IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


චෛත්‍යයට නැග ඡායාරූප ගත් සිසුන් අටදෙනා අත්අඩංගුවට

(පැතුම් දර්ශන)

හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යක් මතට නැග ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හළ තරුණයන් 8 දෙනෙකු අම්පාර සහ අක්කරෙයිපත්තු ප්‍රදේශයේදී අද (23) සවස අත්අඩංගුවට ගත් බව  හොරොව්පොතාන පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් 8 දෙනෙකුය.ඔවුන් කල්මුණේ, ගම්පොල ,කුලියාපිටිය, හොරොව්පොතාන, පුත්තලම, එරාවුර්, ඔට්ටමාවඩිව් යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් හොරොව්පොතාන කිරලාගල පිහිටි ඉපැරැණි නටඹුන් සහිත පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යය මතට නැග තරුණයන් දෙදෙනකු විසින් ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවි වලට මුදා හැර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා කිරලාගල කලාප භාර පුරාවිද්‍යා නිලධාරි සුමිත් බංඩාර රත්නායක මහතා විසින් ඊයේ (22) සවස හොරොව්පොතාන පොලිසියට පැමිණිලි කර තිබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා එම පැමිණිල්ලට අදාළ මූලික පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී අනාවරණය කර ගැනීමට හැකි වූයේ මෙම සිද්ධියට සැකකරුවන් 8 දෙනෙකු සම්බන්ධ බවත් ඔවුන් අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන බවත්ය.

එයින් එක් සැකකරුවෙකු හොරොව්පොතාන ප්‍රදේශයේ වන අතර අනෙක් සැකකරුවන් හත් දෙනා දිවයින විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබුණි.

ඒ අනුව ලබාගත් තොරතුරු අනුව හොරොව්පොතාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගාමිණි ජයවර්ධන මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකරුවන් සොයා  අද (23) අම්පාර සහ අක්කරෙයිපත්තුව ප්‍රදේශයට ගොස් තිබේ.එහිදී සිදුකල දීර්ඝ සෝදිසියකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පරීක්ෂණ පවත්වන පොලිසිය වැඩිදුරටත් කියයි.

2018.01.05 වන දින හෝ ඊට ආසන්න දිනකදී හොරොව්පතාන ප්‍රදේශයේ සිටින යහළුවාගේ නිවසට පැමිණි තමන් කිරලාගල පුරාවිද්‍යා භූමියේ ද  සංචාරය කළ බවත් එහිදී චෛත්‍ය මතට නැග ඡායාරූප ගත් බවත් සැකකරුවන් පොලිසියට පවසා තිබේ. එම අවස්ථාවේදී එය එතරම් බැරෑරුම් කාර්යයක් බව නොතේරුණු බවත් එසේ දැනුණේ නම් මෙලෙස ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවි වලට මුදා නොහරින බවත් සැකකරුවන් වැඩිදුරටත් පවසා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට හෙට (24) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (45)

චෛත්‍යයට නැග ඡායාරූප ගත් සිසුන් අටදෙනා අත්අඩංගුවට

siirimal Wednesday, 23 January 2019 05:44 PM

මේක දැනට අවුරුද්දකටත් වැඩිය කලින් වුන සිදුවීමක්. අන්තර් ජාලයට ඔය පින්තුර නොදැම්මානම් කවුරුවත් එහෙම දෙයක් වුන බවක් දන්නේ නැහැ. අපේ පුරාවිද්‍යා ස්ථාන රැකගන්නා තරම තමයි එයින් පෙන්නුම් කරන්නේ.

:       1       221

Nuwan Wednesday, 23 January 2019 06:13 PM

අනේ පව් බැරෑරුම් කියලා දැනගෙන හිටියේ නෑලු.

:       3       148

RaveendraThursday, 24 January 2019 11:29 AM

ඔව්, හතරට ගැනගන්න බැරි මුළු ලෝකෙම දේවල් දන්නා තොත්ත බබාලා... මේ වෙන මුකුත් නොව තිබෙන උද්දච්ඡකම සහ විනයක් නැතිකම... ඕනෑම ආයතනයක හෝ සමාජයක විනයක්, වගකීමක් නැත්නම් එම ස්ථානය විනාශ වෙනවා වෙනවාමයි...

