IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප වැඩිවේ

2018 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට පහළොවකින් වැඩිවන බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා අද (14) පාර්ලිමේන්තු‍වේදී පැවසීය.
 
ඒ අනුව කාර්යාල කාර්ය සහයකයකුගේ මූලික වැටුප  රුපියල් 23 600 දක්වා වැඩි කෙරෙන බවත් නීතිපතිවරයාගේ වැටුප රුපියල් එක්ලක්ෂ දසදහස දක්වා වැඩිවන බවත් ඇමතිවරයා සඳහන් කළේය. විශේෂඥ වෛද්‍යවරයකුගේ මූලික වැටුප 60,000 සිට රුපියල්  69,756 දක්වා  වැඩිවන බවත් ඇමතිවරයා පැවසීය. 
 
රාජ්‍ය සේවකයින්ගේ එම වැටුප් වැඩිවීම හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 12 ක අතිරේක මුදලක් වාර්ෂිකව අවශ්‍ය වන බවත් ඇමතිවරයා සඳහන් කළේය.



අදහස් (46)

ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප වැඩිවේ

ධම්මික Tuesday, 14 November 2017 04:14 PM

මොකෝ එක පාරටම මේ. මොකද වුණේ

:       4       122

P. IlangaratneTuesday, 14 November 2017 09:42 PM

ජනවාරි චන්දයක් තියෙනවනේ !!!! ප්‍රමාද වැඩියි. දැන් මිනිස්සු ඕවට අහුවෙන්නේ නැහැ.

:       3       173

kasunTuesday, 14 November 2017 11:52 PM

කලිනුත් 10,000 න් වැඩි කළා. බොහෝ අය කරන වැඩකුත් නැහැ. හරිම අකාරියක්ෂමයි. දේශපාලන පත්විම් තමයි වැඩිපුරම තියෙන්නෙත්. මේ අයගෙම වැටුප් වැඩි කරන්නේ ඇයි? රජයේ අයට 10,000 න් වැඩි කළ පාර,අර්ධ රාජ්‍ය සේවකයින්ගේ පඩිය කීයකින් වැඩි වුනාද කියලා කවුරුත් හොයලා බැලුවද? නොමරා මැරෙන පුද්ගලික සේවයේ අයට කීයක් වැඩි වුනාද? රටේ බඩු සල්ලි දිලා ගන්නේ රජයේ සේවකයෝ විතරද? සමහර අර්ධ රාජ්‍ය ආයතන වල මැදි හා පහළ මට්ටමේ සේවකයින්ගේ පඩිය වසර 5 ට විතැ සැරයක් වරඩි කරලා තියෙන්නේ රු. 2000-3000 න් කියලා කායන්න ලැජ්ජයි. නමුත් මෙවැනි ආයතන වලත් ලොකු පුටුවල අය සහ රැකියාව කරනවයි කියලා දේශපාලනය කරන අය ලක්ස ගණනින් හොරෙන්ම තමන්ගේ තලයේ වැටුප් නම් වැඩි කරගෙන තියෙනවා. මේවා සොයා නොබලන්නේ ඇයි?

:       33       189

dayalTuesday, 14 November 2017 11:58 PM

ඉතා ප්‍රසිද්ධ අර්ධ රාජ්‍ය ආයතනයක කාර්මික අංශයේ අයෙකුගේ වැටුපත් රජයේ සේවයේ කා.කා.ස කෙනෙකුගෙ වැටුපට වඩා අඩුයි. කා.කා.ස වැඩ්ම උනොත් 8 පාස් ඇති. කාර්මිකයා කාර්මික විද්‍යාල වල වසර 4 ක් පුහුණූව ලබා සහතික හිමිකරගත් අයෙකි. මෙන්න රටේ වෙනස. දැරන් හිතෙනවා මොනවට ඉගෙන ගන්නවද. ඉගෙන නොගෙන ඒ කාලෙත් ජොලි කරලා, පසුව මන්ත්‍රිෙග පස්සෙ ගියානම් කා.කා.ස කමක් ෂුවර්නේ. ඇති වගකිමකුත් නැහැ. නිකන් ඉඳලා හොඳ පඩිනේ කියලා.

