IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජනපතිට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව ජවිපෙ කියයි

බිඟුන් මේනක ගමගේ

 
පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයා ධූරයෙන් පහ කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

 
ජනාධිති මෛත්‍රිපාල සිරිසේන මහතා රට පාලනය කරමින් සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අයුරින් යැයි ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කළ ආකාරයෙන් එය හොඳින්ම පැහැදිලි වන්නේ යැයි ද ලාල්කාන්ත මහතා ‘ලංකාදීප’ සඳුඳා හමුව දේශපාලන සාකච්ඡාවට අදහස් දක්වමින් කීය.
 
රටේ නීතියේ පාලනය පිහිටුවීමට නම් ජනාධිපතිවරයා ධූරයෙන් පහ කළ යුතු යැයි කී හෙතෙම ඒ සඳහා දෝෂාභියෝග යෝජනාවක් සම්මත කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු යැයි ද පැවැසීය.
 
පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්වීමෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පළමු වරට කඩ කළ බවට සහතික වී යැයි ද හරි නම් ඒ දිනයේම ජනාධිපතිවරයා ගෞරවාන්විතව අස්විය යුතුව තිබුණේ යැයි ද ලාල්කාන්ත මහතා සඳහන් කළේය.
 
මේ වනවිට මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝණය කළ රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ද ජනාධිපතිවරයා එහි ප්‍රමුඛ ප්‍රකාශකයකු වී ඇතැයි ද ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

 



අදහස් (44)

ජනපතිට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව ජවිපෙ කියයි

Vajira Sunday, 10 February 2019 08:33 AM

මේ වගේ කුජීත ජනාධිපතිවරයෙක් ඉතිහාසයේ කවදාවත් ඉඳල නෑ. එල්ලුම් ගහක් අල්ලාගෙන දැන් බොරුවට වීරයා වෙන්න හදනවා. එල්ලුම් ගස් යවන්න ඕනෑ රටේ දේපල කොල්ල කාපු අය දැන් සුදනෝ වගේ පාර්ලිමේන්තුවට වෙලා ඉන්නවා...

:       913       1522

BamunuarachchiSunday, 10 February 2019 09:11 AM

හරියට හරි කොමිෂන් සභාවකින්ම මහබැංකුව කොල්ල කා බවට සහතික සහතික කළ හා කොල්ල කෑමට අනුබල දුන්නා කියන හොරුන් පළමුව එල්ලුම්ගස් යවන්න ඕනේ...

:       469       452

NissankaSunday, 10 February 2019 10:10 AM

පාට කන්නාඩිය ගලවලා ඉන්න බමුණු. මහජන දේපල කොල්ල කාපු අය දෙපැත්තේම ඉන්නවා. විමර්ශන ඉවර කරලා නීතිපති ලග ගොඩගහගෙන ඉන්න වාර්තා ඇයි අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැත්තේ?

:       1       298

BamunuarachchiSunday, 10 February 2019 04:57 PM

මොන උසාවියෙන්ද මොන කොමිෂන් සභාවකින්ද? අනික්පැත්තේ අය මහජන දේපල කොල්ල කෑවයි කියා ඔප්පු වුනේ... එහෙම කියලා දාපු නඩුවලිනුත් ඒ ගොල්ලෝ නිදොස්කොට නිදහස් වුණානේද? මම කතා කරන්නේ කොමිෂන් සභාවකින් ඔප්පු වූ හොරු ගැන ඔබ කතා ඔබගේ පාට කණ්ණාඩියට පෙනෙන හොරු ගැන. නරකද ඔබ දාගෙන ඉන්න නැතිදේ ඇතිකර පෙන්වන කණ්නාඩිය ගලවලා පවතින සාධක මත කතා කළොත් හොඳයි..

:       420       491

මංජුල බිරැට් Sunday, 10 February 2019 08:38 AM

පාතාලය කුඩුකාරයො අල්ලන නිසා බයවෙලා වගේ

:       852       1195

Sanath KandySunday, 10 February 2019 10:13 AM

පාතාලය, කුඩු ඇල්ලුවට ජවිපෙට බය වෙන්න කිසිම හේතුවක් නෑ. මොකද කවදාවත් ජවිපෙට එහෙම චෝදනාවක් ඇවිල්ල නෑ.

