IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපති ධුර කාලය අවුරුදු පහයි

 

(විශේෂ වාර්තාකරුවකු විසිනි)

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 න් පසුව හමාරවිය යුතු බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලයට දැනුම්දී ඇතැයි රජයේ නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසෙයි.ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය ඊයේ (14) සවස ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇතැයි රජයේ ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ගවලින් කියැවුණි.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම තීරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවකි. මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය සිදුකරන ලද්දේ අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ කේ.ටී. චිත‍්‍රසිරි යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තමාගේ ධුර කාලය නිශ්චිතව දන්වන ලෙස ඉල්ලමින් විශේෂ විමසීමක් යොමුකර තිබුණේජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසිනි.

පසුගිය බ‍්‍රහස්පතින්දා එය විවෘත අධිකරණයේ දී සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ස්වකීය නිගමනය ඊයේ සවසජනාධිපති කාර්යාලයට බාරදුන්නේය.



අදහස් (60)

ජනපති ධුර කාලය අවුරුදු පහයි

Chanak los angeles Monday, 15 January 2018 03:26 AM

විශිෂ්ට තීරණයක් ජනාධිපතිතුමණි. බලයට නිලයට, කිසිම ආසාවක් නැති සරල නායකයෙක් බව ඔප්පු කරා.

:       2016       453

ගයාන්Monday, 15 January 2018 11:58 AM

මොකද්ද විශිෂ්ඨ තීරණය? මේක කියලා තියෙන්නේ උසාවියෙන්. 6ක් ඔයාට ඉන්න බෑ. 5න් යන්න කියලා. හැම එකටම ආවඩන්න එපා...

:       3       255

wijesundara franceMonday, 15 January 2018 10:29 PM

චානක, බලයට කිසිම ආසාවක් නැති නිසා තමයි රට කනකල් නිදි! හීනෙන් නැගිටලා වගෙයි දොඩවන්නේ ! අනේ අපේ එවුනුත් ඒවාට අප්පුඩි ගහවනවා.

:       0       1

Rasi Monday, 15 January 2018 03:28 AM

දැන් ඉතින් පොළොන්නරුවට යන්න බඩු පැක් කරන්න පටන් ගන්න වෙයි!

:       137       807

මහින්ද Monday, 15 January 2018 03:36 AM

අනේ ලොකු දෙයක්...තව හිටියොත් රටම ඉවරයි..දැනුත් හිටියට නෑ වගේනේ..රටේ ප්‍රධාන පුරවැසියා උනාට ඔක්කොම දැන ගන්නේ පත්තරෙන් නේ................

:       1273       5091

ජගත් ලියනගේ Monday, 15 January 2018 03:39 AM

තණ්හ ජායති සෝකො .

:       141       464

SanathMonday, 15 January 2018 06:33 AM

ඒ කතාව වැඩිපුර අදාල වෙන්නෙ කලින් හිටපු ලොක්කට​.

:       3002       2474

VajiraMonday, 15 January 2018 11:17 AM

එක සැරයක් මේ රටේ ජනතාව පාඩමක් ඉගැන්නුවා. ඒත් තන්හාව නැති වෙලා නෑ.

:       167       118

kamal Monday, 15 January 2018 03:43 AM

යුද විරුවව හිරේ දාපු කෙනාට මෙහෙම තීන්දුවක් හම්බුනා නම් ????. මහතකනේ හිටපු අග්‍ර විනිසුරුවරියට වෙච්ච දේ.

:       1638       1532

Asanka Monday, 15 January 2018 03:45 AM

අනේ වාසනාවන්...!

:       257       1102

Mithuna Monday, 15 January 2018 03:53 AM

ඉල්ලගෙන කෑවද මන්දා!

:       2       1012

sena Monday, 15 January 2018 03:53 AM

ලොකු අනතුරකින් බේරුනා..............

:       128       898

ලුම්බිණි Monday, 15 January 2018 03:54 AM

දැන්වත් හිත හදා ගන්න.

:       68       537

විමලේ Monday, 15 January 2018 03:55 AM

අපේ රජතුමාගේ කාලයේ මෙහෙම තීන්දු දුන්නනම් පංච පුද්ගල කමිටුවම සුදු වෑන් වලින් උස්සලා.

