IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපති දේශපාලන ලොක්කන්ට අනතුරු අඟවයි

(ආරියරත්න රණබාහු හම්බන්තොට සිට)

ගිං- නිල්වලා යෝජනා ක්‍රමය සිදු නොකිරීම සම්බන්ධයෙන් පසුගිය රජයෙන් සිදුවූ දේවල් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන ආකාරයට ම මෙම රජයේ අය එම යෝජනා ක්‍රමය ප්‍රමාද කිරීම ගැන පරීක්ෂණ පැවැත්වීමට සිදුවනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හම්බන්තොටදී අද(10) පැවසීය.


ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකර සිටිම පිළිබඳව කරුණු තමා දන්නා බව පැවසු ජනාධිපතිවරයා ඒවා තමාගේ මුවින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමට ඉඩ නොතබන ලෙසද ඒ පිළිබඳ වගකිව යුතු දේශපාලන බලධාරින්ට සිහිපත් කරන බව කීය.


එම බලධාරීන්ට තමන්ගේ දේශපාලන වටිනාකම ආරක්ෂා කරගෙන කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද(10) පෙරවරුවේ පැවති පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන පිළිබඳව ගොවීන් දැනුම්වත් කිරීමේ ගොවිහමුව අමතමින් ඒ බව කී ජනාධිපතිවරයා මෙසේ ද කීය.


‘මෙහිදී ගිං-නිල්වලා ගැන කිව්ව ගොවි මහත්තුරු මට සංදේශයකුත් දුන්නා. ඒ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු කාලයේදී මොකද වුණේ කියලා තමුන්නාන්සේලා දන්නවා. ඒ ගැන වෙනම පරීක්ෂණයක් පැවතෙනවා.


දැන් මේ ආණ්ඩුවෙනුත් ගිං නිල්වලා යෝජනා ක්‍රමය ප්‍රමාදවීම ගැන නැවත පරීක්ෂණයක් කරන්න වෙයි කියලා මට පේනවා. ප්‍රමාද ඇයි කියලා මම ඒ කාරණයත් දන්නවා. මම ඒක මෙතැන තියන්නේ නැහැ.’

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (15)

ජනපති දේශපාලන ලොක්කන්ට අනතුරු අඟවයි

sam Monday, 10 September 2018 08:41 AM

මේ කතා කරන්නේ ලංකාවේ විධායක ජනාධිපතිතුමාද? එහෙම නැත්නම් ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක්ද?

:       589       672

RaveendraMonday, 10 September 2018 10:00 AM

අපට තිබෙන සරලම ගැටලුව ගිය රජයේ හිටිය මහජන නියෝජිතයන් සියල්ලෝම ඉන්දියන් ජාතිකයන් වෙන්න ඇති ? මේ රජයේ ඉන්න මහජන නියෝජිතයන් ඔක්කොම බ්‍රිතාන්‍ය ජාතිකයන් වෙන්න ඇති. මොකද අද රටේ මුල් පුරවැසිය පසුගිය රජය ගැන කිසිදු දෙයක් දන්නේ නැහැනේ.

:       34       112

gunarathnaTuesday, 11 September 2018 01:16 AM

රවීන්ද්‍ර මේ මනුස්යගේ කතාවෙන් තේරෙන්නේ ගිය ආණ්ඩුවේ හැම සංවර්දන කාර්යක්ම කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ.අනිත් මුළු කැබිනට් මණ්ඩලය ඉඳල තියෙන්නේ පඹයෝ ටිකක්.මුන් සේරටම මහජන මුදල් අවභාවිතාවට නඩු දාන්ට ඕනේ.

:       0       16

BamunuarachchiWednesday, 12 September 2018 12:51 AM

ඔය කතාව එංගලන්තේ කෙනෙකුට අැසුණානම් ඔබ ගස්... මටත් දැනෙනවා ඔබ එංගලන්ත ලෝඩ්වරුන්ට ලොකු අපහාසයක් කළා ලියලා. මේ 70වත් අපි සුද්දා යටතේ හිටියා නම් අපිත් මිනිස්සු නේද?

:       1       1

Ratne Monday, 10 September 2018 09:00 AM

වැරදිකරුවන් පිළිබඳ කරුණු සඟවා සිටීම මගින් වන්නේ ජනතාවට ද්‍රෝහිවීම නේද ජනපතිතුමනි..?

:       2       218

සතයපාල Monday, 10 September 2018 09:13 AM

රටේ ජනාධිපතිවරයා ලෙස මහජන සුබ සිද්ධියට ඉවහල් වන හෝ රටේ සංවර්ධනය හේතුවන කරුණු සම්බන්ධයෙන් කවුරුන් හෝ හිතාමතාම ඒවා වැලැක්වීමට ප්‍රමාද කිරිමට උත්සහා කරනවා නම් ඒවා ගැන ආඩපාලි කියමින් රට පුරා ඇවිදිනවාට වඩා ඒ බාධක මැඩපවත්වා නියමාකාරයෙන් සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරිමේ වගකීම රාජ්‍ය නායකයා ලෙසත් විධායක ජනාධිපතිවරයා ලෙසත් අවබෝධ කර ගැනීම තමන්ගේ වගකීම විය යුතුබව නිසියාකාරව අවබෝධ කරගත් බවක් පෙනීයයී.