:       0       48

kumarage Wednesday, 23 January 2019 06:43 PM

මේක කලේ හිතාමතාමයි.

:       442       548

ප්‍රදීප් Wednesday, 23 January 2019 10:05 PM

ඉංජිනේරු අවසන් වසර සිසුන් වුනාට, පුරාවිද්‍යා වටිනාකමක් ඇති මෙවැනි නටඹුන් උඩට නගින්න මිනිස්සු පුරුදු වුනොත් මේවා ඉක්මනින් කඩාවැටෙයි කියලා තේරුමක් නැද්ද? ඒගොල්ලෝ නව නිර්මාණ තියා, පාලමක් බෝක්කුවක් වත් ප්‍රමිතියට හදයිද? පොත් ගුල්ලෝ වගේ පාඩම් කරන්නයි, ඉස්කෝලේ යද්දී හතර වටේම තියෙන ටියුෂන් පන්ති වලට යන්නයි පුරුදු වුණා මිසක්, සාමාන්‍ය දැනීම බින්දුවයි නේද?

:       0       337

BamunuarachchiThursday, 24 January 2019 02:05 AM

මේගොල්ලෝ සිංහල බෞද්දයයෝ නොවෙයි.

:       736       860

BamunuarachchiThursday, 24 January 2019 02:47 AM

මේ ස්ථානය ආරක්ෂා කරන මුරකාරයත් මුසල්මානුවෙක්. " එම නිලධාරියා එම ස්ථානයේ ආරක්‍ෂාවට යොදා සිටින්නේද මුස්ලිම් ජාතිකයකු බව පැවසීය." දහම් පාසල්වල මුසල්මානු ජාතිකයන් උගන්වන රටක මේක පුදුමයක් නොවෙයි. තවටික දවසකින් වෙනත් අය පාංශුකූලේටයි, බණ කියන්නත් ඒවි. මෙතන ලියන සමහරක් සිංහලයින් එ්කට කමක් නැහැ කියාවි. සාධු කාරදී ගෙදරට වැඩම කරාවි...

:       297       556

RaveendraThursday, 24 January 2019 02:35 AM

ප්‍රදීප් මයාවෙත, ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. වෙනත් රටවලත් පුරාවිද්‍යා වටිනාකම් තිබෙන ස්ථාන හොදින් ආරක්ෂා කරන අතර සාමාන්‍ය ජනතාවද එම ස්ථානවලට හානි කිරීමෙන් වැලකි සිටීම පුරවැසියන්ගේත් වගකීම යන්න හොදින් වටහාගෙන ඇත. කනගාටුවට කරුණ නම් බුද්ධිමත් , උගතුන් යයි කියා ගන්න උදවියත් එවන් ස්ථාන වල වටිනාකම නොදන්නේනම් හා පුරවැසියන්ගේ වගකීම් නොදන්නේනම් මෙපිලිබදව කතා කිරීමත් අර්ථශුන්‍ය නොවන්නේ ද?කෙසේ වෙතත් පුරාවිද්‍යා වටිනාකමින් යුතු ස්ථාන වල ආරක්ෂාව පිලිබදවත් ගැටලුව නැවතත් මෙමගින් පැහැදිලිවිම අදාළ නිදිකිරා වැටෙන ආයතන සහ දේශපාලුවද මෙම අදහස් ( කියවීම කෙසේ වෙතත්) දකිත්වා.

:       0       84

aseThursday, 24 January 2019 07:29 AM

බසයක්, දුම්රියක්, වැසිකිලියක් නිසිලෙස තබා ගැනීමට බැරි අයට ඕවා මොනවද? හැමදේම කඩා විනාශ කිරීම අපේ ජාතික ප්‍රතිපත්තියක්නේ...

:       0       54

asoka Thursday, 24 January 2019 02:45 AM

මොනවා වුනත් සමාජයේ ඉස්සරහට යන්න ඉන්න අපේ දරුවෝ ටිකක්... එ් නිසා මට දුකයි කොල්ලො ටිකට...

