IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපතිගේ කොන්දේසි වලින් සංස්ථා සභාපතිවරු රැසක් ගෙදර

(රංජන් කස්තුරි)

රාජ්‍ය සංස්ථා , ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් පත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් පනවනු ලැබ තිබෙන කොන්දේසි හේතුවෙන් මෙතෙක් කලක් එම තනතුරු දැරූ සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විශාල සංඛ්‍යාවකට තනතුරු අහිමි වී තිබේ.

සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායකයන් ඇතුළත් චක්‍රලේඛයක් ජනාධිපති ලේකම්වරයා විසින් ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා නිකුත් කර තිබිණ.

එම චක්‍රලේඛයට අනුව රාජ්‍ය ආයතනයක සභාපති ධූරයක් දැරීම සඳහා පිළිගත් විශ්ව විද්‍යාලයක හෝ විදේශ විශ්ව විද්‍යාලයක උපාධියක් ලබා තිබීම අනිවාර්ය වන අතර එවැනි තනතුරක් දරන පුද්ගලයෙකු වයස  අවුරුදු 70කට අඩුවිය යුතුය.

මීට අමතරව වෘත්තීමය හා කළමණාකරන මට්ටමේ අත්දැකීම් තිබිය යුතු අතර අදාළ සේවයේ වසර 10ට වැඩි වෘත්තීය පළ පුරුද්ද තිබීම විධායක මට්ටමේ වසර 10කට වඩා අද්දැකීම් ඇති විශ්‍රමික රාජ්‍ය නිලධාරීන් වීම කර්මාන්ත කෘෂිකර්ම ව්‍යාපාරික හා කළමණාකරන ආදී අංශයක විශේෂ නිපුණතාවයක් ඇති තැනැත්තකු වීම කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත පුද්ගලික සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරියකු ලෙස සේවය කර ඇති තැනැත්තකුවීම ආදී ලෙස සුදුසුකම් තිබිය යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

මීට අමතරව එම චක්‍රලේඛයට අනුව ප්‍රධාන විධායක නිලධාරී තනතුරක් දරන්නෙකුට රාජ්‍ය ව්‍යවසාය ආයතනයක අධ්‍යක්ෂවරයෙකු විය නොහැකි බවටද කොන්දේසියක් පනවා ඇත.

මීට අමතරව අධ්‍යක්ෂවරයෙකුට රාජ්‍ය ව්‍යවසායන් තුනකට වඩා එකවර අධ්‍යක්ෂධූර නොදැරිය යුතු බවද අධ්‍යක්ෂධූරයක් වසර තුනකට වඩා වැඩි නොවිය යුතු අතර එකම අධ්‍යක්ෂධූරයක් දැරිය හැකි උපරිමවාර ගණන 3ක් විය යුතු බවටද කොන්දේසියක් පනවා තිබේ.



අදහස් (67)

ජනපතිගේ කොන්දේසි වලින් සංස්ථා සභාපතිවරු රැසක් ගෙදර

Prashantha Thursday, 10 January 2019 06:15 PM

කොන්දේසි නැත්තේ දේශපාළුවන්ටත්, ඒ අයගේ පුත්තුන්ටත් පමණයි...

:       0       24

sirimal Thursday, 10 January 2019 06:33 PM

මේ නිර්ණායකයන් යෝජනා කරන කාටවත් ඒවායේ ඇතුළත් කොන්දේසි නැහැ නේද? ප්‍රතිචාරය කොහොම එකක් වෙයිද කියලා බලන්න මේ චක්‍ර චක්‍රලේඛනය සියලුම දේශපාලඥයින් සඳහාද අනිවාර්ය කරන මෙන් අපි ඉල්ලා සිටිමු.

:       5       43

pj Thursday, 10 January 2019 06:35 PM

රටේ ඉහළම තනතුර දරන්නාට තිබිය යුත්තේ ගමරාළ තනතුරක අවුරුදු කීයක පළපුරුද්දක් පමණක්ද? ටිකක් මඤ්ඤං වගේ.

