IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපතිගේ වැඩපිළිවෙළට අගමැතිගෙන් මුදල් ඇමතිගෙන් බාධා - එස්බී

ඩයනා උදයංගනී
 
රටේ ආර්ථීකය සංවර්ධනය කිරීමේ අවංක උවමනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇති නමුත් අගමැතිවරයා සහ මුදල් අමාත්‍යවරයා එයට ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.
 

මෙරටින් බිහිවූ ප්‍රවීණ ආර්ථීක විශෙෂඥයෙකු වන ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යා මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ද ගෙන්වා ජනාධිපතිවරයා ආරම්භ කළ ආර්ථීක කවුන්සිලයට මුදල් අමාත්‍යාංශය කිසිම සහයෝගයක් ලබානොදෙන බව එස්.බී දිසානායක මහතා සඳහන් කළේය.
 
එස්.බී දිසානායක මහතා මේ බව පැවසුවේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රි  ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම   පුංචි බොරැල්ල, නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
 
රටේ ආර්ථීක දියුණුව වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ ආර්ථීක කළමනාකරණ කමිටුව අහෝසි කර ආර්ථීක කවුන්සිලයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවූයේ දිගින් දිගටම රටේ ආර්ථීකට පිරිහීම හේතුවෙන් බව ද දිසානායක මහතා කීවේය.
 
ආර්ථීක කළමනාකරණ කමිටුව යටතේ ආර්ථීකය දිගින් දිගටම කඩාවැටීම හේතුවෙන් ජනාධිපතිවරයා එය අහෝසි කළ යුතු බව කී මන්ත්‍රීවරයා ඉන්පසු ආරම්භ කළ ආර්ථීක කවුන්සිලය යටතේ ලලිත් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ථීක කළමනාකරණ වැඩපිළිවෙලක් සකස් කළ බව ද ප්‍රකාශ කළේය.
 
එම වැඩපිළිවෙල අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් හමුවේ ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ එය කියවා ඇති නිසා කාලය නාස්ති කළ නොහැකි බව කියමින් අග්‍රාමාත්‍යවරයා හා මුදල් ඇමතිවරයා එතැනින් බැහැරව ගිය බව ද සඳහන් කළේය.
 
මහාචාර්ය ලලිත් මහතාට තවමත් මුදල් අමාත්‍යාංශයෙන් සහයෝගයක් හිමිනොවන බව කී එස්.බී දිසානායක මහතා දිගින් දිගටම කෙනෙහිලිකම් කරන බව ද කීවේය. 



අදහස් (11)

ජනපතිගේ වැඩපිළිවෙළට අගමැතිගෙන් මුදල් ඇමතිගෙන් බාධා - එස්බී

සතයපාල Thursday, 12 July 2018 01:26 PM

ඇත්තටම !

:       1       27

gamage Thursday, 12 July 2018 04:31 PM

රටේ මිනිස්සු කියන දේ හරි නේ දැන්වත් තේරුම් ගන්නවා නම් තමයි හොඳ

:       70       13

pj Thursday, 12 July 2018 11:09 PM

ඒ මහාචාර්යවරයාගේ වැටුප හෝ දීමනාව දේශීය විශ්ව විද්‍යාල මහාචාර්යවරයකුගේ වැටුප මෙන් කී ගුණයක්ද?

:       0       0

Susanthika Friday, 13 July 2018 12:42 AM

අත්තෙන් අත්තකට පනින ගස් ගෙම්බන්ගේ කතා අසමු....

:       0       0

Lalith Friday, 13 July 2018 03:36 AM

එහෙම කියන්න එපා ඇමතිතුමා. අගමැතිතුමා තවම ප්ලැන් කරනවා. පසුගිය දවස්වල එක හෝටලේක කිරිහරක් ප්ලෑන් කල. තව හෝටලේක අපනයනේ ප්ලෑන්කළ. මේ ලඟදි ත්‍රිකුණාමලේ ගුවන්තොටුපොළක් ප්ලෑන් කළා . කලින් බ්‍රේස්ලට් ටැබ්ලේට් එහෙමත් න් කළා තව අවුරුදු තිහකින් බලන්නකෝ?

:       0       0

kalani Friday, 13 July 2018 03:39 AM

හැබැයි, ඔබතුමාටත් තේරුමක් නැති ගානයි. එකාබද්ධයට තව කොපමණ දුරද?

:       0       0

Shan Friday, 13 July 2018 06:15 AM

අපි නොදන්න ජනාධිපති ගේ වැඩ පිළිවෙලවල්.

:       0       3

Shan Friday, 13 July 2018 06:17 AM

අපි නොදන්න ජනපති ගේ වැඩ පිළිවෙලවල්. මේ කතා හොඳයි මේවා කියන උන්ටම.

:       0       0

sam Friday, 13 July 2018 07:39 AM

අගමැතිගේ වැඩපිළිවෙලට ජනපති බාධා කරන කොට ජනපතිගේ වැඩවලට අගමැති බාධා කරනවා . ඒ මදිවාට කිසිම මහජන නියෝජනයක් නැති ඔබතුමා වාගේ දේශපාලන අනාථයෝ පඬි ටෝක් දානවා .

:       0       46

ආනන්ද Friday, 13 July 2018 09:00 AM

මෙරට ඇමති මණ්ඩලයේ අදාළ විෂයයන් සඳහා ඇමතිවරුන් පත් කර ඇත. ඔවුන්ට එම කාර්යයන් කර ගැනීමට ඉඩ දෙන්නේ නම් මැනවි. නැත්නම් අර සිංහල අවුරුදු කාලෙට දැක පුරුදු කඹ ඇදිල්ල ?

:       0       0

KANDEPOLA Friday, 13 July 2018 09:34 AM

රටේ ආර්ථිකය ගොඩනගන්න අගමැතිට වුවමනාවක් තියෙනවනම්, මහා බැංකුව මංකොල්ල කන්න මහා දවල් කුමන්ත්‍රණය කරයිද...?

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 434 0

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 188 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 217 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 118 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 680 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 1035 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 196 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site