IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපති ඔපරේෂන් II අරඹයි

(චන්ද්‍රසිරි ගුණසේකර)

‘‘හොරුන්ව හිරේ යවන්න අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් අපහු ගන්න මම අද ඔපරේෂන් ටු ක්‍රියාත්මක කරලයි ආවේ‘‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(17) ඇල්පිටිය නගරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය අමතමින් පැවසීය.

‘‘පසුගිය කාලය තුල මේ රටේ ඉතිහාසයේ  සිදුවෙච්ච ලොකුම මංකොල්ලය මහ බැංකු මංකොල්ලයයි. ඒ මංකොල්ලය සොයන්න තමයි මං ජනාධිපති කොමිසමක් පත්කළේ. ඒ ජනාධිපති කොමිසම පත්කරන කොට අද අප විවේචනය කරන අය එක එක දේවල් කිව්වා. ඕවා දැම්මට ඕවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කිව්වා. මම අද දවාලේ නීතිපතිතුමා මගේ කාර්යාලයට ගෙන්නුවා. අල්ලස් දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්තුමාට එන්න කිව්වා. මහ බැංකුවේ අධිපතිතුමාට එන්න කිව්වා. රජයේ ක්ෂේත්‍රවල නීති විශාරදයන්ට එන්න කිව්වා. ඒ සියලුම දෙනාට එන්න කියල මං ඒ සාකච්ඡාව අවසන් කරලා ආවේ. මං ඒගොල්ලන්ට කිව්වා හොරුන්ට දඩුවම්දීමට, අපෙන් හොරකම් කළ ජනතාවගේ සල්ලි ආපසු ගැනීමට ,ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ඔබට කොච්චර කාලයක් යනවද? කොච්චර කාලයකින් මේක අවසන් කරනවද කියල මං ඒ අයගෙන් අහල ඒ වැඩපිළිවෙළ හදලා මේ රැස්වීමට ආවේ හොරුන්ට දඩුවම් කරන්න‘‘ යැයි ජනපති එහිදී කියා සිටියේය.

 

 



අදහස් (56)

ජනපති ඔපරේෂන් II අරඹයි

manoj Wednesday, 17 January 2018 04:10 PM

ඔපරේශන් 2 මිෂන් ඉම්පොසිබල් වෙයිද?

:       0       3

muhan Wednesday, 17 January 2018 04:17 PM

එයාපොර්ට් වහල හොරු ඇල්ලුවා වගේද ?

:       0       2

Pradeep Wednesday, 17 January 2018 04:24 PM

මොන දේ කරලා හරි අපේ රටේ අහිංසක මිනිසුන්ගේ මංකොල්ල කාපු සල්ලි ටික නැවත අරගෙන නැවත මේ වගේ දේවල් නැවත නොකරන නීති ගෙනෙන්න ජනාධිපතිතුමනි. මොවුන්ට දේශපාලන රැකවරණ දෙන්නත් එපා. පුලුවන්නම් මිහින්ලංකා, එයාර්ලංකා, හෙජින් ගනුදෙනුව, 2008 -2014 කාලයේ සිදුවුණු මහා බැංකු ගනුදෙනු පිලිබදවත් සොයා බලා නිසි දඩුවම් දෙන්න .

:       12       10

wije Wednesday, 17 January 2018 05:01 PM

ගොඩක්ම හොදයි. හැබැයි මහත්තයෝ පළාත් පාලන චන්දයෙන් පස්සේ මේ දේවල් අමතක කරනවා එහෙම නෙවෙයි.

:       1       101

banda Wednesday, 17 January 2018 05:21 PM

අර සිල් රෙදි හොරුන්ට දඩුවම් දුන්න වගේද ?

:       1       2

Senarath Wednesday, 17 January 2018 05:31 PM

සද්දේ විතරයි

:       1       6

v.warnakulasuriya Wednesday, 17 January 2018 06:28 PM

ජයවේවා ! නීතිගරුක ජනතාවගේ සුභ පැතුම් ඔබතුමාට හිමිවෙනවා නිසැකය.

