(අජන්ත කුමාර අගලකඩ)
මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයාධිපතිනියට අද (28) දැනුම් දී ඇත.
මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කර ඇති පෙත්සම් පිළිබඳ තීන්දුව ලැබුණු විගස ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කෙරෙන බැවින් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය කටයුතු සැලසුම් කරගන්නැයි ද මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බවයි.
මැතිවරණ කොමිෂන් සභාවෙන් ඇනවුම ලැබෙන ඕනෑම අවස්ථාවක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර භාරදීමට රජයේ මුද්‍රණාලය සූදානමින් සිටින බවද ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළාය.
කොවිඩ් 19 හේතුවෙන් මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේදී වෙනස්කම් රැසක් කිරීමට සූදානම් බව කී රජයේ මුද්‍රණාලයාධිපතිනිය කොවිඩ් 19 ගැන ඡන්දදායකයන් දැනුවත් කිරීමේ උපදෙස් ආදිය ද ඡන්ද පත්‍රිකාවලට ඇතුළත් කරන්නට සිදුවනු ඇති බව කීවාය.
ඉකුත් අප්‍රේල් මස 25 වැනිදා පවත්වන්නට නියමිතව තිබූ මහ මැතිවරණය කොරෝනා වසංගතය හේතුවෙන් ලබන මස 20 වැනිදා දක්වා කල්දමනු ලැබුව ද දැනට පවතින තත්ත්වය අනුව එදින මැතිවරණය පැවැත්වීමට නොහැකි වේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කර ඇති පෙත්සම් පිළිබඳ තීන්දුව ලැබුණු විගස මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සුදානම් වෙන්නැයි මුද්‍රණාලයාධිපතිනියට කොමිසම කියයි
Ratne Thursday, 28 May 2020 05:28 PM
බය වෙන්න එපා. මැතිවරණය තියන්න කොමිසමට කම්මැලි හිතිලා. වෙලාවට පඩිය විතරක් ලැබෙනවා නම් ඇති. කොමිසම හූල්ට ගිහිල්ලා. මැකෝ අසරණ වෙලා. කොරෝනා බිය බින්දුව වී දින 70-75 කින්, එනම් තව වසර 1-2 ක් හෝ සමහර විට වසර 40-50 කින් මහා ඡන්දය තියන්න පුළුවන් වෙයි.
mihira Friday, 29 May 2020 05:02 AM
නුඹලා මොකට ලෑස්ති වුණත් ඡන්ද දානවද? නැද්ද? කියලා තීරණය කරන්නේ මහා ජනතාව... වරෙල්ලකෝ...?
Lokka Friday, 29 May 2020 06:34 AM
අපිට අඩු එච්චරයි..