:       1       0

Sanjeewa Monday, 15 January 2018 03:57 AM

මොකටද 5ක්.දැන්මම ගියානම් නරකද?

:       0       1

sugath Monday, 15 January 2018 04:11 AM

ඇති යන්තම්.

:       57       643

Nimal Monday, 15 January 2018 04:12 AM

අම්මෝ ඇති යන්තම් අවුරුද්දකින් හරි අඩුවුන එක.

:       55       949

Raveendra Monday, 15 January 2018 04:16 AM

මහින්ද මයාවෙත, සෑම දෙයම පත්තරෙන් දැනගත්තේ යන්නේ අදහස්වන්නේ අඩු තරමින් අකුරු කියවීමේ හැකියාව ප්‍රගුණ කර ඇතිබව නේද ?

:       120       246

Indrajith Monday, 15 January 2018 04:17 AM

තවමත් ලංකාවේ ප්‍රජාත්රන්ත්රවාදය තිබෙන බව පෙනේ. නීතිපති තුමාගේ තීරණය වැරදි ඇත . නීතිපති දෙපාර්තමේන්තුව මෙරටට කුමකටද ?

:       6       212

shan saudi Monday, 15 January 2018 04:33 AM

නිහතමානී ජන නායකයන් ජනතාවගේ ඡන්දයෙන් පත්ව එම දුරය අවබාවිත නොකරයි.

:       176       42

parakkrama Monday, 15 January 2018 04:38 AM

එතකොට අර හිටපු ජනපතිතුමාටත් , තුමියටත් තවත් වතාවක් ඉල්ලන්න පුළුවන් බවක් කිව්ව කතාවට මොකද වෙන්නේ මෙයා ? ' තණ්හාය ජායති සෝකෝ ' ද අනේ ?

:       315       125

yaha Monday, 15 January 2018 05:06 AM

අවුරුදු5 කියන්නේ රටකට වැඩ කරන්න හොඳටම ඇති. මෙයාගේ ප්‍රශ්නේ වැඩ කරයිද කියන එකනේ. සිරිසේන මහතා පාඩුවේ හිටියට රටට සෙතක් නැහැනේ. රට හොරා කන එක වැඩි උන එක විතරයි සිදු උනේ. පුළුවන් නම් නීතිය හොරුන්ට ක්‍රියාත්මක කරලා යන්න. ලංකාවේ දුෂණය වංචාව නැති කරන්න ලේසි නැති උනත් නීතිය අකුරට ක්‍රියාත්මක වෙන , නඩු පමා නොවෙන , නීති ක්ෂේස්ත්‍රය වල් වෙලා තියෙන තත්වය නැති කරලා යන්නවත් බලන්න. හොඳ අවංක නිලධාරීන් ටිකක් ඔය රජයේ ලොකු පුටු වලට දන්නා බලන්න .

:       60       318

Migida Monday, 15 January 2018 05:14 AM

මෙතුමා හැමදේම අහන්න දකින්න ලැබෙන්නේ පත්තරේන්ලු!. පුදුමයි එත් ඇත්තයි.

:       20       205

Saman Monday, 15 January 2018 05:24 AM

පැරදුන කෙනා කියල තිබුන නේද මෙයාට දුන්නොත් මටත් ආයෙත් එන්න පුලුවන් කියලා ? එයාටත් හුලං ...

:       259       81

ase Monday, 15 January 2018 05:32 AM

මහජන සල්ලි ගැන කෙපර. මේවට ගෙවන්නේ කව්ද ? කඩුවේ වැඩ පේනවද ?

:       12       80

nlnj Monday, 15 January 2018 05:37 AM

නීතියට ගරැැ කරන ඔහු ආදර්ශයට ගත යුතුයි.

:       471       273

sanath Monday, 15 January 2018 05:58 AM

කලින් ආණ්ඬුව තියෙද්දී මෙහෙම තීරණයක් දුන්නානම් මේ විනිශ්චයකාරතුමන්ලා පස් දෙනාම ගෙදර​. මතකනෙ ශිරානි මැඩම්ට උන දේ.