:       849       906

රෝහණSunday, 10 February 2019 01:04 PM

එහෙනම් මොකෝ උදුල් ප්‍රේමරත්න කුඩ්ඩො වෙනුවෙන් පෙනී සිටින්නේ...

:       95       238

ruwanSunday, 10 February 2019 06:16 PM

රෝහණ ... උදුල් කියන්නේ ජෙප්පෙක් නොවෙයි... ඔහු පෙරටුගාමින් එක්ක ගියා... දැන් එතනත් නැහැ...

:       21       48

sudeshMonday, 11 February 2019 05:14 AM

සිල් රෙදි පොරව ගත්ත අය තමයි වැඩිම වැරදි කරන්නේ

:       0       1

jana Sunday, 10 February 2019 09:08 AM

මේ මිනිස්සු මොන දේ කළත් ඇදයක් විතරයි කියන්නේ, සේරටම කලින් මෙවැනි මිනිස්සු ගැන තීරණයක් ගන්න ඕනෑ..

:       401       668

nuwaSunday, 10 February 2019 09:33 AM

ඒක ඇත්ත , මේ අයගේ කිසිම සැලැස්මක් නෑ, ආණ්ඩුව පෙරලන්න ඕන කියාවි නැත්නම් විධායක ක්‍රමය අහෝසි කරන්න කියාවි

:       253       542

Sanath KandySunday, 10 February 2019 10:20 AM

ඔයා ජවිපෙ සැලසුම් කවදාවත් අධ්‍යයනය කරලා තියෙනවද? මේ රට හදන්න ජවිපෙ තරම් නිවැරදි සැලසුම් වෙන කවුරුත් ඉදිරිපත් කරලා නෑ. තව දින කීපයකින් බලා ගන්න පුළුවන් ජවිපෙ මුල් වෙලා මේ රටේ ඉහලම විද්වතුන් හදපු රට ගොඩනගන විද්වත් සැලැස්ම රටට ඉදිරිපත් කරනවා. අවුරුදු 70ක් තිස්සේ මේ රට පාලනය කරපු කිසිම කෙනෙක් මේ වගේ විද්වතුන්ගේ අදහස් අරන් ජාතික සැලැස්මක් හදලා නෑ. නිවැරදි දේ අගය කරන්න පුරුදු වෙන්න මහත්වරුනේ.

:       1203       1310

ranasingheSunday, 10 February 2019 12:54 PM

ඉන්ටර්නෙට් එකෙන් බලල මන් හදනවා සැලසුමක් ඔක්කොටෝම දාඩිය වැටෙන්න...

:       4       42

Chamara Sunday, 10 February 2019 09:09 AM

ඇයි ජවිපෙ එකේ හොරු ටිකට දැන් මළපහ යන්න පටන් අරන් වගේ... මොකද කුඩු අල්ලනකොට බය වෙලාද? ඔයාලා තමයි මේ රට කෑවේ...

:       603       848

VajiraSunday, 10 February 2019 10:23 AM

ජවිපෙ හොරු කියල කියන්න ඔයාට තියෙන චෝදනා මොනවාද? දෙපැත්තේම හොරු අවුරුදු හැත්තෑවක් තිස්සේ රට අගාධයට ගෙනියනවා. ඔයාලට ඒවා පෙන්නේ නෑ.

:       121       227

Bamunuarachchi Sunday, 10 February 2019 09:15 AM

මොකක්ද ජෙප්පෝ රනිල්ව ජනාධිපති කරන්න කියලා පගාවක් වත් ලැබුණාද? ජෙප්පෝ තමයි මෙරට කෑවේ...

:       382       677

NissankaSunday, 10 February 2019 10:25 AM

ඇයි ඔයාට ඕන මෛත්‍රී ආයි පාරක් ජනාධිපති කරන්නද? එතකොට ඔයාලගේ ගෝඨාභය මහත්තයට මොකද වෙන්නේ?