:       4       413

asanka Thursday, 10 January 2019 06:52 PM

ජනපතිතුමනි ඔබේ නම රන් අකුරින් ලියැවෙන තැනට වැඩ සිද්ධ කර විශ‍්‍රාම ගන්න දැන්ම නොවෙයි...

:       155       7

Rata Perata Thursday, 10 January 2019 07:23 PM

අපි නොදන්න මෙයාලගේ නීති. ඉස්සරවෙලාම බලන්න ඇති ටෙලිකොම් එක කන මල්ලි බේරිලාද කියලා...

:       0       222

Nissanka Thursday, 10 January 2019 07:25 PM

තානාපතිවරු පත් කරද්දීත් මේ වගේ සුදුසුකම් බැලුවොත් නරකද?

:       0       90

සුරංග Thursday, 10 January 2019 08:34 PM

මේ චක්‍රලේඛයම ඡන්දය ඉල්ලන දේශපාලකයන්ටත් අදාල කළා නම් තමයි හොඳ...

:       0       21

මහින්ද විරසිංහSunday, 13 January 2019 11:32 PM

ජනපතිධුරය දැරීමට වුවමනා සුදුසුකම් මොනවද කියලා රටට හෙළිකළ යුතුයි. සංස්ථාවල සභාපතිලාගේ සුදුසුකම්වලට කලින්...

:       2       30

Duminda Thursday, 10 January 2019 09:40 PM

කෙරෙනවා නම් හොදයි. මේ වගේම මෙයිට වඩා වැදගත් තැනක් වන ටෙලිකොම් එකේ සභාපති කමට සුදුසුකම් තියෙන කෙනෙක් දැම්මා නම් තමයි වඩා හොඳ...

:       0       9

Ajith Matara Gamahe Thursday, 10 January 2019 10:20 PM

ඉතා විශිෂ්ට තීරණයක්....

:       1       28

Asoka Thursday, 10 January 2019 10:37 PM

පාර්ලිමේන්තුවටත් O/L වත් තියෙන අය දැම්මොත් තමයි හොඳ. අර කෝච්චිවල වඩේ විකුනපු 2 වන වසරට විතරක් ඉස්කෝලේ ගිය උෟවේ මහා අැමැති චාමර සම්පත්ට දැන් මොකද වෙන්නේ?

:       0       36

රවින් Thursday, 10 January 2019 10:57 PM

අර අලුතින් පත්කරපු සභාපතිලා දෙන්නට ඔය කියන ඔක්කොම සුදුසුකම් ඇතුවද පත් කලේ? එක්කෙනෙක් කාර් දුන්නයි කියලා ආරංචියි. අනිකා හිතුමතේ තනතුරු දෙනවා. කන්න ඕනේ වුණාම කබරගොයි මසුත් තලගොයි මස් වෙනවාලු.

:       0       4

gunasena Friday, 11 January 2019 12:06 AM

රට පාලනයටත් මේවගේ කොන්දේසි දාන්නකෝ. මම කියන්නේ මන්ත්‍රී වෙන්න...

:       0       48

Sinhayoth nalu wena Friday, 11 January 2019 12:39 AM

එතකොට අර හිටන්ගේ මලයට ඔය ඔක්කොම තියෙනවද මීට වඩා වගකීමක් තියෙන බැරෑරුම් ආයතනයක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ ලොකුම පුටුවේ ඉන්න.. උසාවිය නඩුව විසිකලාට "පිස්සු නැහැ " කියල තීන්දු කලේ නැහැනේ...

:       0       139

Tokka Friday, 11 January 2019 12:44 AM

විශිෂ්ඨයි. ඒය හරි ක්‍රමයයි.

:       1       100

Chandika Friday, 11 January 2019 12:49 AM

ඉතා යහපත් තීරණයක්...

:       1       20

චමින්ද Friday, 11 January 2019 01:00 AM

මෙම කොන්දේසි පැනවීම හොඳයි. නැත්නම් හැමදාම ඒ ආයතන පාඩු ලබනවා. භාණඩාගාරයෙන් මුදල් දෙන්නත් වෙනවා.