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 17 January 2018 06:44 PM

ජනාධිපතිතුමනි ඔබට ජය ශ්‍රී, බණ්ඩාරනායක මහත්තයාට වගේ ඔබටත් සතුරෝ ඇතිවන එක නියතයි, ඒ නිසා ඔබගේ ආරක්ෂාව ගැන ඉතා සැලකිලිමත් වෙන්න,

:       1       0

Kaurnarathna gampola Wednesday, 17 January 2018 10:17 PM

ගෞරවයෙන් ආචාර කරමි. අවස්ථාවාදී සුලු පිරිසකගේ පටු, පවිටු කාර්යයන් පසෙකලා, පොදු දේපල රැකගන්න, රැකදෙන්න. හෙට විශ්‍රාම ගියත්, නිරවුල් මනසකින් විශ්‍රාම සුවය විඳින්න පුළුවන් ඔබතුමාට එසේ නොවේවා! සම්මා සම්බුදු සරණයි!!.

:       0       0

රාජුන් Wednesday, 17 January 2018 10:49 PM

ඇයි දෙයියනේ මෙච්චර කල් හිටියෙ ඕක කරන්න. උද්වේගකර පුවතක්.

:       0       4

Thilak Wednesday, 17 January 2018 11:56 PM

ඔබතුමාට තව කල් ඕනද? දැන් ඕනේ ප්‍රතිපල කතා ඇති .... චන්දෙට කට්ටිය අන්දනවද මන්දා...,

:       6       21

කුරුම්බැට්ටි සුදා Thursday, 18 January 2018 12:09 AM

කකුල් දෙපැත්තේ තියාගෙන ගමන් යන්න බැරිබව සියලුම දෙනා පිළිගත යුතුයි. මෙවර මැතිවරණයේදී රත්නපුර ප්‍රදේශයේ දේශපාලකයෙක් පක්ෂ දෙකක අපේක්ෂකයන්ගේ දැන්වීම් මුද්‍රණ කටයුතු කරවා දෙන අතර සියලුම වියදම් කරනු ලබන්නේ මෙම දේශපාලකයා විසිනි.අපේක්ෂක ලැයිස්තු දෙකම මොහුගේ අනුමැතියට යටත්ව ඉදිරිපත්කර ඇත.

:       0       1

sarath Thursday, 18 January 2018 01:09 AM

කොන්ඩෙ බැඳපු චීන්නු අපේ ගංවල නෑ මහත්තයො. කියන හොරු නම් එහා ගමේ රැස්වීමේ යහතින් ඉන්නේ

:       0       1

gunarathna Thursday, 18 January 2018 01:46 AM

රටේ දුප්පත් මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන්නේ බඩු මිල කොහොමද එදා වේල කන්නේ කොහොමද කියලා.

:       0       0

lalithsjm Thursday, 18 January 2018 02:00 AM

ඔට්ටුයි ප්‍රතිපල ඡන්දෙන් පස්සේ.

:       0       0

ajith Thursday, 18 January 2018 02:15 AM

ඔබතුමා ජනාධිපතිවරණයෙන් පැරදුන නම් අඩි හයක් යට යවන්න හිටපු කට්ටිය පිළබඳව ඔපරේසන් III අරඹන්නේ නැද්ද?

:       0       0

pitigala Thursday, 18 January 2018 02:35 AM

ශ්‍රී. ල. නි. ප. යේ මහා හොරුන්ටත් ඕක අදාලද ? නැත්නම් ඕකත් ඔබ තුමාගේ බොරු ෂෝ එකක්ද?

:       0       0

imesh Thursday, 18 January 2018 02:45 AM

තම ඉතින් ඇඟට දැනෙන යමක් උනේ නැහැ.

:       0       0

S JAYASIRI Thursday, 18 January 2018 02:48 AM

කියන විදියට වෙනවානම් හොදයි ජනතාවට ජය .ඔබට ජය ජනාදිපති තුමනි

:       0       0

emerson Thursday, 18 January 2018 02:49 AM

අශ්වයා පැනල ගිහිල්ල ඉවරයි ජනාදිපති තුමෝ .හැබැයි චන්දෙ ගන්න නම් ඔය කතාව හොදයි

:       0       2

KANDEPOLA Thursday, 18 January 2018 03:02 AM

එතකොට විල්පත්තු, රුසියන් නැවු, කටාර් සල්ලි..මේවා ගැන ඔපරේෂන් නැද්ද?

:       0       0

sumal perera Thursday, 18 January 2018 03:45 AM

කිය කියා ඉන්නේ නැතුව වැඩේ කරන්න.