:       36       177

BamunuarachchiSunday, 10 February 2019 05:01 PM

එජාපයෙක් නැතිව වෙන ඕනකෙනෙක්. ජෙප්පෝ, දෙමල්ලු, මුසල්මානුවෝ කවදාකවත් මේ රටේ ජනාධිපති වෙන්නේ නැහැනේ. එ් නිසා ඒ ගැන බියවිය යුතු නැත...

:       104       88

ජයන්ත මිලානෝ Sunday, 10 February 2019 09:30 AM

මෙය නොකළ යුතු දෙයක් .වර්තමානයේ රට මත්ද්‍ර්‍යව්‍ය ,මංකොල්ල ,මිනීමැරුම් වලින් පිරිල .එවන් අවදියක ජනාධිපතිතුමා මේ කරන වැඩපිළිවෙළට බාධාවක් මෙමගින් සිදුවෙනවා .මේ අවස්ථාවේ ජේවිපිය සිදුකළ යුත්තේ රටේ තරුණ පරපුර පාසල් දරුවන් මෙම ව්‍යසන වලින් ආරක්ෂා කරගන්න අවශ්‍ය වැඩ පිලිවෙලක් ඉදිරිපත් කිරීමයි .බොරදියෙ මාලු බෑම නොකල යුතුයි .

:       127       706

AmilaSunday, 10 February 2019 10:26 AM

ඔහු සත්‍ය ලෙසම එය කරනවා නම් හොද දෙයක් නමුත් ඔහු මෑතක් වෙනකන් කියූ කෙරූ දේ බැලුවොත් එහෙම විශ්වාස කරන්න අපහසුයි නේද. අනික ඔය මත්ද්‍රව්‍ය සහ මත්කුඩු නැති කලයුතූයි කියමින් අනිත් අයට වඩා කෑපී පේන්න ගිරිය යටින් කෑ ගහමින් වේදිකා දෙවනත් කරන බොහෝ දෙනාම තමයි මේවා ගෙන්වන්නෙත් මිත්‍රයා. මතකද මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයට අනුබද්ද පොලිසියේ ඉහල කෙනෙක් මෑතකදී මත්ද්‍රව්‍ය එක්ක අහු වුනා. මේ සුලු උදාහරණයක්. මේවා සුද්ද කරන්න නම් රටට එන බඩු මුට්ටු, පිරිස් වගේම වි අයි පී හරහා යන අයත් දැඩි ලෙස පරීක්ෂා වෙන ක්‍රමයක් හදන්න ඔන.

:       115       90

VajiraSunday, 10 February 2019 10:27 AM

මේවා නිකන් සංදර්ශන විතරයි. අවුරුදු හතරක් ගිහින් ඊළඟ ජනාධිපතිවරණය ලං වෙද්දී තමයි පාතාලයි කුඩුයි මතක වෙලා තියෙන්නේ.

:       184       172

Sapumal.Sunday, 10 February 2019 10:36 AM

ජයන්ත මහතා, ඔබතුමා නිවැරදියි. ඔබගේ අදහස්වලට මේ වෙලාවේ අපද එකඟයි.

:       3       98

dhammi Sunday, 10 February 2019 09:37 AM

රතු අලි කවුද කියල මුළු රටම දන්නවා.

:       75       425

mara Sunday, 10 February 2019 09:38 AM

විශිෂ්ඨයි

:       40       29

Rane Sunday, 10 February 2019 09:50 AM

ජවිපය එකට සාමාන්‍ය දැනුම දෙන්නේ කොහොමද අප්පා?

:       191       229

Amila Sunday, 10 February 2019 10:14 AM

දිව දෙකේ පාලකයන් එලවිය යුතුය. දැන්වත් එකතුව එලවන්න කටයුතු කරන්න. එක වරක් ව්‍යවස්ථාව උල්ලංඝණය කරාට මොනවත් එයාට වුනේ නෑ නේ.ඉතින් මිනිහා ඉස්සරහටත් ඕක කඩමින් තමයි යන්නේ.