:       0       29

suman Friday, 11 January 2019 01:33 AM

යන්තම් හොඳ එක දෙයක් කරලා. තරුණ පරම්පරාවට වගකීම් දෙන්න ඕනෑ...

:       0       19

Clix Friday, 11 January 2019 01:33 AM

හොඳයි, දේශපාලකයන්ට හා ජනාධිපති තනතුරට ආවම සුදුසුකමක්වත් නැද්ද? ඒවාට... චක්‍රලේඛ ඉදිරිපත් කරන්න...

:       0       137

Sanka Friday, 11 January 2019 01:38 AM

මේ අදහස නම් හොඳයි. ඒත් පහුගිය දවස්වල මාස දෙකේ සෙල්ලම් ආණ්ඩු හදපු කාලේ පත්කරපු සංස්ථා සභාපතිවරු ගොඩක් දෙනෙක්ට FCID නඩු සහ ඇප මත නිදහස් වුණු අය. එතකොට මොකද මේ චක්‍රලේඛයක් නොදැම්මේ...?

:       0       309

Bandula Kendaragama Friday, 11 January 2019 01:52 AM

බොහොම හොඳයි..

:       0       3

Sc Friday, 11 January 2019 02:05 AM

ඉතා හොද නිර්ණායකයක්. තීරණය අගය කළ යුතුයි. ඔහොම යනකොට ඡන්ද ඉල්ලන්නත් හොඳ සීමා ඒවි...

:       1       13

Gamage Friday, 11 January 2019 02:09 AM

ඔය සභාපතිලට උඩින් ඉන්න ඇමැතියන්ට ඔය මොන සුදුසුකමක්වත් ඕනේ නැහැ. ඒකයි තියන අවුල...

:       6       14

අනුර Friday, 11 January 2019 02:12 AM

වයස අවුරුදු 75 පැනපු අය ඕන තරම් කොමිෂන් සභාවන්හි සභාපතිවරු පත්කරල තියෙන්නේ. සමහර ඒවා මහළු මඩම් වගේ.

:       2       8

Ara Friday, 11 January 2019 02:30 AM

ඉතා හොඳ වැඩක්... කාලෙකින් පස්සේ කරපු..

:       0       16

suranga Friday, 11 January 2019 02:39 AM

ඉතා හොඳ තීරණයක්...

:       0       16

Amila Friday, 11 January 2019 02:59 AM

ජනාධිපති තනතුරු වලටත් ඔය ටික තිබුණානම් හරි...

:       0       7

rocky Friday, 11 January 2019 03:02 AM

ඒ කොන්දේසි කොහොම වුණත් ජනාධිපති ධුරය දැරීම සඳහා අවශ්‍ය කොන්දේසි ගැන සැලකිලිමත් විය යුතුය. ජනාධිපතිවරයෙකුට තිබිය යුතු අධ්‍යාපන, පරිපාලන, මානසික සෞඛ්‍යය පිලිබඳ සුදුසුකම් මොනවාද?

:       7       23

rocky Friday, 11 January 2019 03:02 AM

ඒ කොන්දේසි කොහොම වුනත් ජනාධිපති ධුරය දැරීම සඳහා අවශ්‍ය කොන්දේසි ගැන සැලකිලිමත් විය යුතුය. ජනාධිපති වරයෙකුට තිබිය යුතු අධ්‍යාපන, පරිපාලන, මානසික සෞඛ්‍යය පිලිබඳ සුදුසුකම් මොනවාද?

:       0       17

BamunuarachchiSunday, 13 January 2019 01:35 AM

ජනාධිපතිගේ මානසික සුදුසුකම හොයන්න ගිය ගොයියෙක් අතින් ලක්ෂය ගෙව්වා. ඔබ අනික් සුදුසුකම් හොයන්න ට්‍රයි එක දෙන්න. හැබැයි ඡන්ද පොරොන්දු හැටියට රටේ ජනතාවට රත්තරන් චේන්, බ්‍රේස්ලට් දෙන්න පොරොන්දු වූ හාදයා අමු පිස්සෙක් බව දොස්තර නොකීවාට, එජාපයෝ නොදන්නවාට, අපි දන්නවා...