:       184       147

RaveendraThursday, 24 January 2019 11:24 AM

asoka මයා වෙත, ඔබගේ අදහස්වලට අප ගරු කරන්නෙමු. සමාජයේ ඉස්සරහට යන්න ඉන්න අපේම දරුවෝ අයාලේ ගාල කඩා ගත්ත හරකුන් ලෙස මෙන්ම මෝඩයන් ලෙස හැසිරෙනවා දැකීම අපට නම් දුකකි. එලෙස නොගොස් නිසි මාර්ගයේ යනවා දැකීම පුරවැසියන් වන අපගේ එකම බලාපොරොත්තුවයි. බුද්ධිමත් යයි පවසන මොවුන් මෙසේ හැසිරෙන්නේ නම් අනිකා ගැන කුමන කතාද?

:       0       92

BamunuarachchiFriday, 25 January 2019 01:34 AM

ඒගොල්ලෝ සමාජයේ ඉස්සරහට යන්න හදන්නේ සිංහල බෞද්ද අපිව පස්සට තල්ලු කරලා බව ඔබට පෙනෙන්නේ නැද්ද? සමහරක් සිංහලයින්ට පෙනෙන්නේ නැහැ මොකද ඒ ගැන අවධානයෙන් බලන්නේ නැති නිසා. ද්මිලයා උතුරේ පන්සල් එපා කියන විට උතුරේ සිංහලය නිවට වී බලා ඉන්නවා ඒ නායකයා නිවට යෙක් නිසා. ඒ අල්ලපනල්ලේ මෙගොල්ලොත් පොඩි ට්‍රයි එකක් දීලා බලනවා. 2015 සිට සුදුවූ වෙනස. එජාපයෝ තවත් මෙරට පාලනය කලොට් මෙරටේ බුද්දාගම නැතිවෙනවා ෂුවර්.

:       0       0

jayath Thursday, 24 January 2019 02:46 AM

සිංහල බෞද්ද නෙමෙයි, ඉංජිනේරු පීඨයේ නෙමෙයි (මේක නමට "ඉංජිනේරු වුණාට පීඨය ඔලුවිල් හොඳද? කටුබැද්දවත්, පේරාදෙණියවත්, අඩු තරමේ හපුගලවත් නෙමෙයි) සිංහල බෞද්ධ නෙමෙයි.. කවුරු වුණත් දැන් තියෙන්නේ වැඩිහරියක්.. - ඔව් වැඩිහරියක් අරටුවක් නැති පැපොල් ගස් හාදයෝ දන්නේ කොට්ටෝරුවන් වගේ සුහුරු දුරකථන වලට කොටන්න. හෙඩ් ෆෝන් සෙට් එකකුත් කනේ ගහගෙන... මේක රටේම පරිහානිය.. පාලකයින්ටත් ඕන මේක මොකද? මේවා තියනකොට මිනිස්සු හිතන්නේ නැහැ. එතකොට උන්දැලාට ඕන පිස්සුවක් නටතහැකි !

:       0       162

Lusena Thursday, 24 January 2019 03:11 AM

අද ලංකාවේ සරසවි වලින් බිහිවෙන අය ගැන මීට වඩා වැඩි යමක් බලාපොරොත්තුවෙන්න බැහැ. මොලේ තරම...

:       0       149

BamunuarachchiThursday, 24 January 2019 04:30 AM

මොලේ තරම නොවෙයි හලෝ යම් යම් ආගම් වල තිබෙන ඉගැන්වීම්. ඒවා තේරුම් ගැනීමට ඒ ආගම් ගැන කිසියම් අවබෝදයක් තිබිය යුතුය. නැතිනම් මේ ලියන බමුනුඅරච්චිවත් ආගම් වාදියෙක් කියා පෙනේවි. ඊනියා සංහිඳියාව නිසා උතුරේ දෙමළුන් බෞද්ධාගමට විරුද්දව ප්‍රකාශ කෙලින්ම කරනවා. දැන් ඔන්න අනික් අයත් පටන්ගෙන තිබෙනවා බුදුපිළිම කැඩීමෙන්. එජාප නායකයින් සිංහල බෞද්ධයා නිවට කර තිබෙනවා. මෙතන ලියන සිංහලයින්ගෙන් ඒ බව හොඳට පෙනෙනවා

:       751       1217

aseThursday, 24 January 2019 07:32 AM

ඒ කියන එක මෙයාට තියනවද? හික් හික්, මට නම් මේක කියවල පිස්සු වගේ ජබොස්..

