IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ජනපති - අගමැති - රවී හමුවෙති

( තිළිණි ද සිල්වා  සහ රංජන් කස්තුරි )

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ ඇමති රවි කරුණානායක යන මහත්වරු අතර විශේෂ හමුවක් අද (9) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවති බව රජයේ ආරංචි පවසයි.

අද දහවල් පැයකට ආසන්න කාලයක් මෙම විශේෂ හමුව පවත්වා ඇතැයිද අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය රවි කරුණානායක යන මහත්වරුන් දෙපළ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මෙම සාකච්ඡා පවත්වා ඇතැයි ද කියති.

මේ අතර විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා එම ධූරයෙන් ඉවත් කරන්නැයි නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරු පිරිසක් ද ඊයේ(8) රාත්‍රියේ ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබිණි. 



අදහස් (40)

ජනපති - අගමැති - රවී හමුවෙති

ධම්ම Wednesday, 09 August 2017 11:36 AM

දැන් ඉතින් ඉල්ලා අස්වුණත් එකයි නැතත් එකයි. ඉල්ලා අස්වීමේ අචාරශීලීභාවය, සදාචාරය බින්දුවට බැස්සුවා මේ පුද්ගලයා...

:       239       988

SAMANThursday, 10 August 2017 04:25 AM

ඉල්ලා අස්වීම කෙසේ වෙතත් ඔය රැස්වෙන්න ඇත්තේ ඊළඟට දෙන වැඩසටහන ගැන කතා කරගන්න.

:       0       0

Hafeel Wednesday, 09 August 2017 12:06 PM

මේ දවස්වල අපිට අහන්න ලැබුණේ සාකච්ඡාවල්, ඉල්ලීම්, අයින් වෙන්න, අයින් වෙනවා වගේ දේවල්... නමුත් ප්‍රාෙයා්ගික කිසිදෙයක් වෙලා නැහැ. නිකන් කාලය කැරකෙනවා විතරයි.

:       309       333

යු මැන්Wednesday, 09 August 2017 11:33 PM

බැඳුම්කර ගනුදෙනුව අගමැතිතුමා සැලසුම් කරලා මහේන්ද්‍රත් සමඟ එකතුව කරපු දෙයක් මහ මැතිවරණයේ වියදම් කර මේ සල්ලි වලින් කොටසක්​, අනුරගේ කැම්පේන් එකට සල්ලි දුන්නෙත් ඕකෙන් ඉතින් රවී අස්වෙයිද?

:       0       0

rohan Wednesday, 09 August 2017 12:08 PM

අධිකරණ අමාත්‍යතුමා එම ධුරයෙන් ඉවත් කරන්නැයි කියන්නේ කවදාද? ඒකාබද්ධයට මළබද්ධය හැදෙන්නේ එදාට තමයි.

:       4274       4364

raveendra Wednesday, 09 August 2017 12:11 PM

මා හිතන විදියට ලාංකිකයන් වන අප අපගේ වටිනා කාලය හැමවිටම කා දමන ජාතියක් බවට මෙයද එක් උදාහරණයකි. රටේ මුදල් කාබාසිනියා කරන අතර වටිනා මිනිස් කාලයද නාස්තිකරන බව පෙනේ.

:       23       161

Prser Wednesday, 09 August 2017 12:19 PM

පොලිසියෙන් ඔහුව අත්අඩංගුවට ගතයුතුයි. ජනපතිතුමාවත්, අගමැතිතුමාවත් මේවාට සම්බන්ධවිය යුතු නැත.

:       11       221

bamunu Thursday, 10 August 2017 03:13 AM

ජනපතිතුමනි, ඔබ මොනවද මේ කියන්නේ පැජරෝ වාහනයකට දඩ කොලයක් දෙන්න බය පොලිසිය හොරෙක් වුණත් ඇමැතියෙක් අත්අඩංගුවට ගනීද?

:       0       0

Danushka Wednesday, 09 August 2017 12:22 PM

අනේ මෙයාව රකින්න හදන තරමක් ...!!!

:       3       187

රොමේෂ් Wednesday, 09 August 2017 12:22 PM

කෙලින් තීරණයක් ගන්න බැරි ජනාධිපතියි, අගමැතියි තමන් ගැනම ලජ්ජවෙන්න ඕනෑ. මේ වගේ ඇමතියෙක් ඉස්සරහ මෙච්චර බාල්දු වෙනවා දකිද්දී අපිට ලැජ්ජයි මේ දෙන්නා රටේ අංක එක සහ දෙක කියන්න.

