IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපතිගෙන් කැබිනට් මණ්ඩලයට අනතුරු ඇඟවීමක්

(අජන්ත කුමාර අගලකඩ)

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාව ජාතික බුද්ධි සේවයත් ජාතික ආරක්‍ෂාව ගැනත් තැකීමක් නොමැතිව දිගින් දිගටම කටයුතු කරන්නේ නම් තමා ආණ්ඩුවේ කිසිම කටයුත්තකට සහය නොදෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (07) රාත‍්‍රියේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

තේරීම් කාරක සභාව දිගටම මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් තමා කැබිනට් රැස්වීම් වලටද සහභාගී නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කොට ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ කි‍්‍රයා කළාපය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කොට ඇති ජනාධිපතිවරයා රහස්‍ය තොරතුරු පනතද උල්ලංඝණය කරමින් තේරීම් කාරක සභාව කටයුතු කරන බවටද චෝදනා කොට ඇතැයි පැවසේ.

බුද්ධි අංශ නිලධාරීන් කාරත සභාවට ගෙන්වා මාධ්‍ය ඉදිරියේ ඔවුන්ගෙන් තොරතුරු විමසීම රටේ ජාතික ආරක්‍ෂාවටත් ජාතික බුද්ධි සේවාවටත් බරපතල තර්ජනයක් බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කොට ඇතැයි දැනගන්නට තිබේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව ශේෂ්ඨාධිකරණයේ පෙත්සම් පහක් විභාග කෙරෙන අවස්ථාවේ තේරීම් කරක සභාවේ කටයුතු එම පෙත්සම් විභාගයට බාධාවක් බව නීතීපතිවරයා දැනුම් දී ඇති බවත් නීතීපතිවරයාගේ එම වාර්තාව කතානායකවරයා වෙත යොමු කොට ඇති නමුත් මෙතෙක් ප‍්‍රතිචාරයක් ලැබී නැති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි වාර්තා වේ.

තේරීම් කාරක සභාව කටයුතු කරන්නේ මේ ආකාරයෙන් නම් ආණ්ඩුවේ වැඩ වලට සහය නොදෙන බවත් ජනාධිපතිවරයා ලෙස තමාගේ කටයුතු පමණක් කරගෙන යන බවත් ජනාධිපතිවරයා සඳහන් කොට ඇතැයි වාර්තා වේ.

එහිදී අදහස් දක්වා ඇති ඇමතිවරුන් කිහිප දෙනෙකු පෙන්වා දී ඇත්තේ තේරීම් කාරක සභාවේ කටයුතු ජාතික ආරක්‍ෂාවට හෝ ජාතික බුද්ධි සේවාවේ කටයුතු වලට බාධාවක් නොවන අයුරින් පවත්වාගෙන ගෙන බවය.

තේරීම් කාරක සභාවේ සාක්කි විමසීමේදී ජාතික ආරක්‍ෂාවට බලපාන කරුණු මාධ්‍යයට විවෘත නොකරන බවද එම ඇමතිවරුන් ප‍්‍රකාශ කොට ඇති බවද දැනගන්නට තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (07) රාත‍්‍රීයේ කැඳවා තිබු හදිසි කැබිනට් රැස්වීම පැයකට අධික කාලයක් පැවැති බවද වාර්තා විය.

 

 

 



අදහස් (25)

ජනපතිගෙන් කැබිනට් මණ්ඩලයට අනතුරු ඇඟවීමක්

mohan Friday, 07 June 2019 05:43 PM

කොහොමත් දැනටත් කිසිම කටයුත්තකට සහාය දෙන්නේ නැහැනේ...

:       4415       4181

Nishan Friday, 07 June 2019 06:00 PM

අපි නම් කිසි දවසක දැක්කේ නෑ එතුමා ආණ්ඩුවට සහයෝගය දෙනවා. ආපු දවසේ ඉඳන් කලේම කඩාකප්පල්කාරී වැඩ. බෝම්බ සිද්ධියත් ආණ්ඩුව පිටින් යවන්න ඔබතුමා සෑහෙන වෙහෙසක් ගත්තා. තේරීම් කාරක සභාවේ සාක්ෂි අනුව ජනතාවට පැහැදිලියි. ඇත්තටම කවුද මේකට වග කියන්න ඕනේ කියලා...

:       7396       6871

Chanak los angelesFriday, 07 June 2019 09:32 PM

මුළු රටම මේ බව දැනගත යුතුයි

:       0       15

leel gunawardena Friday, 07 June 2019 06:05 PM

අද හෙටම ඔබතුමාගේ කාලය හමාර වෙන බව මේ උදවිය දන්නවා. එ් නිසා තම තමන්ගේ වාසිය ගැන හිතනවා. ඒ අතරම ඔබතුමා යනකල් බලන් ඉන්නවා.

