IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


චීන ජාතිකයන් 14දෙනාට වසර බැගින් සිරදඬුවම්


(ඩී. ජී. සුගතපාල)
 
සංචාරක වීසාවලින් පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයන් 14 දෙනා අද(14) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ  කැකුණවෙල මහතා එක් අයෙකුට වසරක සිර දඬුවමක් සහ රුපියල් 50,000 බැගින් වූ දඩ මුදලක් නියම කළේය.
 
මෙම චීන ජාතිකයින් සංචාරක වීසාවලින් පැමිණ ගාල්ල දඩල්ලේ ගොඩනැගිලි ඉදිකිරීමේ වැඩබිමක අත්උදව්කරුවන් ලෙස සේවයේ යෙදී සිටියදී ගාල්ල පොලිසිය මගින් පසුගිය 2 වන දින අත්අඩංගුවට ගෙන තිබිණි.
 
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර අද(14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
 
දඩය නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඬුවමක්ද විත්තිකරුවන්ට නියම වන බව මහේස්ත්‍රාත්වරයා පැවසීය.



අදහස් (9)

චීන ජාතිකයන් 14දෙනාට වසර බැගින් සිරදඬුවම්

විජිත් Thursday, 14 March 2019 01:19 PM

එතකොට මේ නීති විරෝධී ලෙස සංචාරක විසා වලින් ආ අයට රැකියා දුන් මුදලාලිට මොනවාද කරන්නේ...? මේ මිනිස්සුන්ව අවුරුද්දක් කුඩුවේ තියා ගන්නවා කියන්නේ සෑහෙන වියදමක්. මේ කට්ටියම චීන තානාපති කාර්යාලයට බාරදෙන්නැයි තියෙන්නේ, ඕන දෙයක් කරගන්න හැබැයි මේ අයට මේ රටේ ඉන්න තහනම් කියලා. ඒවගේමයි මේ අයට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සපුරා තහනම් කලයුතුයි. ලංකාවේ නීතිවල තියෙන හිල් අතරින් රිංගා නීති විරෝධී ලෙස එක එක රැකියා කරමින් සිටින විදේශිකයින් අපේ රටේ මිනිහෙක් හෝ ගැහැනියක් හා විවාහ වුනාට පස්සේ ප්‍රශ්නය විසඳන්න ඉතාමත් අපහසු වෙනවා.

:       0       7

smn Thursday, 14 March 2019 02:16 PM

මේ 14 දෙනාටම දැන් වීසා නැතිව, නවාතැන් පහසුකම් සිර මැදිරිය වෙලාවට කෑමබීම, ආරක්ෂාව, ලෙඩ වුණා නම් වෛද්‍ය ප්‍රතිකාර යනාදි මේ සියලු පහසුකම් සහිතව අවුරුද්දක්ම ලංකාවේ වාසය කිරීමට සිදුවෙනවා...ඒකයි දඬුවම.

:       0       3

sirimal Thursday, 14 March 2019 02:52 PM

වසරක් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සුමානයක් අපේ හිර ගෙදරක ගත කරන්න සිද්ධ උනහම මේ මිනිස්සුන්ට කරගත්ත මෝඩ කම හොඳටම තේරෙයි.

:       0       3

amila Thursday, 14 March 2019 04:04 PM

දැන් මේ හිර ගෙවල් තියෙන්නේ ලංකාවේ නෙවිද. ලංකාවේ වීසා නැතිව හිටියට දෙන දඩුවම තවත් අවුරුද්දක් ලංකාවේ තියා ගන්න එකද. කවූරු හරි මේ නිතිය ගැන දන්නවනම් කියන්න.

:       0       3

Mahee Thursday, 14 March 2019 05:32 PM

අයියෝ ජනපද ටික හදලා ඉවර වෙනකම් හිටියා නම් ගෞරවනීය පුරවැසියන් හැටියටම අත් උදව්කාර වෘත්තියේ යෙදෙන්න තිබුණනේ...

:       1       3

Nihal Thursday, 14 March 2019 06:46 PM

හරිම කණගාටුයි දුපත්කමනේ. අපේ රටේ අයත් යුරෝපයේම විසා නැතුව 50000 පමණ ඉන්නවා

:       0       16

sirimal Friday, 15 March 2019 09:49 AM

අවුරුද්දක් ඕනෑ නැහැ.. දවස් දෙකක් අපේ හිරගෙදරක ගත කළාම මේ ගොල්ලන්ට තේරෙයි කරපු මෝඩකමේ තරම...

:       0       41

menna Saturday, 16 March 2019 08:41 AM

මේ මිනිසුන්ට අවුරුද්දක් කන්න දෙන්නේ කාගේ සල්ලි වලින්ද?

:       0       0

Bamunuarachchi Monday, 18 March 2019 05:05 PM

අර සංචාරකයෝ ලක්ෂ ගණනින් ආවා කියා අපිට පෙන්වන්නේ මේගොල්ලන්ගේ සහ ඉන්දියානුවන්ගේ පැමිණීම තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 56 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 338 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1126 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 587 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 93 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1600 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site