:       386       1533

Bandara Monday, 15 January 2018 06:05 AM

තවමත් රට පාලනය වෙන්නේ රාජපක්‍ෂවරුන්ට උවමනා විදිහට​. එයාලා පත් කරපු අය තමයි තවමත් ලොකු තැන්වල ඉන්නේ. මේක මේ ආණ්ඬුවේ බෙලහීනකම නිසා ලැබුන තීරණයක්. නැතිව අධිකරණයේ ස්වාධීනත්වය නිසා නොවෙයි.

:       708       608

gunarathnaMonday, 15 January 2018 06:52 AM

රාජපක්ෂට ඕන විදියට නෙමෙයි බණ්ඩාර මේක සිද්ද උනේ මෛත්‍රිට ඕනේ විදියට. අවුරුදු හයක් කීවානම් මහින්දට අපහු ඡන්දෙට එන්ට පුළුවන් වෙනවා

:       474       378

vajiraMonday, 15 January 2018 08:10 AM

එයා ආපහු ඉල්ලුවොත් රනිල්ටත් පරදිනවා. නම්බුකාර විදිහට විශ්‍රාම යන්නේ නැතුව වැඩි තණ්හාව නිසා කුණු බක්කියට වැටෙන්න ලෑස්තියි. යථාර්තය තේරුම් ගන්න. සිංහල බෞද්ධ ඡන්ද වලින් විතරක් ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කමක් නෑ. කාටවුණත් ඒ ටික තමයි.

:       1342       612

Nissanka Monday, 15 January 2018 06:17 AM

අවුරුදු 6ක් නෙවෙයි 12ක් හිටියත් ඔච්චර තමයි. පහුගිය අවුරුදු තුනටම කරපු එකම දේ 19 වෙනි සංශෝධනයයි, මහ බැංකු කොමිෂන් එක පත් කරපු එකයි විතරනේ. ජනතාවගේ බලාපොරොත්තු සුන් කරපු අවුරුදු තුනක්.

:       81       429

SanathMonday, 15 January 2018 06:56 AM

ජනතාව මෙතුමාගෙන් බලාපොරොත්තු වුනේ පහුගිය රජය කාලයේ සිදුවුනු දූෂණ වංචා වලට දඬුවම් දීමත් නැවත එවැනි දූෂණ වංචා සිදු නොවන ආණ්ඬුවක් බිහි කිරීමත්‍ ය​. නමුත් පහුගිය වසර තුනටම ඒ බලාපොරොත්තු ඉටු කිරීමට උවමනාවක් තිබුනේ නෑ. ඉතුරු අවුරුදු දෙකේදිවත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරීමට පියවර ගත්තොත් ඔබේ නම ඉතිහාසයේ ලියැවෙයි. වසර පහ අවසානයේ ජනතාව ඉල්ලා සිටීවි නැවතත් ජනාධිපති ධූරයට තරග කරන ලෙසට​.

:       6       338

gama Monday, 15 January 2018 06:26 AM

පුටුවේ රස නරකම නෑ නේද.?

:       1       100

manoj Monday, 15 January 2018 06:51 AM

පුටුවේ රස වැටෙන්න කලින්ම කට ඉස්සර කලානේ ආයේ ඉල්ලන්නේ නෑ කියල. නැත්නම් තව 5 කට ඉල්ලන්න තිබ්බ.

:       1       128

suran Monday, 15 January 2018 07:09 AM

මහබැංකු දූෂිතයින්ට, රට විනාශ කිරීමට තැත් කරන්නන්ට, බේබද්දන්ට කනේ පහරක් දුන්න මෙතුමා සයවසක් සිටියත් ප්‍රශ්නයක් නැහැ.

:       509       32

Saman Monday, 15 January 2018 07:10 AM

හරිනම් නීතිපති අස්වෙන්න ඕනෑ... එයාගේ තර්කය වැරදියිනේ.. මට හිතෙන්නේ ඒ තර්කය එයාගෙ නෙවෙයි.. උපදේශක ශිරාල්ගේ...