:       212       444

sahanWednesday, 09 August 2017 02:13 PM

එ්ක තමයි රොමේෂ්, ඉස්සර හිටිය ජනපති, අගමැති වගේ හොරකම් කරපුවයින් බාගේ බාගේ අපිටත් දෙන්න කියලා අරගෙන නිකන් හිටියා නම් ඉවරනේ.... මාවිල් ආරු, හෙල්පින් හම්බන්තොට, රාඩා ආධාර වගේ...

:       1173       814

රොමේෂ්Wednesday, 09 August 2017 03:56 PM

ඉස්සර අය කළ දේවල් කරන්න නෙමෙයිනේ මේ අය ආවේ. මිනිස්සු හොරකමට වංචාවට විරුද්ධ වුන නිසයි කිසිම කෙනෙකුට ආණ්ඩුබලයක් නොදුන්නේ. ජනමතය කෙසේ වෙතත් ඇහින්දාස් ක්‍රමයට ආණ්ඩුවක් අටවගත්ත එක සැබෑව. ඔබ ඔය කියන කාපුවා රටම දන්නා කෑම වුණත් (ඔයා විතරක් දන්නා මාවිල්ආරු සිද්ධිය හැර) අඩුතරමින් ඒ එක හොරෙක්වත් හිරේ දාගන්න බැරි වුණු බෙලහීන ආණ්ඩුවක් තමයි මේ. හොරු අල්ලනවා කියලා ආව කට්ටිය කම්බා හොරු වෙලා. කඩේ යන එකේ සීමාවක් තියා ගන්න මහත්තයෝ... එහෙම අමාරුම නම් අඩු තරමේ රෙද්දක් ඇඳන්වත් යන්න පුරුදු වෙන්න.

:       0       0

SLWednesday, 09 August 2017 04:44 PM

කලින් නායකයන්ට තියෙන ඔයා කියන චෝදනා එකක්වත් ඔප්පු වෙලා තියෙනවද? නිකන් චෝදනා විතරයි! හැබැයි රවිට තිබ්බ චෝදනාවට ඔහු උත්තර දුන්නේ 'මම දන්නේ නැහැ කියලා'. ඔයා දන්නේ නැති වුණාට හොරා කාපුවා වැඩිහරියක් ගිය ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක ඡන්ද වැඩ වලට !

:       0       0

GayanThursday, 10 August 2017 02:58 AM

තාමත් ඔය ටික විතරනේ කියන්න තියෙන්නේ... හොරකම් කරත් රටට දෙයක් කරලා. එ්ත් දැන් හොරකම විතරනේ.. කෝකද හොඳ?

:       0       0

lanka Wednesday, 09 August 2017 12:38 PM

රවී බයවෙන්න එපා.. එ්ත් මම සැරයි වගේ ඉන්නම්. අනේ සංසාරේ මෙහෙමත් රටක්..

:       15       164

de silva berlin Wednesday, 09 August 2017 01:00 PM

ඉල්ලලා අස්වුණා නම් අඩුම තරමේ නඩුව ඉවර වෙනකන් පාර්ලිමේන්තු මන්ත්‍රීකමවත් තියා ගන්න තිබුණු දෝෂාභියෝගය අාවොත් පාර්ලිමේන්තුවෙන් යන්න වෙනවා.

:       0       66

SanjuWednesday, 09 August 2017 09:56 PM

දැන් මහින්ද රාජපක්ෂ මේ විශ්වාස භංගයට ඡන්දේ දාන්නේ නැහැයි කියන්නේ. මේ ඔක්කොම පල් හොරු තමයි. රට කන්න ආපු පාලකයෝ....

:       0       0

nimmi Wednesday, 09 August 2017 01:13 PM

හම්බ වුණා කියලා මොනවා කරන්නද දැන්? රටම කාලා ඉවරනේ.

:       13       46

rohana Wednesday, 09 August 2017 01:23 PM

කලින් එක්කෙනෙක් බඩ කපා ගන්නවා කිව්වා නමුත් එහෙම කලේ නැහැ නේද?