:       3       169

bamunuarachchiWednesday, 15 November 2017 01:33 PM

එහෙම හිතන්න එපා. උගත්කමයි, සල්ලියි කියන්නේ දෙකක්. ඔබේ උගත්කමට සමාජයේ උගත්, බුද්ධිමත් මිනිසුන් සලකාවි.. නමුත් කාගෙවත් සල්ලිවලට උගත් බුද්ධිමත් මිනිසුන් සලකන්නේ නැත.

:       0       1

RaveendraWednesday, 15 November 2017 01:45 AM

ධම්මික මය වෙත, ඔබගේ අදහස පරිදි මේ හැරෙන්නේ කෙසෙල් පදුරට බව මුළු රටම හොදින් දනී. අනේ අපගේ මවුබිම " හිගන කාලකන්නි දේශපාලුවන්ගෙන් " පරිපුර්ණ වීම අබාග්‍යකි .

:       0       10

sanathWednesday, 15 November 2017 07:17 PM

මේ වැටුප් වැඩිවීම පස් අවුරුදු සැලැස්මකට 2016 සිට 2020 දක්වා වෙන දෙයක්. ඒකට හේතුව තමයි 2015 අය වැයෙන් වැඩිකරපු 10000/- 2020 දී මුලික වැටුපේ අවම වැඩිවීම ලෙස සලකා විවිධ ශ්‍රේණි වලට 1:4.2 අනුපාතයට වැටුප් වැඩි කිරීම. මෙහිදී අග්‍ර විනිශ්චය කාරයාට උපරිම වැඩිවීම වන 42000/- 2020 දී ලැබෙනු ඇත.

:       0       0

wije Tuesday, 14 November 2017 04:23 PM

ඔව් ඉතින් කොහොමහරි පළාත් පාලන ඡන්දය දිනාගන්නත් ඕනනේ නේද.

:       47       207

Bamunuarachchi Tuesday, 14 November 2017 04:30 PM

අපේ බදු මුදලින් ඕකද කරන්නේ. අනේ ආයුබෝවන් එදා වේල කන්න නැති කෙනත් වක්‍රව බදු ගෙවනවා. ඒකෙන් තියෙන කෙනාව තව පොහොසත් කිරීම පොලොව නුහුලන අපරාධයක් නේද?

:       0       196

rohana Tuesday, 14 November 2017 04:57 PM

රජයේ සේවකයින්ගේ පඩි වැඩි නෙවෙයි 50% කපල දාන්න ඕන. රජයේ ඕනම ආයතනයකට ගිහින් වැඩක් කරගන්න පුලුවන්ද? ඔහේ වාඩි වෙලා ඉන්නවා. පුටු රත් කර කර. භූ විද්‍යා සහ පතල් කාර්යාංශය, කොළඹ නාවික කටයුතු අමාත්‍යංශය, පරිසර අමාත්‍යංශය තව ඕන තරම් දාන්න පුළුවන් මම මේ ආයතන වලට උදේ ඉඳන් හවස් වෙනකල් ඉඳල වැඩේ කරව ගන්නේ නැතුව ආපු දවස් සිය ගානක් තියෙනවා. එන්නේ උදේ 10 ට. වැඩක් ආණ්ඩුවේ සේවකයන් ගැන කියල වැඩක් නැහැ. ඒ අය ඉල්ලීම් නම් ඉල්ලනවා නමුත් තමන්ගේ යුතුකම් ඉටු කිරීම නම් 0.01%. අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ රජයේ සේවකයන් නිසා. පඩිය 50 % අඩු කරන්න ඕන. රාජ්‍ය ආයතන පුද්ගලික කරන්න ඕන.