:       0       78

Shan Monday, 15 January 2018 07:20 AM

අවුරුදු 5ක් වැඩිත් එක්ක... දැනටම දුලා, පුතාලා බිස්නස් එහෙම ඔක්කොම දියුණු කරගෙනනේ. මල්ලි ටෙලිකොම් එකේ වැඩේ කරගෙන යනවා. දැන් ජනාධිපති පැන්ෂන් එකත් හරි. මිනිහෙක්ට මීටත් වැඩිය මොනවද ඕනෑ.

:       42       371

Buddika Monday, 15 January 2018 07:28 AM

මේකට කියන්නේ තණ්හාය ජායතී සෝකෝ...

:       39       134

සිරි Monday, 15 January 2018 07:36 AM

මෙම තීන්දුවෙන් සිරිසේන ජනාධිපතිතුමාගේ වර්තමාන ධුර කාලය අවුරුදු 5කට සීමාවීමට වඩා වැදගත් වන්නේ කලින් හිටි ජනාධිපති දෙදෙනාට තුන්වන වරටත් ජනාධිපති ඡන්දයකට ඉදිරිපත්වීමට අවස්ථාව අහුරාදාපු එකයි. මේ තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්... සිරිසේන ජනාධිපතිතුමා හොඳ නැතිනම් වඩා හොඳ ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට දැන් ජනතාවට පුළුවන්..

:       263       80

Thilini Monday, 15 January 2018 07:55 AM

ඉක්මණට යන තරමට හොඳයි. කරපු දෙයක් නැහැ. පුළුවන් නම් හෙට යන්න.

:       415       887

SanathMonday, 15 January 2018 08:23 AM

හෙට ගියත් කමක් නැහැ තමයි. ඒත් මෙයා ගියාට පස්සේ එන්නේ කවුද කියන එක තමයි ගැටළුව​. අවුරුදු දහයක් හොරාකම් කළ කෙනෙක් ආපහු ගේනවද​? මහබැංකුව මංකොල්ල කාපු යූ.එන්.පී.යේ කෙනෙක් ගේනවද​? විකල්පයක් ගැන ජනතාව හිතුවොත් මේ තීරණය රටේ ජයග්‍රහණයක් බවට පත් කරගන්න පුළුවන්...

:       92       338

tikiriMonday, 15 January 2018 08:54 AM

කරපු දේ කියන, කරන්න පුළුවන් දේ පමණක් කරන්න පොරොන්දු වෙන, තමන්ගේ මැති ඇමැතිවරුන්ව පාලනය කරන්න පුළුවන්, අමාත්‍ය මණ්ඩල තීරණ පත්තරේ පලවෙන්න කලින් දැනගන්න, රටේ අපි වෙනුවෙන් යුද්දෙට ගිය සෙබළුන්ව යුධ අපරාධකරුවන් සේ නොසලකන, වැඩක් කරපු අයව සමච්චලයට පත් කරන්න උත්සහ නොකර තමනුත් රටට මොකක් හරි වැඩක් කරන්නට උත්සහ කරන, බොරු සුරඟන කතා කියල මිනිසුන් නොරවටන, කෙනෙක් ආවොත් ලංකාවට හොඳක් වෙයි.

:       15       248

SanathMonday, 15 January 2018 10:42 AM

බොරු දේශප්‍රේමයක් පෙන්නලා රටේ ධනය මංකොල්ල නොකන කෙනෙක් වෙන්නත් ඕනේ ටිකිරි....

:       164       231

SanathMonday, 15 January 2018 10:50 AM

නමට විතරක් ඇමතිවරු පත් කරලා තමන්ගේ ඥාති පරම්පරාවත් එක්ක රට පාලනය කරන ඒකාධිපතියෙක් ආයෙත් පත් කරගමු කියලද ටිකිරි කියන්නේ? අවුරුදු 70ක් තිස්සේ කරපු මෝඩකම් ආයෙත් කරන්නේ නැතිව විකල්පයක් ගැන හිතමු.