:       0       0

පුෂ්පකුමාර Thursday, 18 January 2018 03:46 AM

අන්තිමේ ඉතින් ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. ප්‍රශ්න විසඳනවා වෙනුවට, ප්‍රශ්න එක්ක සෙල්ලම් කරනවා කියල තමයි අපිට නම් පෙනෙන්නේ. බැරි සිල් නොගනින් අබරෝ කිව්වලු.

:       0       0

UNP Api Thursday, 18 January 2018 04:04 AM

හොරුන්ට විතරක් මදි. උන්ට තනතුරු දීල , උන්ව ආරක්ෂා කරපු එවුන්ටත් දඬුවම් දිය යුතුයි.

:       0       0

rohan Thursday, 18 January 2018 04:06 AM

ජනදිපතිතුමනි ඔබතුමා මේ හොරුන්ට දඩුවම් දෙන්න එතකොට තමඊ ඔබට චන්දය දීපුආය්ට සදරනය්ක් වන්නේ

:       0       0

perera Thursday, 18 January 2018 04:07 AM

අන්න එහෙම එන්ඩකෝ ලොක්කා දෙන්නම් බොක්කෙන්ම ..... පහු ගිය කලේ ඒවාත් එද්දනම් නයගන්න ඕනේ නේ අයෙත් .

:       0       0

Sajith Thursday, 18 January 2018 04:40 AM

අනේ ඉතින් මට නම් හිනාව නවත්තගන්නත් බැරි වුනා මේ කතාව අහලා.

:       0       0

sena Thursday, 18 January 2018 04:47 AM

අපි මෙච්චරම මෝඩයෝ කියලා හිතන එක වැරදි

:       0       0

Chandra Thursday, 18 January 2018 04:55 AM

ඔබ තුමා කැබිනට් එකේ සිටිය වකවානුවේ රටම සුරා කාපු ඒවාට ඔපරේෂන් 3 ද ක්‍රියාත්මක වෙන්නේ ? ඒක පොරොන්දු වුනේ බලයට එන්න ඉස්සෙල්ල චන්දය ගන්න . දැන් ලග එන චන්ද ඔපරේෂන් ඒක .හොරු ටික නිදැල්ලේ . පක්ෂය දිනවන්න ,එහෙම නේද ? ජයවේවා !

:       0       16

nissanka Thursday, 18 January 2018 05:04 AM

කව්ද සර් හොරු පුළුවන්නන් දඩුවන් දෙන්න අල්ලපු හොරුන්ට

:       0       13

maal Thursday, 18 January 2018 05:04 AM

මේ සැරේ මමත් JVP එකට චන්දෙ දෙන්න හිටියේ . දැන්නම් මෛත්‍රීට තමා දෙන්න ඉතුරුවෙලා ඉන්නේ. අඩු ගනනේ hydro ප්‍රොජෙක්ට් එකක් වත් ඉවරකලා. මහින්දගේ සහචරයෝ කොමිස් ගහල රට බංකලොත් කලා. රනිල් දැනදැනම මහා බැංකුවට කෙලින්න ඉඩ දුන්න.නය බේරන්න කියල රටේ සම්පත් විකුනනවා. දැන් JVP එක රටේ ප්‍රගතිය නැතිකරන්න වැඩවර්ජනයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝයි උසිගන්නනවා. ඉතින් මේ අයගෙන් කවුද වඩා හොඳ කියල හිතාගන්න පුළුවන් අපට.

:       0       0

indika Thursday, 18 January 2018 05:28 AM

හොඳ තීරණයක්. නමුත් හොරුන්ට දඩුවම් කරන එක අධිකරණයට බලය සහිතව බාර දීල ඔබතුම රට දුයුණු කරනවානම්, රටේ තියෙන වැදගත් ප්‍රශ්න වලට විසදුම් හොයනවනම් තමා හොද දෙයක්. එය තමා ජනාදිපතිවරයකුගේ රාජකාරිය. ඔබතුමා නඩු අහන්න ගියොත් ඔබතුමාගේ වැඩ කරන්න කව්ද. අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් මේක. තමන්ගේ ප්‍රධාන රාජකාරිය අමතක කරලා වෙන වැඩ කරන්න යනවා.