:       30       154

RaveendraMonday, 10 September 2018 10:11 AM

සතයපාල මයා, ඔබගේ වටිනා අදහස් අප රටේ මුල් පුරවැසියාට නොතේරෙන්නේද? එසේ තේරුම්ගෙන නොතේරුණා සේ බාලාංශ පෙළපොත් කියවනවාද යන්න ඔහු හැර ඔබවත්, අපවත් නොදන්නා බව නම් ස්ථිරයි.

:       0       270

කෝලිත Monday, 10 September 2018 09:22 AM

රනිල්ගෙන් අහලා කියන්නම්...

:       0       48

sirimal Monday, 10 September 2018 09:48 AM

ජනාධිපති බලතල ලිප් බොක්කේ ගහගෙන හැමදාම කියකියා ඇවිදිනවා" මඩු වලිගෙන් තමයි තලන්නේ. මම කවුද කියලා දන්නේ නැතුවයි ඔය දඟලන්නේ. කවුරු හරි අලුත් පක්ෂයක් හදලා වැඩකරන්න ගියොත් මම දන්නවා කරනදේ. ආණ්ඩුවේ වැඩ පරක්කු කරලා ෆයිල් යට ගහන අයටයි මම මේ කියන්නේ. අහුවෙන්න නම් එපා" වගේ වහසි බස් දෙඩවීමෙන් වැඩක් නැහැ. ජනාධිපති බලය භාවිතා කරලා කරන්න තියෙනදේ කරන්න දැන්වත්... කිට්ටුවටම දැන් වතුර පිරිලයි තියෙන්නේ. උපදේශකයෝ කියලා, ආණ්ඩුව ගැනවත්, රට ගැනවත් තඹ දොයිතුවක සැලකීමක් නැති තමන්ගේ බඩ වඩාගැනීම පමණක් මුල්තැන තියාගෙන කටයුතු කරන පරණ යාළුවන් ටිකක් දාගෙන පවුල් පිටින් ශ්‍රී ලන්කන් එකේ පළවෙනි පන්තියේ නැඟලා ලෝකේ වටේ සංචාර යන්න ඉඩ සලස්වලා තිබ්බට වැඩක් නැහැ. පොරොන්දු වූ දේවල් එකක් හරි තවම කලේ නැහැ නේද? නඩු දානවට විරුද්ධව චූදිතයෝ නඩු දාන්න යනවා. ඉතින් අර සොහොන් කොත් කතාවත් අබිලික් වේගෙනයි එන්නේ... දැක්කනේ කොළඹට ආව සෙනඟ. බේබද්දන් කියලා වැඩක් නැහැ. ඒ ගොල්ලෝ සේරම ඡන්දෙ තියෙන මිනිස්සු...

:       0       268

sena Monday, 10 September 2018 10:05 AM

අනේ මන්දා බලයට ආපු දවසේ ඉදලාම එක එක්කෙනාට සද්ද දානවා විතරයි

:       0       93

sumith Monday, 10 September 2018 10:13 AM

එල්ලන්න.. එල්ලන්න.. හොරු ඔක්කොම එල්ලන්න. අප්පමාදෝ අමත පදං..

:       1       29

Raveendra Monday, 10 September 2018 10:14 AM

දැකුම්කළු බවක් දැනුනත් සිනා අපේ.. බොකුවල ගින්දරය රට ගැන සිතන විට.. එනමුත් බල ලෝභය හදතුළ නැගෙන විට.. අම්මා වුණත් දෙයි පවා පිටරටට..

:       0       124

de silva Monday, 10 September 2018 11:39 AM

එතුමා හිතන් ඉන්නේ එතුමා විධායක බලතල නැති නාමමාත්‍රික ජනාධිපතිවරයෙක් කියලයි. පසුගිය සතියේ එතුමා කියනවා විධායක බලතල තිබෙන්නේ අගමැතිටලු.. මට මේ විකාර කතා අහල එපා වෙලා.. රුපියල බලන් ඉන්දෙද්දී දවසින් දවස වැටෙනවා. ජීවන බර දවසින් දවස වැඩි වෙනවා. දේශපාලකයින් සහ ගෝලයෝ දිනෙන් දින තරවෙනවා. ආණ්ඩු මාරුවුණාට මෙච්චර කාලයක් එකේ තීන්දු තීරණ ගනිපු මිනිස්සුන්ගෙන් වැඩි හරියක් පසුගිය ආණ්ඩුවේත් තීන්දු තීරණ ගත්ත පුද්ගලයින්, දැන් අලුත් ආණ්ඩුවක් අාවොත් ඔවුන් එ්කේ වාඩිවෙන්නත් සැලසුම් සකස් කරනවා. අපට ගැලවිල්ලක් නැත. කූඩැල්ලන් මෙන් ඔවුන් අපේ රටේ සාරය උරා බොනවා.

:       0       99

OMGMonday, 10 September 2018 12:56 PM

ඔබ නියම අදහසක් ප්‍රකාශ කරලා තියෙන්නේ. හිතේ වේදනාව කොච්චරද කියල දන්නේ තවත් හිත අමාරු පුද්ගලයකුට පමණයි.

:       0       25

ananda Tuesday, 11 September 2018 10:05 AM

කටින් බතල හිටවනවා ජනපති කටින් බතල ගලවනවා අගමැති රටේම දත් ගලවනවාලු සුවපති රජ වී රටම නැතිකල සේක ගම්පති.....

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 338 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 780 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 472 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1305 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 71 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2487 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site