:       5       238

Lal Friday, 11 January 2019 03:14 AM

හොඳයි...

:       0       5

buddika Friday, 11 January 2019 03:14 AM

බැලූ බැල්මට හොඳ අදහසක්... දේශපාලනයටත් මේකම ආදර්ශ කළොත් හොඳයි... ගොඩක් අය ගෙදර යන්න වෙයි.., ඔබතුමා ඇතුළුව..

:       0       26

Ananda Friday, 11 January 2019 03:19 AM

මෙවැනි ක්‍රමවේදයක් ගෙන ඒම සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමාට ගෞරවනීය ප්‍රණාමය... රාජ්‍ය ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන නියාමනය සහ අධීක්ෂණය සඳහා මීටත් වඩා විධිමත් නෛතික ක්‍රියාවලියකට යොමුවීමට තව දුරටත් ශක්තිය ලැබේවා...!!!

:       0       15

Bandula Friday, 11 January 2019 03:24 AM

සියලුම දේශපාලකයින්ට (ජනපති ඇතුළුව) මෙම ක්‍රමය අදාල වන සේ නීති සම්පාදනය විය යුතුයි.

:       0       31

sas Friday, 11 January 2019 03:43 AM

ජනාධිපති වීමට නම් කිසිම අධ්‍යාපන සුදුසුකමක් නම් ඕනෑ නැහැ...

:       0       122

මල්ලී Friday, 11 January 2019 03:59 AM

රෙජිනෝල්ඩ්ට හරි, නිලුකාට හරි මේ සියලු සුදුසුකම් තියෙනවා... මං හිතන්නේ...

:       4       56

gayan dedigama Friday, 11 January 2019 04:12 AM

මෙය රටක් හැටියට ගත්ත හොඳ තීරණයක්...

:       1       11

pohottuwa Friday, 11 January 2019 04:14 AM

නිලුක ඒකනායක PHD?

:       6       6

uddika Friday, 11 January 2019 04:19 AM

හොඳ යෝජනාවක්....!!!

:       0       6

Saman Friday, 11 January 2019 04:38 AM

ටෙලිකොම් සභාපති මල්ලිට ඔය ඔක්කොම සුදුසුකම් ඇති නේද ?

:       13       29

Salinda Friday, 11 January 2019 05:17 AM

"පිළිගත් විශ්ව විද්‍යාලයක හෝ විදේශ විශ්ව විද්‍යාලයක උපාධියක්" යන කොටස අනුව ඕනෑම විදේශ විශ්වවිද්‍යාලයක උපාධියක් සම්පූර්ණ කිරීම ප්‍රමාණවත්ද? ඉන්දියාව ඇතුලු සමහර රටවල පඳුරක් ගානේ කිසිම ප්‍රමිතියක් නැති උපාධි නිකුත් කරන විශ්ව විද්‍යාල තියෙනවා.

:       30       25

chamath Friday, 11 January 2019 05:33 AM

ඉතාමත් හොද තීරණයක්

:       1       77

janaka prasad Friday, 11 January 2019 05:34 AM

ගනු ලැබූ පියවර ඉතා හොඳ බව පේනවා, එත් අඩු පාඩුව වන්නේ ඔවුන් බොහොමයක් අදාල විෂයන් ගැන දැනුමක් නොමැති වීමවේ. උදාහරණ ලෙස ධීවර පර්යේෂණ කරන ආයතනයේ සභාපති ධීවර කටුතු මොකුත් නොදනී.. ඉතින් කවර කතාද...

:       0       19

H.S Deen Friday, 11 January 2019 06:04 AM

ඔය චක්‍රලේඛය පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන්ට අදාල ලෙස නිකුත් කොලොත් නරකද ? කාලීන අවශ්‍යතාවයක් ?