:       282       502

VajiraThursday, 18 January 2018 06:30 AM

අද දවසේ රටේ තියෙන වැදගත්ම ප්‍රශ්ණය මහ බංකු මංකොල්ලය නොවෙයි කියලද ඉංදික කියන්නේ. හොරු අල්ලනවා කියලා බලයට ආව යූ.එන්.පි.ය හොරු ඇල්ලිල්ල පැත්තක තියලා එයාලත් හොරකම් කරන්න ගත්තම ජනාධිපති ඇරෙන්න වෙන කවුරුද ඒ ගැන හොයලා බලන්නේ? මේ චෝදනාවෙන් ගැලවෙන්න නම් අගමැති ප්‍රමුඛ ආණ්ඩුව සැබෑ වැරදි කරුවන් සොයා දඬුවම් ලබා දීමට ජනාධිපතිතුමාට උදව් කළ යුතුයි.

:       145       258

INDIKAThursday, 18 January 2018 09:44 AM

නැහැ. එම ගනුදෙනුව ලොකුම දෙයක් හොයන්න උවමන. නමුත් ජනාධිපතිගේ කාර්යය එම ගනුදෙනුව ගැන හොයන්න අධිකරණයට බලතල සහිතව පවරලා වෙන වැඩ සදහා හිත යොමුකරන්න. මෙම ගනුදෙනුවම ගැන හිතල එය ගැනම කතා කරහම ජනාධිපතිගේ වැඩ කරන්න අධිකරණයද. අධිකරණයට බලතල දීල තිබුනට වැඩේ හරියට කරන්නේ නැත්නම් ජනාධිපතිට පුළුවන් හොයල බලන්න. නමුත් මෙතන හරි විදිහට පවරලා නැහැ වැඩ කරන්න උවමනා අයවලුන්ට.

:       31       5

සපුමල් බණ්ඩාර​Thursday, 18 January 2018 07:23 AM

අද දවසේ රටේ තියෙන වැදගත්ම ප්‍රශ්ණය මහ බංකු මංකොල්ලය නොවෙයි කියලද ඉංදික කියන්නේ. හොරු අල්ලනවා කියලා බලයට ආව යූ.එන්.පි.ය හොරු ඇල්ලිල්ල පැත්තක තියලා එයාලත් හොරකම් කරන්න ගත්තම ජනාධිපති ඇරෙන්න වෙන කවුරුද ඒ ගැන හොයලා බලන්නේ? මේ චෝදනාවෙන් ගැලවෙන්න නම් අගමැති ප්‍රමුඛ ආණ්ඩුව සැබෑ වැරදි කරුවන් සොයා දඬුවම් ලබා දීමට ජනාධිපතිතුමාට උදව් කළ යුතුයි.

:       0       0

samanThursday, 18 January 2018 07:56 AM

ඉන්දික! මෙයා අර එලියට ගත්ත කඩුව තාම හරියට වනාගන්න බැරුව දගලනවා ඔය මේ මොනවා කියවනවද මන්දා ?

:       0       0

රංග Thursday, 18 January 2018 05:37 AM

හොරුන්ව පත් කරේ අපි වගේ නිකන් අපිට කියන්නෙ...

:       367       357

පිටිගල මිලානෝ Thursday, 18 January 2018 06:16 AM

හිටපු හොරු රැලේ නඩු ඉස්සෙල්ලා අහලා ඉන්නවනම් නේද හොඳ. අරයව ඇමරිකාවට යවලා ඔහුව රකින ඔබත් හොරෙක් නේද?

:       92       1160

darshana Thursday, 18 January 2018 06:34 AM

හැබැයි ඉතින් මීට කලින් මහා පරිමාණ හොර වංචා සම්බන්ධව සම්පුර්ණ කරපු වාර්තා 34 හංගගෙන බොරුවට ඡන්ද වාසි තකා මහා බැංකුව ගැන විතරක් කතා කලාට වැඩක් නැ, ඔය උනන්දුව අනිත් වංචා ගැන ක්‍රියා කිරීමටත් තිබිය යුතුයි .

:       5       464

indika dubai Thursday, 18 January 2018 06:51 AM

ඔබතුමාට හොද අනාගතයක් ජනතා කැමැත්තත් ලැබේවි

:       21       0

Erdi Thursday, 18 January 2018 07:03 AM

අනේ මාර ඔපරේෂන් කාරයා?එයාපෝර්ට් වහල හොරු අල්ලනව කිව්වට අද යූ එන් පී කාරයො පස්සෙ එලවනව.එදා හොරු අමතක කරල මෙදා හොරු පස්සෙ පනන්නෙ කාපු පතේ පහරනවට.