:       222       9

බද්රානි Wednesday, 09 August 2017 01:23 PM

මෙවන් ජාතියකට නායකයෝ වෙන්නෙත් ඒ වර්ගයේම අය තමයි. තමන්ට හොරකම් කරන්න අවස්ථාවක් නැත්නම්, හරිම අවංකයි. අවස්ථාවක් ලද හැටියේ තමයි ජන්ම ගතිය ඉස්මතු වෙන්නේ.. අනුන්ගේ රීරි මාංශ උරා බොන්න පෙරුම් පුරන අධමයෝ රැලක් ඉන්න බහුතර මිලේච්චයින් ඉන්න රටක් තමයි මේ තියෙන්නේ. ලෝකෙට පේන්න බොරු නොකර ඇත්ත තේරුම් අරගෙන හැදෙන්න බලන්න. නැත්නම් වඳ වෙන දවස වැඩි ඈතක නැහැ.

:       0       2218

raveendraWednesday, 09 August 2017 03:13 PM

බද්රානි මහත්මිය. ඔබගේ අදහසට ගරුකරමි. එහි සෑම කරුණකටම ලංකා මාතාවට අාදරයක් ඇති ලාංකිකයකු වන මාහට එකඟවීමට නොහැක. ඕනෑම රටක ජනවර්ගයක හොඳ නරක දෙපිරිසක් සිටීම සාමාන්‍ය දෙයකි. එය අප රටටත් වලංගුය. නමුත් අප රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්නා බහුතරයක් හොර තක්කඩි රැලකි. අඩුතරමින් දේශපාලකයා යන වචනයේ අර්ථයවත් නොදන්නා පරයන් කණ්ඩායමකි. බලයට පත්වුණු සහ බලයේ සිටි හැම පක්ෂයකම තත්වය එසේ විය. මේ හැමදෙයකටම පවුල් පසුබිම හැදුණු වැඩුණු පරිසරයද එක් සාධකයකි. එබැවින් මෙවන් අයවලුන් සමාජයෙන් තුරන් කලයුතුමය.

:       0       230

බද්රානිWednesday, 09 August 2017 04:33 PM

රවීන්ද්‍ර මහත්මයෝ, ඔබ වගේම මමත්, මෙලොව වසන සම දෙනාත් තමන් උපන් රටට ආදරෙයි. එය අපේ ජාතියට පමණක් අමුතුවෙන් පහල වෙන හැඟීමක්ම නොවෙයි. මම මගේ අදහස විවෘත්තව පලකලේ මේ රටේ ඉන්න බහුතරය ගැන විනා, අතලොස්සක් වූ සුළුතර විනය ගරුක යහපත් පැවතුම් ඇති විනීත ජනතාව ගැන නොවේ. නොහික්මුණු පූජකයින්, අශිෂ්ඨ, හොර තක්කඩි දේශපාලකයින් පසුපස යමින් ඔවුන්ගේ පල්ලෙන් වැටෙන ඉඳුල් ලෙවකමින්, සිටින නිහීන, නිවට, පින්ගුත්තරයින්, රඟන දර්ශනය දුටු විට අපට නම් ඇති වන්නේ ඉමහත් පිළිකුලක්. ප්‍රශ්න සංයමයෙන් විසඳනවා වෙනුවට, ප්‍රශ්න තළුමරමින්, මහපාරේ තප්පුලමින්, හූ කියමින් දේශපාලකයින් ගහන පදේට නැටවෙන මොළ නැති රුකඩයින් සිටින රටක තක්කඩි දේශපාලකයින් බොර දියේ මාළුබෑමෙහි යෙදීම අරුමයක්ද? පක්ෂ, පාට වලට බෙදී, තම පක්ෂවල අයගේ තක්කඩි කම් නොපෙනෙන, අන් පක්ෂවල අයගේ හොරකම් පමණක් දකින ගෝත්‍රික දේශප්‍රේමී, ආලයෙන් මුසපත් වුණ ජනතාවකට, හොරුන්ගේ ගොදුරක් බවට පත්වීම හැර, ශුභ අනාගතයක් තිබේ යැයි ඔබ සිතනවාද?

:       0       0

Sena Wednesday, 09 August 2017 01:41 PM

එදා ඩී.එස් ., ඩඩ්ලි, ජේ.ආර් වැනි අවංක නායකයන් හිටපු පක්ෂයක උප නායක තනතුරකට මුල ඉඳලම හොරකමට නම් දරපු මේ වගේ කෙනෙක් පත් වුනේ කොහොමද කියන එකයි මට පුදුමයි. නැවත කිසිදාක මෙම පක්ෂයට මගේ ඡන්දේ නැත.