:       1538       1561

vishakaWednesday, 15 November 2017 12:01 AM

ඇයි සමහර රජයෛ් වෘර්තීය මාර්ගෝපදේශක කට්ටිය?

:       0       6

කමල්Wednesday, 15 November 2017 04:00 AM

රෝහණ, ඇයි රා.සේ. කොමිසම, ලිපියකට පිළිතුරු එන්නත් මාස ගණනක් යනවා, සමහර වටි පිලිතුර එන්නේම නැහැ. රා.ප.අ. හි ඒකාබද්ධය ක්‍රියා නොකල ලිපි කොතරම් තියනවාද? රජයේ සේවකයන් සාමාන්‍ය මහජනතාව පමණක් නොවේ සහෝදර රජයේ සේවකයන්වත් අපහසුතාවයට පත් කරනවා. එතින් ජනතාව ගැන කුමන කතාද හා!

:       0       5

pakeer Tuesday, 14 November 2017 05:22 PM

අනේ මේ වගේ රටක ඉපදෙන්න අපි මොනවගේ පවක් කරන්න ඇත්ද?

:       0       179

lusena Tuesday, 14 November 2017 05:47 PM

අද ලංකාවේ රජයේ ගුරුවරයකුගේ වැටුප රුපියල් 30,000 අතර. ඒ මිනිසුන්ටත් සාධාරණයක් ඉටුකරන්න.

:       1       1952

lusena Tuesday, 14 November 2017 05:50 PM

කලින් සිල්රෙදි, කොඩි කණු ඡන්දෙ දවස්වල බෙදුවා කියලා බෙරිහන් දීලා තුන් හතර දෙනෙක් කුඩුවට දැම්මා, එතකොට මේවා ඡන්ද අල්ලස් නෙමේද.

:       83       231

himalWednesday, 15 November 2017 03:37 AM

තවම ඡන්දය පවත්වන දිනය ගැසට් වෙලා නෑ. ඒ නිසා රජයේ සේවකයින්ගේ වැ‍ටුප් වැඩි වීම ඡන්දයට අදාළ නෑ. ඒ වගේම මේක කලින් පොරොන්දු වු දෙයක්. ක්‍රියාත්මක වීමක් තමයි කියන්නේ. ඒ වගේම කා.කා.ස.ගේ වැ‍ටුප ගුරුවරයෙකුට වඩා වැඩි වෙන්න පුළුවන්, ඒත් කා.කා.ස. දවසට පැය කීයක් වැඩද? තමන්ගේ කියලා විෂයකට සීමා වෙලා නෑ.

:       172       2

Lanka Tuesday, 14 November 2017 06:30 PM

අනේ මන්ද කාර්යාල කාර්ය සහකාර වැටුප අපේ ගුරුවරයෙකුගේ වැටුපට සමානයි... ගුරුවරු මාර පව්කාරයෝ ලංකාවේ