:       1       139

ravi sam Friday, 11 January 2019 06:38 AM

ලංකික ජනාධිපතිවරයෙක් ඉදිරිපත් කරනලද හොඳම චක්‍රලේකය. ජයවේවා

:       3       135

Rasika Friday, 11 January 2019 06:43 AM

හොද තීරණයක්

:       1       85

සාධාරණ කොටා Friday, 11 January 2019 06:52 AM

අන්න ඒක නම් හොඳ වැඩක්. හොරෙක් උනත් සුදුසුකම් තියනවා සපුරන්න ඕන.

:       1       232

yaha Friday, 11 January 2019 07:39 AM

මේක නම් ආත්ම ගානකින් ගත්තු හොඳම තීරණයක්.....ජය වේවා......වෙනස් කරන්න එපා...

:       0       13

asoka Friday, 11 January 2019 07:46 AM

මේ මොලේ ඡන්ද කොමසාරිස්ටත් තිබුණානම් නියමයි. මොකද එයාට කියන්න පුළුවන් කම තියෙන්න ඕනේ ඡන්ද අපේක්ෂකයෙක්ට උපාධියක් තිබීම අනිවාර්ය කිරීම .

:       1       23

dasun Friday, 11 January 2019 08:22 AM

මේ නිලුකා ඒකනායකගේ සුදුසුකම් දැනගන්න පුලුවන්ද?

:       0       36

sam Friday, 11 January 2019 08:22 AM

ලංකාවේ තානාපති, හයි කොමිෂනර් තනතුරු වලටත් මේ ආකාරයටම නීති සම්පාදනය කළානම් හොඳයි. මෙලෝ උගත්කමක් නැති, අඩුම තරමින් හරියකට ඉංග්‍රීසි වත් බැරි (සමහරුන්ට සිංහලවත් හරියකට බැහැ) දේශපාලුවන්ගේ ඥාතීන් හා හිතමිතුරන් ලංකාව නියෝජනය කරන්න පිටරට ගියාම ඔවුන් කරන දේ දන්නේ ඒ ඒ රටවල ජීවත් වන ලාංකිකයිනුයි...

:       4       243

මිස්ටර් වල්මෝරුවFriday, 11 January 2019 10:06 AM

ඉංග්‍රීසි නැතත් ඒ රස්සාවට යන රටේ භාෂාව දන්නවා නම් හොඳ සුදුසුකමක් වෙනවා...

:       1       7

samFriday, 11 January 2019 09:37 PM

ඉංග්‍රීසි භාවිතය අවම රුසියාව, ජපානය, චීනය වැනි රටවල් සඳහා නම් ඔබ කියන දේ හරි.

:       0       0

Raveendra Friday, 11 January 2019 08:26 AM

අගනා තීරණයක්...

:       0       11

samu Friday, 11 January 2019 09:03 AM

ඔය නීතිය විධායක ව්‍යවස්ථාදායකයේ දෙකටම ගෙනාවොත් සියයට 98ක්ම ගෙදර නේද?

:       0       54

RaveendraFriday, 11 January 2019 09:36 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදිය... නමුත් මෙම නීතිය කිසිදා විධායක ව්‍යවස්ථාදායකයේ යන දෙකටම නොගෙනන බව ඉර හඳ මෙන් විශ්වාසයි...

:       0       25

sam Friday, 11 January 2019 09:31 AM

මේ දේ සියතින්ම ගෙල සිඳ ගැනීමක් වීමේ හැකියාවක් තියනවා. කවුරුහරි ශ්‍රේෂ්ඨාධිකරණයට මේ කරුණු ඉදිරිපත් කරලා, විධායකය මේ නීති පනවන්නේ, විධායකය මේ නිර්ණායකයන් සපුරා හිඳිමින්ද? කියලා තර්කයක් මතු කළොත් වෙන්නේ මොකක්ද?

:       3       61

rasiFriday, 11 January 2019 09:56 AM

ඕවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට..!

:       2       10

ගාමිණී Friday, 11 January 2019 10:02 AM

අනේද කියන්නේ? එතකොට අර හිටපු ආණ්ඩුකාරවරුන්ට සංස්ථා සභාපතිකම් දුන්නේ මොන නිර්ණායකයන්ට අනුවද?