:       2052       1424

nandana Friday, 07 June 2019 09:15 PM

ඔය කඹ ඇදිල්ල නිසා තමා පසු ගිය දා රටේ ආරක්ෂක යාන්ත්‍රනය අඩ පන වී, ත්‍රස්තවාදීන් එයින් ප්‍රයෝජනය ගත්තේ.

:       0       5

lion Saturday, 08 June 2019 12:39 AM

කරුණාකර අපට ඇත්ත දැනගන්න ඉඩ දෙන්න. අපි මේ රටේ ජනතාව. ජනතාව මෙම කරුණු දැන ගත යුතුමයි. රටේ ආරක්ෂාවට මෙම කටයුත්තෙන් තර්ජනයක් වෙන්නේ නැහැ.

:       0       26

wimal Saturday, 08 June 2019 12:45 AM

ඔබතුමාලා කඹ ඇදීමේ තරඟයක් කරන බව අපි මහජනයා හොඳින්ම අවබෝධ කරගෙන ඇත්තෙමු.එය අපටත් රටටත් කරන මහ වරදකි.තවදුරටත් අපට එසේ නොකරන්න.

:       0       14

ලසන්ත Saturday, 08 June 2019 01:27 AM

මෙවැනි විශේෂ කටයුත්තක නිරත කලයුත්තේ ඒ පිළිබඳ විශේෂ දැනුමක් සහිත අවංක සිතින් ගැටලුව නිරාකරණයට යොමුවන අරමුණ ඇති පුද්ගලයන් විනා කුමන හෝ පාර්ශවයක් හෝ මතයක් පෝෂණය කිරීමේ අරමුණ ඇතිවුන් හෝ යටගියාව දෝශ සහිත අය නොවේ

:       0       1

wimal Saturday, 08 June 2019 02:04 AM

ඔබ තුමාලගේ මේ කඹ ඇදීමේ තරඟය අපි හෙවත් මහජනයාට කරන බරපතල වරදකි.ජාතියටම කරන අපරාධයකි.

:       0       19

යසන්ත Saturday, 08 June 2019 03:05 AM

ජනතාවට අයිතියක් තියෙනවා පාලකයන් කොයි අන්දමින්ද කටයුතු කරන්නේ කියල දැනගන්න.

:       0       33

Dayan Saturday, 08 June 2019 03:54 AM

දැන් නම් හංගලා වැඩක් නැහැ. ඇත්ත එළිවෙලා ඉවරයි. රටේ ආරක්ෂාවට මොකද වෙලා තිබුනේ කියලා මහජනතාව දැනගත්තා. මහජනතාව දුන්නු බලය යොදවලා දැන්මේවා හංගන්න කටයුතු කිරීම හරිද?

:       0       29

roshan Saturday, 08 June 2019 04:21 AM

වගකීම පැහැරහැරි පුද්ගලයා හෙළිවීම වැලැක්වීමට ගත් ක්‍රියාමාර්ගයක් වියහැකියි.

:       852       428

jayasekara Saturday, 08 June 2019 04:29 AM

මේ ආණ්ඩුවනම් හත්පොලේ ගාගන්නවා.. මීට වැඩිය හොදයි ගමක ළමා සමාජයක්....

:       16       38

පෙරුමාල් Saturday, 08 June 2019 06:25 AM

මෙයාව ජනාධිපති කරපු අපට තලන්න ඕනෑ මඩු වලිගයෙන්...

:       129       856

NIMALSaturday, 08 June 2019 09:40 AM

දැන් වෙනස දෝරෙ ගලනවා. ආයේ හිතලා මතලා ඡන්දේ දෙන්න

:       2       871

PrasadSaturday, 08 June 2019 02:36 PM

වෙනසට ඡන්දෙ දුන්න අය සොයා ගන්නට නැත. රට වසර ගණනාවක් ආපස්සට ගොස් ඇත.

:       9       875

athuraSunday, 09 June 2019 05:40 AM

ඒ අවස්ථාවේ වෙනසක් නොකළා නම් මහින්ද මහත්මයා විදුලි පුටුවේ...

:       1       56

Janaka from Matara Saturday, 08 June 2019 08:37 AM

ඔය තමන්ගේ ගැලවීම සඳහා අනතුරු අඟවන්නට දැන් තියෙන උනන්දුව අර ඉන්දියානු ඔත්තුව ලැබුණු වෙලාවෙත් තිබුණානම් කොයිතරම් නම් ජීවිත බේරාගන්න තිබුණද?