:       0       0

sandun Thursday, 18 January 2018 07:08 AM

ඔයා කොචර ලොකු කතා කිවත් අපි ඔයාට දෙනෙත් නැ අලියට දෙනෙත් නැ .. අපි ඔය කතා වලට රැවටුන හොදටම ඇති. අපි මහින්ද මහතා කරපු වැඩ ඇස්දෙකෙන් දැක කන් දෙකෙන් ඇහුවා. ඔයාල නිකන් කතා විතරයි. කරපු වැඩක් නැ. ඔය පිට රටවල් ඉදන් කොම්මෙන්ට් කරන යට කියන තියනේ ලංකාවට ඇවිත් බලන්න දැන් මොකද මෙ අපේ ලංකවට වෙලා තියනේ කියල.

:       0       0

chamin Thursday, 18 January 2018 07:15 AM

මෛතීපල හොරු ඇල්ලුවා වගේ..

:       0       10

Shan Thursday, 18 January 2018 07:21 AM

දඬුවම් දෙනවා කියල ආපු, තමන්ගේම පක්ෂේ උන්ගේ හොරකම් ගැන කිසි කතාවක් නෑ. දැන් අවුරුදු 3ක් උනා. බැංකු කොල්ලය ගැන විතරක් කතා කරනවා. ශ්‍රී ලන්කන්, මිහින් එයාර්, සුනාමි ගිණුම, බොහොමයක් ඇමැතිලාගේ වත්කම් නඩු, මේ තියෙන්නේ කරනවානම් වැඩ. නිකම් දේශපාලන වාසි ගන්න බොරු සංදර්ශන නැතුව, කරනවානම් අවංකව හරියට කරන්න. අර රුසියන් නැව ගැනත් කමුටිවක් පත් කරන්න.

:       0       1

manoj Thursday, 18 January 2018 07:24 AM

ඔපරේෂන් 2 "මිෂන් ඉම්පොසිබල්" වෙන්න දෙන්න එපා මැතිදුනි.

:       0       31

බන්ඩා Thursday, 18 January 2018 07:45 AM

පළමු බැඳුන්කර මංකොල්ල කලේ බලයට අැවිත් දින පනහක් අැතුලත 2015 පෙබරවාරි 27 වන දිනය්. ඩිව් ගුණසේකර බැඳුන්කරේ පිළිඹඳ 'cope' කමිටුවෙ වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොරන්න තිබුනෙ 2015 අගෝස්තු වලයි. එදා ඒ වාර්ථාව ඉදිරිපත් කොරන්න ඉඩ දීල ඒ අනුව බ්‍රයිබරි කොමිෂනියර්ට සහ AG ට ක්‍රියාත්මක වෙන්න කියල ජනධිපති උපදෙස් දුන්නා නම් හොර අල්ලන්නෙ එදයි. වඩා විශාල දෙවෙනි බොන්ඩ් හොරකම නවත්ත ගන්න තිබුනා. එදා අගමැති බේරන්න සිරිසේන ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවල හොරු අල්ලිල්ල බකල් කලා. පහු වෙලා හරි කොමිසමක් දාල හොරු අල්ලන්න ක්‍රියාත්මක වෙන එක ගැන අපි සිරිසේන ජනපතිට (චන්දෙ දෙන්න නෙවෙය්) ස්තුති වන්ත විය යුතුයි.

:       0       14

de silva Thursday, 18 January 2018 07:48 AM

ඔය ඔපරේෂන් එක කරන්න තිබුනේ දැනට අවරුදු 2 1/2 - 3 කට විතර ඉස්සෙල්ල.............. දැන් පිළිකාව ඔඩු දුවල ලෙඩා මරනසන්න වෙලා ,

:       0       20

Sathyayaa Thursday, 18 January 2018 07:55 AM

ජනාධිපති තුමා ශ්‍රී ලංකා කාරයෙක් කියා චෝදනා කරන මිනිස්සු ජනාධිපත් දිහා හැමතිස්ස්සේම බැලුවේ පක්ෂ පාට කන්නාඩි දාගෙන. එතකොට ජනාධිපතිටත් සිදුවෙනවා නිල් පාට කන්නාඩියක් දාගෙන මේ ගොල්ල දිහා බලන්න.