:       49       4

aseThursday, 24 January 2019 07:32 AM

ඒ කියන එක මෙයාට තියනවද ? හික් හික්, මටනම් මේක කියවලා පිස්සු වගේ.

:       41       1

BamunuarachchiThursday, 24 January 2019 01:53 PM

"හික් හික්, මට නම් මේක කියවලා පිස්සු වගේ." පාරේ එක්කගෙන යන්න ඕනේ කරට පටියක් දාලා ඔලුව කළු රෙද්දකින් වහලා.

:       0       17

jinadasa Thursday, 24 January 2019 04:06 AM

පුරාවස්තු විනාශ කිරීම බෞද්ධයෝ සල්ලි නිසා කරනවා.සෙල් ලිපි වගේ දේවල් ඉස්සෙලම මකනවා.ඇසිඩ් දානවා මැකෙන්න.ඊට පස්සේ අනුමැති ගන්නවා ගල් කඩන්න.අනෙකුත් පළාත්වල ඒකීය භාවය නැති කරන්න සාක්කි නැති කරන්න විනාශ කරනවා.දැන් තියෙන පලවෙනි කාරිය සිවිල් ආරක්ෂණ අංශයට මේවා භාර දීමයි.නුමුත් හරිය ලිඛිතව භාර දීමයි.එසේ නුනොත් හරිය වැඩ සිදුනොවේ.අනෙක වනගත පුරාවස්තු සංචාරය ප්‍රවර්ධනය කලයුතුයි.මෙයට රාජ්‍ය අනුග්‍රහය දිය යුතුයි.මේවා 225 න බලාපොරොත්තු විය නොහැක.මින් වසර 140 පමණ පෙර ජාතික පුනරෝධය ඇති කිරීමට අන්නන්ද ,නාලන්ද වැනි පාසල් පිහිටුවා වැඩ කලේ රජය නොවේ.බුද්ධිමත් විද්වතුන් හා මහා සංඝ රුවනය.

:       0       84

අහිංසක දරුවන්ට ගිය කල Thursday, 24 January 2019 06:20 AM

රටේ අහිංසක දරුවන් දින 2 ක් රිමාන්ඩ් කරන රට ?. හොර තක්කඩියන්, කුඩු කාරයින්, එදිනම ඇප දෙන රට ?

:       145       67

Sumith Thursday, 24 January 2019 07:55 AM

බහුතරය පෙන්වන්න ගියාද?

:       11       42

Nuwan Thursday, 24 January 2019 07:58 AM

උපරිම දඬුවම් දෙන්න.

:       31       84

බද්රානි Thursday, 24 January 2019 08:31 AM

ගස් ගල් වලටත් වැඳුම් පිදුම් කරන ගෝත්‍රික මෝඩයින් ජීවත් වෙන රටක ජීවත් වෙන හැටි, උගත්, බුද්ධිමත් ජනතාව වටහා ගත යුතුයි. ගස් වල වලින් හා කුණු රොඩු වලින් වැසී යන පුරා වස්තුවල වටිනාකම් දැනෙන්න පටන් ගන්නේ, කවරෙකු හෝ ඒ මත සිට ගත්තොත් පමණද? ලෝකයේ අනෙක් රටවල ඓතිහාසික පුරාවස්තු ආරක්ෂා කිරීම පිණිස අසලට හෝ ඒ මතට යා නොහැකි වනසේ, ආරක්ෂක වැටක් හෝ දැන්වීම් පුවරු සවිකර ඇති බව අප දැක තිබෙනවා. අඩුතරමේ මෙම ස්ථානයේ එලෙස දැන්වීමක් පළකර තිබුනාද? මේ රටේ ජාතිවාදය වපුරුවන පින් බත් කමින් සමාජය දුෂණය කරන (ගඳ සස්සන) මිලේච්ජයින් රැලක් සිටිනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ, පුරා වස්තු රැක ගැනීමට වඩා බඩ වඩා ගැනීම බව අපි නම් අවබෝධ කරගෙන හමාරයි.