:       0       0

tony-maharagama Wednesday, 09 August 2017 02:03 PM

අපේ රටේ එදා ඉඳන් අද වෙනකම්ම දේශපාලනයේ හිටියේ, ඉන්නේ ලැජ්ජා නහරය කොහෙත්ම නැති, දේශපාලකයෝ ටිකක්. ඔය වැඩේ මෙච්චර දවසක් අදින්න දෙයක් නැහැ... අයින් කළානම් ඉවරයි. ඕකෙන් මේකෙන් වෙන්නේ, රටේ ජනතාවට එපා වෙනකම් ඇද ඇද ඉඳලා ඊට පස්සේ වැඩේ අතාරින එකයි. මොකද කෙනෙකුට ගැහුවොත්.., කී දෙනෙක්ට වදියිද කියන්න බැහැ. ලොකුම විහිළුව කියන්නේ, තමන් ඉන්නේ " අමු හෙළුවෙන් " කියන එක අමතක කරලා, අනුන්ගේ නිරුවත පෙන්නන්න ඒකාබද්ධ විපක්ෂයේ උදවිය කෑ මොර දෙන එකයි. කොච්චර අඩි පොළොවේ හැප්පුවත්.., ඔවුන් කරපු දේවල් ජනතාවට අමතක නැහැ.

:       0       0

lalith Wednesday, 09 August 2017 02:21 PM

රජා කිව්වලු, " හොර දෙටුවනි, දැන් මතුව ඇති මහජන විරෝධය හමුවේ තව දුරටත් ඔබලා ආරක්ෂා කිරීමටත්, මගේ ජාම බේරාගැනීමටත්, කළහැකි ක්‍රියා මාර්ගයක් ඇත්නම් වහා කියන්න" කියලා. හොරු කිව්වලු, "මහරජ තුමනි, මේ ගැත්තන්ට වූ දේ වෙනුවෙන් ඔබේ කාලය මිඩංගු නොකරන්න. ඔබේ ජාම බේරා ගැනීමට සිහසුනෙන් ඉවත්වී ඉතිරිය අපට භාර කරන්න. ලිච්ඡවි ක්‍රමයට අපි සියල්ල බලගන්නෙමු." කියලා.

:       1       66

dias Wednesday, 09 August 2017 02:37 PM

ආණ්ඩුව අප ඉල්ලන්නේ හැම හොරාටම දඬුවම් දෙන්න කියලයි. ඔබට ඡන්දය දුන්නේ හොරුන්ට දඬුවම් දෙන්න මිසක් හොරුන් රකින්න නෙමේ. අපි කියන්නේ උතුරු කොළඹට වෙන කෙනෙකු පත් කරන්න කියලයි.

:       1       52

වින්සන්ට් Wednesday, 09 August 2017 03:05 PM

එක අතකින් බලනකොට වරදක් සොයාගෙන ආණ්ඩුවේ පැවැත්ම සඳහා ඉල්ලා අස්වෙන්න උපදෙස් දෙන්නවත් නායකයන් මේ යුගයේ සිටීම වැදගත්. ඒ වගේම ඇඳුම් සමඟ ජනතාව ඉදිරියට යන්න මේ නායකයන්ට අවශ්‍ය නම් වැරදිකරුවන්ට දඬුවම්ද ලබාදිය යුතුය. එය කෙනෙකුගේ ධන බලයටවත්, පක්ෂයට ඇතිවන පාඩුවටවත්, රටට කළ සේවයකට දායකයෙක් වීම ගැනවත් නොසිතන්නේ නම් එය රටේ වාසනාවකි. නීතිය කාටත් පොදු වෙන දිනය රටේ අනාගතය තීරණය වෙන දිනය බව වගකිවයුත්තන් තේරුම් ගතයුතුය.

:       107       15

de silva Wednesday, 09 August 2017 03:09 PM

අප්පච්චි ඇතුළු කණ්ඩායමේ හොරකම් අල්ලන්න අපු මිනිස්සු කරන වැඩ හැසිරෙන හැටි දැක්කාම සසර කලකිරෙනවා. වෙනසකට තිබෙන්නේ අප්පච්චි අස්කරනවා නම් පත්තර වලට කියකියා හිටියේ නැහැ. කරලා දැම්ම හරි හෝ වැරදි තීන්දු අරන් කඩිනමින් ක්‍රියාත්මක කළා. දැන් ඉන්න අප්පොච්චිලා දෙන්නා කරන්නේ මුකුත්ම නොකර උඩබලන් ඉන්නවා ප්‍රශ්න කාලයට විසඳන්න ඉඩ දීලා...