:       6       769

දිලංක Tuesday, 14 November 2017 07:34 PM

ඉතින් රජය නොවන කට්ටිය පටි තද කරන් මේවා ගෙවන්න වැඩ කරන්න සැරසෙමු නේද

:       0       48

Bamunuarachchi Wednesday, 15 November 2017 12:16 AM

ඇයි යකෝ අයවැයෙන් නොකියවෙන පඩි වැඩිවීම්? රජයේ සේවකයා හරියට වැඩ කරනවා නම් ඉන්න එවුන් ගෙන් බාගයක් ඇති රටේ වැඩ ටික කරන්න. එත් මුන් හරියට වැඩක් කරනවාද. කොළඹ පිහිටුවා ඇති පළාත් රෙජිස්ටාර් කන්තෝරුවකට නෙකුත් කිරීම මගේ උප්පැන්න සහතිකය මුල් පිටපත පිටපත් කල රජයේ සේවකයා මගේ පියාගේ නම වැරැද්දා ඇත. ඉංග්‍රීසියෙන් තව ඉංග්‍රීසි පිටපත් ක්රීමක් කලයුත්තේ ඉංග්‍රීසි දන්නා කෙනෙක්. මේ යකා මළපොතේ ඉංග්‍රීසි නොදන්නා බව අකුරු ටිකෙන්ම කිවහැකිය. මගේ උප්පැන්නයේ සිට පාස් පොර්ට් එක දක්කවා මුන් වැරදි 5 කර ඇත. පාස් පොර්ට් එකේ කල වැරැද්ද හරිගස්වාගනේමට දිව්රුන් පෙත්සමක් සමග දුන් විට මුන් නැවත එම වරද්දම කර තිබුණි. මේවා කියන්නේ කාටද? මුන් කරන එක අකුරක වැරැද්ද හරිගස්සවා ගැනීමට අපි මාස කීයක් රස්තියාදු වෙන්නද. නොදකින් රජයේ සේවකයා

:       0       173

Athula kWednesday, 15 November 2017 08:58 AM

අපේ ගෙදර ඡන්ද නාම ලේඛනයේ නම් ඔක්කොම වෙනස්. අලුත් ලේඛන වලට දාල ඇරියත් ආපසු එන්නේ ඒකමයි.

:       0       8

sarath Wednesday, 15 November 2017 02:05 AM

ඇත්තටම කියනවනම් සේවයක් කරන පිරිසෙන් ඉදිරියෙන්ම ඉන්නේ ගුරුවරු. පොලිස් මහත්වරු ඔවුන්ගේ පඩිය වැඩිවුනත් .4.30 කෝච්චියට යන්න හවස තුනේ ඉඳල ලෑස්තිවෙන රජයේ සේවකයින් ගෙන් රටට මොන සේවයක් ද

:       0       44

Lakmal Wednesday, 15 November 2017 02:09 AM

සත පහකින්වත් පඩි වැඩි වෙන්නේ නෑ......බොරුවට කෑ ගහන්න එපා......තියෙන දීමනා බේසික්එකට එකතු වෙනවා විතරයි.........අතට ලැබෙන ශුද්ධ වැටුප රුපියල් 500කින් විතර අඩුවෙයි.......

:       0       101

SAMAN Wednesday, 15 November 2017 02:12 AM

පෞද්ගලික අංශයේ අපිට බදු විතරයි -

:       0       56

ජනිත් Wednesday, 15 November 2017 03:00 AM

ඔය කියන ගුරුවරුන් ගෙන් පාසල් වල හරියට උගන්නන අය ඉන්නේ කීදෙනාද? අ .පො .ස (උ. පෙළ ) පන්ති වල ගුරුවරු පන්තියට ඇවිත් අහන්නේ කී දෙනෙක් ටියුෂන් යනවද කියල. ඊට පස්සේ කියන්නේ එහෙනම් ටියුෂන්වල දැන් කෙරිලා ඇතිනේ ඒවබලාගන්න කියල මාතෘකාව ලියල ඈනුමක් එහෙම ඇරලා යනවා යන්න. ඒ අයටද තව පඩි වැඩි කරන්න කියන්නේ.

:       0       75

nalinWednesday, 15 November 2017 06:25 AM

දැන් ගුරුවරු උගන්නන්නේ නැතුව ඉන්නේ නෑ. ඕනනම් අතලොස්සක් ඇති. එහෙම වැඩ නොකරන අය පවුද්ගලික ආයතන වලත් ඉන්නවා ඕනෑතරම්. අපි ඉගෙන ගත්තේ ගුරුවරුන්ගෙන් අපේ ළමයි ඉගෙන ගන්නේ ගුරුවරුන්ට ගරහන්න එපා.

:       20       1

BamunuarachchiWednesday, 15 November 2017 10:27 AM

ඔබ 45 පහුකරලා නම් මම හිතන්නේ නැහැ... ඔබ ටියුෂන් පන්ති ගියා කියලා මැට්ටෙක් නොවෙයි නම්. නමුත් අද සෑම ළමයාම ටියුෂන් පන්ති යනවා. එ්කයි ඔබේ ගුරුවරයා ගෙයි... දැන් ගුරුවරයාගෙයි වෙනස.

