IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඡන්දය දාන්න කිලෝමීටර් 45 ක් යන ගම්වැසියෝ

 

(සිරංගිකා ලොකුකරවිට) 

 

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කිලෝමීටර 45ක් දුර ගෙවා යාමට සිදුවන අතුරේගෙදර හා පැල්වාඩිය ගම්වාසීන්ට විශේෂ බස් සේවාවක් යොදවන බව නෙළුව ප්‍රාදේශීය ලේකම් චතුරංග ගුණසේකර මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ ඉහළ මිල්ලව ග්‍රාම නිලධාරී වසමට අයත් මෙම ගම්මානය සඳහා වාහනයක් යා හැකි ප්‍රවේශ මාර්ගය ඇත්තේ බෙලිඅත්ත කුඹුර හරහා පල්ලේගම දක්වාය.

ඔවුන් අයත් ග්‍රාම නිලධාරී වසමේ ඡන්ද මධ්‍යස්ථානය වූ මිල්ලව කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණීමට නම් මේ ගම්වාසීන් පල්ලේගමින් දෙනියාය හා මොරවක හරහා මිල්ලව දක්වා යා යුතු වේ. මේ සඳහා ඔවුන් කිලෝ මීටර 45ක් පැමිණිය යුතුය.

දෙල්ලව රක්ෂිතය මැද පිහිටා ඇති මේ ගම්මානයට යාම සඳහා තුනී ලෑලි සංස්ථාව විසින් කැලෑ කැපීමට ඉදිකරන ලද පැරණි මාර්ගයක් තිබුණ ද වසර කිහිපයකට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම මාර්ගය වසා දැමිණි. ඒ හේතුවෙන්  ගම්වාසීන්ට මිල්ලවට පැමිණීමට සිදුව ඇත්තේ කිලෝ මීටර 4ක් පමණ දුර ගෙවා මහ වනය මැදින් වැටී ඇති අඩි පාරවල් ඔස්සේ පමණි.

මේ නිසා එම ගම්වාසීහු තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ දී දැඩි දුෂ්කරතා අත්විඳිති.

නෙළුව ප්‍රාදේශීය ලේකම් චතුරංග ගුණසේකර මහතා මෙසේ පැවසීය.

''මේ ගමේ ඡන්ද දායකයන් 173ක් ඉන්නවා. ඒ අතර විශේෂ අවශ්‍යතා ඇති අයත් ඉන්නවා. ඔවුන්ට තම ග්‍රාම නිලධාරී වසමට අයත් ඡන්ද මධ්‍යස්ථානයට යාමට කැලේ මැදින් අඩි පාරවල් ඔස්සේ කිලෝ මීටර 4ක් එන්න වෙනවා. වාහනයකින් එනවානම් කිලෝ මීටර 45ක් තියෙනවා. මේ නිසා අපි ලංකා ගමනා ගමන මණ්ඩලය සමග සාකච්ඡා කරලා විශේෂ බස් රථයක් ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. ගමේ අය කැලේ මැදින් ගිහිල්ලත් ඡන්දය දාන නිසා අවශ්‍යතාව අනුව බස් රථය එක ගමන් වාරයක් හෝ දෙකක් යොදවන්න කටයුතු කරනවා."

ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමාසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා මෙසේ කීවේය.

මෙම ගම්වාසීන්ට වෙනම ඡන්ද පොළක් ලබාදෙන්න ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කළා. නමුත් ඒ සඳහා නීති ප්‍රතිශෝධනය කරන්න වෙනවා. මෙවර මැතිවරණයේ දී ඒ නීතිමය කටයුතු සම්පූර්ණ කරගැනීමට නොහැකි වුණා. ඒ නිසා මහ මැතිවරණයේ දී ඔවුන්ට ඡන්ද පොළට යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ‍ගත්තා. ඉදිරි මැතිවරණයක දී ඔවුන්ට වෙනම ඡන්ද පොළක් පිහිටුවනවා."



අදහස් (2)

ඡන්දය දාන්න කිලෝමීටර් 45 ක් යන ගම්වැසියෝ

කුමාර Sunday, 02 August 2020 06:26 AM

72 වසරක පාලනයේ අගය... මේ මිනිස්සු ඔහොම ගිහිල්ලත් මේ කාලකන්නි පාලකයන්ට ඡන්දෙ දීලා ඒවි...

:       0       0

Asanga Sunday, 02 August 2020 07:49 AM

දැන්වත් කල්පනා කරලා වැඩක් කරන කෙනෙක්ට ඡන්දය දුන්නොත් හොඳයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 461 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 999 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1154 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 753 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 201 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1901 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site