:       2       238

raveendra Wednesday, 09 August 2017 03:38 PM

මට මතක් වෙනව කිලිනොච්චි කියා මැදවච්චි ගිය හැටි අපි කතාකලේ... පාමංකඩ සිට අලිමංකඩ ගැන ... අපේ රටට හෙන ගැහුවත් කමක් නැතේ... බැඳුම්කරෙන් රවීගේ බඩ පිරුනාවේ ...

:       2       120

shantha bandara Wednesday, 09 August 2017 04:38 PM

ඇයි? ඔබලා කෝචෝක් එකට හිනාවෙන්නේ? ලිච්ඡවි ක්‍රමේ කියන්නේ හොරාගෙනුත් අහලා බලලා හොරා කැමතිවෙන විදියේ දඬුවමක් දෙන එක. හොරා දඬුවමකට අකමැති නම් නිකන් ඉන්න එක.

:       0       0

සමන්ත Wednesday, 09 August 2017 05:42 PM

දැන් ශ්‍රී. ල.නි.ප යේ හොරු බොහෝ දෙනෙක් උඩ පැනගෙන රවී ව එල්ලුම් ගස් යවන්න හදනවා. පොලිසියෙනුත් අල්ලන්න කියලා ඉල්ලනවා. ඒ ඔක්කොටම කලින් තමන්ට තියෙන චෝදනා වලින් නිදහස් වෙලා හිටියා නම් තමයි හරි.

:       0       0

de silva berlin Wednesday, 09 August 2017 08:06 PM

මට වැටහෙන විදිහට ලංකාවේ දේශපාලකයෝ උඩ ඉඳන් පල්ලෙහාටම බොරුකාර, වංචාකාර, මිනීමරු හොරුද ? එහෙම නැත්නම් මට පිස්සුද?

:       0       0

sarath Wednesday, 09 August 2017 08:25 PM

හොරා නම් ගෙදර යයි. අපිටනේ ණය ගෙවන්න වෙන්නේ.....

:       0       0

කරුණාපාල Wednesday, 09 August 2017 09:33 PM

රවී කරුණානායක මහත්තයා බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඥාතියෙක්ද? නැහැ ඉතින් මේ දෙන්නටම දෙදෙනාගේම දේපොළ ගැන වැඩි මතකයක් නැති නිසයි මම එහෙම හිතුවේ?

:       0       0

Pankumburage Ilangaratne. Wednesday, 09 August 2017 10:57 PM

අනේ හොරු අල්ලන්න ආපු යහපාලන ආණ්ඩුව. දෙපැත්තේම හොරු ටික එකතුවෙලා ආණ්ඩුව ඇල්ලුවා. මේ වෙලාවේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත් හිටියා නම් තමයි හොඳ... වෙනස බලාගන්න.

:       0       0

ගයාන් Thursday, 10 August 2017 01:30 AM

හොරු අතර හමුවක්ද?

:       0       0

Saleeth Thursday, 10 August 2017 03:22 AM

යහපාලනය ඔය අධිකරණ අමාත්‍යතුමා එම ධුරයෙන් ඉවත් කරන්න. ඊට පස්සේ හොඳ පුද්ගලයෙක් පත් කරන්න.

:       0       0

vipula Thursday, 10 August 2017 04:06 AM

ගත්ත සල්ලි යලිත් ලැබෙන විදිහ කවුරුත් කතාකරන්නේ නැහැනේ. හැබැයි මේවගේ පුද්ගලයන් නැවතත් පාර්ලිමේන්තුවට එවන ජනතා කොටස් මේ සිරිලංකාවේ ඉන්නවා.

:       0       0

Ishak Raheem Thursday, 10 August 2017 07:09 AM

යහ පාලනය දැන් අච්චාරු පාලනය වෙලා.

:       0       1

ravi Thursday, 10 August 2017 09:10 AM

කොහොමද මෙයාව බේරගන්නේ කියල වෙන්න ඇතිනේ සාකච්චා කරන්නේ? අපි නොදන්නවද මේ තුන්කට්ටුවගේ කෙරුවාව...

:       0       67

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1449 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 571 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 981 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 935 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 364 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 542 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site