:       0       14

RAHEEM Friday, 11 January 2019 10:20 AM

මේ විදියට එළියට යනවා වගේම අපිට පේනවා අලුතින් පත්වෙලා එන අයගේ සුදුසුකමුත්... දේශපාලන සුදුසුකම් තමයි වැඩිය තියෙන්නේ. සාස්තර කියන නෝනලා ටියුෂන් ගුරුවරු වගේ අයයි.

:       0       12

rocky Friday, 11 January 2019 01:39 PM

ජනාධිපතිතුමාට තියන සුදුසුකම් මොනවද?

:       0       66

BamunuarachchiSaturday, 12 January 2019 02:40 PM

රටේ ජනතාව විසින් පත් කර ගැනීම. රටේ පළමුවෙනි අගමැතිතුමා පත් උනෙත් එහෙම නේද? එයාගේ අධ්‍යාපන සුදුසුකම ගැන දන්නවාද?

:       1       0

pjSunday, 13 January 2019 02:52 AM

කන්න ඕන වෙලාවට කබරගොයත් තලගොයා වෙලා. ඇයි ප්‍රශ්නය පටලව ගෙන. වර්තමාන විධායක ජනාධිපති කෙනෙක්ව කොහොමද පැරණි අගමැති කෙනෙක් සමඟ සසඳන්නේ.

:       0       0

sg Friday, 11 January 2019 02:11 PM

හොඳ ආරම්භයක්...!!!

:       1       8

නිලූකා Friday, 11 January 2019 02:18 PM

නිලූකාට තියන සුදුසුකම මොකක්ද දව සංස්ථාවේ සභාපති වෙන්න..?

:       0       22

කැළුම් වැවේගෙදර Saturday, 12 January 2019 11:05 AM

ලාංකික ඡන්ද දායකයා මෙන්ම පාඨකයාගේත් මන්ද මානසික අදහස් පිළිබඳව විමතියට පත්විම අවැසි නොවන්නේය. අදාළ පත්කිරිම් ජනාධිපතිවරයා වෙත ඇති අධිකාරීමය බලය වේ. එවන් පත්කිරිම් සදහා නිවැරදි නිර්ණායක හදුන්වාදීම සැබැවින්ම අගය කලයුතුය. එය තම තමන්ගේ දේශපාලනික, ග්‍රෝතික මතවාදී දැක්මෙන් තොරව විචාරශීලිව අවබෝධ කරගත යුතුය. මහජන මන්ත්‍රීවරුන් පත්කිරිම සදහා රටක ජනපතිවරයා නිර්ණායක හදුන්වා දියයුතුද?? මන්ද මන්ත්‍රීවරුන් පත්කිරිමේ බලය පවතින්නේ ඕනෑම රටක දාර්ශනික අදහස් වලින් පරිපූර්ණ අඥාන ඡන්ද දායකයා මත බැවිනි..

:       1       1

රාජේශ් ඛන්නාSunday, 13 January 2019 09:08 PM

ඔය පත්කිරිම් සඳහා නිවැරදි නිර්ණායක හඳුන්වාදීම අර දින 52 කාලයේදී කොහෙද වැටිලා තිබුනේ. පහුවෙලා හරි හම්බවුණු එක නම් වැදගත්... සංස්ථා සභාපති වගේ තාවකාලික පාලක තනතුරුවලට ගැලපෙන්නේ උපතින්ම වගේ නායකත්ව ලක්ෂණ සහිත පෞරුෂත්වයක් ඇතිව බිහිවන ව්‍යාපාර පාලනය පිලිබඳ යම් දැනුමක් ඇති චරිත මිස උසස්ම අධ්‍යාපන හෝ වෘත්තිය සුදුසුකම් ඇති අයම නොවේ. උසස්ම අධ්‍යාපන හෝ වෘත්තිය සුදුසුකම් සහිත අයම සිටිය යුත්තේ ආයතනයේ ඒ ඒ අංශවල අදාළ වගකිව යුතු තනතරු දැරීම සඳහාය...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 290 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1006 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2445 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1658 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 968 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2248 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site