:       122       111

Chris Sunday, 10 February 2019 10:19 AM

ජනතා විමුක්ක්ති පෙරෙමුණ කවදත් කඩාකප්පල් වැඩවලට නැඹුරුව වැඩිය . අතීතයේ හිටපු ජනධිපතිලත් එක්ක බලනකොට මේ ජනාධිපති නරක නැහැ . සමහර ජනධිපතිලගේ කාලවල රට විශාල මහනුවරක් කරලා තිබුණ බව මේ බබාලට මතක නැහැ වගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නගාසිටුවන්න ජවිපෙ කරල තියෙන්නෙ මොකක්ද . ජවිපෙ එක සමාජවාදය සහ විප්ලවය ගැන නේද කතාකරන්නේ මෙයාල හරියට අග මුල පටලවාගෙන කාටවත් නොතේරන එන් ජී ඕ වැඩක් කරනවා වගේ තමයි පෙන්නේ.....

:       104       450

Chris Sunday, 10 February 2019 10:24 AM

මැතිවරණයක් තියන්න ඔයාලගේ හාමු මහත්තයා කැමතිකරවා ගත්තානම් ජනතාව ඔය කාට කාටත් විශ්වාසභංගය පෙන්වාවි......

:       36       344

smn Sunday, 10 February 2019 10:59 AM

ජනාධිපතිවරයාගේ කිසිම වචනයක් විශ්වාස කරන්න බැහැ. මේ දවස්වල එතුමගේ කියුම් කෙරුම්වල සුලභව දකින්නට තියෙන්නේ වෛරය,ක්‍රෝධය, අස්ථාන චන්ඩිකම්, අනවශ්‍ය පුරාජේරු වාසි දෙඩවිලි යනාදියත් එක්කම එක්තරා හිතේ චකිතයක්.... රනිල් අගමැතිවෙලා එක පැයකින් ඉල්ලා අස්වෙනවය කිව්වා. දැන් පැය කීයක් ගෙවිලා ගියාද? අනේ අම්මපා, ඒකවත් කරලා පෙන්නුවා නම් අපි එතුමාට අවංකවම ගරු කරනවා.

:       85       94

Hafeel Sunday, 10 February 2019 04:37 PM

හරියට හරි. රනිල් නැවතත් අගමැති වුනානං, පැය දෙකක්වත් ජනාධිපති ධුරයේ ඉන්නේ නැහැ කිව්ව මිනිහනේ. අර පොතක් ලියනවා. පෙබරවාරි වෙනකොට නිකුත් කරනවා කිව්වනේ... කෝ දැන්?

:       19       16

Dhammasiri himi Sunday, 10 February 2019 11:46 AM

කට ලාල්කාන්තගේ.. හඬ රනිල්ගේ..

:       12       270

Lal Sunday, 10 February 2019 12:33 PM

ජනාධිපතිතුමා, මේ මොහෙතේ මත්ද්‍රව්‍ය හා පාතාලයට එරෙහිව කටයුතු කරන අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණ.. ජනාධිපතිතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් සම්මත කරන්න උත්සාහ කිරීම පිටුපස ප්‍රබල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවන බව පැහැදිලියි.

:       8       171

NIMALSunday, 10 February 2019 03:10 PM

ඔබ හරි... ඒ විතරක් නෙමේ මදුෂ්ගේ මවත් ජවිපයේ සාමාජිකාවක්... මුදල් ලැබුනේ නැහැ කියලා ජවිපයට කියන්න අමාරුයි.

:       107       247

Prase Sunday, 10 February 2019 03:51 PM

එජාපයට කුමක් වත් කළ නොහැක. වැඩඅධික කෙනෙක්..

:       0       6

de silva Sunday, 10 February 2019 04:06 PM

හරි ඔබතුමාලා එ්ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එතකොට බලාගන්න පුළුවන් කවුද ඡන්දෙ දෙන්නේ කියලා..., මට පෙනෙන විදිහට එක හොඳ අදහසක්..