:       0       0

sensa Wednesday, 15 November 2017 03:09 AM

රජයේ සේවකයින් පමණක් නෙමේ මේ රටේ තුන් වේල කන්න නැති කී දෙනෙක් ඉන්නවාද? ඔය වක්‍ර බදු සියල්ලම ඔවුන්ගේ ජීවන තත්වයට බලපාන්නේ නැද්ද? සාමාණ්‍ය ජනතාව නගාසිටුවනකමි අනවශ්‍ය වියදම් අඩු කලයුතුය. දුෂණය වංචාව නැතිකල යුතු මෙන්ම රට කාබාසිනියා කරන දේශපාලන හැතිකරය අඩු කරලා අඩුකර බොරු වියදමි අඩු කල යුතුය. තවමත් ඡන්ද ගුණ්ඩු තමයි තියෙන්නේ. කවදා අපේ රට කෙලින් කරන්න එකෙක් බිහිවෙයිද මන්දා.

:       0       2

rama Wednesday, 15 November 2017 03:28 AM

එහෙනම් ඉතින් බදු මිලත් වැඩි වෙනවා මේ විදියටම...........

:       0       0

Nana Wednesday, 15 November 2017 03:39 AM

තව වැඩි කරන්න. අපි ඕන තරම් බදු ‍ෙ ගෙවන්නම්. නිකමුන්ට සැප ගන්න. අනාගතයක් නැති රටක්. මේ රටේ බදු ගෙවන්නා මෝඩයෙක්, පව්කාරයෙක්.

:       0       77

dinesh Wednesday, 15 November 2017 03:42 AM

රටට වැඩක් කරන පුද්ගලික අංශය ආණ්ඩුවට අමතක වෙලා. ඡන්දේදී බලමුකෝ............

:       0       91

Dilanthi Wednesday, 15 November 2017 04:04 AM

කා කා ස දෙන්නෙක්ගේ වැටුප MBBS දොස්තර කෙනෙක්ගේ වැටුපට සමානයි. ඉතින් රටේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ?

:       0       0

BamunuarachchiWednesday, 15 November 2017 10:36 AM

පුද්ගලික පුහුණුවීම් කරන්නේ නැත. දොස්තර සවස 3 සිට ප්‍රයිවට් ප්‍රැක්ටිස්.

:       0       0

Ruwan Wednesday, 15 November 2017 04:20 AM

රජයේ සේවකයකුගේ පඩිය පුද්ගලිකේ අංශයේ අපට වඩා බෙහෙවින් අඩු නිසා මෙම ගත් ක්‍රියාමාර්ගය ඉතා අගය කරමි. රජයේ සේවකයන් හට නම්බුවක් ඇතිව ඉන්න මෙය පිටුවහලක් වේවි. ගුරුවරුන් පවා මෙයට ඇතුලත් බව මේ පිරිස් නොදැනීම කනගාටුවක කරුණක්.

:       43       11

nuwan Wednesday, 15 November 2017 04:43 AM

මෙය කලින් දෙනවා කියපු 10000 වැටුපට එකතු වූ පසුව ලැබෙන මූලික වැටුප ගැන තමයි මේ කියන්නෙ

:       0       102

asiri Wednesday, 15 November 2017 05:07 AM

මේක 2016 දී වැටුප් වැඩි කරපු පිළිවෙලට 2020 වෙනකන් වැඩි වෙනවා මුලදී කියපු 10000 තමයි මේ කොටස් වශයෙන් එකතු වෙන්නේ ගුරුවරුන්ගේ වැටුපත් මේ විදිහටම වැඩි වෙනවා