:       569       317

ruhune apiThursday, 24 January 2019 10:12 AM

ගස් ගල් වලට දෑත එක්කර වඳිනවා වගේ සුද්ද නළලේ කුරුසිය සලකුණු කර වැඳීම කරනවා සුරුවම් සිප ගෙන එම ක්‍රමයට වන්දනා කරනවා ආමිස පුජාව ගැන නොදැන ජනතාවට සිංහල බවුද්ද ජනතාවට අද රටේ නායකයන්ද පාර්ලිමේන්තුවේ පරිබව කරනවා ගස් ගල් වලට වඳිනවා කියා ජාතිය පවා දුන්න සෙළුව වස ගන්න මේ විදිහට බැරිය

:       33       76

senaThursday, 24 January 2019 11:47 AM

මෙතන තියෙන්නේ ගස් ගල් වැඳීමක්වත්, නොදන්නා කම පිළිබඳ ප්‍රශ්නයක් වත් නෙවෙයි. අනිකා පහත් කොට දැකීමේ ආසාව මෙතන තියෙන්නේ.. එ්ක නිසා උපරිම දඬුවම් දිය යුතුයි. ඔබේ අතේ සීමාව අනිකාගේ නහය ලඟින් ඉවර වෙන බව අපි කව්රුත් අවබෝධ කරගත යුතුයි. බද්‍රානිට කියන්න තියෙන්නේ ලෝකේ තියෙන හැම ආගමක්ම අදහන මිනිස්සු කිසියම් භෞතික වස්තුවක් ඉස්සරහට තියාගෙන තමය් වඳින්නේ... මේ භෞතික වස්තූන් විවිධයි.. එ්කෙන් අදහස් වෙන්නේ නැහැ ඒ වස්තුවට ඒ මිනිස්සු වඳිනවා කියලා සිද්ද වෙන්නේ ඒ වස්තුව ඉදිරියෙන් තියාගෙන තමන්ගේ ආගම අදහනවා. ඒක තේරුම් ගන්න ඔයාගේ හිතට කා වැදිලා තියෙන වෛරය ඉවත් කරගෙන අනිකුත් ආගම්වල තියෙන ඉගැන්වීම් ඉගෙන ගන්න ඕනේ....

:       0       31

කරුණාපාල Thursday, 24 January 2019 09:51 AM

එහෙම නම්, ලංකාවේ පුරාවිද්‍යා භුමි වලට ඇතුළු විය හැක්කේ වනජීවින්ට පමණද? බහුතරවාදය මත ඒකත් නරකම නැහැ.

:       3       2

anvar Thursday, 24 January 2019 10:05 AM

මුස්ලිම් වරු පිළිම වන්දනාව නොකරයි අල්ලා දෙවියන් වහන්සේ අදහන අප ජනතාව මේ පිළිම ගැන දැනීමක් ඉගැන්වීමක් නැහැ මේ එබැවින් මේ වරද සිදුවී ඇත

:       46       1

subramaniyam Thursday, 24 January 2019 10:16 AM

ගස් ගල් වලටත් වැඳුම් පිදුම් කරන ගෝත්‍රික මෝඩයින් ජීවත් වෙන රටක ජීවත් වෙන හැටි ? දෙදහස් පන්සීය වසරක සංකෘතියට නිගරු කරන මොඩයා එතකොට පෙනෙන නටබුන් නොපෙනෙන දෙවියන් ගැන අවබෝදයක් නැති අය එක්ක අපි ජීවත් වෙනවා සමගියෙන්

:       45       22

subramaniyam Thursday, 24 January 2019 10:18 AM

මේ ප්‍රශ්නයේදීත් අපි මුස්ලිම් ජනතාව සමග ඉන්නවා.. සිංහල ජනතාව සමග හිටගන්න එම අයගේම කොටසක් ඉන්නවා. ගස්, ගල්වලට වඳිනවා කියා එම අය පාර්ලිමේන්තුවේත් කියනවා.

:       48       16

BamunuarachchiThursday, 24 January 2019 02:56 PM

නමින් සුබ්‍රමනියම් වුණාට ඔයා කව්ද කියලා මම දන්නවා. මොකද සුබ්‍රමනියම් සතුන්ට වඳින්නේ? එතකොට මුස්ලිම් ජාතිකයන් මක්කම "කබා " වටේ ඇවිද වඳින්නේ? සුබ්‍රමනියම් උත්තර දෙන්න පුළුවන්ද?