:       7       1

de silva Sunday, 10 February 2019 04:08 PM

රනිල්, මහින්ද, මෛත්‍රී යන තුන්දෙනා එකට මගුල් ගෙවල් වල යන එකට කනබොන මිනිස්සු, ඉතින් කොහොමද දෝෂාභියෝග ගෙනත් දිනන්නේ?

:       1       5

iron Sunday, 10 February 2019 04:10 PM

අනිවාර්යයෙන්ම දෝෂාභියෝගයක් ගෙන ආ යුතුමයි ..!!!

:       7       12

NIMAL Sunday, 10 February 2019 04:13 PM

ඊට කලින් රනිල් හාමු හිරේ දාලා ඉන්න!

:       0       238

P. de. silva - North America Sunday, 10 February 2019 04:24 PM

ජාවිපෙ කියමනේ සත්‍යයක් ඇත. මොකද ජනාධිපති කලින් කලට වෙනස් වේ. වර්තමාන හැසිරීම නම් බලය රැකගෙන එහි රැඳී සිටීමටත් විය හැක. මන්ද මෑතක සිට ඔහුගේ තාරුණ්‍යයේ ගැමිදිවියේ දුක් කම්කටොලු සහ පවුලේ දුක්බර අතීතය කීමටත් සැදී පැහැදී ඇත්තේ මහජනතාවගේ පැහැදීම සහ හද දිනාගැනීම නොරහසක් විය යුතුය. ඔහු ළඟදී සිට තමන් වර්තමානයේ සිටින ආණ්ඩුව විවේචනය කිරීමත් නිදහස් සමරු උළලේ කවුරුත් නොසිතු ලෙස නිදහස සැමරීමේ කතාව වෙනුවටද ඔහු කළේ ප්‍රසිද්ධියේ රටට, ලෝකෙට පෙනීමට සහ ඇසීමට ඔහු නායකත්වය දරණ වර්තමාන ආණ්ඩුවට දේශපාලනික මඩ ගැසීමකි. එය දේශපාලනික වේදිකාවක් විය. උඩ බලන් කෙලගැසුවා වැනිය. තවද කිවයුත්තේ ජනාධිපති කෙනෙකු පත්වූ විට කුමන දේශපාලන පක්ෂයකින් හෝ වේවා දරණ ධුර කාලය තුල කිසිදු පක්ෂයකට අනුයුක්ත නොවී නිදහස් පුද්ගලයෙක් වීම අනිවාර්ය කල යුතුය. අවසාන වශයෙන් මුලදීමෙන් ඔහු නැවත රාජපක්ෂ පවුල රජ කරයි යන භීතිකාව ඔහු තුල නැතුවා නොවිය හැක. තවද ධන බලය ඇති බාල සහෝදරයෙකුද මෑතක සිට කරලියේ කරනම් ගසයි. අවසානයේ මන්ත්‍රී දයාසිරි කිව්වා සේ අයියෝ සිරිසේන...

:       118       143

SamaMonday, 11 February 2019 01:11 AM

ජවිපෙ කියන හැමදේම වගේ හරි. සැබෑවටම ප්‍රායෝගික නැතිකම ඔවුන්ට නොතේරෙන එක තමයි අවාසනාව කියන්නේ..

:       0       103

Udugana Sunday, 10 February 2019 10:09 PM

ස්ථිර වශයෙන්ම මේකත් කුඩු බිස්නස් කාරයෙක් වෙලා වගේ

:       0       201

Bandula. Monday, 11 February 2019 07:34 AM

මොකෝ මේ? කුඩුකාරයන් ඇල්ලුවම දුකක් වගේ හිතුණද? එතකොට අර බැඳුම්කර කස්ටිය ගැන මොකද මේ කතාවක් නැත්තේ ඔයාලා එයාලට කඩේ යන නිසාද?

:       0       76

Siri Wednesday, 13 February 2019 05:25 PM

ලාල්කාන්ත මහත්තයම යෝජනාව ගේනවා නම් ඉවරයිනේ...

:       0       0

charles Thursday, 14 February 2019 01:28 AM

එතකොට රනිල්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 23 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 72 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 192 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 477 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 202 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 122 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site