:       0       104

Senarath Wednesday, 15 November 2017 06:57 AM

ලොකුවට බිලියන 12 ක් කිව්වට, නීතිපතිට වැඩිවෙන ගණන සහ විශේෂඥ දොස්තරලට ගණන කිව්වට, මේ මුදල රජයේ සේවකයෝ වන ලක්ෂ 14 න් බෙදල මාස 12 නුත් බෙදුවම පොදුවේ ලැබෙන්නේ රුපියල් 714 ක් විතර. මේකෙන් ලොකු ලොක්කන්ට 5,000 සිට 9,000 දක්වා ලැබුනම සොක්කන්ට ලැබෙන්නේ කියාද ? රුපියල් 200ක් 300 ක් විතර වේවි. මේකෙන් කොටසක් විශ්‍රාමිකයන්ට ගියාම තවත් අඩු වේවි.

:       0       14

sensa Wednesday, 15 November 2017 07:21 AM

කටක් ඇරලා මුන් කොහොම කෙබර අතාරිනවාද මන්දා. 2016 වර්ෂයේ වැඩිකරපු වැටුප් කොටස් වශයෙන් තමයි ගෙව්වේ. 2018 ගෙවන්නේ එක කෑල්ලක්.තව කෑල්ලක් ඊළග අවුරුදු දෙකේ ගෙවන්න තියනවා. රටේ ඉන්නේ මෝඩයෝ කියලා තමයි මුන්ගේ තවම හිතේ. රටවැසියනි බුද්ධිමත්ව අහන්න, හිතන්න. ඒත් ඡන්දය දෙන්න එකෙක් මේ රටේ නම් හොයාගන්න බෑ.

:       0       1

bindu Wednesday, 15 November 2017 07:42 AM

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න ඉස්සෙල්ල රාජ්‍ය සේවයේ ගුණාත්මක බව වැඩි කරන්න.බොහෝ රජයේ සේවකයන්ගේ මුලික පරමාර්ථය වන්නේ රාජ්‍ය සේවයේ වරප්‍රසාද ලබා ගැනීම මිස මහජනයාට සේවය කිරීම නොවේ.බොහෝ ආයතනවල සේවකයන් වැඩි පිරිසක් නිදැල්ලේ කාලය ගත කරන බව එම ආයතනවලට ගියවිට පෙනේ.මීට වඩා නරකද මේ සල්ලි වලින් පාරක් නැති,බොන්න වතුර ටිකක් නැති,විදුලිය නැති පවුල් වගේම අහිංසක දුප්පත් පවුල් වලට සහනයක් දුන්නොත්.අනිත් එක පඩි වැඩි කරනවා කියල අවුරුද්දක් ගානේ වැඩි කරන්න ඕනි නෑනේ.ගෙවන වැටුපට උපරිම සේවයක් ලබා ගැනීමට රජය වගබලා ගත යුතුයි.

:       0       0

BamunuarachchiWednesday, 15 November 2017 10:32 AM

මහින්ද මහතාණෙනි, ඔබලාව රටට බරක් නොකර ගෙන රටේ ආදායමේ හැටියට රුපියල් 3000 වැටුප් වැඩි වීමක් දුන්නා. ඔබලා රුපියල් 10000 වැටුප් වැඩිවීමක් ලබාගන්න ගිහිල්ලා අපිවත් අමාරුවේ දාලා ඔබලාත් අමාරුවේ වැටුණා.

:       0       0

sudesh Wednesday, 15 November 2017 07:47 AM

රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි උනේ නෑ හැමදාම බොරු කියනවා. අපිට දුන්න එක දීමනාවක් පඩියට එකතු කරලා පඩි වැඩි කරා කියනවා. ඉදිරියට වෙන්නෙත් එ්‍ ටිකමයි. මේවා අහන ජනතාව හිතන්නේ මුන්ට හැමදාම පඩි වැඩි කරනවා කියලා. තවත් ඒකෙනුත් රජයට කපා ගන්නවා. අවසානෙදි වැටුප තිබුනටත් වඩා අඩු වෙලා. වැටුප් පතත් එක්ක මේක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. ඊට පස්සේ වෙන්නේ අපිට පඩි වැඩි නෙවෙුනත් මේසන් බාස්ලා දෙගුණයක් තුන්ගුණයක්, එක දවසට වැඩි කරනවා. රාජ්‍ය සේවකයෝ අන්තිමේදි පරිප්පු කනවා. ඕකයි ඇත්ත.