:       0       0

sanath Thursday, 18 January 2018 08:08 AM

ලක්ෂ 80 ඔරලෝසු , ලක්ෂ 60 ඉනට දින පටි , ලක්ෂ ගණන් වටිනා සබත්තු , ගත්ත විදිත් ලංකා ඉ නිවිස් වල තියෙනවා ඒවාත් සේයන්න කියලා ඒ අයට උපදෙස් දුන්නද .?

:       0       0

pathirana Thursday, 18 January 2018 08:14 AM

බැංකු හොරු හිරේ යවන්නම් ඕනේ - එත් අනිත් හොරු ආරක්ෂා කරන එක වරදියි - (ඔයාගේ බොරු වලට අපි රැවටෙන්නේ නැහැ).

:       0       121

pereraa Thursday, 18 January 2018 08:14 AM

සම්පුර්ණ කරපු පරණ පිල් 34 කෝ ඉස්සෙල්ලා ඒවා අවසන් කරන්න එකට තමයි 62 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ ..

:       1       113

Muhan Thursday, 18 January 2018 08:27 AM

මෙයාගේ "ඔපරේෂන් 2" කියන්නේ " ඔපරේෂන් පළාත් පාලන මැතිවරණය " ට ,ඡන්දෙන් පස්සේ එකත් 2015 දී එයාපොර්ට් වහල හොරු අල්ලපු " .ඔපරේෂන් යහපාලන " වගේ තමයි .

:       0       129

prakaash Friday, 19 January 2018 05:00 AM

මේ නිවට ද්‍රෝහී පාලකයා කියන්නේ සහ කරන්නේ බොරුවයි. රටේ යහපතට දෙයක් කරන්නේ නැත. කරන්නේ වෛරය නම් කිසිසේත් නොගැලපේ. මෙවැනි කුහකයින් පලවා හැරිය යුතුයි. මෙයාට කොන්දක් තියෙනවා නම් රනිල්ව ඉවත් කල යුතුයි. එසේ නොකරන්නේ රනිල්ලා සමග කුමන්ත්‍රණ කරපු නිසායි. අඩු ගානේ සිංගප්පූර් පුරවැසි අර්ජුනට මහා බැංකුවේ අධිපතිකම දෙන වෙලාවේ නතර කරන්න තිබුණා. එය කලාද? රට බේරාගත් නායකයින් සහ රණවිරුවන් විනාශ කරන්න ඕනෑම පහත් නින්දිත ඕනෑම දෙයක් කරන බව නම් පේනවා.

:       48       307

de silva Friday, 19 January 2018 07:37 PM

බැංකු හොරු හිරේ යවන්න තබා ඒ අයට විරුද්ධව තවම උසාවියේ නඩුවක් වත් පවරලා තිබෙනවද? ඒ කවුරුවත් රිමාන්ඩ් කරලා තියෙනවද? බොරුවට ඔය රිබන් පටි වලින් ගැටගහපු පොත් පෙන්නුවට මෙදා පාරනම් අපි රැවටෙන්නේ නැහැ.. ගියපාර මෛත්‍රී පාලනය නමැති පොත් පිංචක් පෙන්නලා අපිව මුලා කළාට මේ පාරනම් ඔය පොත් පෙරලීමෙන් වැඩක් නැත. පුළුවන් නම් ඡන්දෙට කලින් ඔය මහේන්ද්‍රන්ව සහ ඔහුගේ බෑනාව රිමාන්ඩ් කරලා පෙන්වනවද?

:       0       43

සුදා Friday, 26 January 2018 10:21 AM

තවත් නම් අපිව රවටන්න හිතන්න එපා.. මුලින් රැවටුනා රටටම කල විනාශය ඇති...

:       0       0

Jerome Wednesday, 31 January 2018 04:41 AM

එක් අයෙක් තමුන්ගේ 7500ක වැටුප කලින් ආණ්ඩුවේදී නොදුන් බව පවසනවා. නමුත් දැන් සිරිසේන මහත්තයාගේ කාලේ බිලියනපතියෙක්ලු..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 556 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 568 3

සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 438 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 585 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 72 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 858 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 188 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1478 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site