:       182       203

de silva Monday, 15 January 2018 07:56 AM

නිකන් අනවශ්‍ය ප්‍රශ්නයක් රටේ නිර්මාණය කරලා, අධිකරණයේ කාලය රටේ ජාතික ධනය නිකරුනේ නාස්ති නොකර ඔබතුම පොරොන්දු වුණු විදිහට අවුරුදු 5න් ජනාධිපතිවරණය තිබ්බා නම් ඉවරයිනේ... ඕක 5න් තිබ්බා කියලා කවුරුවත් ඔබතුමාට විරුද්ධව නඩු දමන්නේ නැහැනේ...

:       0       137

hira Monday, 15 January 2018 08:28 AM

හරියට බැලුවොත් කිසිම දෙයක් දන්නේ නැහැනේ. බාර් ටික උදේ 8.00 සිට 10.00 දක්වා කරපු ගැසට් නිවේදනයත් දැකලා තියෙන්නේ පත්තරෙන්ලු. මේවා එළිපිට ඇඳුම් ඇඳගෙන කියන ලස්සන තමයි. රටක් කරන්න පුළුවන්ද මම අහන්නේ මේ විදියට... ඔන්ලි ටෝක්ස් නො වර්ක්ස් !!!

:       0       297

Hafeel Monday, 15 January 2018 08:37 AM

තවත් ඉතුරුවී ඇත්තේ අවුරුදු දෙකක් වගේ ඉතා කෙටි කාලයක් පමණි. මීළඟට පත් වෙන්න කෙනා කොයි වගේද කියලා දන්න නැහැ. එමනිසා රටට දීපු පොරොන්දු ටික ඉටුකරමින්... දූෂණයෙන් තොර පිරිසිදු රටක් හැටියට වෙනස් කරමින් විශ්‍රාම යන ලෙස කාරුණික ඉල්ලනවා.

:       0       19

de silva Monday, 15 January 2018 09:12 AM

කිසිම වැඩක් හත්පොලේම ගාගන්නේ නැතුව කරන්න දන්නේම නැහැ. ගිය ජනාධිපතිවරනේදී ශ්‍රීලනිප පාක්ෂිකයෝ සියයට 80ක් ඡන්දෙ දුන්නේ ඔවුන්ගේ නායකයට... ඔබතුමාට ඡන්දෙ දුන්නේ වැඩිහරියක් එජාප සහ වෙනත් පක්ෂවල සාමාජිකයෝ. තත්වය එසේ තිබියදී, නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු ලෙස ජනතාවගේ පැත්තේ සිට ජනතාවට සේවය කරන්නේ නැතුව, , ශ්‍රීලනිපෙ සභාපතිකම බදාගෙන එ්කේ හිටපු පරණ ආණ්ඩුවේ හොරු සමග එජාප හවුල් ආණ්ඩුවක් හදලා, ශ්‍රීලනිපෙත් අවුල් කරලා... ආණ්ඩුවත් අවුල් කරලා, රටේ විපක්ෂ නායකකම විපක්ෂයේ භූමිකාව රඟ දැක්වීමට බැරි දෙමල සංවිධානයට දීලා, රටේ ආර්ථික වර්ධන වේගය අඩාල වෙලා, ඔක්කොම අවුල් කරගෙනයි ඉන්නේ...

:       444       650

Chandima Monday, 15 January 2018 09:58 AM

මම නම් කියන්නේ එජාප නායක කරකාදීන්ට වඩා මෙතුමා හොඳයි කියලා. මොකද, මේ ඊයේ පෙරේදා අර මත්වතුර හල් පිළිබඳ එජාපයේ තීරණය ටිකක් හිතලා බලන්න. ඒවාද රටට කෙරෙන්න ඕනෑ දේවල්? පාර්ලිමේන්තුවේ ඇමැතිවරු හිතුමතේට පිස්සුවෙන් වගේ සමහර වෙලාවට රටට මහා විනාශකාරී වැඩ කරන්න යනකොට මෙතුමා ඒවා සුද්ද කරලා දැම්මා. ඒ නිසා ඊළඟ සැරෙත් ඉල්ලලා දිනලා රට ඔය තරමින් වත් බේරාගෙන ඉදිරියට යමු.

