන්න ඕනේ. ඊට පස්සේ කාබන් කියලා තවත් ගානක් දෙන්න ඕනේ. රටේ තිබෙන ප්‍රවාහන පහසුකම් දියුණු කරන්නේ නැතුව මොනවද මේ ගහන බදු. දුම්රිය සේවය දියුණු කරන්න කිසිම වැඩ පිළිවෙලක් නැහැ අලුතින් දුම්රිය ගමන් වාර අවුරුද්දකට එකක් වත් වැඩි වෙන්නේ නැහැ . බදු ගහන එක විතරයි

:       0       154

wikiThursday, 10 January 2019 03:53 PM

මෙතන ලොකුම ප්‍රශ්නේ බදු ගහනවා ගහනවා ඉවරයක් නැහැ. නමුත් කෝ පොදු ප්‍රවාහන සේවයක්? රෑ 7 පහු වෙනකොට ගාලු පාරේ බස් නැහැ. වැඩ ඉවර වෙන්න පැයක් පරක්කු වුනොත් යන්න විදියක් නැහැ. හදිස්සියේ වැඩකට යන්න ප්‍රමාණවත් සේවයක් නැහැ. ඉතින් අමාරුවෙන් ගත්තු වාහනේටත් දැන් මුන් කෙලින්නයි යන්නේ. දැන් ඔය ගහන බදු කමක් නැහැ කියමුකෝ. පරිසර හිත කාමී කියලා EURO4 එක එහෙනම් අඩු කරන්න එපැයි අනික් එකට වැඩ. මේ ඔක්කොම හදන්නේ ජනතාව කන්නයි...

:       0       0

ඉන්දික Thursday, 10 January 2019 04:14 AM

අපි තව තවත් බදු ගෙවමු. ඊළඟ වටයට කොල්ල කන්න සල්ලි හොයා ගන්නත් එපැයි.

:       10       209

Darshana Thursday, 10 January 2019 04:41 AM

විවිධ දේ හොයා හොයා බදු ගහනවා ....

:       0       188

saman Thursday, 10 January 2019 06:07 AM

එකෙත් බද්ද වැඩි දුප්පත් මිනිසුන්ගේ පරණ කාර් වලට.

:       0       296

max -qatar Thursday, 10 January 2019 07:38 AM

ඇයි මේ සාමාන්‍ය ජනතාවට විතරක් බදු ගහන්නේ. සිටිබි බස් වල කොච්චර දුමක් පරිසරයට මුදා හරිනවද. කෝච්චි කොච්චර දුමක් මුදා හරිනවද. රජයේ වාහන කිසිවකට බදු නෑ. සාමාන්‍ය ජනතාවගේ හැමදේටම බදු. සාමාන්‍ය ජනතාවගෙන්ම බලයට පත්වෙලා ජනතාවම හුරගෙන කනවා .

:       0       0

Hafeel Thursday, 10 January 2019 07:41 AM

මේ බදු අය කිරීමෙන් පරිසර හානිය වලක්වන්න පුලුවන්ද? චම්පික පරිසර ඇමති ඉන්න කාලේ ජංගම දුරකතනවලට පරිසර බද්දක් කියමින් 5% බද්දක් පැනවුවා. එම බද්දෙන් පරිසර හානිය වැලැක්වුනාද? හැම පැත්තෙන් මහජනයාට බර.

:       0       0

Liya Thursday, 10 January 2019 08:16 AM

පහසුවෙන් ගෙවන්න සහ ගන්න පුළුවන් සහ සුළු මුදලක බද්දක් උනොත් ටිකක් හරි හිත හදාගන්න පුළුවන් .

:       0       18

isurandi Thursday, 10 January 2019 08:23 AM

එක්කෝ ආනයන නතර කරන්න ඕනේ. නැත්තම් මේවා මිලදී නොගන්න ඕනේ. නැත්තම් ඉතින් කට පියාගෙන ඉන්න ඕනේ. එහෙමත් බැරිනම් මේ පිළිල අයින් කරලා රටට අලුත් වෙනසක් ඇති කරන්න ඕනේ. නැත්තම් ඉතින් උහුලා උහුලා තමයි ඉන්න වෙන්න මැරෙන තුරාවටම.

:       0       0

lankasri Thursday, 10 January 2019 09:22 AM

කාබන් බද්දක් ගෙවන්න ඕනේ තෙල් විකුණන කෙනානේ.

:       0       0

chandana Thursday, 10 January 2019 10:52 AM

ණය ගෙවන්න.

:       0       0

athula gunasena Thursday, 10 January 2019 11:28 AM

දැන් මේ බද්දෙන් ගන්න සල්ලි වලින් වායුගෝලයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය අඩුකරනවද ?

:       0       0

Soma dubayi Thursday, 10 January 2019 01:14 PM

විශිෂ්ට තීන්දුවක්. වාහන පාවිච්චි කරන්නේ සල්ලිකාරයන්ට බදු ගහන්න.

:       0       0

sapuaml Thursday, 10 January 2019 02:18 PM

බදු ගැහුවට කමක් නැහැ. එ්ක රටේ සංවර්ධනයට යොදවනවා නම්. එ්ත් අපේ රටේ දේශපාලකයෝ කරන්නේ සාමාන්‍ය මිනිහගෙන් බදු ගහලා පරම්පරා ගානකට හරියන්න රටේ මුදල් කොල්ල කන එකයි. හෙනම ගහන්න ඕනේ...

:       0       0

Kumara Thursday, 10 January 2019 03:31 PM

ජනතාවට 2019 විනකිරීම... ගම්පෙරළිය..

:       0       0

Rohana Friday, 11 January 2019 02:43 AM

වාහනවල තිබෙන අනිකුත් අංගෝපාංග වලටත් බදුගහන්න පුළුවන්නේ... හැබැයි ඡන්දෙ ඉල්ලගෙන නම් මේ පළාතේ එන්න එපා... හරිද?

:       0       0

නාලක Monday, 14 January 2019 05:15 AM

මහ බැංකුව හොරා කාපුවා දැන් එකතු කරන්න ඕනෑනේ.. ඉතින් බදු ගහනවා.. දෙන්නම් මේ පාර ඡන්දේ...

:       0       0

sampath Monday, 14 January 2019 10:57 AM

කාබන් බද්දේ සියලුම මුදල් වනවගාවට යොදවන්න ඕනේ එහෙමනම්. කාබන් තුලනය කරන්නේ ශාක විසින් අනෙක් අතට දුම් පරික්ෂාව ඉවත් කරන්න ඕනේ එකම දේට දෙපාරක් බදු ගහන්නේ මොන පදනමින්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 164 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 702 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 425 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1222 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 68 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2436 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site