:       0       3

rocky Wednesday, 15 November 2017 10:09 AM

දයාල් ළමයෝ, 8 පාස් වීමෙන් සුදුසු කම් ලබපු අය දැන් කොහේවත් නැහැ! උපාධිකාරයකුටත් බැහැ දේශපාලකයන්ගේ සපෝට් නැතුව මෙහෙම වෙන්න. එහෙම වුණත් ඕනෑම කෙනෙකුට පුළුවන් බව පෙනෙනවා ඇමැති උපදේශකයෙක් වෙන්න! අඩුම දීමනාව හැටදාහයි. කාර් එකකුත් හම්බවේවි. ඉන්ධනත් හිතේ හැටියට! දිව්‍යලෝක සැප!! ට්‍රයි එකක් දාලා බලන්න .. ගුඩ් ලක්!

:       0       0

GGP Mohotti Thursday, 16 November 2017 12:56 AM

අැයි රජය විශ්‍රාමිකයන් ගැන අඩු තක්සේරුවකින් වැඩ කරන්නේ. ජීවිතයේ වටිනාම කාලය රජයේ සේවය වෙනුවෙන් කැප කල අප වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න .‍

:       0       8

ත්‍රී වීලර් කාරයා Thursday, 16 November 2017 03:41 AM

පඩි වැඩිකරන්න ඒපා. යන විදිය ෙහාදයි. වැඩි කෙළාත් ඒ්වා අපාසු ගන්න බදුගහනවා. අන්තිමේ අපි වෙග් ත්‍රී වීලර්කාරයන්ට වැඩිවුනු පඩියකුත් නෑ. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩිකරපු නිසා බදු ගෙවන්ත නමයි වෙන්නේ.

:       0       0

රන්ජිත් Thursday, 16 November 2017 11:38 AM

මොන පඩි වැඩි කිරිල්ලක්ද ඒ. ගොන් කතා. ඒක යටින් අරන් උඩට දැමිල්ලක් විතරනේ ඒකෙන් වෙන්නේ...

:       0       0

kalpa Thursday, 16 November 2017 03:02 PM

මමත් රජයේ සේවයේ පරිපාලන නිලධාරියෙක් විදියට සිටියා... ලිපිකරු සේවය කළමනාකරණ සේවය කරනවිට අධි ශ්‍රේණියට වැටුප් වැඩිකලේත් නැහැ. 2006 දී වැටුප් සංශෝධනය කලේ තිබුණු වැටුපටම එයින් පහළ ශ්‍රේණිවල සිටිය අයට වඩා අපේ වැටුප අඩුවුණා. දේශපාලකයින්ගේ හිතවතුන්ට ඉල්ලීම් ලබාගෙන වැටුප් වැඩිකලා. මෙවැනි අකටයුතු කම් ගැනත් බලන්න. ඒ වගේම විශ්‍රාම ලබා සිටින අපි ගැනත් බලන්න.

:       0       0

sahanbandara Sunday, 19 November 2017 08:59 AM

අපේ රටේ අඩුවෙන්ම පඩි ගන්නේ ගුරුවරු කියලා මට හිතෙනවා. කාර්යාල සේවක පඩිය ගැන ඇහුවම එ්ක හොඳට දැනෙනවා. අධ්‍යාපන ඇමතිතුමා වත් මැදිහත් වෙලා මේ ගුරුවරුන්ගේ පඩිය වැඩි කරන්න කටයුතු කරන්න. එතකොට හොඳ මානසික මට්ටමකින් වැඩකරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 0 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 229 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 288 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 443 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 1207 5

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 647 1

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1422 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1348 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site