(ටී.කේ.ජී.කපිල)
චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන්, වෙනම ගුවන් මගී පර්යන්තයක් ඔස්සේ, ගුවන් තොටුපළ වෙත ඇතුළු කර ගන්නා බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා සඳහන් කරයි.
බෙයිජිං, ග්වැන්ෂෝ, චෙංඩු සහ කැන්ටන් යන ගුවන් තොටුපළවල සිට දිනපතා ගුවන් යානා හතරකින්, මගීන් දහසකට අධික පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබේ.
ඉන්පසුව එම මගීන් කොරෝනා වෛරසය පිළිබඳව විශේෂ පරීක්ෂාවකට ලක් වන බවද ඔවුන්ගේ සිරුරුවල උෂ්ණත්වය මෙන්ම අනෙකුත් කොරෝනා වෛරසයට අදාළ රෝග ලක්ෂණ ද නිරීක්ෂණය කරන බවද හෙතෙම පවයි.
මෙම පරීක්ෂා කිරීම් සඳහා ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීහු, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීහු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරු ද සහභාගී වී සිටිති. චීනය සහ ශ්‍රී ලංකාව අතර චීනයට අයත් ගුවන් සමාගම් ද , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා ද මෙහෙයුම් කටයුතු සිදු කරයි.
මෙම පරීක්ෂා කිරීම්වල දී , කොරෝනා වෛරස සහිත රෝග ලක්ෂණ ඇති ගුවන් මගීන් අනාවරණය වුවහොත්, ඔවුන් අංගොඩ උණ රෝහල වෙත කඩිනමින් යැවීමට ගිලන් රථ ද ගුවන් තොටුපළ පරිශ්‍රයේ සූදානමින් තබා තිබේ.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චීන ගුවන් මගීන් වෙනම පර්යන්තයකින් කටුනායකට
eresh S kumara Monday, 27 January 2020 08:09 AM
ගුවන්තොටුපල කාර්යමණ්ඩලය ඉතා ආරක්ෂාකාරී වියයුතුයි...
lalMonday, 27 January 2020 10:41 AM
වෙන රටවල් චිනයේ අයට එන එක තහනම් කරලා. අපේ රට අඔ ඇටයක් විතර තියන් දහස් ගනණ චින්නු ගෙන්නා ගන්නේ...... හැදුනොත් මුළු රටම වැනසෙනවා. බෙහෙත් නැති ලෙඩක් ලෝකේ පැතිරෙන කොට ඒ අයට ගෙන්න ගන්නේ කවුද? අං ඇති අතගාලා බලන්න.
dama Monday, 27 January 2020 08:25 AM
චීන්නුන්ට එන්න එපා කියපල්ලකෝ ටික දවසකට... ඉවරයිනේ වැඩේ... ඒ අය ආවත් කරදර තමයි. ලෝන් ගහන්න, කොමිස් ගහන්න බලාගෙන ඉන්න දේශපාලකයින් ඉන්න රටක්නේ...
Hafeel Monday, 27 January 2020 08:56 AM
එකනේ චීන අය දැන් අපිට වෛරසය දෙනවනේ.
Nandana Monday, 27 January 2020 09:24 AM
චිනේ සිට වෙන රටවල් වලට ගොස් එන අය ගැනත් බලන්න, ආගමන විගමන නිලධාරීන් ට පාස්පෝර්ට් එක චෙක් කරාම පුළුවන් නේ
sharm warn Monday, 27 January 2020 09:40 AM
මම හිතන්නේ චීනෙන් එන අයට එරටින්ම සහතිකයක් අරන් එන්න කියනවා නම් වඩාත් සුදුසුයි.. අපේ රෝහල්වල අපේ රෝගීන්ටත් ඉන්න ඉඩ මදිවෙලා ඉන්නකොට තව විදේශිකයින්ව අඬගහලා ඇතුළත් කර ගන්න වගේ වැඩ පිළිවෙලක් නම් කොහෙත්ම හරි යන්නේ නැහැ.. මේකෙන් වෙන්නේ අපි ලාබෙට කොරෝනා ගන්න තත්වයක්..
gayan Monday, 27 January 2020 09:50 AM
චෙන්ග්ඩු කියන්නේ සිචුවාන් ප්‍රාන්තයේ. ග්වැන්ශෝ වල අය හැම ජාතියේම මස් කනවා. මේ දෙගොල්ලෝ අතරේ අාසාධිත අය ඉන්න පුළුවන්. චීන අලුත් අවුරුද්දට ගිය අය තොග පිටින් එන්න පටන් ගන්නවා. හරියටම පරීක්ෂා කලේ නැත්තන් ලොකු විනාශයක් වෙයි...
raviMonday, 27 January 2020 12:03 PM
චීන්නුන්ව අල්ලලා බඩකපලා බලන්න ඕනෑ මොන මස්ද කාලා තියෙන්නේ කියලා... බලාගෙන පණ තියෙන නයෙක් බඩේ හිටියොත්...
Jehaan Monday, 27 January 2020 07:52 PM
සංවර්ධනය සංචාරක කර්මාන්තය කියා ලෝකෙම තියෙන ලෙඩ මෙහෙට ගෙන්නාගෙන අන්තිමට අර කියාවි සංඛ්‍යයා ලේඛන දත්ත වලට අනුව ලංකාව කෝටි දෙකේ කොරෝනා වාර්තාව පසු කළා කියලා. අන්තිමට රට උඩින් යන අහස යානා වල ඉන්න උදවියත් බිමට බාලා මෙහෙ උණ රෝහලට යවන්න. දැන් බෙහෙතක් ගුවන් තොටේදී දීලා පටවලා යවන්නේ නැතිව මෙහෙ තියා ගන්න කියපු කෙනාගේ ගෙදරට ඔය ලෙඩාව ගිහින් දාන්න.
sunil perera Monday, 27 January 2020 10:54 PM
නැවත දැනුම් දෙන තුරු චීන ජාතිකයන්ට වීසා බල පත් නිකුත් කිරීම නවතා දැමීමට ශ්‍රීලංකා රජය වහා පියවර ගෙන ඇත.... කොළොඹ ගුවන් තොටුපලට පැමිණෙන චීන ජාතිකයන් හරවා යැවීමට ක්‍රියා කරනු ඇති. මෙවැනි තීරණයන්ට පැමිණීමට නොහැකිවීමෙන් ලංකාවේ ජනගහනයෙන් හරි අඩක් අඩුවීමටද කරුණු අනාගතයේ සිදුවිය හැක..