:       141       445

Chanak los angeles Monday, 15 January 2018 10:03 AM

ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගය මෛත්‍රි යුගයයි. සාමය, සංහිඳියාව, යහපාලනය ඇතිකළා. මිනිසුන්ගේ අතමිට සරුකළා. බඩුමිල, විරැකියාව අඩුකළා. බලයට ආසාවක් නැති සරල ජනාධිපති බව ඔප්පු කළා.

:       236       69

gunarathnaMonday, 15 January 2018 10:32 AM

මම නොදන්නා හින්දයි අහන්නේ. මම නම් ඉන්නේ ලංකාවේ. චානක මේ කතා කරන්නේ මොන ර‍ට ගැනද? මොන මෛත්‍රි යුගය ගැනද කියලා ටිකක් කියනවද? ලොස් ඇන්ජලීස් වල මානසික රෝහලේ බෙහෙත් ගන්න ගිය ගමන් එකෙන් පැනලා ගිහිල්ලද ඉන්නේ?

:       41       305

kamalMonday, 15 January 2018 10:39 AM

ඔබ සමග එකඟ වෙනවා.

:       0       20

tikiri Monday, 15 January 2018 01:47 PM

චානක් කියන්නේ මීට අවුරුදු 3 කට කලින් ගැන .

:       0       89

Dr. Vajira Fernando Monday, 15 January 2018 10:59 AM

දැන්වත් අපි වෙනස් විදිහකට හිතන්න පුරුදු වෙමු. අවුරුදු හැත්තැවක් තිස්සේ දෙපැත්තෙම අයගේ කෙරුවාවල් අපි දැක්කනේ. බුද්ධිමත්ව කල්පනා කරලා 2020 වෙනසක් කරමු. අනුර කුමාර දිසානායක මීලග ජනාධිපතිවරයා ලෙස තෝරා ගනිමු.

:       135       157

Lanka Monday, 15 January 2018 11:10 AM

මගේ ඡන්දෙ දෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී නාගානන්ද කොඩිතුවක්කු මහතාට අවංක, ඉගෙන ගත්ත, කොන්දපණ තියෙන මිනිහෙක් ජනාධිපති වෙන්නේ ඕනේ...

:       0       5

prakaash Monday, 15 January 2018 11:25 AM

දේශපාලනයේ ඉන්න ඇතැම් නිවටයින්ව මොහොතකටවත් වැඩක් නැත.

:       0       69

gamini Monday, 15 January 2018 12:15 PM

ජනාධිපතිතුමනි, සියලුම හොරුන්ට දඬුවම් දී ගෙදර යන්න. ඔබතුමාට ජය!!! ශ්‍රීලංකා නිදහස් පක්ෂයට වැඩකල හැකි නායකවරු දෙදෙනෙක් පත් කරන්න. එක් කෙනෙක් ජනාධිපති කරවීමට සහ අනෙකා අගමැති කරවීමට....

:       15       0

buddika Monday, 15 January 2018 12:23 PM

මම නං ජනාධිපතිතුමාගේ වැඩ ගැන පැහැදිලා ඉන්නේ. එතුමා ඊළඟ අවුරුදු 2 දී හොඳ වැඩ ටිකක් කරයි. අනුර කුමාරත් හොඳයි. කල කිරීම අතේ පොහොට්ටුවේ සහ අලියන්ගේ සමහර නායකයින් ගැනයි.

:       48       68

DD Monday, 15 January 2018 02:13 PM

නෑ, නෑවත වාරයක් තරග කරන්න පුළුවන්.

:       8       0

කැනඩාවේ රුවන් Monday, 15 January 2018 03:10 PM

ඔක්කොම වෙන්නේ හොඳට. මහින්ද පැරදුණු එක හොඳයි. හැබැයි, පැරදුණු මහින්ද දිනපු මහින්දට වඩා ජනප්‍රිය ඇයි? මොහොතක් හිතන්න. මහින්ද තම අඩුපාඩු වලින් ඉගෙන ගන්න කෙනෙක්. මිනිස්සු මේක දන්නවා. ඩයස්පොරාවයි, බැංකු හොරුයි මහින්දට බය ඒකයි. හැබැයි මහින්ද පලිගන්න කෙනෙක් නොවන බවත් ලංකාවම දන්නවා.

:       15       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 0 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 307 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 439 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1207 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2647 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1762 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site