:       0       0

ruhune api Thursday, 24 January 2019 10:21 AM

බද්‍රනි ඔබ අදහන ධර්මයද මේ ?

:       0       2

Nuwan Thursday, 24 January 2019 10:25 AM

අන්වර්, ඇත්තටම ඔහෙලගෙ ටිකිරි මොළ ගැන ආඩම්බර වෙන්න ඕන. දැන් කියලා තියෙනවනේ පිළිම වන්දනා කරන ආගමික කොට්ටාශයක් ඉන්නවා හරි කියලා නේද? එතකොට මේ උගත් ඉංජිනේරු පුත්තු ටික දන්නේ නැද්ද අනිත් ආගමිකයන්ගේ පුජනිය දේවල් උඩ තමුන්ගේ ගද ගහන පයවල් තියන්න හොද නැති බව?

:       2       18

Vikum Thursday, 24 January 2019 10:27 AM

අන්වර්, අපේ නම් හැම පොඩි ළමයෙක්ම දන්නවා ලෝකේ වටේ බෙලි කපන ජාතියක් ඉන්නවා කියලා... ඒ වගේම ලංකාවේත් ටික ටික ඒ ගොල්ලෝ අමුතු වේගෙන එනවා කියලා...

:       0       6

priyantha Thursday, 24 January 2019 10:39 AM

ලංකාවේ ඉස්කෝල අධ්‍යාපනයේ තරම. මේකේ බරපතල කම දන්නා කියන්නේ බබාලාද කැම්පස් ගියේ හොරාට විබාගේ ලියලද ඉතිහාසේ තියෙන වැදගත්කම ගුරුවරු කියලා දීලා නැද්ද?

:       0       2

Darshana Thursday, 24 January 2019 12:59 PM

අන්වර්, ඔය ගොල්ලන්ගේ බහුතරේ ඉන්න රටවල අන්‍යාගමිකයෙක් ඔහෙලගේ ආගම ගැන වචනයක් හරි කිව්වොත් කස පාර දීලා..., ගමවල්, රටවල් වලින් පන්නනවා. නමුත් බෞද්ධ අපේ රටේ නිදහසේ ඔහෙලට ඉන්න දීලා තියෙනකොට ඔහෙලට එ්කේ අගයක් නැහැ නේද...?

:       0       16

akalanka Thursday, 24 January 2019 01:15 PM

ප්‍රියන්ත, මේ ගොල්ලෝ යන්නේ අරාබි ඉස්කොලෙනේ... ඒවා වල උගන්වන්නේ අරාබි ඉතිහාසය සහ ආගම... ඉතින් මේ නටබුන් උඩ නැගලා විතරක් දැනට ඒවා බේරුණු එක ලොකු දෙයක්...

:       0       32

BamunuarachchiThursday, 24 January 2019 03:00 PM

අපිට අසු වුනොත් කකුල් කොටකරලා තමයි නවතින්නේ...

:       0       0

Bamunuarachchi Thursday, 24 January 2019 02:01 PM

"අල්ලා දෙවියන් වහන්සේ අදහන අප ජනතාව මේ පිළිම ගැන දැනීමක් ඉගැන්වීමක් නැහැ" ... මේ පිළිම ගැන දැනීමක් ඉගැන්වීමක් නැති එක අපේ ප්‍රශ්නයක් නොවෙයි. පිළිම හැදුවත් හදන්නේ කාගේ පිළිමේද? ඔහෙලා මේ රටට ආගන්තුකයින්.. එහෙම වුණාම මහජාතියේ මහආගම ගැන දැනගෙන තිබෙන්න ඕනේ... නැතිනම් මේ රටේ ජීවත්වෙන්න බැහැ. දැනට ඔයටික විතරක් කියන්නම්...

:       0       17

Bamunuarachchi Thursday, 24 January 2019 02:07 PM

"අල්ලා දෙවියන් වහන්සේ අදහන අප ජනතාව මේ පිළිම ගැන දැනීමක් ඉගැන්වීමක් නැහැ.." ඔබලාට අනික් ආගම්වලට ගරු කරන්න උගන්වලා තිබෙනවාද? මම අවුරුදු 25ක් මැද පෙරදිග සිටියා මම දන්නවා අනික් අයට සලකන අාකාරය... හැබැයි ඒවා මෙහෙ බෑ.... පුලුවන් නම් ආගම ගැන මා සමග කතාකරන්න එන්න.