:       914       925

sirimal Saturday, 08 June 2019 08:56 AM

මේක හරියට මුහුණ කැත නිසා නහය කපා ගන්නවා වගේ වැඩක්.

:       849       25

dias Saturday, 08 June 2019 12:40 PM

මේ කතාවමයි දැන් දවස් දෙකකට කලින් විජේදාස රාජපක්ෂ කිව්වෙත්

:       0       17

sajitha Saturday, 08 June 2019 03:09 PM

ඇත්ත හෙලිවෙනකොට කියනවා තේරීම් කමිටුව හරහා එයාට පහර ගහනවලු. හිටන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ මෝඩ සෙට් එකක් කියලා. අනික කියන දේවල් කරන්නේ නැති බව අපි දන්නවා. මම බලන් ඉන්නේ කුඩුවලට සම්බන්ධ අය මාසයක් ඇතුළත එල්ලනවා කියපු එක... තාම මාසේ වෙලා නැතිව ඇති...

:       0       3

Saman Sunday, 09 June 2019 02:14 AM

ඇමරිකාවේ සීඅයිඒ අධ්‍යක්ෂක වරයා මෙවැනිම තේරීම් කාරක සභාවක් ඉදිරියට ගෙන්වා කරන ලද ප්‍රශ්න කිරීම් මුළු ලොවම බලා සිටියා .. ඒක යූ ටියුබයේ තවමත් ඇත.

:       0       37

thilakasiri Sunday, 09 June 2019 07:45 AM

සෝභිත හිමි රොටිය පිච්චුණා කියල හිතේ දුකටම අසනීප වී අපවත් නොවන්ට 2015 දීම මේ ජනපතිට විරුද්ධව මහා උත්ඝෝෂණයක් හෝ උපවාසයක් කර මොහුව මකනු නියතය. ජනපති කරපු වැඩෙන් මුළු රජයම කන්න බැරි රොටියක් වගේ උනා කියලයි උන්වහන්සේ ඒ කීවේ. ස්වාධීන ජනපතිවරයෙකු ලෙස ක්‍රියා කරණ බවට වූ පොරොන්දුව කඩකර, රට හැදීම පසක තබා හිතුමතේට ශ්‍රී.ල.නි.ප යේ සභාපති ධුරය භාර ගෙන, ජනතාවට එපාවූ ශ්‍රී.ල.නි.ප.යේ පිරිසට බලවත් කැබිනට් ඇමතිකම් දීම නිසයි උන්නාන්සේ එහෙම කීවේ. තමන්ව බලයට පත්කළ යූඑන්පී යට අද දක්වාම පහර පිට පහර ගහමින් මොහු රනිල්ට අටවන උගුල්වල ඔහුම ඇමිණී ගැලවෙන්ට නොහැකිව දගලන්නේ සුත්‍ර දත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පළපුරුදු දේශපාලනඥයකු වූ නිසාය. මොහුගේ මේ අව කල්ක්‍රියාව නිසා රටේ ජනතාව හැම අතින්ම පීඩිතව හෙම්බට්වී සිටිති. මේ මොහුගේ වරද නොව තනිපුද්ගලයෙකුට මුළු රටේ බලය දුන් වරදයි. 19-ව්‍යවස්ථාවෙන් ජනපති බලය පාලනය නොකර ස්වාධීන කොමිෂන් ද නොතිබුනානම් අද රට මීට වඩා අනාථයි. රහත් නොවුණු හැමෝම ආත්මාර්ථකාමීය. එනිසා තනි පුද්ගලයෙකුට මුළු රටේ බලය නොදිය යුතුමය.

:       125       24

de silva Sunday, 09 June 2019 10:28 AM

ආරක්ෂක ඇමතිකමවත් හරියට කරගන්න බැරි මොහු කොහොමද ඇමති මණ්ඩලයටම උපදෙස් දෙන්නේ? ලංකා ඉතිහාසයේ එකම දවසේ ත්‍රස්ත ප්‍රහාරයකින් වැඩිම ජීවිත ගණනක් විනාශ වී, ආර්ථිකයට මරු පහරක් වැදුනේ මොහු ආරක්ෂක ඇමතිකම සහ ජනාධිපති ධුරය දරන විට, මේ අවුරුද්ද අන්තිමේ මොහු ගෙදර යවල‍ා... මොහුගේ විකාර නිසා රටට වුණු පාඩුවට මොහුට විරුද්ධව නඩු පැවරිය යුතුයි.

:       147       34

vidya Tuesday, 11 June 2019 03:50 PM

තරුණ දරුවනේ, හොඳට ඇස් ඇරලා මේවා දිහා බලාගෙන ඊළඟ ඡන්දයේදී කටයුතු කරන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 240 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 33 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1664 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 335 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1552 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1535 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site