(ඩයනා උදයංගනී)
මේ වන විට කොළඹ 01, ජනාධිපති මාවත, රේණුකා ගොඩනැඟිල්ල, අංක 41 ස්ථානයේ පිහිටුවා ඇති ජනාධිපති අරමුදල් කාර්යාලය අනිද්දා (18) සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය.
ඒ අනුව එම කාර්යාලය කොළඹ 10, ඞී.ආර්. විජේවර්ධන මාවත, ලේක්හවුස් ගොඩනැගිල්ලේ, 03වැනි මහල, අංක 35 දරණ ස්ථානයේ ස්ථාපිත කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම සහ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ජනාධිපති අරමුදල මෙලෙස නව ස්ථානයක ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවත්, එම කටයුතු හේතුවෙන් අනිද්දා (18) දින සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව ද කණගාටුව පළ කෙරෙන බවත් එම අංශය සඳහන් කරයි.
ජනාධිපති අරමුදලේ සේවා කටයුතු මෙම මස 21 වනදා සිට යථා පරිදි සිදු කෙරෙන අතර ඒ හා සම්බන්ධවිය හැකි දුරකථන අංක පෙර පරිදිම, එනම් 011-2331245, 011-2431610, 011-2382316 දුරකථන අංක ඔස්සේ ජනාධිපති අරමුදල හා සම්බන්ධ විය හැක බවද එම අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින
මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො
සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනපති අරමුදල් කාර්යාලය නව ස්ථානයකට