:       0       11

බද්රානි Thursday, 24 January 2019 02:38 PM

සම්බුද්ධ ධර්මය, ත්‍රිපිටකය තබා, මළපොතේ අකුරක අර්ථය පවා, තේරුම් ගැනීමට නොහැකි මානසික අඳ බාලයින් රැලක් මෙතන කුලප්පු වුණාට, චාතුරාය සත්‍යය අවබෝධ කරගෙන සිටින සැබෑ බෞද්ධයින් කලබල නොවේ. ඉතිහාසය හා ධර්මය හා දේශපාලනය එකට, පටලවා ගෙන කරන නිහීන රංගනයක යෙදෙන මේ නරි රැල ගැන අනුකම්පා කරනවා හැර වෙන මොනවා කරන්නද? කැලය මැද තිබුණු කොතක් පවා නොමැති දාගැබක පය තබා පින්තුර ගත් තරුණයින්ට වඩා, ශාසනය මත පහරන, නමින් බෞද්ධයන් යයි කියා ගන්නා අශිෂ්ඨයින් පිළිබද මා හට නම් ඇත්තේ මහා පිළිකුලක්. ධර්මය විකුණා, දේශපාලනය කරමින් බඩ වඩා ගැනීමට හපන් අධමයින්ට, ධර්මය විසින්ම දඬුවම් දෙන යුගය වැඩි ඈතක නොවන බව මතක් කරමි. පිරිමියෙක් ලෙස මෙලොව උපත ලබා ඇති, මේ අමනයින් රටට, ජාතියට හෝ මේ මහපොළොවට, කිසිඳු සේවාවක් නොකරන පින්පියන් බව වැඩි දුරටත් සඳහන් කරමි.

:       31       354

NuwanThursday, 24 January 2019 03:18 PM

බද්රානි, බුද්ධධර්මය, සංස්කෘතිය, ඉතිහාසය සමග ආගමික අන්තවාදය පටලවා ගන්න එපා. ධර්මය විසින් දඬුවම් දෙනකන් බලන් හිටියොත් ඔබගේ ගෙල ළඟට පිහිය තැබෙන දවස ඇතක නොවෙනු ඇත. බුද්ධධර්මය කෙලෙසන සාමාන්‍ය මනුස්සයාගේ පටන් පූජක, දේශපාලකයන් ඉන්න අතර, දඬුවම් දී අන්තවාදයට හිස එසවීමට නොදීමට මෙවැනි අවස්ථා යොදා ගත යුතුයි.

:       0       0

BamunuarachchiThursday, 24 January 2019 04:17 PM

නුවන් බද්‍රනි හිතාගෙන ඉන්නේ එයා ඉන්නේ ලිච්චවී නුවර කියලා. ගහනකොට ගහනවා හැරෙන්න ගහන අයට බණ කියලා හරියන්නේ නැතිබව මෙයා දන්නේ නැත. ගහන එවුන්ට ගහන්නේ නැතිව චාතුරාය සත්‍යය කියා දෙන්න ගිය රටවල දැන් බුද්දාගම නැත

:       0       58

Bamunuarachchi Thursday, 24 January 2019 02:59 PM

සුබ්‍රරමනියම් ඔයාලට එකතුවෙන්න පුළුවන් අන්වර් නැතිනම් මේ අයත් එක්ක විතරයි. අපිත් එක්ක බැහැ. අපි දන්නවා නුඹලා කව්ද කියලා...

:       1       29

KapThursday, 24 January 2019 05:46 PM

ඔය අපි කියන ගොඩට ඔයා විතරයි ඉන්නෙ. ඔබ හරිම කුහකයෙක්. හිතේ තරහව කෝරදේ පිරිල

:       7       0

BamunuarachchiFriday, 25 January 2019 06:01 PM

මේ සිංහල, බෞද්ධ රට නැතිබන්ගස්ථාන කලේ එජාපයින් රනිල්ව තෝරාගෙන.. ඉතින් ඔවුන්ට මෛත්‍රී කරන්නේ කව්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 400 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 828 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 970 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 672 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 180 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1830 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site